(අංජුල මහික වීරරත්න)
රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.
රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් සහිත වුනා නම් සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමති තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න යැයිද අමාත්‍යවරයා කීය.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හ
කිලිනොච්චිය, තිරුණගර්හ හි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අැති රත්‍රං සොයා කැණීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අ
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසල දී පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගින්
අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් ත
නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති බුද්ධ ප්‍රථීමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ
බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අස්වැසුම පවුල්වලට ජපන් රැකියා
pj Friday, 24 January 2025 03:47 PM
අර මාක්ස්වාදයට මොකද වුනේ....
SedirisSaturday, 25 January 2025 07:09 AM
අයියෝ මාලුවා අල්ලා ගත්තාට පස්සේ දැල මොකටද කොලුවෝ...? මාක්ස්වාදේ තව ටික කාලෙකින් එළියට ගන්නවා. ආන්ඩුවට දීපු පොරොන්දු ඉටු කර ගන්න බැරි වෙනකොට, මිනිස්සු පෝලිම් වල ඉඳන් බනිනකොට, ඡන්ද පරාද වෙනකොට, විපක්ශේ මර්ධනය කරලා බාබකියු දාන කාලේ වෙද්දී ආපහු මාක්ස්වාදේ ගේනවා. ඔයාලා කලබල වෙනවානේ ඉතින්...!
Indika Friday, 24 January 2025 03:54 PM
මේ ළමයි ගොඩ කල් ඉදන් ජපන් යන්න තෝරාගෙන. ජපන් භාෂාව පුරුදු කරලා. සහ අවශ්‍ය පුහුණුව ලබලා හිටියේ. දැන් එයාල යවනවා වගේ ලකුණු දාගන්නවා. කොහොමද දන්නේ නැහැ ආණ්ඩුව ඇවිත්මාස තුනෙන් පුහුණුව සහ ජපන් භාෂාව පුරුදු කලේ
Neel Friday, 24 January 2025 04:01 PM
තව ටික දවසකින් බලාගන්න පුලුවන්
රනේ Friday, 24 January 2025 04:11 PM
මේවා මනූෂට කොහොම දැනේවිද මන්දා?
sira Saturday, 25 January 2025 01:30 AM
හොඳයි වැඩේ, මේ අයට කියල දෙන්න පවුල් බලාගන්න කියලා. නැත්නම් ජීවිතාන්ත කාලය දක්වාම දෙන්න වෙයි.
ලපයා Saturday, 25 January 2025 11:34 AM
පච ජපේපන්ගේ තවත් පචයක් . ඔය වැඩසටහන සමෘද්ධී තියෙද්දිත් තිබ්බා . රනිල්ගේ කාලෙත් තිබ්බා .
Lalla Saturday, 25 January 2025 01:59 PM
මොනවා කරලා හරි නිකමුන්ගේ පවුල්වල යැපෙන්නන් නිවැරැදි මාවතට ගෙන ඔවුන් බදු ගෙවන්නන් බවට පත්වෙනවා නම් ඒ ඇති. නිකම්ම ඉඳලා සහනාධාර ගත්තු අය ආපසු මහන්සි වී හම්බ කරන තත්ත්වයට ගෙන ඒම හරිම අමාරු වැඩක්...