IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අසාද් සාලි 31තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා අද  නියෝග කළේය.

හෘදයාබාදයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැකකාර අසාද් සාලි මහතා නිරීක්ෂණය කිරීම සදහා අද  සවස එම රෝහලට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරුගේ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධානාගර ගත කර බන්ධනාගාරය භාරයේ ප්‍රතිකාර අවසන් වන තෙක් රෝහලේ රැදී සිටීමට අවසර ලබා දුන්නේය.

 



අදහස් (11)

අසාද් සාලි 31තෙක් රිමාන්ඩ්

Shan Tuesday, 17 August 2021 11:50 PM

රංජන් රාමනායක මිනී මරලා නැහැ. ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ නැහැ. ඉක්මණටම හිරේ දැම්මා එක වචනයක් නිසා.. නමුත් මේ මනුස්සයාට ගොඩක් චෝදනා තියෙනවා.. ඇයි තීන්දුවක් දෙන්නේ නැත්තේ? පුදුම රටක අපි ඉන්නේ.. තලෙයිබාන් අයටම කියලා විසඳුමක් ගන්න ඕනේ...

:       3       5

Demuni Uduwara Wednesday, 18 August 2021 12:26 AM

පාස්කු ප්‍රහාරය ආගම්වාදය සමඟ දූෂණය නොකරන්න! නියම වැරදිකරු අපි සොයා ගත යුතුයි, එය කාලීන අවශ්‍යතාවයකි.

:       0       4

ගාල්ලගේ Wednesday, 18 August 2021 04:26 AM

අනිවාර්යයෙන් රටට කෙල වෙනවා නම් සන්තෝසෙන් බලන් ඉන්න පුද්ගලයෙක්.

:       2       7

මුණසිංහ Wednesday, 18 August 2021 07:22 AM

මෙයාලට සේරම ලෙඩ මතුවන්නේ පරීක්ෂණ කරන්න අත් අඩංගුවට ගත්තට පස්සේ. එළියේ හිටිය නම් බලන්න තිබුණ රඟපාන හැටි. ඇෆ්ගනිස්ථාන නව පාලනයටත් දැන් එහෙනම් සුබ පතලා. එළියට දාන්නම එපා. ඩබලම ඇතුළෙ ඉන්න අරින්න. මස්සිනාට කරපු දේ කරන්න එපා.

:       1       6

Bamunuarachchi Wednesday, 18 August 2021 07:38 AM

ඔය හම්බ වෙන්නේ ලස්සනට. මෙයාට ක්‍රීයාත්මක වෙන්න ඕනේ ෂර්යා නීතිය. බර කඩුවක් දුන්නොත් මම අළුගෝසු වැඩේ කරන්නම්.

:       6       6

Chinthaka Wednesday, 18 August 2021 08:20 AM

සිංහල, මුස්ලිම් සමගිය නැති කරපු ද්‍රෝහියෙක්..

:       2       5

BamunuarachchiThursday, 19 August 2021 09:28 AM

ඉස්ලාම් ගැන දන්නවානම් මුස්ලිම් සමගියක් හොයන්නේ නැහැ. තලෙයිබාන්ලා, ISIS කාරයෝ මරන්නේ තමන්ගේම ආගමේ මිනිස්සුනම් මොවුන් සමග මොන සමගියක්ද? සමගිය පෙන්නුවේ පාස්කු ප්‍රහාරයෙන්. අපි පරිස්සම් වෙන්න ඕනේ ඔහෙලාවගේ අයගෙන්. අපිට් කොපුව දීලා හම්බයින්ට කඩුව දෙන්නේ ඔහෙලා වගේ අය.

:       1       3

කිරි පුතා Wednesday, 18 August 2021 09:03 AM

රිමාන්ඩ් කිව්වට හෝටලේක සැප ඇති. අන්තිමට නිදොස්කොට නිදහස් වෙයි . ඕකනේ කතාව

:       0       10

fairoos Wednesday, 18 August 2021 12:39 PM

මෙයත් පාස්කු ප්‍රහාරය සම්බන්ධවද ?එහෙනම් රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ

:       2       6

BamunuarachchiThursday, 19 August 2021 09:33 AM

ඔක්කොම කට්ටිය 2-6-6 බන්කර් වල දැම්මාම බන්කර් වනවා මිස රට වහන්න ඕනේ නැහැ.

:       1       0

ganegoda Wednesday, 18 August 2021 01:00 PM

මෙයා නේද අපේ රටේ ‘‘ශරියා නීතිය‘‘ නැතිව ඉන්න බැහැ කිව්වේ? දැන් මෙයාට ගැලපෙන රටක් බිහිවෙලයි තියෙන්නේ. ‘‘ඇෆ්ගනිස්ථානය‘‘ හිරෙන් නිදහස් වෙච්චි ගමන් අන්න එහාට යවන්නයි තියෙන්නේ...

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1355 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1583 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1120 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 681 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 498 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site