IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි නියෝගයක්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධ නඩු කටයුත්ත වෙනුවෙන් නිතිපති නියෝජනයක් ලබා ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බැවින් ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙසට ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තමන්ට නිතිපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතුව ඇති බැවින් ඉදිරි දිනයේදී එම උපදෙස් ලබාගෙන පැමිණීය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාට ඉදිරිපත් කර ඇති 1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව කිසිදු සාක්ෂියක් ඔහුට එරෙහිව නොමැති බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට ජනාධිපති නිතීඥවරයා ඊයේ (06) අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෝසමක් ගොනු කරමිනි.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ නියෝජනයක් ලබා ගන්නා ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් ලබන 13 වැනිදා තෙක් මෙම සිද්ධිය කල් තැබීය.

හෘදයාබාදයක් හේතුවෙන් බන්ධනාගාර ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින සැකකාර අසාද් සාලි මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත්තේ ලබන 14 වැනිදා තෙක්ය.

 



අදහස් (2)

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි නියෝගයක්

කිරි පුතා Tuesday, 07 September 2021 01:22 AM

හෙ හේ.... අන්තිමට නිදොස්කොට නිදහස් . අන්න එහෙමයි අපේ රටේ

:       0       5

fairoos Tuesday, 07 September 2021 12:28 PM

දේශපාලන පලිගැනීම් වලට පැවැත්මක් නෑ

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1521 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2686 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1142 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 945 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1365 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 635 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1446 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site