IMG-LOGO

2024 සැප්තැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


අසිරිමත් ඇසළ පොහොය අදයි

(ආරියරත්න රණබාහු)

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

ඒවා අතර බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම ආදිය වේ

වෙසක් පුර පසළොස්වක පෝය දින යේදී ලොව්තුරා බුද්ධත්වය ලැබූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කරන ලැබුවේද ඇසළ පුරපෝය දිනයේදීය ඇසළ මාසය උදාවන විට පෙර වස් විසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබේ. ඒ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීමද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.

බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේ මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පා ඔවුන්ගේ මානය බිඳ දමා තිබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේම මාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද සිදුකර ඇත්තේ මෙම පෝය දිනයේදීය එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ද අද වැනි දිනකය.

(මෙම සටහන සඳහා තොරතුරු ලබාදුන් අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන්ට ගෞරව පූර්වක ස්තුතිය පුද කරමු)

 



අදහස් (2)

අසිරිමත් ඇසළ පොහොය අදයි

රංබොඩ Saturday, 20 July 2024 09:51 AM

ස්තුතියි ! වටිනා කරුණු කිහිපයක් සිහි කර ලීවාට.

:       0       0

Nimal Saturday, 20 July 2024 05:47 PM

සාදු සාදු සාදු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු
2024 සැප්තැම්බර් මස 04 484 0

බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි
2024 සැප්තැම්බර් මස 04 879 0

ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑ


කොළඹ වරයෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර
2024 සැප්තැම්බර් මස 04 716 0

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍ර


මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති
2024 සැප්තැම්බර් මස 04 852 0

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ල


හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 04 218 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12


ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ
2024 සැප්තැම්බර් මස 04 384 0

සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් සමග එකතුවෙන්නේ නැති බැව් ස


වැඩි දෙනා කියවූ පුවත්



ගීතා කේන්තියෙන්
2024 අගෝස්තු මස 15 12306 27

තලතා පැත්ත මාරු කරයි ?
2024 අගෝස්තු මස 21 11638 46

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා
2024 සැප්තැම්බර් මස 01 11315 1

මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1695 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 812 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 645 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site