IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අහෝ ! මැණීක් ගඟට ගිය කලක්

කතරගම සිද්ධස්ථාන වලටත් වඩා දිගු ඉතිහාසයක් ඇති සුන්දර මැණික් ගඟ අද විනාශ මුඛයට ලංව පවතී.

ඉන්දියාවේ ශූද්ධ වු ගංගා නම් නදිය මෙන් කතරගම මැණික් නදියද හින්දුන්ගෙත් බෞද්ධයින්ගෙත් ශූද්ධ වු පුජනීය වස්තුවක්වේ.

දෙවියන්  වැඳ පුදා ගැනීමට පෙර මැණික් ගඟට බැස දිය නා පිරිසිදු වෙන බැතිමතුන් විවිධ පුද පුජා තැබීමද අතීතයේ සිටම සිදු කරනුයේ මැණික් ගං ඉවුරේ සිටයි.

අද වන විට මැණික් ගඟ බැතිමතුන්ගේ පුජනීය වස්තුවක් නොව මීනිකන  කිඹුලන්ගේ පාරාදීසයකි. කැළි කසල පිරී ගඳ ගහන ජලතලයකි.

එදා තිබු සුදු වැලි අද දක්නට නොලැබේ. වෙනදා මැණික් ගඟට බැස දිය නෑ බැතිමතුන් අද දක්නට නැත.

කතරගම දෙවියන් වැඳීමට පැමිණි බැතිමතුන්ට අද මැණික් ගඟට බැසීමටවත් කිසිදු ආරාක්‍ෂාකාරි පඩිපෙළක් නොමැති අතර මැණික් ගං ඉවුරු කැඞී යෑම වැළක්වීම පිණිස අංක 01 පාළමේ සිට දෙවියන්ගේ පැන් ගන්නා තොටුපොළ දක්වා තිබු ආරක්‍ෂිත බැමි දක්නට නොලැබේ. සියල්ල කැඞී නටබුන් ලෙස දිස්වේ.

සුනාමියට හසු වු ගොඩනැගිළි කැඩී ගියා මෙන් ගං ඉවුරු ආරක්‍ෂාවීම පිණිස තිබු දැවැන්ත බැමි කැඞී ගොස් ඉවුරු සෝදා පාලූ වු ස්ථාන රැසක් දැකිය හැකිය. නිතර ඔරු පාරු යන අයුරින් ජලයේ එහා මෙහා පිනා යන කිඹුලන් මැණික් ගඟේ දැකීමේ සුලභ දසුන්  බවට පත්ව තිබේ.

මැණික් ගඟට මෙම විපත් සිදුවීම මුලින්ම ආරම්භ වුයේ 2012 වර්ෂයේ දි කතරගම සිට ප‍්‍රබලයකුගේ ආරක්‍ෂකයින් පිරිසක් විසින් මැණික් ගඟ පිරිසිදු කරන විට දී අංක 02 පාළම අසල තිබු හරස් කොන්ක‍්‍රීට් බැම්ම කඩා දැමීමේ ප‍්‍රතිඵලයක් මතයි.  මෙම දැවැන්ත බැම්ම නිසා ගගේ වැලි එකතු වී වළවල් ගොඩ වු අතර බැතිමතුන්ට දිය නැ හැකි පරිදි ගං ඉවුරුද ස්වාභාවිකව සැදි ගිය අතර කිඹුලන් ගැවසෙන වළවල් දැක ගත නොහැකිවිය.

මෙම බැම්ම කඩා දැමිමේන් පසුව ගඟේ ජලය වේගයෙන් පහළ ට ගලා ගෙන යෑම මත ආරක්‍ෂාවට තිබු බැමි කැඞී ගොස් ගං පතුලේ වැලි පහළට ගොස් ගල් මතුවීම සිදුවිය. දැවැන්ත වළවල් සැදීම මත කිඹුලන්ට අවශ්‍ය වළවල් මේ වනවිට සැදී ඇති අතර මෙම හේතු මත මෙවර ඇසළ පෙරහර අවසන් වී සිදු කරන ලබු දිය කැපීමේ මංගල්‍ය ද මෙවර වෙනදා සිදු කළ ස්ථානයට යාමට ජලය ගැඹුර වු හෙයින් වෙනත් ස්ථානයක සිදු කිරීමට කපු මහතුන්ට සිදුවිය.

වෙනදා මැණික් ගඟේ සුදු වැල්ලේ තිබු කාවාඩි මඩු වසර 03 ක් සිට නගරයේ ස්ථානයක සිට පවත්වාගෙන යාමට කවාඩි කර්මාන්තයේ නිරත වන්නන්ට සිදුවිය.

ඌවේ නමුණුකුළ කන්දෙන් ආරම්භ වන මැණික් ගඟ  කිලෝ මිටර් 160 ක් දුර ගෙවා ගොස් මුහුදට වැටී අවසන්වේ.ශුද්ධ වු ජලය ඇති ගංගාවක් ලෙස මැණික් ගඟ සැළකේ. කතරගම දේවාලයේ දෙවියන්ගේ පුජාව සඳහා ද අෂ්ඨ ඵළ බෝධියේ නානමුරය සඳහා ද ජලය ලබා ගන්නා මැණික් ගඟ ඉහත අතීතයේ දී කිසිදු අයකු නිවාස තැනීමක් හෝ දිය නෑමක් සිදු නොකළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. අද වර්ථමානයේ ගඟ උඩ කොටස තුල රෙස්ට් හවුස් පවා සාදවා ඇති අයුරු දැකිය හැකිය.

දේවාලයේ චාරිත‍්‍ර මුල් කර ගනිමින්  මැණික් ගඟටද තොටුපොළවල් නම් කර ඇත. රේදි සෝදන ස්ථානය , දෙවියන්ලේ වී සහල් කොටා දහයියා ටික නොපෑගීම සඳහා මැණික් ගඟට දැමු ස්ථානය යන නම් වලින් සඳහන් වේ.

අතීතයේ දි කප්පකන්දර නදි ලෙසත් කප්පකන්දර ඔයපරානදිය. ලෙසත් මැණික් ගඟ හැඳින් වු අතර මැණික් ගඟ හා සම්බන්ධ ජනප‍්‍රවාද රසකථා රැසක් පවතී.

කතරගම දේවාලය කිරිවෙහෙර අෂ්ඨ ඵළබෝධිය හා සමානව ඓතිහාසිකත්වයෙන් බැතිමතුන්ගේ පිදුම් ලබන උතුම් මැණික් ගං නදිය මුල් කරගෙන කඳ කුමරුවන් හා වල්ලි දේවගනගේ විවාහ මංගල්‍ය සිදු වු බව ජනප‍්‍රවාදයන් හි සඳහන් වේ. කතරගම දෙවියන් හා දුටුගැමුණු රජතුමා මුණ ගැසුණු ස්ථානයද වන්නේ කතරගම මැණික් ගඟ වීම වැනි විශේෂ අවස්ථා රැසක් සිදු වී ඇත්තේ මැණික් ගඟ මුල් කරගෙනයි.

8[1] 9[1] 10[1] 12[1] 13[1] 15[1] 16[1] IMG_1745[1]



අදහස් (0)

අහෝ ! මැණීක් ගඟට ගිය කලක්

ජයනාත් Thursday, 03 September 2015 03:11 PM

කතරගම දේවප්‍රිය මහතාට ස්තුතිය ... ඉතින් ඔය දේවාලයට ලැබෙන කෝටි ගණනක මුදල් (චෙක් නොවේ ) වලින් අංක 02 පාළම අසල තිබු හරස් කොන්ක‍්‍රීට් බැම්ම හදාගන්න බැරිද ආණ්ඩුවටම දඩේ ගහන්න අහන්නේ..? සාක්කි තියනවානම් ඔය කියන ප්‍රබලයා හා ආරක්ෂකයන් ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්නේ,කවුද මේවා කඩන්න අනුමැතිය දුන් නිලධාරීන් ගැන හෙම වටේ යන්නේ නැතුව. (අ)

:       0       0

සම්සෝන් Thursday, 03 September 2015 10:04 AM

අපේ මිනිසුන්ට පරිසරය ගැන කිසිම හැගීමක් නැහැ. රජයෙන් මේ පිලිබඳව විශේෂ දැනුවත් කිරීමක් නොකළොත්, රටටම මහා වියසනයක් මේ තුළින් විය හැකියි. පසුගිය රජයෙන් මේ ගැන විශේෂ උනන්දුවක් දැක්කුවා, නමුත් දැන්නම්, හැම තැනම අපිරිසිදු වේගන එන්නේ. (ම)

:       0       0

සුනිල් Thursday, 03 September 2015 10:13 AM

සත්තු නොවෙයිනේ මේවා කරන්නේ .මිනිස්සුම තමයි ඒ කියන්නේ කිසිම හැදියාවක් නැහැ අපේ අයට (ම)

:       0       0

නවන් Thursday, 03 September 2015 10:35 AM

දෙවියෝ පස්සේ ගියාට මොළේ එන්නේ නැහැනේ! (ම)

:       0       0

සමූලී Thursday, 03 September 2015 10:37 AM

කතරගම ඔය වැඩෙත් නවනත්වන්න ඕනා.(ම)

:       0       0

ලක්ෂ්මන් Thursday, 03 September 2015 12:39 PM

කතරගම කේ.ඩී. දේවප්‍රියට ස්තුතියි. නිසි කටයුතු කරන්නට බලධාරින්ගේ දෙනුවන් ඇරේවා! (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 03 September 2015 01:38 PM

දේවපි‍්‍රය මහතා කර ඇති සමාජ මෙහෙවර අගය කරමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 753 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 672 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 946 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 198 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1150 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site