IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අහසට වෙඩි තබා දරුවා පැහැරගත් පියා පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක" නැමැත්තා අඟුරුවාතොට වල්පිට බිඩිකොල හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ දී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් 24 යන එක් දරු පියෙකි.

මියගිය නීලක නැමැත්තා රිමාන්ඩ් බාරයේ සිටියදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ වැයි කියමින් මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත් පා තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතළ තුවාල සිදු කළ බව කියන් සිද්ධියන් පසුගිය දින වාර්තා විය.

ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමග සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරු පොලිසිය අවශ්‍ය සිටි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

මියගිය නීලක නැමැත්තාගේ හත් හැවිරිදි එකම දරුවා නීලක ගේ මවට බාර දී තිබූ බව පොලිසිය කියයි. පසුව ඇය එම දරුවා ඇගේ ඥාති සහෝදරියකගේ නිවසේ නතර කර ඇති අතර එම දරුවා හෙට දින පරිවාර බාරයට යොමු කිරීමට නියමිතව තිබී ඇත. එසේ තිබියදී මියගිය සැකකරු,  දරුවා රඳවා සිටියදී නැන්දාගේ නිවෙසට ටී - 56 ගිනි අවියක් රැගෙන  අද පෙරවරුවේ ගොස්  අහසට වෙඩි තබා නිවැසියන් බිය ගන්වා නිවස තුළ සිටි එම දරුවා පැහැරගෙන ත්‍රීරෝද රථයෙන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි

එම සිද්ධියත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිසි කීපයකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අවට ප්‍රදේශ සිසාරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී පලාගිය එම සැකකරු අඟුරුවාතොට පොලිස් වසමේ වල්පිට බීඩි කොළ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී උඩුමහලේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වැටලූ බව ඇතැයි පොලිසිය කියයි

එහිදී සැකකාර නීලක නැමැත්තා පොලිස් නිලධාරීන්ට වෙඩි පිට වෙඩි එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි. ඔහු පැහැරගත් බව කියන දරුවා මේ වන විට හොරණ පොලිසිය බාරයේ සිටින බව ද පොලිසිය කියයි.

පොලිසිය එම ස්ථානයේ වට කිරීමත් සමඟම නිවසේ සිටි පුද්ගලයා එම නිවසින් පිටතට පැන තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (14)

අහසට වෙඩි තබා දරුවා පැහැරගත් පියා පොලිස් වෙඩි පහරින් මරුට

sharm warn Thursday, 17 February 2022 04:04 PM

අපරාධ රැසකට සම්බන්ධ නම් මැරෙන්න වෙඩි තියන්නේ නැතිව අඩපණ කරලා අල්ලගන්න එකන්ද කරන්න තිබුණේ..? පොලිසිය කියන්නේ යුද හමුදාවක් නෙවෙයි.. සාම හමුදාවක්... එයාලට සැකකරුවන්ට වෙඩි තබා මරන්න අයිතියක් නැහැ. මතක තියාගන්න ජිනීවාවල කට්ටිය මේවත් ගණන් තියාගන්නවා කියලා...

:       9       3

සමිත සේනක. Thursday, 17 February 2022 04:31 PM

රටේ අපරාධ කරමින්, ජනතා භීතිය ඇතිකරමින් සැරිසරන අපරාධකරුවන් හුරතල් කිරීමට පොලීසියට බැහැ. පොලීසියට පඩි ගෙවා ආයුධ දී සේවයට බඳවාගෙන තිබෙන්නේ, පොදු මහජන සේවය හා ආරක්ෂාව ඇතිකිරීම සඳහායි. මෙහිදී පොලීසිය සිදුකොට ඇත්තේ තමන්ගේ රාජකාරිය. එයට කාටවත් දොස් කියන්නට බැහැ.

:       3       5

fairoos Thursday, 17 February 2022 05:30 PM

පොලිසියෙන් වෙඩි තිබ්බොත් අනිවාර්යයෙන්ම පාතාල තමයි.. අපි දන්නවා ඔයාලගේ තියරි එක..

:       3       2

sarath Thursday, 17 February 2022 05:43 PM

මෙවැනි අයගේ පින්තූර දැමීමත් නොවටිනා දෙයකි.

:       0       2

කිරි පුතා Thursday, 17 February 2022 06:15 PM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. රටේ නීතියක් නැති ලෙසටයි ඔහු හැසුරුණේ. පොලිසියට ප්‍රණාමය...!

:       2       5

අගුපිලගේ Thursday, 17 February 2022 06:41 PM

අවි ගත්තෝ අවියෙන් නසිති. තමාගේ ආදරණීය බිරිඳගේ දෑත්, දෙපා කපා දැමූ මේ පාපතරයා දරුවෝත් අනාථකර මියයාමෙන් පසුව කල්ප ගණනක් සසරත් දිගුකර ගන්නවා ඇත..

:       0       2

කිරි පුතා Thursday, 17 February 2022 07:31 PM

මෙම දරුවාත් ඉතා පරිස්සමෙන් හැදිය යුතුයි. නැත්නම් අනාගතයේ තවත් මෙවන් සමාජ විරෝධී වැරදි කාරයෙකු විය හැකියි...

:       0       2

sampath Thursday, 17 February 2022 08:15 PM

තිරිසන් සතෙක් වුණත් තමන්ගේ පැටවුන්ට ආදරෙයි. මේ මනුස්සයාගේ මෝඩකමට දරුවා ගත්තු විදිහ වැරැදියි.

:       0       17

ලුම්බිණි Friday, 18 February 2022 04:09 AM

මේ වතාවේ පොලිසියේ නිලධාරියෙකුට සුළු තුවාලයක් වුණේ නැත්තේ මොකද?

:       2       1

sharm warn Friday, 18 February 2022 08:26 AM

ආ.. මේ පාර ආයුධ පෙන්නලා නැහැ. මේ මනුස්සයා මෙච්චර අපරාධ කරනකොට පොලිසියට අල්ලගන්න බැහැ. ශෙහාන් මාලක ප්‍රසිද්ධ රැස්වීමක කතා කරපුවාම සී.අයි.ඩී. මහත්වරු සුදුවෑන් වලින් පස්සෙන් එළවලා වට කරලා අල්ලගෙන කුදලාගෙන එන්න මොලේ තියෙනවා.

:       1       7

ගජමෑන් Friday, 18 February 2022 08:33 AM

අවුරුදු 24 වනවිට අවුරුදු හතක දරුවෙක් ඉන්නවා කියන්නේ කොහොම කෙනෙක්ද? හිතාගන්නත් අමාරුයි...

:       0       7

dhamneth Friday, 18 February 2022 12:49 PM

මෙහි සඳහන් වෙනවා... මොහු රිමාන්ඩ් භාරයේ සිටින කාලයේදී ඔහුගේ බිරිඳත්, අනියම් බිරිඳත් දෙන්නාම අනියම් සම්බන්ධතා ඇතිකරගත් බව. මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මිනිහෙක් හිරේ ගියා කියලා කාන්තාවකගේ ආසාවන් නැතිව යන්නේ නැහැ. හොඳ හැදියාවක් සහ හොඳ මානසික මට්ටමක් තිබෙන කාන්තාවන් පමණක් හැඟීම් පාලනය කරගෙන ඉන්නවා...

:       0       9

sharm warnFriday, 18 February 2022 04:37 PM

නෝනගෙයි, අනිත් නෝනගෙයි ගුණකථන කියන්න කළින් මෙයාව බලමුකෝ... වයස 24 වෙද්දී අවුරුදු 7ක දරුවෙක් ඉන්න, මොන වයසෙන් කසාද බඳින්න ඇද්ද? නෝනගේ වයස කීයක් වෙන්න ඇතිද ඒ වෙද්දී..? නෝනලා දෙන්නෙක් ඉන්න හොඳයි නම් නෝනලාට තව මහත්තයෙක් හිටියාම වැරැදි කියන්න එපා. අනුන් නිවැරැදි වෙන්න කළින් තමන් නිවැරැදි වෙන්න එපැයි...

:       0       6

Bunny Preena Saturday, 19 February 2022 11:28 AM

‘‘උඹත් නටාපිය... මාත් නටන්නම් බිණ්කුණ්ඩෝ බොල බිණ්කුණ්ඩෝ...“ සිංදුව මතක් වුණා..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 864 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 373 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 724 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 716 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 583 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1843 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site