IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අස් කළ පස් දෙනා මැද මුලනට නෑගම් යති

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට  සන්දානයේ විමල් වීරවංශ මහතා ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව පැවැත් වු රත්නපුරයේ රැළියට අනවසරයෙන් ගිය බව කියන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පස් දෙනා හෙට බ්‍රහස්පතින්දා මැද මුලණට නෑගම් යන බව ශ්‍රීලනිප මන්ත්‍රී  කුමාර වෙල්ගම මහතා කියයි.

බන්දුල ගුණවර්ධන, ටී.බී ඒකනායක, රෝහිත අභයගුණවර්ධන,  සාලින්ද දිසානායක සහ එස්.එම් චන්ද්‍රසේන යන පස් දෙනා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වමින් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ලියුම් යැවීය.

ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ විනය ක්‍රියා මාර්ග ගැනීමේදී කරුණු විමසා පරිකෂණයක් පැවැත්විය යුතු බවයි.

මැදමුලණේදී හිටපු ජනපති හමු වී මේ ගැන කියන බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

අස් කළ පස් දෙනා මැද මුලනට නෑගම් යති

කිත්සිරි Thursday, 16 April 2015 01:47 AM

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම! (නි)

:       0       0

අශෝක Thursday, 16 April 2015 02:13 AM

කියලා බලමුකෝ නේද? (නි)

:       0       0

පෙරේරා Thursday, 16 April 2015 02:19 AM

මහින්දට මෙච්චර බය මොකද? දින 100 න් පසුව තව තවත් පිරිස් මහින්ද වටා රොක්වෙනවා (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 02:23 AM

ගාමිණී, ඔයා ජනපතිතුමාට අලුත් අවුරුද්දේ දිරච්ච ලණුවක් දෙන්න හදනවද? මොකද ඔයා ඔය කියන 'නුසුදුස්සෝ' ඔක්කොම අස්කළාම පක්ෂයට අන්තිමට ඉතුරු වෙන්නේ ජනතාව ඉදිරියේ අවලංගු කාසි බවට පත්වුණ උදවිය විතරයිනේ. (නි)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 02:43 AM

ලෙඩා මලත් බඩ සුද්දයි වගේද ? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 16 April 2015 03:07 AM

අවසානයේ මෛත්‍රී මහත්තයට ඉතුරු වෙන්නේ පක්ෂ සභාපති කමයි චිත්ත රෙදි කීපයකුයි අර එතුමත් එක්ක ගිය ද්‍රෝහී නඩයයි විතරයි..නියම නිදහස් පක්ෂය මහින්ද මහත්තය වටේ එකතු වීම වලක්වන්න පක්ෂයට කරන්න පුළුවන් උපරිම ද්‍රෝහිකම කරලා පක්ෂය යටතේ තිබුණු රජය බිද දාල පාක්ෂිකයින්ට යු අන් පි මැරයන්ගෙන් ගුටි කන්න සැලැස්වූ මේ ද්‍රෝහී නඩය කුජිත මැඩම් එක්ක එකතු වෙලා මොන දහන් ගැට ගැහුවත් බැරි බව හෙට අනිද්දට ප්‍රයෝගිකවම මේ රටේ මිනිස්සුන්ට දැක ගන්න ලැබේවි..(ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 16 April 2015 03:07 AM

තණ්හාය ජායති සෝකෝ. (ස)

:       0       0

චමින්ද Thursday, 16 April 2015 03:27 AM

පක්ෂය කඩාගෙන ගිහින් වෙනම ඡන්දය ඉල්ලන අය අස් කරන්නේ නැද්ද ? (ස)

:       0       0

කිරි ගමරාල Thursday, 16 April 2015 03:30 AM

විනයකින් තොර චින්තනය මුලික කරගත් මුඛරිකම විනය විරෝධී හැසිරීමකට තුඩු දුන් බව පසක් කර ගැනීමටවත් එම පස් දෙනාට නොහැකි වී ඇත්තේ මොලය මියගොස් ඇති නිසා. (ස)

:       0       0

අතුර Thursday, 16 April 2015 03:32 AM

යු එන් පි මැරයෝ.එතකොට මහින්ද ලග හිටියේ සත් ගුණවත් ඇමතිවරු.මහින්ද ශ්‍රීලනිපය දියකරලා හදා ගත්තේ මහින්ද රාජ පක්ෂය.(ස)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:39 PM

බලන්නකෝ රේණු, මංකිව්වේ පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ආපු පක්ෂ නායකයා නියම විදියට පත් වුණු සාමාජිකයන්ව දඬු කඳේ ගැහීම හරි නැත කියාලයි. (බ)

:       0       0

දිලිප් Thursday, 16 April 2015 03:35 AM

දේශපාලනයේ තම අනන්‍යතාවය තනිවම ගොඩනගා ගත නොහැකි අය තවත් අය මත යැපෙන තත්වයකි මේ. කශේරුකාවක් ඇත්නම් තම ප්‍රතිරූපය තමුන්ම ගොඩනංවා ගැනීමට හැකි විය යුතුයි. අනෙක් අතට දෙවරක්ම ජනපති ධුරය දැරූ හිටපු ජනපති නැවත පහල තනතුරකට ඒමට තම පක්ෂය දෙකඩ කරමින් දක්වන උත්සාහය පිලුකුල් සහගතයි.(නදී)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:42 PM

අපොයි ඔව් ජීවනී, ඔය බවලතා නම් ඉතින් කවදත් එනපොට හොඳ නැති බව තේරුනාම හිමීට රටිනුත් ලිස්සලා ගිහින් පස්සේ ආයෙමත් හොඳ වෙලාවක් බලලා පරවේණි උරුම හොයාගෙන එනවා. අන්තිමට ඉතින් එයාට උරුම-අපට කරුම! (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 16 April 2015 03:38 AM

රනිල් මහත්තයත් පහුගිය කාලේ කලේ විනය පරීක්ෂණ තැබීම හා පක්ෂයෙන් නුසුදුස්සෝ එළවීම. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 April 2015 03:42 AM

පක්ෂය විනාශය කරා ගමන් කරන බවයි මින් පැහැදිලි වන්නේ. මෙය එක්සත් ජාතික පක්ෂයට කරන විශාලම උපකාරයක්. (නදී)

:       0       0

සිරී Thursday, 16 April 2015 03:44 AM

පහෙන් හතරක් ගැනම ජනතාව දන්නවා. මේ වගේ අයව ඉන්නවා නම් එලවලා දාල ශ්‍රී. ල. නි. ප. ය සුද්ද කරලා දාන්න ජනාධිපතිතුමනි. (නදී)

:       0       0

ආරියදාස Thursday, 16 April 2015 04:07 AM

පක්ෂයේ නායකයා පක්ෂය ගොඩ ගැනීමටනම් පක්ෂයට අකුල් හෙලන අය වහා ඉවත් කළ යුතුය (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 16 April 2015 05:05 AM

යකඩෝ යහපාලනේ කට්ටියට ශ්‍රී ලංකා එක ගැන පුදුමාකාර කැක්කුමක්නේ තියෙන්නේ..මේ එකෙක්වත් ගියවර හෝ ඊට පෙර සන්ධානය වෙනුවෙන් ඡන්දෙ දීපු අයනම් නෙමෙයි කියල පැහැදිලියි..අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට නීති රීති දාල ඔවුන්ගේ මතය යටපත් කරන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූ දා සිටම බැලුවොත් කරන්න පුළුවන් උපරිමම ද්‍රෝහී කම පක්ෂයට කල පුද්ගලයෙක්.. පක්ෂයට ද්‍රෝහී වෙලා නායකයට පිටිපස්සෙන් පිහියෙන් අනල පක්ෂය දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාශ කරලා සතුරන්ට පක්ෂයේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු පුද්ගලයෙක්.. එහෙම කෙනෙක් තමයි අද පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් නීති රීති පනවල හිර කරන්න හදන්නේ. අද සම්පුර්ණ බිම් මට්ටම සමග ශ්‍රී ලංකා නිදහස් පකෂය තියෙන්නේ මහින්ද මහත්තය ගාව..මහින්ද මහත්තයව හීනෙන් පෙනිලා බයවෙන කට්ටියට කියන්න තියෙන්නේ ලක්ෂ 58ක් වන අපි අපි මහින්ද මහත්තය ගැන බලා ගන්නම් ,,ඔයාල ඔය නන්නත්තාර වීගෙන යන යහපාලානේ ගැන බලා ගන්න කියන එක තමයි. (බ)

:       0       0

දසිත් Thursday, 16 April 2015 05:16 AM

නව ජනාධිපති තුමනි, ඔබ ගෞරවාන්විත මිනිසෙක්. නමුත් ඔබ වටා සහ හිටපු ජනපති වටා සිටි හා සිටින්නාවූ බහුතර පිරිසක් රටක දේශපාලන නායකත්වයට සුදුදුස්සන් නොවේ. ඔවුන් සමග යහපාලනයද හීනයකි. වර්තමානයේ රටට අවශ්‍යව ඇත්තේ රජෙකි. රට අරාජික වීමට ඉඩහැරීම මහත් පාපයකි.සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න. අති ගරු මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන එන්න සහ හොරු පලවා හරින්න. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 05:59 AM

හරියට හරි පිවිතුරු යහපාල. මේ යහපාලන නඩේට ඕනේ ශ්‍රීලනිපය දියකර හරින්නයි. ශ්‍රීලනිප ලකුණ වන ජාතිකත්වය සොයා යන පාක්ෂිකයෝ විතරක් නොවෙයි එජනිස කට්ටියත් දැන් මහින්ද මහතා වටා එක්රොක් වෙන නිසා දැන් මේ අයගේ මහින්ද භීතිකාව තවත් උග්‍ර වෙලා. (බ)

:       0       0

ජීවා Thursday, 16 April 2015 06:09 AM

පිවිතුරු යහපාල ඔයා කියපු කතාවට මසුරන් දාන්න ඕනේ. යහපාලනයට දැන් එකතු වෙලා ඉන්න ඇමති, මන්ත්‍රීලා මහින්දට ඡන්දෙ දුන්නේ නැති අය කියලා හොඳටම පැහැදිලියි (නදී)

:       0       0

ස්මිත් Wednesday, 15 April 2015 07:22 AM

අනේ අපොයි වෙච්ච හදියක්! (නි)

:       0       0

රේණු Thursday, 16 April 2015 06:51 AM

නිදහස් පක්ෂයෙන් එළිය ගිහිල්ලා අලි කරමතින් ඇවිල්ල පුටුවේ වාඩි වෙලා දැන් පුටුව කවදාවත් හැර නොගිය පිරිස් එලියට දානවා මාරම මාර යහපාලනයක් තමයි මේක. තවත් ගොඩක් කට්ටිය ඉස්සරහට එලියට දාන්න සිදුවේ (බ)

:       0       0

බණ්ඩා Thursday, 16 April 2015 06:56 AM

එකා දෙකා යනවා වගේ ..(බ)

:       0       0

බණ්ඩා Thursday, 16 April 2015 06:58 AM

පිවිතුරු යහපාල ,දසිත් මේ ටිකත් දැන ගන්න මහින්ද කියන පුද්ගලයා මේ කපේදී ලංකාවේ රජ වෙන්නේ නෑ.(බ)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 07:32 AM

එ්කනේ රේණු කියන්නේ, නීතිගරුක පක්ෂ සාමාජිකයන්ව දඬුකඳේ ගහනකොට මොනවද අපිට නොහිතෙන්නේ? (බ)

:       0       0

ජීවනී Thursday, 16 April 2015 07:54 AM

ඔය මාරම මාර යහපාලනයේ නියම නිදහස් පක්ෂේ අය නෑ, අර කුජීත මැඩම්ට මහින්ද ළග දණගහන්න වෙනවමයි (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 15 April 2015 11:38 AM

කැවුම්, කිරිබත්, කෙහෙල්කන් ගොඩක් එහෙම අරන් ගියාද ? (නදී)

:       0       0

දර්ශන Thursday, 16 April 2015 08:45 AM

විධායක ජනපතිගේ විධායක බලතල එහෙමම තියෙනවා තාම.මෛත්‍රී මහත්තයා තාම බලතල පාවිච්චි කරන්න පටන්ගත්තේ නැහැ.පක්ෂ සභාපති ට එරෙහිව ගියොත් එහි ඵලවිපාක එයාලටම ලැබෙයි. මහින්ද මහත්තයාගේ කාලෙ මෙහෙම උනානම් කොහොම හිටීද? (බ)

:       0       0

ලසන්ත Wednesday, 15 April 2015 01:18 PM

ඔබ පස්දෙනා හරිම ගමන තෝරාගෙන ඇතිබවයි අපට පෙනෙන්නේ. ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 15 April 2015 01:47 PM

වෙන තැනක් නැහැ යන්න (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 15 April 2015 02:07 PM

රත්නපුර රැළියට යාමෙන් බලාපොරොත්තුවූ ප්‍රතිඵල ලැබෙමින් පවතී. දිවංගත බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුෂණයෙන් තොර අවංක නායකත්වයක් ඇති පක්ෂයක් වශයෙන් ජනතාව ඉදිරියට පැමිණීම පාක්ෂිකයන්ගේ අපේක්ෂාවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙන් අවංක නායකත්වයක් ලැබුනත්, අසාධාරණයෙන් ගොඩනැඟී ඇති දුෂිතයන්ගේ සහ අධික බල තණ්හාවෙන් කටයුතු කරන අවස්ථාවාදීන්ගේ බලය පක්ෂය තුළ ඉස්මතුවෙමින් පවතී. (නි)

:       0       0

විද්‍යා Wednesday, 15 April 2015 02:16 PM

මැදමුලන ගිහින් මොනවා කරන්නද? නිකන් කලබල නොවී ඉන්න (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 15 April 2015 02:23 PM

නිර්භිත හා කශේරුවක් ඇති පස් දෙනෙක්. (නි)

:       0       0

අජිත් කලුආරච්චි Thursday, 16 April 2015 09:47 AM

කෙනෙක් රජ වුවද දුගී වුවද ඹහු උපන් මව්බිමට ආදරය කරයිනම් ඒ පිංබිමේ සැබෑම රජු ඹහුය. ඒ අන් කවරෙකු නොව මේ මාතෘ භුමිය කොටි අන්තවාදීන්ගෙන් මුදාගන්නට උත්තරීතර ජනතා පරමාධිපත්‍ය නායකත්වයේ අණ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දුන් මහින්දය. ඹහු බලන්න යන කලගුණ දත් මිනිසුන් සැබෑ සත් පුරුෂයන්ය. නායකයාණනි ඹබට චිරන් ජයතු සුභ අනාගතයක් (බ)

:       0       0

ගාමිණී Wednesday, 15 April 2015 03:12 PM

ඔවුන් අස්කළාට ගරු ජනාධිපතිතුමාට ස්තුතියි. නුසුදුස්සන් එළවා පක්ෂය පිරිසිදු කරමු. (නි)

:       0       0

මංගල වේලාරත්න Wednesday, 15 April 2015 03:58 PM

වංචාව දූෂණය හොරකම බොරුද කියන්න. (ස)

:       0       0

රවි Wednesday, 15 April 2015 04:06 PM

මේ කවුරුත් පසුගිය රජයේ මහා ජනතා මුදල් මංකොල්ලය ගැන ජනතාවගෙන් සමවාගෙන නැවත දේසපාලනය එන්න. නැත්නම් ජනතාව රටේ මුදල් අපයෝජනය කිරීම දේශපාලකයන්ගේ අයිතියක් ලෙස සමාජගත වනු ඇත. (ස)

:       0       0

ද,ම. උඩුකුඹුර Wednesday, 15 April 2015 06:09 PM

කරුණාකරලා වෙන හොඳ රැකියාවක් හොයා ගන්නකෝ. (ස)

:       0       0

දයාල් Wednesday, 15 April 2015 07:48 PM

ඔබට ජයෙන් ජය! සුබ නව වසරක් වේවා! මේ රට ආරක්ෂා කරමින්, සංවර්ධනය කරන්න දිරිය ලැබේවා! ඒ අපේ අවංක පැතුමයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 15 April 2015 08:57 PM

ජනපතිතුමනි, ඔබ විරුද්ධවාදීන් ඇතිකරගන්නේ මොකද? ඔය පස්දෙනා හොඳ තරුණයින් (නි)

:       0       0

විජයබාහු Thursday, 16 April 2015 12:43 PM

අසව් අසව්.... යහපාලන බලු කුක්කන් නැවතත් හඳට බිරීම ආරම්භ කර ඇත.(බ)

:       0       0

බණ්ඩාර Wednesday, 15 April 2015 09:05 PM

අ‍ඟේ ඉඳන් කණ කන අය එළවන්න ඕනෑ (නි)

:       0       0

විජයබාහු Thursday, 16 April 2015 12:49 PM

අනේ වරෙන් බණ්ඩෝ යන්න වෙසක් බලන්න ඔය නොදන්නා මගුල් කියවන්නේ නැතුව (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 15 April 2015 09:31 PM

අසාධාරණයෙන් පොහොසත් වන්නට තිබෙන එකම විසඳුම දේශපාලනයයි.රටේ මහා පරිමාණයේ මංකොල්ලයක් වුණාද එතන දේශපාලකයෙක් ඉන්නවාමයි ....... (නි)

:       0       0

විජයබාහු Thursday, 16 April 2015 12:51 PM

ජිවනි , කුජිත මැඩම් දන ගහන එකක් නෑ. රටින් හෙමිහිට මාරු වෙලා එයාගේ රැජින ගාවට යයි. එයා හැමදාම කළේ එ්කනේ.(බ)

:       0       0

සුමුදු හේවා Wednesday, 15 April 2015 10:00 PM

වැදගත් වැඩ කරද්දී බාධක හිරිහැර එන එක ස්වාභාවිකයි. අධෛර්ය වෙන්න එපා. ඔය නෑගමන අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් වේවායි පතමි. (නි)

:       0       0

යසිරු Wednesday, 15 April 2015 10:00 PM

මේ අලුත් අවුරුද්දේ තරහා මරහා අමතක කරලා නැවත සමගි වෙන්න (නි)

:       0       0

ආනන්ද Wednesday, 15 April 2015 10:20 PM

ජනාධිපතිතුමනි, දැන් වැඩ පටන්ගන්න. ඔබට ජයවේවා! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 16 April 2015 12:06 AM

කියන්න ඕනෑ කෙනාට කියනවා මිස වෙනත් අයට කියලා වැඩක් නැහැනේ (නි)

:       0       0

නෙත් Thursday, 16 April 2015 12:14 AM

ගමන සුබයි. ජය නියතයි (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 16 April 2015 12:47 AM

අනේ පව් එයාලා පස් දෙනා! (නි)

:       0       0

සමන් Thursday, 16 April 2015 01:14 AM

ඔක්කොම එක්ක යන්න නම් තැනක් තිබෙනවා.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1735 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1090 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1641 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1147 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1136 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site