IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති

ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි.

අද හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ.

සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ ජනවාරි 11 වැනිදාය.

කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.

පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියෝ 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.
අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.

වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කළ හිමිපාණන් වහන්සේ නමකි. 



අදහස් (0)

අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති

සරත් සෞදි Thursday, 10 March 2016 05:59 AM

නිවන් සුව පතමි ඔබ වහන්සේට! (නි)

:       0       0

දීප්ති Wednesday, 09 March 2016 07:09 PM

කණගාටුයි ගොඩක් (නි)

:       0       0

ලලිත් Wednesday, 09 March 2016 07:01 PM

මේ රටේ සමහර චීවරධාරීන් කළ කී දේවල් සහ ඔවුනට වෙන දේවල් බල බලා ඉන්නවට වඩා නිවන් පුර යන මාර්ගයට පිවිසීම ඔබ වහන්සේ ලද භාග්‍යයක්. ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේව. (නි)

:       0       0

ජනහිත Wednesday, 09 March 2016 07:18 PM

ගරුතර මහනාහිමියනි, ඔබ වහන්සේ මතු බුදුවී අජරාමර නිවනට ළඟා වේවා! එය අපේ පැතුමයි. (නි)

:       0       0

ගයන්ත Wednesday, 09 March 2016 07:36 PM

අප රටේ බෞද්ධයන්ට ඉමහත් වූ අපල කාලයක්. නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා Wednesday, 09 March 2016 07:55 PM

අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා ! (නි)

:       0       0

උදාර Wednesday, 09 March 2016 07:53 PM

කණගාටුයි අපිට (නි)

:       0       0

ලක්මාල් Wednesday, 09 March 2016 08:12 PM

උන් වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චින්තන Thursday, 10 March 2016 06:22 AM

මහානා හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමු.......!!!(හේ)

:       0       0

කුෂාන් Wednesday, 09 March 2016 10:39 PM

ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

ජනක Wednesday, 09 March 2016 10:41 PM

හරිම කණගාටුදායක ආරංචියක්. උන්නාන්සේට නිවන් සැප ලැබේවා. (නි)

:       0       0

රකිත් Wednesday, 09 March 2016 10:42 PM

ඇයි උන්වහන්සේවත් මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කරන්න පියවර ගත්තේ නැත්තේ? කෙසේනමුත්, උන් වහන්සේට නිවන් සුව පතමි.

:       0       0

කුෂාන් Wednesday, 09 March 2016 10:51 PM

රටට වැඩදායක උතුම් හිමිනමක් අපිට අහිමිවුණා (නි)

:       0       0

වසන්ත Thursday, 10 March 2016 06:43 AM

නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ජගත් Thursday, 10 March 2016 12:16 AM

කණගාටුදායක ආරංචියක් (නි)

:       0       0

සෞදි සරත් Thursday, 10 March 2016 07:04 AM

සංඟයා වහන්සේලා ගැන අහන්න ලැබෙන්නේ කණගාටු ආරංචි එක දිගටම අපේ රටේ දැන් ඒ ගැන දුකයි. (ර)

:       0       0

සිරිමන්ත කොඩිතුවක්කු Thursday, 10 March 2016 06:56 AM

ඔබවහන්සේට නිවන් සුව! (ර)

:       0       0

ප්‍රභාත් Thursday, 10 March 2016 12:33 AM

බෞද්ධ ශාසනයට කරන ලද අපරිමිත සේවයට ඔබ වහන්සේට ජාතියම ණයගැතිය. ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

සම්පත් Thursday, 10 March 2016 12:37 AM

ඔබ වහන්සේ නිවන් සුව ලැබේවා!!! (නි)

:       0       0

කපිල Thursday, 10 March 2016 12:56 AM

නාහිමිසඳුනි, ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

කැප්පෙටිපොළ Thursday, 10 March 2016 01:12 AM

බුදු සසුනටත්, උපන් බිමටත් අතිවිශිෂ්ට සේවයක් කළ ඔබවහන්සේට නිවන් සුව පතමි. (නි)

:       0       0

අසේල Thursday, 10 March 2016 07:08 AM

අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා! (ර)

:       0       0

ප්‍රභාත් Thursday, 10 March 2016 01:11 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

තිස්ස Thursday, 10 March 2016 07:13 AM

ඔබ වහන්සේ අපේ රට එක්සේසත් කිරීම සඳහා දේශපාලකයින්ට උපදෙස් දුන්න මට මතකයි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේව! (ර)

:       0       0

නිමල් ලලිත Thursday, 10 March 2016 01:28 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

නිමල්රජපක්ෂ Thursday, 10 March 2016 07:25 AM

බුදුහාමුදුරුවෝ දෙශනා කළේ ආනන්ද සියලු සත්වයෝ නැසෙන සුළුයි , ඔබවහන්සේට අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා, (අ)

:       0       0

අමිල Thursday, 10 March 2016 01:57 AM

ඒ හිමියන්ට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

පාලිත Thursday, 10 March 2016 02:21 AM

කෙළින් කතාකළ වීර මහානායක තෙරක් (නි)

:       0       0

චමිත් Thursday, 10 March 2016 07:34 AM

ඉලගට පත්වන හාමුදුරුවොත් දෙශපාලනයට උඩ ගෙඩි නොදි සාසනය ආරක්සා කරන්න වැඩ කලානම් හොදයි. මෙක බුදුන් වැඩිය රහතුන් වහන්සෙලා වැඩ හිටිය පුද බිමක්. (ර)

:       0       0

ගගන Thursday, 10 March 2016 02:40 AM

අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

නිම්මි Thursday, 10 March 2016 02:43 AM

අමාමහ නිවන් සුව! (නි)

:       0       0

අනුර Thursday, 10 March 2016 02:51 AM

ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

හිරු Thursday, 10 March 2016 03:07 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! අපේ රට විනාශ වෙන්නයි යන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 10 March 2016 03:18 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා අපේ හැමදුරුවනේ...! (ර)

:       0       0

පෙරුමාල් Thursday, 10 March 2016 08:56 AM

නිවන් සුව අත් වේවා.! තවම නිවන් නොදුටුවේනම්. (ර)

:       0       0

ශෂික Wednesday, 09 March 2016 03:43 PM

බලවත් ශෝකය පළකරමු.හිමියනි ඔබට නිවන්සුව. (බ)

:       0       0

අරුණ ශාන්ති Wednesday, 09 March 2016 03:43 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමි ! (බ)

:       0       0

අර්ජුන රණවන Wednesday, 09 March 2016 03:43 PM

උන්වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා ! (බ)

:       0       0

සජිත් Wednesday, 09 March 2016 03:43 PM

නිවන්සුව ලැබේවා....(බ)

:       0       0

රංජිත් ජයරත්න Wednesday, 09 March 2016 03:52 PM

අනේ අපේ මහනායක හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා (බ)

:       0       0

මහේෂ් Thursday, 10 March 2016 03:45 AM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

චන්දික Thursday, 10 March 2016 03:54 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සිතුම් Thursday, 10 March 2016 09:14 AM

උන්වහන්සේත් ස්භාවදර්මයේ ක්‍රියාවලියට ලක්විණි. මිනිසෙකු ලෙස ඉපදුන දා සිට විදි 11 ගින්නකින් නිදහස් උනි. මම උන්වහන්සේට නිවන් සුව නොපතමි. ගෞරවනීය සමු දීමක්ම කරමි. මන්ද නිවන් අවබෝධවීම යනු ජීවත්ව සිටියදී ලබන තත්වයක් මිස මරණින් පසු ඉබේ ලැබෙන දෙයක් නොවෙයි... (ර)

:       0       0

බණ්ඩාර (කුවේට් ) Thursday, 10 March 2016 03:49 AM

ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

නාලිකා Thursday, 10 March 2016 03:53 AM

නිවන් සුව පතමි පින්වත් ලොකු හාමුදුරුවනේ ! (නි)

:       0       0

තමර Thursday, 10 March 2016 04:02 AM

ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

සෙනරත් Wednesday, 09 March 2016 04:09 PM

ඔබ වහන්සේ නිවන් සුව ලබත්වා !!!(කෞ)

:       0       0

විජිත් Wednesday, 09 March 2016 04:10 PM

අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ නායක, ගරුතර අත්තදස්සි නායක හිමියනි,ඔබවහන්සේ පැතූ බෝධියකින් බුදුන් දැක, උතුම්වූ නිවනට පත්වේවා.!!!(කෞ)

:       0       0

දඹුල්ලේ මහින්ද රත්නායක Thursday, 10 March 2016 09:14 AM

බෞද්ධයන්ට ඉමහත් වූ අපල කාලයක්රටට අවැසිම මොහොතක ඔබ වහන්සේගේ සමුගැනීම ජාතියට මහත් අවාසනාවකි. නිවන් සැප පතමි ඊට මත්තෙන් නැවැත වඩිනු මැන ජාතිවාදිනට ජාතිවාදයත් ආගම් වාදින්ට ආගම් වාදයත් අනිත්‍යයත් පසක් කරණට(අ)

:       0       0

ෂෙල්ටන් Thursday, 10 March 2016 04:05 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(හේ)

:       0       0

චම්පිකා Thursday, 10 March 2016 03:57 AM

ඔබ වහන්සේට අමාමහ නිවන් සුව පතමි. (හේ)

:       0       0

රහීම් Thursday, 10 March 2016 04:06 AM

ගරු නා නාහිමිපාණන්ට නිවන් සැප ලැබේවා (හේ)

:       0       0

සංජීව - හොරණ Thursday, 10 March 2016 04:04 AM

අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී අස්ගිරි මහානායක අපේ හිමියන් සම්බුද්ධ ශාසනයට කල අපිරිමිත මෙහෙයට ලෝකවාසී සියලුම බෞද්ධයන් වෙනුවෙන් මාගේද නමස්කාරය.. ඔබවහන්සේ අමාමහ නිවනින්ම සැනසෙත්වා !!!.(හේ)

:       0       0

ගීතාංජලී Wednesday, 09 March 2016 04:21 PM

ඔබ වහන්සේ නිවන් සුව ලබත්වා!!! (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 09 March 2016 04:30 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සංජීව සමරවික්‍රම Thursday, 10 March 2016 04:13 AM

වඩිනු මැන හිමියනේ නැවත අප අතරට මේ අස්තීර දිවියෙන් අපව මුදවාගැන්මට. සසර මග නවතන අමා මහ නිවන් සුව අත්වේවා.(හේ)

:       0       0

සංජීව සමරවික්‍රම Thursday, 10 March 2016 04:13 AM

වඩිනු මැන හිමියනේ නැවත අප අතරට මේ අස්තීර දිවියෙන් අපව මුදවාගැන්මට. සසර මග නවතන අමා මහ නිවන් සුව අත්වේවා.(හේ)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද නාහිමි ඇමෙරිකාව Wednesday, 09 March 2016 04:30 PM

අපේ අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ අතිපුජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව. ඔබවහන්සේගේ නිහතමානිත්වය හා සවන්දීමේ ගුණය සදා අගයමි. (නි)

:       0       0

තුෂාර Thursday, 10 March 2016 04:45 AM

මම කතෝලික. එ්ත් මේ අපවත් වුන හාමුදුරුවෝ හරියටම බෞද්ධ ධර්මය පිලිපැදපු ඉතා හොඳ සංඝයා වහන්සේ කෙනෙක් බව දන්නවා. අද රටේ තියෙන පිරිහීම ට විරුද්ධව උන්වහන්සේ අනිත් සංඝයා වහන්සේලා ටත් ලොකු අාදර්ශයක් දුන්න හිමි නමක්. උන්වහන්සේ ට නිවන් සුව පතනවා.(බ)

:       0       0

තුසිත Wednesday, 09 March 2016 04:57 PM

ඉතා හොද සඟ ගුණයන්ගෙන් ඔබින තවත් සංඝ පීතෘවරයකුගේ සමුගැන්මයි. එය ජාතියට මහත් අවාසනාවකි. ඇත්තටම අද සිදුවෙන දේවල් බැලුවහම මෙවැනි දේවල් බලාපොරොත්තු වියයුතුයි. අපේ නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන ලැබේවා! (නි)

:       0       0

කෝසල Wednesday, 09 March 2016 05:11 PM

අපිට පුදුමාකාර දුකක් දැනෙන්නේ (නි)

:       0       0

සමන්ත Thursday, 10 March 2016 05:10 AM

නිහතමානී ගුණැති ඔබ වහන්සේට මතු බවයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! (නි)

:       0       0

සනත් Wednesday, 09 March 2016 05:28 PM

ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පූජ්‍ය පරගහඇල්ලේ ධම්මපාල හිමි Thursday, 10 March 2016 05:37 AM

මහානායක හිමිපාණන්ගේ අපවත්වීම අසා දැඩි ශෝකයට පත්වුණෙමි. මම දැනට දඹදිව වන්දනා චාරිකාවක නිරතවන බැවින් පැමිණීමට නොහැකි වේ. මහා නායක හිමිපාණන්ට නිවන් සුව අත්වේවායි පතමි. උන්වහන්සේට පිං පැමිණවීම සඳහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. (නි)

:       0       0

අමිත් Wednesday, 09 March 2016 06:03 PM

අහෝ දුකකි. ජරාජීරණ පව්කාර දේශපාලන සමාජය නැති භවයක් ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Thursday, 10 March 2016 05:38 AM

ගලගම ශ්‍රී අත්ථදස්සි මහනායක හිමියනි, රටට අවශ්‍යම මොහොතක ඔබ වහන්සේගේ සමුගැනීම ජාතියට මහත් අවාසනාවකි. ඔබවහන්සේගේ නිහතමානීත්වය සදා අගයමි. අස්ගිරි මහනාහිමියනි, ඔබවහන්සේට උතුම් අමාමහ නිවන්සුව ලැබේවා.!! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 05:59 PM

අපේ නායක හාමුදුරුවන් වහන්සේට, අමාමහ නිවන් මඟ විවරවේවා.! (නි)

:       0       0

ඇසිලින් Wednesday, 09 March 2016 06:18 PM

මහනායක හාමුදුරුවන්ට උතුම් වූ නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

හිරුණි Wednesday, 09 March 2016 06:23 PM

අමාමහ නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පද්මපෙරුම Wednesday, 09 March 2016 06:25 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2405 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 424 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1706 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5042 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3393 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3748 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site