IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අස්වැසුම ගැන පසු විපරම් සමීක්ෂණයක්

(අංජුල මහික වීරරත්න)

ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට  කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ?යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව ශෙහාන් සේමසිංහ මහතා කීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බැවින් ඔහුගේ  නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මේ වන විට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කළ හැකි බව ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී ඇතත් එය නිවැරදි නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (6)

අස්වැසුම ගැන පසු විපරම් සමීක්ෂණයක්

Lankabarana Tuesday, 02 April 2024 05:17 AM

ඉතාමත් හොඳ කටයුත්තක් කියන්න පුළුවන්... නිදහස ලබා අවුරුදු 76 ක් ගතවී ඇතත් 1948 පෙර තිබුණාටත් අන්ත තත්වයට රට පත්වුණේ මෙහෙම පසු විපරම් කිරීමක් නැති නිසා නේද කියලා හිතෙනවා... මේනිසා ඉදිරියේවත් රට හදන්න කැමැති පාලකයෝ තම තමන්ගේ ආයතන විසින් සිදුකළ සියලු දේවල් සෑම මසකම වරක්වත් පසු විපරමක් කරනවා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ... ඊළඟට ආණ්ඩුව මාරුවක් වෙලා වුණත් අලුත් ආණ්ඩුව වුණත් පරණ ආණ්ඩුව කළකීදේ ගැන බලන්න ඕනෑ... ඒ වගේම රජයේ නිලධාරින් මාරුවෙලා හෝ විශ්‍රාම ගන්නාවිට වගේ දේශපාලුවෝ අමාත්‍යාංශ වලින් ඉවත්වෙලා යනවිට තමා ආරම්භ කර අවසන් නොකළ දේ ගැන සම්පූර්ණ විස්තරයක් අනුප්‍රාප්තිකයා වෙතට දීමට අනිවාර්ය නීතියක් හදන්න ඕනෑ... ජනතා මුදල් කාබාසිනියා වීම එමගින් නවතන්න පුළුවන් වේවි...! 

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 06:55 AM

රැවටිල්ලේ සීමාවක් නැහැ. දැන් තමයි දුප්පතුන් ගැන, නැති බැරි අය ගැන හොයන්න මතක්වෙලා තියෙන්නේ. ඔය කරුණාව ඉවර වෙනවා ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි බැරිවෙලාවත් දින්නොත්...!

:       0       0

සමන් Tuesday, 02 April 2024 12:59 PM

"රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බැවින් ඔහුගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය." මෙයා මේක කියලා තියෙන්නෙ අප්‍රෙල් 01 නේද? රනිල් මහ බැංකුව කැඩුවා කිව්වෙත් මෙයාම නේද?

:       3       14

විමර්ශිනී Tuesday, 02 April 2024 02:40 PM

ශෙහාන් මහත්තයෝ ඇස් බී මූලික වෙලා 1994 ආණ්ඩුව දියුණුව කියන වචනය අවභාවිතා කරගෙන සමුර්ධි කියලා අටමගලයක් අටවලා ජනතා මුදල් නාස්තියක් ආරම්භ කළා. එයට දැන් වයස අවුරුදු තිහක් වෙනවා. මොකක්ද ඇතිවෙලා තියෙන සමුර්ධිය නැත්නම් දියුණුව. කිසිවක් ම නැහැ නේද. රජයක් වේවා, කෙනෙක් වේවා, කණ්ඩායමක් වේවා කිසියම් වැඩක් කරනවා නම් ඒක පියවර හතරක් යටතේ කරන්න ඕන. ඒ කියන්නෙ සැලසුම් කිරීම, සංවිධානය කිරීම , මෙහෙයවීම හා පාලනය කරන්න ඕන. එනිසා සැලසුම් කිරීම , සංවර්ධනය කිරීම සමුර්ධියේ තිබුණත් අනෙක් දෙකම නැති නිසා කිසිම ප්‍රගතියක් ඵලදායි බවක් පේන්නෙ නැහැ. නිකරුණේ ජාතික ධනය නාස්තිය පමණයි. අස්වැසුම වුණත් එහෙම වෙන්න පුළුවන්. අපිට ආර්ථික විද්‍යා පාඩමේ දී අතීතයේ කියලා දුන්නෙ සීමිත සම්පත් උපයෝගී කරගෙන අසීමිත අවශ්‍යතාව සම්පූර්ණ කිරීම කියලා අවුරුදු 75 ක් එහෙම නොකිරීම නිසා තමයි අපිට වඩා අවුරුදු 24කට පස්සෙ ආරම්භ වූ රටකට පවා අපිට හිගමනේ යන්න වුණේ.

:       0       3

Niluka udayangani senavirathna Wednesday, 03 April 2024 04:56 PM

අපිට පාසල් යන ළමයි 3න් දෙනෙක් ඉන්නවා. අස්වැසුමත් නෑ... සමෘධියත් නෑ. වෙනත් දීමනා ලබන්නත් නෑ... ළමයින්ගේ තාත්තා නැතිවෙලා අවුරුදු 2ක් වෙනවා. මේ ළමයි ජීවත් කරවන්නේ ගොඩක් අමාරුවෙන්. කිසිම කෙනෙකුට ඡන්දයක් දෙන්න අපි බලාපොරොත්තු නෑ...

:       2       6

උදයන්ගනි ගොඩගම Wednesday, 03 April 2024 10:48 PM

මාගේ නම අස්වැසුම නාම ලේඛනයේ තිබුණා.එත් මට අස්වැසුම නොමැති අතර මම දරුවා සමඟ බොහොම අමාරුවෙන් ජිවත් වෙමි. රජයේන් කිසිදු උපකාරයක් නොමැත. නිවරදියි අය සොයා බලා දුන්නා නම් අපටත් නොමැති උනේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 34 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 526 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1240 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 164 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 86 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 840 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38400 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site