IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘අසිත පෙරේරා කැඳැවූයේ රෝම උද්ඝෝෂණය නිසා නොවේ‘

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා යළි කැදැවූයේ කාලයක් තිස්සේ ලැබුණු පැමිණිලි පරීක්ෂා කර ලබා ගත් වාර්තා අනුව බව විදේශ නියෝජ්‍ය ඇමති නියොමාල් පෙරේරා මහතා දුරකතන සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රශ්නය- ඔහුට එරෙහිව රෝමයේ තානාපති කාර්යාලයය ඉදිරිපට උද්ඝෝෂණයක් පවත්වා දින දෙකකට පසු ඔහු නැවත කැදවන ලිපිය යවා තිබෙනවා. ඔහු කැදැවූයේ ඒ උද්ඝෝෂණය නිසා ද?

උත්තරය- කොහෙත්ම නැහැ. පසුගිය කාලයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් තානාපති කාර්යාලයේ නොයෙක් අඩුපාඩුකම් පෙන්නුවා. ලංකාදීප ඔන්ලයින් වෙබ් අඩවියත් එවැනි අඩුපාඩු පෙන්වා දුන්නා. තානාපති කාර්යාලයයේ වැඩ කාර්යක්ෂම නැතැයි ඒවායින් කියැවුණා. ඔහු කැදැවිය යුතු යැයි තීරණය කළේ සති කිහිපයකට කළින්.

ප්‍රශ්නය- ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්, ඉතාලි රජයේ ලියාපදිංචි ආයතන මගින් තානාපති කාර්යාලයයෙන් තමන්ගේ වැඩකටයුතු කර ගැනීමට පුරුදුව සිටියා. තුන්වැනි පාර්ශ්වයක් මගින් කරගත් ඒ වැඩ දැන් නතර කර තිබෙනවා. ඔවුන් ගෙනෙන ලියැවිලි තානාපති කාර්යාලය දැන් බාර ගන්නේ නෑ. ඒ ඇයි?

උත්තරය-  එම නියෝජිතයනට ඉදිරියේදී අන්තර් ජාලයෙන් තානාපති කාර්යාලයයට ලියැවිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනවා. එය නතර කළ බව ඇත්ත. එපමණක් නොව ජංගම සේවා ද නැවත අරඹනවා. මීට පෙර වසර කිහිපයකට පෙර වසරකට එවැනි සේවා 12ක් නැත්නම් 15ක් පැවැත්වුවා.

ප්‍රශ්නය- අසිත පෙරේරා මහතා අපට කිව්වේ ජංගම සේවා නතර කළේ විදේශ අමාත්‍යංශ උපදෙස් අනුව බවයි.

උත්තරය- කොහෙත්ම නැහැ. අප කිව්වේ තුන්වැනි පාර්ශ්වයේ ලියැවිලි බාර නොගන්නා ලෙසයි.  

තානාපති අසිත පෙරේරා මහතා ද රෝමයේ සිට ලංකාදීප ‘එසැණ‘ සමග දුරකතනයෙන් කතා කළේය.

ප්‍රශ්නය- ඔබ ඉක්මණින්ම ශ්‍රී ලංකාවට යනවා ද?

උත්තරය - මගේ බඩුබාහිරාදිය ලංකාවට යවා කොළඹට යනවා. ටික දිනක් ගතවේවි. මම මාස තුනක් කල් ගත හැකියි. හැබැයි මාස තුනක් ඉන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබ ලංකාවට ගිහින් යළි තානාපති සේවයට යනවාද? නැත්නම් දේශපාලනයට එනවාද?

උත්තරය - නැහැ දෙකම කරන්නේ නැහැ. තානාපතිකමක් ගන්නෙත් නැහැ. මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. දරු දෙන්නා සමග කල්ගත කරන්නයි  බලාපොරොත්තුව. ඉතාලියේ සිටින ලාංකිකයන්ට මා කියන්නේ නොබෙදී එකමුතු වී රටට යමක් කරන ලෙසයි. 2006දී මා දකුණු කොරියාවේ තානාපති වුණා. 2011 දී ඉතාලියට ආවා. මට මේ ඉඩකඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමට මා හෘදයංගම ස්තුතිය පළ කරනවා. මීට වඩා යමක් කියන්න කැමති නැහැ. එවිට ප්‍රශ්න ඇතිවේවි. එහෙම කරන්න ගියොත් වැරදි හෙළි කරන්න වේවි. එසේ නොකියා ගෙදර යනවා.



අදහස් (0)

‘අසිත පෙරේරා කැඳැවූයේ රෝම උද්ඝෝෂණය නිසා නොවේ‘

බමුණුසිංහ Thursday, 21 February 2013 06:53 PM

තමන්ගෙ තනතුර නැතිවෙන බව දැනගෙනත් ඔහොම ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

අසංග Thursday, 21 February 2013 07:00 PM

ලංකාදීප ඔන්ලයින් රට වෙනුවෙන්, ජයවේවා! වැරදිකාරයෝ ඉස්සරහට, කාට නැතත් ලංකාදීපයට බයවෙයි. ඔන්ලයින් දෙන්න අපට ඉඩක්, දෙන්නම් අපේ සහයෝගය! (නි)

:       0       0

සිරිමල් Thursday, 21 February 2013 07:02 PM

රෝමයට අලුතින් එන්නේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙක් බවට ආරංචියි. (නි)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 07:30 PM

ඒ කියන්නේ කියන්න තව ගොඩක් දේවල් තියෙනවා කියන එකනේ. (නි)

:       0       0

සුචින්ත Thursday, 21 February 2013 08:36 PM

අකාර්යක්ෂම තානාපති සේවයක් අවසන් කරන්නට උරදුන් ඉතාලියේ වෙසෙන ලංකික ජනතාවට , ලංකාදීප පුවත්පතට, විශේෂයෙන් චමින්ද මඩවල මාධ්‍යවේදියාට, විදේශ කටයුතු ඇමතිතුමාට , නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමාට , අතිගරු ජනාධිපතිතුමාට අපේ භක්ති ප්‍රණාමය! (නි)

:       0       0

සරත් Friday, 22 February 2013 01:13 PM

අපේ සමගිය නිසයි මෙහෙම කරන්න පුලුවන් වුණේ.

:       0       0

ප්‍රේමලාල් Saturday, 23 February 2013 03:23 AM

අතිගරු ජනාධිපතිතුමාට,ඉතාලියේ වෙසෙන ලාංකික ජනතාවට , ලංකාදීප පුවත්පතට, විශේෂයෙන් චමින්ද මඩවල මාධ්‍යවේදියාට, විදේශ කටයුතු ඇමතිතුමාට , නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමාට, අපේ භක්ති ප්‍රණාමය! (නි)

:       0       0

අසංක Friday, 22 February 2013 12:25 AM

හරි, හරි අපි දන්නවා.(නදී)

:       0       0

සම්මික Friday, 22 February 2013 01:44 AM

තානාපතිතුමා හොදයි. නමුත් ඔහුට ඉන්න නිළධාරීන් පාලනය කරගන්න බැහැ. (නි)

:       0       0

අනිල් Friday, 22 February 2013 01:51 AM

කොහොම නමුත් ගිය එක නම් ලොකු දෙයක්. (නි)

:       0       0

තරිදු Friday, 22 February 2013 03:09 AM

මම නම් හිතුවේ නැහැ තානාපති තුමාව නැවත කැදවයි කියලා. ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට සාධාරණය ඉෂ්ට කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. අපි දවස් 2 ක් නිමාඩු දාලා කිලෝමීටර 900 ක් යන්න ඕනේ රෝමෙට. නමුත් තානාපති කාර්යාලයේ අයට අපිව වැදගත් නැහැ. මේ වෙනුවෙන් උද්ඝෝෂනය කල ශ්‍රී ලාංකිකයින්ට ජය වේවා! (නදී)

:       0       0

කුමුදුනී Friday, 22 February 2013 03:25 AM

ඔබ තුමාගෙන් අපට වූ සේවයට උත්තමාචාරය.(නදී)

:       0       0

ජෝයි ඩයස් ,නාපෝලි නගරය. Friday, 22 February 2013 04:44 AM

අසිත පෙරේරා මහතා අවංක මහත්මයෙක් කීවොත් නිවැරදියි. පුද්ගලිකව එතුමා සමග හමුවූ වෙලාවක ජංගම සේවය ගැන අප කතා කළා නාපෝලි නගරයේ පැවැත්වීමට. නමුත් එතුමාට රටවල් කීපයක් බාරදී තිබෙන නිසා එය කළ නොහෑකි බවත් පැවසුවා. නමුත් පැලර්මෝ නගරයේ ජංගම සේවයක් පැවැත්වුවා. තානාපති කර්යාලයකට චන්ද්‍රපාල ලියනගේ වගේ මහතෙකුගේ අඩුව දැනුනෙ ඔහු ලංකාවට ගියාට පසුවයි. රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නිලධාරියෙක් . කවුරු මොනවා කිවුවත් හේමන්ත වර්ණකුලසූරිය මහතා ඉන්න කාලේ ඉතාලියෙ කොටි 31 අත්අඩංගුවට ගත්තා, ඉරිදා නිවාඩු දිනයෙ මහජන පහසුව තකා තානාපති සේවය ලබා දුන්නා. නගරවලට ඉල්ලීම පරිදි ජංගම සේවය ලබාදුන්නා. ශීතලේ ගැහෙමින් අපත් සමග අත්වල් බැදගනිමින් විශාල සේවයක් කළා. අන්න ඒ වගේ තානාපති කෙනෙක් එවන ලෙස වගකිවයුතු අංශ වලින් ඉල්ලා සිටිමි. මන්ද ඔබලා වගේම අපත් අප රටට ආදරය කරන නිසාවෙනි. (නි)

:       0       0

ප්‍රේමලාල් Friday, 22 February 2013 06:28 AM

ඔයිට වඩා කථාකරන්න බැහැ. දකුණු කොරියාවේ හිටපු කාලයට කරපු දේවල් පුලුවන් නම් පෙන්නන්න. (නි)

:       0       0

අජිත් Friday, 22 February 2013 08:12 AM

මොනවා කියන්න බැරිද? ගොළුවා කසාය බිව්වා වගේ බලාන ඉන්නයි අපිට වෙන්නේ.(නදී)

:       0       0

ශ්‍රියා Friday, 22 February 2013 08:15 AM

ඒ තානාපති කාර්යාලයේ හැමදාම මොනවා හරි ප්‍රශ්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 71 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 479 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1027 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 918 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 147 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 928 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site