IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අස්වැසුම අක්‍රමිකතා නිලධාරීන්ට මුදල් කමිටුවෙන් දොස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පලවිය.

මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට නියෝග කළේය. අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම විධිමත් ආකාරයට සිදු නොවන බවද  එම කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දරිද්‍රතාවයෙන් පෙළෙන නියම සුදුස්සන් තෝරා ගන්නැයි ද  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවෙස් වල පරිභෝජනය කරන  විදුලි ඒකක ප්‍රමාණය මත සැකසෙන විදුලි බිල්පත දරිද්‍රතාව හඳුනා ගැනීමට යොදාගත හැකි බව එම කාරක සභාව පවසයි.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දැනට භාවිතා කරන ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. 

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 28 වැනි දා රැස්විය.



අදහස් (1)

අස්වැසුම අක්‍රමිකතා නිලධාරීන්ට මුදල් කමිටුවෙන් දොස්

Ruwan De Silva Thursday, 30 May 2024 07:06 PM

මම නම් කියන්නේ අස්වැස්ම අසාර්ථකයි, ඉස්සරත් සමුර්දිය ගත්තේ සල්ලි තියෙන මුදලාලි, නැත්තං බිස්නස්කාරයෝ ඇත්ත දුප්පත් අයට මුකුත් නෑ. මම කියන්නේ ආබාධිත (කිසිම වැඩක් කරන්න බැරි), වයස අවුරුදු 70ට වැඩි අයට මාසෙකට 20,000ක් දුන්නත් කමක් නෑ අතපය තියෙන, කිසි ආබාධිත කමක් නැති අයට නම් දෙන්න ඕනේ නෑ රජයේ මැදිහත්වෙලා රැකියාවක් හොයලා දෙන්න ඕනේ. නැත්තං ඔය සල්ලි වලින් ඉස්කෝල හැදුවත් පාඩු නෑ අනාගතයට වටිනවා.

:       2       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 196 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1112 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3866 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2936 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site