IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


“අස්ට්‍රාසෙනිකා දෙවන එන්නත සොයා ගැනීම දුෂ්කර වෙලා”

(සුජිත් හේවාජුලිගේ)

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වී ඇතැයි පැවැසූ වීරතුංග මහතා ඒ ආයතනය හදන එන්නත් ඉන්දියාවට ද අද මදි වී ඇතැයි ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කරයි.

එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බවත් එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.

 



අදහස් (20)

“අස්ට්‍රාසෙනිකා දෙවන එන්නත සොයා ගැනීම දුෂ්කර වෙලා”

dewa Friday, 07 May 2021 08:31 AM

ඔබතුමාලා මුලින් නම් කිව්වේ ඔය කතාව නොවේ. හෙට අනිද්දා කියාවිද දන්නේ නැහැනේ ඔය දෙවැනි එන්නත දැන් අප රටේ තියෙන ඕනෑම එන්නතක් සුදුසු බව... අපි වගකීමෙන් කියනවා ජනතාව මේ ගැන කිසිම බියක් ඇතිකරගන්න එපා කියලා..

:       6       51

Nirmal Friday, 07 May 2021 08:54 AM

කොහෙද පැනියකුයි මුට්ටියකුයි පස්සේ ගියා මිස වෙලාවක් තිබුනයි. අර එකෙක් කිව්වේ අපිටඑන්නත් ඕනි නෑ කියල. මෙහෙමත් ආණ්ඩු

:       0       0

ලුම්බිණි Friday, 07 May 2021 08:59 AM

ඔහොම කියල තමන්ගේ වග කීම මග හරින්න නම් උත්සාහ කරන්න එපා.

:       0       0

wedage Friday, 07 May 2021 09:16 AM

හිරගදෙරට තියනවලු නේද ප්‍රමාණයක්

:       0       0

chathura Friday, 07 May 2021 09:26 AM

කිසිම රටක් කොරෝන වසංගතය තියාගෙන පිටරටවල් වලට එන්නත් ලබාදෙන්ඩ අකමැතියි. ඒ සදහා එම රටවල මහා ජනතාව දැඩි ලෙස විරුද්ද වෙන බව නොරහසක්. ඉන්දියාව වර්තමානයේ මුහුණ දෙන තත්වය අනුව එරටින් අපනයන ඉඩ නොදේ. එනමුත් තම වගකීම උපරිමයෙන් වෙන කැපවීම අගය කොට සලකමි.

:       0       0

Almeida Friday, 07 May 2021 09:30 AM

ඕකට තමයි කියන්නේ නොහැකියාව කියලා...

:       6       29

සිරිබිරිස් Friday, 07 May 2021 09:36 AM

රටවල් අතර සහසම්බන්ධතාවයකින් කටයුතු නොකරපු එකේ ප්‍රතිවිපාක තමා ඔය . මතක තියා ගන්න රටවල් දෙක තුනක් විතරක් නෙවෙයි ලෝකයේ තියෙන්නෙ කියල....

:       12       36

Don perera Friday, 07 May 2021 09:44 AM

සජිත් කිව්ව දේ හරි. කිසිම ප්ලෑන් එකක් නැහැ.

:       11       49

සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 May 2021 09:59 AM

ඔබතුමන්ලාගේ දුර්වල පාලනය ගැන වටහා ගන්නට රටට හා ජනතාවට තවත් සාක්ෂි ඕනෑ නැහැ. කොහෙද, මේ රටට දැන් තියෙන්නෙත්, දුර්වල විපක්ෂයක් නේ. මේ රට විනාශයට පත්කළේ මේ පක්ෂ විපක්ෂ දේශපාලන හැතිකරයම තමයි. ඔය කෑ මොර දෙන සජිත්ලාට බලය ගියත්, මීටත් වඩා අන්ත වෙවි. එයාගේ හොඳ නායකයෙකුගේ තිබියයුතු ලක්ෂණ නැහැ. රන්ජන් බේරගන්න ජනපති ඉදිරියේ නිවට වෙනවා. ඒ එක්කම ආණ්ඩුව විවේචනය කරනවා. කොහොමද මේ අයව විශ්වාස කරන්නේ? හරි වැරැද්ද කුමක් වුවත්, සජිත්ට වඩා ප්‍රේමදාසට කොන්දක් තිබුණා. ජේවීපී එකෙත් තියෙන්නේ නයා මරන්නෙත් නැති, පොල්ල කරන්නෙත් නැති ක්‍රමයක්. ඒ අය අරමුණු කරන්නේ, පවතින වාතාවරණයෙන් තමන්ගේ අනාගත ජය තහවුරු කරගන්නේ කෙසේද කියලයි. මේ රටේ ඉන්න දේශපාලකයන්ගේ හා පක්ෂ වලට ඕනෑ තමන්ගේ බලය මිසක් රටේ ජනතාවට සෙත සැලසීම නෙමෙයි. අපි මහා අවාසනාවන්ත මිනිසුන් නොවේද?

:       16       36

Nuwan Friday, 07 May 2021 10:06 AM

මේ වෙලාවේ සල්ලි වලට වඩා එන්නත් වලට වැඩි වටිනාකමක් තියෙනවා හැම තැනම. ඒ නිසා සිනෝෆාම් හරි ස්පුට්නික් හරි ලබාගෙන ඒක ඇස්ට්‍රා සෙනෙකා එක්ක හුවමාරු කරගන්න පුළුවන් රටක් හොයාගන්න. තානාධිපති කාර්යාල වල සහාය ලබාගන්න උත්සාහ කරන්න.

:       3       24

de silva Friday, 07 May 2021 10:15 AM

මිග් ගෙනාවා... යුක්රේන් සංචාරකයෝ ගෙනාවා... බැරිද ඕකත් උදයංගටම කියලා ගෙන්වගන්න.

:       4       27

sharm warn Friday, 07 May 2021 10:31 AM

වරායේ ජැටිය නිසා කැඩුණු ඉන්දියානු හිත හදන්න එන්නත ගත්තා. ඒකේ පසු විපාක සේරම රටේ මිනිස්සුන්ගෙන් සැගවූවා. දැන් කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. අවස්ථාවට කට්ටියම සපැමිණිලා ඉන්නේ.. අපටත් අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි.

:       6       24

Puppa Friday, 07 May 2021 12:08 PM

කොල්ලට සිල් රෙදි හොයන්න කිව්ව නම් ටොන් ගනනක් හෙට ගෙනෙයි ...

:       5       28

විපරමා Friday, 07 May 2021 12:23 PM

මේ අයට නම් අවුලක් නැතුවා. දෙවෙනි එන්නතත් කල්තියාම ගහගෙන... බල තණ්හාව ඉහටත් උඩින් තියෙන උදවියනේ...

:       0       0

pradeepa Friday, 07 May 2021 12:37 PM

මෙයාලා මේ රජයේ සේවයට සුදුසු නැහැ. හිතාගෙන ඉන්නේ මහලොකු පරිණත වැඩකාරයින් කියලා. ප්ලෑනින් අසමත්.. ඉතින් තවත් මොකටද තියාගෙන ඉන්නේ? ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා..

:       0       0

ගමේ එකාලා Friday, 07 May 2021 01:43 PM

රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් පත්වෙලා ඉන්නේ නිකම්ද? තමුන්ගේ පවුල්වල කට්ටියට නම් දෙවැනි එන්නත හොයාගන්න අමාරු වුනේ නැතුව ඇති...

:       1       17

Amara Friday, 07 May 2021 01:56 PM

සැලැස්මක් තියෙනවා ‌කියපු කටින් වසුරු වැටේ....

:       1       15

kamal Friday, 07 May 2021 03:01 PM

ඩෙන්මාර්කය තානාපති කාර්යාලයෙන් විමසන්න! ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය නැවැත්වීමෙන් පසු දුප්පත් ජාතීන් සමඟ බෙදා ගැනීමේ විකල්පයන් පරීක්ෂා කරමින් සිටියි.

:       0       16

Nihal Friday, 07 May 2021 03:54 PM

සිල් රෙදි තියනවා දෙන්නද?

:       0       0

nihal Friday, 07 May 2021 05:46 PM

ලලිත් වීරතුංග මහජන මුදලින් පඩි ගන්නවා නේද? ගන්න පඩියට වගකීම් ඉටුකරන්න තමුන්ගේ අම්මා තාත්තා කියලා දුන්නේ නැතිද? පිනට කකා බිබී ඉන්න දුර්දාන්තයින්ට වදින සාපය තමුන්ලාටත් කැරකෙන්න පුළුවන්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 421 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 728 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 233 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 126 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1398 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2397 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site