IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අසාද් සාලිගේ පෙත්සම විභාගයට අවසර

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව  අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් ,  තමාව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (11)  අවසර ලබා දෙන ලදී.

මෙම පෙත්සම දෙසැම්බර් මස 15 වැනිදා  විභාගයට ගැනීමටද ශ්‍රේස්ඨාධිකරණය දින නියම කළේය.

ඒ අනුව  පෙත්සමට  අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 19 දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසට නියම කෙරිණි.

ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 19 වන දාට පෙර ගොනුකරන ලෙස ද පෙත්සම්කාර පාර්ශවකරුවන්ට නියම කරන ලදී.

පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයන්ගේ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළේය.

කිසිදු හේතුවක් නැතිව තමා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයේ රදවා තබා ගැනීමේන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන් කරමින් , තමාව එම රැදවුම් බාරයෙන් මුදාහැරීමට නියෝග කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා  මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්යක්ෂක නිෂාන්ත ද සොයිසා  , එහි ප්රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර , එම අමාත්යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.



අදහස් (5)

අසාද් සාලිගේ පෙත්සම විභාගයට අවසර

Bamunuarachchi Monday, 11 October 2021 04:47 PM

පෙත්සම විභාගකළාට කමක් නැහැ... මෑන්ව ගෙදර යවන්න එපා...

:       6       1

fairoosMonday, 11 October 2021 06:18 PM

බමුණා කැවුම් කෑවද?

:       0       0

BamunuarachchiTuesday, 12 October 2021 09:14 AM

කැවුම් විතරක් නොවෙයි හැම් බේකන් නුත් කනවා.

:       0       1

BamunuarachchiTuesday, 12 October 2021 09:16 AM

දවස දැන්නුවොත් අලුගෝසුවැඩේට මම එනවා මොට්ට කඩුවක් අරගෙන.

:       0       1

Naushad Monday, 11 October 2021 07:08 PM

මෙයා මාධ්‍ය ඉස්සරහට ගියාම ඔහේ දොඩවනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා... චීවරයට පින් සිද්ද වෙන්න එතුමා එළියේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1236 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 966 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 789 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6069 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2229 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 842 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site