IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘අස්වැසුම’ නැවත අයදුම්පත් කැඳවයි

(යොහාන් භාසුර)

අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්‍රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙම මස 15 වැනිදා සිට ලබන මාර්තු මස 15 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා කීය.

‘අස්වැසුම’ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව සහ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ. 



අදහස් (13)

‘අස්වැසුම’ නැවත අයදුම්පත් කැඳවයි

samanthi Saturday, 10 February 2024 11:26 AM

සර් අපිට පලමු පාර අස්වැසුම ලැබුනේ නැහැ. මගේ මහත්තයාට ස්තීර රස්සාවක් නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා තාම ඉගෙන ගන්නවා. අපිට හරි හමන් ආදායමක් නැහැ. අපිට මේ සැරේවත් අස්වැසුම ලබාදෙන්න....!

:       0       15

Atl නිහාල් ජයසිරි Sunday, 11 February 2024 07:42 PM

ළමයි දෙන්නෙක් . ඉන්නවා නෝනා මානසික ලෙඩෙක් රජයේ ඉඩමක පදිංචිය රැකියාවක් නැත. ආදායම් මාර්ගයක් නැත. අස්වැසුම මට ලැබුනේ නැත.

:       0       2

විෙසන්දකුමාර Sunday, 11 February 2024 08:16 PM

මට ලමයි 4 දෙනෙක්ම ඉන්නවා .මං කුලී වැඩ කරන්නේ

:       0       0

Gayan Sunday, 11 February 2024 10:06 PM

මේ සැරේවත් හරියට බලලා හොඳ නිළධාරි යොදවලා හරියට කරන්න.. නැත්තම් ඇඳුරුම් කමටයි.. හැමදේම තියෙන එකාටමයි දෙන්නෙ.. බෙහෙත් පෙත්තක්වත් ගන්න නැති කෙනාට රුපියලක්වත් නෑ..

:       0       3

යු.ඇම් .ලීලාවතී Monday, 12 February 2024 07:45 AM

මම තනියම ජීවත් වෙන්නේ මට දරුවෝ දෙන්නෙක් හිටියත් ඔවුන්ට මට සලකන්න තරම් වත්කමක් නැහැ. මට අවුරුදු 64ක් මම අවුරුදු ගාණක් පිිටරට සේවය කරා... කුලී ගෙයක ඉන්නේ ඇඳුම් කුලියට මහලා ජීවත් වුනේ... ඒක කරගන්න අමාරුයි... මට ආතරයිටිස් රෝගය දරුණුවටම තියන නිසා මම කාටවත් කරදරයක් නැතුව කිසීම දීමනාවක් ඉල්ලන්නේ නැතුව ජීවත් වුණා... දැන්නම් අමාරුයි මට අස්වැසුම දෙනවා නම් ලොකු පිනක්...!

:       0       1

නිශාන් සන්ජ්ව Monday, 12 February 2024 11:38 AM

මට දෙවැනි අදියරේ අස් වැසුම ඕනේ...!

:       0       0

nishan Monday, 12 February 2024 11:39 AM

මට අස් වැසුම අවශ්‍යයි...!

:       0       0

Ranjitha maninda upathissa Monday, 12 February 2024 01:29 PM

සර්, මට දැන් අත්වැසුමගෙන් ලබා දෙන්නේ 2500 දෙන්නේ 2500 මට 5000 ක් කරලා ලබාදෙන්න සර්...!

:       0       0

TM.NIROSHA Monday, 12 February 2024 02:47 PM

මගේ මහත්තයාට ස්නායු අමාරුවක් තියෙනවා.. මේසන් වැඩ කරන්නේ මේ අමාරුකම් තියාගෙන තමයි. බෙහෙත් බිබි වැඩ කරන්නෙ අපිට නම් අස්වැසුම එකපාරක්වත් හම්බ වුනේ නෑ... අනේ මහත්තයා අපිට අස්වැසුම අවශ්‍යයි.

:       1       0

සදුනි අංජනා Tuesday, 13 February 2024 07:44 PM

මටත් අස්වැසුම ලබා දෙන්න. අපිට ඉන්න ගෙයක්වත් නෑ. ඉන්නේ අම්මලා ළඟ. අපිටත් උදවු කරන්න. අපිට කිසිම දෙයක් ලැබිලා නැහැ.. මේ වෙනකන්...

:       0       0

සදුනි අංජනා Tuesday, 13 February 2024 07:51 PM

අපිටත් අස්වැසුම ලබා දෙන්න. අපිට ඉන්න ගෙයක්වත් නෑ මහත්තයෝ. මට එක බබෙක් ඉන්නවා. මහත්තයාට ස්තීර රැකියාවක් නෑ. අපිටත් අස්වැසුම ලබා දෙන්න මහත්තයෝ. ගොඩක් පින් අපි වගේ අසරණ අයට උදවු කරන්න මහත්තයෝ...

:       0       0

Mahesh Wednesday, 14 February 2024 09:44 AM

ඇප්ලිකේෂන් එක එවන්න පුලුවන්ද සර්

:       0       0

Ishan maduwantha wickramasingha Friday, 23 August 2024 01:49 PM

අපිට අස්වැසුම නෑ. මොකක්ද ඒකට හේතුව..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 24 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 422 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 928 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 844 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 142 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 869 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site