IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


'අහිංසක වෙලා ජීවත් වෙන්න අමාරුයි'

2016-07-15-ent-29

කලා පවුලකින් පැවත එන ඇය දඟකාර, කටකාර, හැඩකාරියක් ලෙසින් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්. නොබෝ කලකින්ම තමාගේ වයසටත් සාපේක්ෂව ක්ෂේත‍්‍රයේ අත්දැකීම්වලින් පරිණත වූ ඇය මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්ව තිබෙනවා. වර්තමාන කලා ක්ෂේත‍්‍රයට නැතිවම බැරි චරිතයක් වී තිබෙන ඇය තමයි දිනක්ෂි ප‍්‍රියසාද්. දිනක්ෂි කලා ක්ෂේත‍්‍රයට පිවිසෙන්නෙ ‘‘වස්සාන සිහිනය’’ ටෙලි නාට්‍යය ඔස්සේ. එය ඇගේ පළමු ටෙලි නිර්මාණය වුවත් එයින් විශාල ජනප‍්‍රියත්වයක් ලබාගැනීමට ඇයට හැකිවුණා. ඒ නිසාමයි ඒ පිළිබඳ කතා කරන්න අපිට හිතුණෙ.

 

දිනක්ෂිගෙ ජීවිතේ වෙනස් කරපු වස්සාන සිහිනය ගැන කතා කරමු නේද?

2016-07-15-ent-30වස්සාන සිහිනය මගෙ පළමු ටෙලිනාට්‍ය රංගනය. එහි නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ජානක සිරිවර්ධන මහත්මයගෙ. දෙරණ නාලිකාවෙ තමයි විකාශය වුණේ.

 

ඒ සඳහා සම්බන්ධවෙන්නෙ කොහොමද?

මට මුලින්ම ඒ නාට්‍යයෙ ඉන්ටවිව් එකකට කතා කළා. ඊට පස්සෙ ජානක සිරිවර්ධන මහත්මයා අපේ ගෙදරට ඇවිල්ලා කිව්වා මෙහෙම නාට්‍යයක් කරනවා එන්න කියලා. පසුව තමයි මම එහි ඉන්ටවිව් එකට ගියෙ. ඉතින් ඒ චරිතය සඳහා මාව තෝරගත්තා. එහිදී වැඩමුළුවකුත් පැවැත්වුවා. ඒ විදියට තමයි නාට්‍යයට සම්බන්ධ වුණේ.

 

දිනක්ෂි එක්ක ඒ සඳහා දායකවුණු නළු නිළියන් කවුද?

චාපාටයි, කසුන්ටයි හිටියෙ මම සහ මාධව. ඊට අමතරව ගයාන් වික‍්‍රමතිලක, රුවන්ති මංගලා, අවන්ති අපොන්සු, විශ්ව ලංකා, සරත් කුලාංග, ඒ වගේම අපි අතරින් වෙන්ව ගිය දයා අල්විස් මහත්මයා, රෙබෙකා නිර්මලී මහත්මිය සමග නවක නළු නිළියොත් ගොඩක් දායක වුණා.

 

ඒ අයගෙන් ලැබුණු සහය කොහොමද?

ඇත්තටම ඉස්සර මට රඟපාන්න බෑ. ඒ වගේම හරි ලැජ්ජයි සහ ලොකු කැමැත්තක් තිබුණෙත් නෑ. මොකද රඟපාන්න අදහසක්වත් නොතිබුණු නිසා. ඒ කාලෙ හරිම ලැජ්ජයි. රඟපාන්නත් බෑ, දෙබසක්වත් හරියට කියවගන්න තේරෙන්නෙත් නෑ. ඒකට හැඩ ගැහෙන්න කොහොමත් මාසයක් විතර ගියා. කලින් මම නාට්‍යයක්වත් කරලා තිබුණෙත් නෑ. ඉතින් ඒ විදියට රඟපාන්න පුළුවන් වුණේ එතන වැඩ කරපු අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණු නිසා. ඒ නාට්‍යයට ප‍්‍රවීණ අය ගොඩක් සහභාගිවෙලා හිටියෙ. ඒ වගේම මේ නාට්‍යයෙ රූගත කිරීම් පටන්ගන්න කලින් සතියක පමණ වැඩමුළුවක් තිබුණා. එය මෙහෙයවූයේ ගිහාන් ප‍්‍රනාන්දු අයියා. ඒ ලැබුණු සහයෝගයයි, කණ්ඩායමෙන් ලැබුණු සහය සහ අධ්‍යක්ෂණයයි හැමදේම මත තමයි මගෙ රංගනය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වුණේ.

ඒ තැබූ පියවර තමයි තාමත් තියාගෙන යන්නෙ. එතනින් වැරදුනා නම් මම අද මෙතන නෑ. ඉතින් මට හිතෙන්නෙ එතනදි මට ක්ෂේත‍්‍රයේ දැවැන්තයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා.

 

‘‘චාපා’’ චරිතය ඔයාට දැනුණෙ කොහොමද?

චාපා චරිතය හැමෝටම දැනිලා තිබුණු චරිතයක්. මේ නාට්‍යය කරන්න කලින් චිත‍්‍රපටයක් හරහා ගිය චරිතයක් චාපා කියන්නෙ. ඒ නවකතාව නොකියවපු කෙනෙක් නැති තරම්. ඉතින් ඒ චරිතය මම ඒ කාලෙ හිටපු වයසත් එක්ක මගෙ ජීවිතේට ගොඩක් ළඟින් දැනුණා. මොකද මගෙ වයස හා සමාන චරිතයක් නිසා. ඒ වගේම චරිතෙ ඇතුළෙ තියෙන සමහර ලක්ෂණ මගෙ ජීවිතේට ගොඩක් ළඟින් දැනුණා. ඒ ඇතුළෙ තියෙන ලක්ෂණ මගෙ ජීවිතේ චරිත ලක්ෂණ වගේ. හැබැයි මුල් කාලෙ රඟපාද්දි නම් තිබුණු බයත්, චකිතයත් එක්ක චරිතය ඔළුවෙ තිබුණෙ නෑ. ඇත්තම කිව්වොත් කරන්න කියපු දේ කළා වගේ තමයි. කාලයක් යද්දි තමයි චරිතය ගැන හිතලා රඟපාන්න ගත්තෙ.

 

චාපා චරිතය අහිංසක වුණාට දිනක්ෂි අහිංසක නෑ නේද?

නෑ. එහෙම අහිංසක නෑ. අහිංසක වෙලා ජීවත්වෙන්න අමාරුයිනෙ. නමුත් ඉතින් මම කාටවත් කරදර කරන්නෙ නෑ. හරි විනෝදෙන් කාත් එක්කත් ඉන්න කැමති කෙනෙක් මම. මට ඕන විදියට තමයි මම ජීවත් වෙන්නෙ. අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න මම අහිංසක වෙන්නෙ නෑ. ඒ කියන්නෙ සමහර මිනිස්සු කැමතියිනෙ අහිංසකව ඉන්නවට, අහිංසක වෙන්න ඕන තැනදි මම අහිංසක වෙනවා.

 

මාධවගෙන් ලැබුණු සහය කොහොමද?

මාධවගෙන් එදා ඉඳන් අද වෙනකම් සහයෝගය ලැබෙනවා. ක්ෂේත‍්‍රයේ ඉන්න යාළුවන්ගෙන් මගෙ හොඳම යාළුවා එයා. මගෙ ජීවිතේ හැමදෙයක්ම මම මාධව අයියත් එක්ක තමයි ෂෙයා කරගන්නෙ. එයත් එහෙමයි. ඒ තරම් අපි හොඳ යාළුවො. අපි දෙන්නම ඒ දවස්වල ඉඳන් එක බෝට්ටුවෙ. මොකද අපි දෙන්නම ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතයක් කළේ පළමු වතාවට. ඒ වුණත් අපි හොඳින් සහයෝගයෙන් වැඩ කරගෙන ගියා.

 

කතාවෙ චාපයි කසුනුයි වගේ සැබෑ ජීවිතේදි දිනක්ෂියි, මාධවයි මුණගැහුණොත්?

නෑ. එහෙම දෙයක් නෑ. ඒවගේ දෙයක් කවදාවත් මට හිතිලත් නෑ. අපි දෙන්නගෙ තියෙන්නෙ අයියයි නංගියි වගේ හැඟීමක්, එදා ඉඳන් අපි හොඳ යාළුවො. මම දන්නෙ නෑ එයාටත් එහෙම හිතෙයි කියලා.

 

100% විශ්වාසද?

ඔව්, නමුත් අපි 100% ෂුවර් කියන ඒවා ඉදිරියේදී වෙනස් වෙයිද කියන්න බෑනෙ. සමහර වෙලාවට අපි කියන ඒවා අවුරුදු දෙකක් තුනක් ගියාම වෙනස්වෙන්න ඉඩ තියෙනවනෙ. ඒත් මෙතනදි මම හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙයි කියලා. වස්සාන සිහිනය කරලත් දැන් අවුරුදු හතක් අටක් වෙනවනෙ.

 

රූගත කිරීම් කළේ කොහෙද?

කොළඹ, ගම්පහ අවට තමයි රූගත කළේ.

 

මෙහිදී ආදර ජවනිකාවන්නෙ ගොඩක් කළේ. ඒවා කරන්න කලින් පෙර අත්දැකීම් තිබුණද?

ඒ කාලෙ ආදරේ කරල නම් තියෙනවා. ඒත් ඉතින් එහෙම අත්දැකීම් නෑ. මම ආසම නැති දෙයක් තමයි ආදර ජවනිකා කරන එක. මොකද මට ඒවා තේරෙන්නෙ නෑ කරන්න. හිනා යනවා. ඒ වගේම හරි ලැජ්ජයි. දැන් නම් ටිකක් ෂේප්. ඒත් සමහර වෙලාවට හිනා යනවා.

 

චාපාට ලැබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර කොහොමද? පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හොඳට තිබුණා. මුල් කාලෙදි ගොඩක් අය හොඳම කිව්වෙත් නෑ. තව මදි හදාගන්න කියලත් කිව්වා. නමුත් මාසයක් විතර යද්දි ගොඩක් කට්ටිය හොඳයි කියලා කිව්වා. හොඳට රඟපානවා ලස්සනයි කියලත් කිව්වා. ඉතින් තවමත් වස්සාන සිහිනය බලපු කට්ටිය මට මැසේජ් එවනවා. ඒ වගේම ඒ දවස්වල ගොඩක් ලියුම් එව්වා. ඒ ලියුම් 800 වගේ තවමත් මගෙ ළඟ තියෙනවා. තවමත් මට ‘‘චාපා’’ නමින් කතා කරන අය ඉන්නවා. ඉතින් හරි සතුටුයි ඒ ගැන. මොකද මම රඟපාන්න බලාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මගෙ ආසාව තිබුණෙ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න. හිතුවෙ කවදහරි ඉංජිනියර් කෙනෙක් වෙන්න. ඉතින් ඒ හැමදේම ‘‘වස්සාන සිහිනය’’ හරහා වෙනස් වුණා. එතනින් පසුව රඟපාන්න ගොඩක් අවස්ථා ලැබුණා. ඉතින් මට හිතුණා මොනවා වුණත් මගෙ සතුට තියෙන්නෙ කලාව තුළ කියලා. ඒක මගෙ ඔළුවටත් හොඳයි.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-07-15-ent-28
 



අදහස් (0)

'අහිංසක වෙලා ජීවත් වෙන්න අමාරුයි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 224 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1262 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2463 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2699 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7014 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site