IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අළුත්ගමට පැරීසියෙත් විරෝධයක්

අලුත්ගම හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනිදා ඇති වු ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව එරෙහිව ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව පැරීසියේ අයිෆල් කුළුන අසල විරෝධතාවයක් පැවැත් වුහ.

 සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වූ රටක මෙම මැර ක‍්‍රියාවන් කරන පිරිස් නීතියේ ඉදිරියට කැඳවන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ සංවිධායකයෝ කීහ.

ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ උද්ඝෝෂණයට එක් වුහ.

 

 

 

 

 

 



අදහස් (0)

අළුත්ගමට පැරීසියෙත් විරෝධයක්

තිලංක Tuesday, 24 June 2014 10:12 AM

සියලු දෙනාට සමගියන් එකට සිටීමට අවශ්‍ය පරිසරය සැකසීමේ වගකීම රජය පැහර හැරීම, අන්තවාදී සංවිධාන වලට හිතු මතයට ක්‍රියාකිරීමට ඉඩ දීම මත ඇතිවූ ප්‍රශ්නයක්. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 24 June 2014 05:36 PM

සාමකාමී ජනයා තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරද්දී ඒකත් ද්‍රෝහිකමක් විදියට දකින අය ඉන්නවනේ? (අ)

:       0       0

රකිත් Tuesday, 24 June 2014 10:16 AM

අලුත්ගම සිදුවීම් කිසිවක් අනුමත නොකරමි. හැබැයි, පැරිසියේ සිටින අපේ මුස්ලිම් සහෝදරවරුන්ට ප්‍රශ්නයක් වුනේ නැද්ද? මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කිරීමට විරුද්ධව ඒ රටේ නීති සම්පාදනය කරන කොට. එතකොටත්, මේ වගේ විරෝධතා පැවැත්වුවාද? තවමත්, මව් රටේ එවැනි තහනම් පනවා නැත. (ස)

:       0       0

රන්ජිත් කුලතුංග ට්‍රයිකෝ Thursday, 26 June 2014 09:02 PM

උත්තරා බණ්ඩාර මහත්මිය කිව්වා වාගේ . අතිතෙයේ සිටම අපේම රට පවා දෙන්නෙත් රට අස්ථාවර කරන්නෙත් මේ ජේ වී පි කාරයන් සහ කඩන ගිය පෙරටුගාමින් බලමුකෝ ලබන වර ඡන්දෙ ඔවුන්ට ලැබෙන්නේ කෙසේද කියා ? (අ)

:       0       0

මහින්ද Monday, 23 June 2014 10:30 PM

මිනිසුනේ, රැවටෙන්න එපා. (නි)

:       0       0

ජගත් Tuesday, 24 June 2014 10:49 AM

රකිත්, හරියට හරි, කෝ උත්තර? (ස)

:       0       0

මහින්ද Monday, 23 June 2014 10:43 PM

හෙට්ටිඅරචිගේ ජාතිආලේ රෙද්ද පල්ලෙන් බේරෙනවා . පව් අනේ (මුදී)

:       0       0

අමිත් Monday, 23 June 2014 10:44 PM

වහාබ් ත්‍රස්තවාදීන් හා අන්තවාදී මද්‍රාසා පාසල් මේ රටින් ඉවත් කරන්න දැන්වත් රජය පියවර ගන්න ඕනා. නැත්නම් තව අවුරුදු 10ක් යන්න කලින් මේ රට ලේවිලක් වෙනවා සිකුරුයි. (මුදී)

:       0       0

හැරුණ Tuesday, 24 June 2014 11:19 AM

මෙතැන බොර දියේ අයත් ඉන්නවාවගෙයි (දී)

:       0       0

අබීත Monday, 23 June 2014 11:09 PM

මොන රටේ සිටියත්, කුලී වැඩ කළත් පිටරටවල මිනිසුන් බුද්ධිමත් කියලා මට හිතෙනවා. (නි)

:       0       0

කල්හාර Monday, 23 June 2014 11:21 PM

පළමුව ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 24 June 2014 11:48 AM

සල්ලි තියන අය හැමදාම දුප්පත්, බලේ ඉන්න උදවිය හැමදාම උම්මත්. පන්සිල් පද පහ සල්ලි වලට ගන්න බැහැ, ණයට නිවන් යන්න බැහැ. (ස)

:       0       0

සිරිසේන Monday, 23 June 2014 11:32 PM

බොහෝ දෙනා අද සිදුවන දේ ගැන හරි තොරතුරක් නොසොයා එක කණ්ඩායමකට දොස්පැවරීම මේ කාර්යයන් සංවිධානය කරන අයට ලොකු රුකුලක්. (නි)

:       0       0

හසන්ත Monday, 23 June 2014 11:36 PM

දැන් මේ ප්‍රශ්නය අවසන්නේ. මොකටද තවත් මේවා? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 June 2014 11:37 PM

අනේ! එහේ ඕනෑ දෙයක් කරගන්න. අපිට කමක් නැහැ (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 June 2014 12:12 PM

මෙයාල හිතාගෙන ඉන්නේ මෙයාල සුද්දවන්තයෝ කියල. (ස)

:       0       0

නිර්මාල් Monday, 23 June 2014 11:38 PM

දැන්නම් මුලු ලෝකයම වගේ මේ ගැන දන්නවා ඇති (නි)

:       0       0

ක්‍රිෂ් Monday, 23 June 2014 11:39 PM

මොන රස්සාවක් කළද නිදහස,සහෝදරත්වය මේ රටවල තිබේ (නි)

:       0       0

වීරසිංහ Monday, 23 June 2014 11:41 PM

මෙතන හැම පක්ෂයකම අය ඉන්නත් පුලුවන් (නි)

:       0       0

මාගලී Monday, 23 June 2014 11:42 PM

හෙට්ටිආරච්චි මහතා හොඳට දන්නවා වගෙයි ඉන්න කට්ටිය ගැන (නි)

:       0       0

දිනා Wednesday, 25 June 2014 08:52 PM

විරෝධය පල කරන්න එපා. අපි හැමෝම එක මවකගේ දරුවෝ (දී)

:       0       0

පුෂ්පා Monday, 23 June 2014 11:44 PM

හෙට්ටිආරච්චි, අදහස් දක්වන්නට පෙර ටිකක් හිතුවොත් නේද හොඳ? (නි)

:       0       0

විකුම් Tuesday, 24 June 2014 12:22 PM

විනීත, ඇයි ඔයාගෙත් බඩ දඟලනවද? හුලන් පාරෙන් නම් දැනෙන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙක් කියලයි. (ස)

:       0       0

මාර්ක් Tuesday, 24 June 2014 12:22 PM

ජීවිත හානි දේපොළ හානි ඒගැන හිතන්න. අවුරුදු ගානක් දුක්විදල හදා ගත් දේවල් නුගත් මිනිස්සු විනාස කලා. ඒ දුක ඒ අයට තියේවි. (ස)

:       0       0

වීරසිංහ Monday, 23 June 2014 11:45 PM

අනිත් මිනිසුන් ගැන පහත් විදියට කතා කරන හෙට්ටිඅාරච්චිගේ ගතිගුණ, උගත්කම ගැන හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

චින්තක Tuesday, 24 June 2014 12:39 PM

ප්‍රණාමය (ස)

:       0       0

රොකී Tuesday, 24 June 2014 12:23 AM

මම නම් මේ දේවල් වලට විරුද්ධයි (නි)

:       0       0

පුෂ්පසිරි පැරිස් Tuesday, 24 June 2014 12:26 AM

මෙතන සිටිනා අයගෙන් ගොඩක් දෙනා මම හොඳට දන්නා අයයි (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 24 June 2014 12:38 AM

හෙට්ටිඅාරච්චි , ඔබ හරියට හ‍රි. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 24 June 2014 12:41 AM

කවුරුවත් මේ ප්‍රශ්නයේ මූලාරම්භය ගැන කතා කරන්නේ නැහැ (නි)

:       0       0

බුද්ධික Tuesday, 24 June 2014 12:50 PM

මේ 21 වෙනි සියවස අප සිතිය යුත්තේ ජාතීන් අනුව නොව මිනිසුන් වශයනි. බුදුන් කාලාම දේශනාවේ දෙසු පරිදි අපි කාගෙවත් අතකොලු නොවිය යුතුය. වැරදී දෙය හා නිවැරදි දෙය තමාට අනුව සිතිය යුතුය. අන්තවාදීන් අප රටේ ඇති බව සැබෑය. නමුත් එයට ගහ මරාගෙන විසඳුම් සෙවිය යුත්තේ මිනිසුන්ගේ මනසට කතා කිරිමෙන්ය. දෙවියන් වහන්සේ කිව්වත් අල්ලාහ් දෙවියන් කිව්වත් 21 වන සියවසේ සිටින අපි නිවැරදි දේ තේරුම් ගතු යුතු වේ. දෙවියන්ගේ නාමයෙන් හෝ ජාතියේ නාමයෙන් මිනිසෙකුට තවත් ඝාතනයක් කල නොහැකි වෙයි. සිතන්න මිනිසුනේ අප හැමෝගෙම ඇගේ දුවන්නේ රතුපාට ලේ. එ්කේ මුස්ලිම් සිංහල, හින්දු, ක්‍රිස්තියානි කියා බේදයක් නැහැ. අද බලන්න ඉරාකේ තියෙන යුද්ධය එකම ආගමක අය දෙපැත්තේ ගහ මරා ගන්නවා. දෙවියන් වෙනුවෙන් ඇයි නොපෙනෙන දෙවියෙකුට මේ ලෝක පාලනය දීල තමන්ගේම සහෝදරයන්ව මරාගන්නේ. ආතර් සී ක්ලාර්ක් මහතා කිව්වා 2050 වෙද්දී ඔය දැනට ලෝකේ තියෙන ඔක්කොම ආගම් නැතිවෙනවා කියා. බලන්න මේ දේවල් වෙනකොට නිවැරදිව ආගම අදහන අයටත් එපා වෙන්නේ නැද්ද කියා. මම හැදුනොත් අපි හැදෙනවා. අපි හැදුනොත් රට හැදෙනවා. රට හැදුනොත් ලෝකේත් හැදේවී. අපි පටන්ගමු සාමකාමී දේශය සැමටම සමස සේ නිදහසේ ජීවත් විය හැකියි.(නදී)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 24 June 2014 12:48 AM

මිනිසුනි, බුද්ධිමත්ව සිතන්න (නි)

:       0       0

ජයන්ත Tuesday, 24 June 2014 12:48 AM

ඇයි ඔයාලත් මෙහෙම දේකට සම්මාදම් වුණේ? (නි)

:       0       0

සේරම් ෆ්‍රාන්ස් Friday, 27 June 2014 12:41 AM

මෙපමණ කලක් ප්‍රංශයේ අපි ලාංකික මුස්ලිම් සහ සිංහල අය සිටියේ එකම පවුලක සහෝදරයන් මෙනි. ලංකාවේ සිද්ධීන් අපි ප්‍රංශයට ගාවාගත්තේ නැහැ. එහෙත් මෙම සිද්ධිය නිසා එයට කළු පැල්ලමක් එක්වුණා. (නි)

:       0       0

සේරම් Tuesday, 24 June 2014 01:11 AM

කමක් නැහැ. මෙය සාමකාමී උද්ඝෝෂණයක්නේ (නි)

:       0       0

ශීලා Tuesday, 24 June 2014 01:12 AM

සාමකාමී ජනයා තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරද්දී ඒකත් ද්‍රෝහිකමක් විදියට දකින අය ඉන්නවනේ? (නි)

:       0       0

ගලගෙදර Tuesday, 24 June 2014 01:02 PM

මෙරට සිටින සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය දෙයක් නම් නොවෙයි මේ. කාගේ හෝ උවමනාවකට කඩේ යන පිරිසක් නිසා සාමයෙන් සතුටින් සමගියෙන් ඉන්න මිනිස්සුන්ටත් ඉන්න විදිහක් නැති කරන අනවශ්‍ය වැඩක් මේක. එල් ටී ටී සංවිධානයට අවශ්‍ය පරිසරයක් ලංකාවේ නිර්මාණය කරන්න දඟලන බව නම් පේනවා. ජීවත්වෙන සුළු කාලේ නොමැරෙන මිනිසුන් වගේ හැසිරෙන්නේ නැතිව සියලු දෙනාම සමගිව ජීවත් උනොත් හොඳයි නේද ? (ස)

:       0       0

රන්ජිත් Tuesday, 24 June 2014 01:14 AM

හෙට්ටිආරච්චි මහත්තයෝ, මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

විනීතා Tuesday, 24 June 2014 01:16 AM

විකුම්, මහින්ද, මෝඩ කතා නොකියා අලුත්ගම ඇත්තටම සිදුවූ දේ ගැන සොයා බලා කතා කළොත් හොඳයි. (නි)

:       0       0

රොමේෂ් Tuesday, 24 June 2014 01:26 AM

හෙට්ටිආරච්චි, මට ආසයි ඔබ හමුවන්න... (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 24 June 2014 01:37 AM

අපි අවුරුදු 30ක් දුක් වින්ඳා. සියලු ශ්‍රී ලාංකිකයිනි , දැන්වත් සන්සුන් වෙන්න, සාමකාමී වෙන්න, සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ....මේ ඔක්කොම අප රටවැසියෝ. විනාශ වෙන්නේ ලාංකික ජිවිත හා දේපලයි. (නි)

:       0       0

රාසික් කටාර් Tuesday, 24 June 2014 01:38 AM

රට තුළ සිද්ධ වෙන ප්‍රශ්න මුලු ලෝකෙටම පෙන්වලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

වජිර Tuesday, 24 June 2014 01:47 AM

‍එහෙම තමයි රටට ආදරයක් ඇති අය (නි)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 24 June 2014 01:48 AM

පළමුව සිද්ධිය හොඳින් සොයාබලන්න (නි)

:       0       0

ප්‍රේමචන්ද්‍ර Saturday, 28 June 2014 02:01 AM

ලෝකේ මිනිස්සු ඇස් කන් අරගෙන මේවා දිහා බලාගෙන ඉන්නේ (දී)

:       0       0

එරංග Tuesday, 24 June 2014 02:27 AM

මෙහෙම කෑගහනකොට ඒකෙන් අප‍ේ රටටම නේද නරක? (නි)

:       0       0

තිවංක Tuesday, 24 June 2014 01:24 PM

ප්‍රංශ භාෂාවෙන් ලියල තියෙන බැනර් එකේ තියෙන්නෙ එහෙ ජනාධිපතිගෙන් ඉල්ලවා ලංකාවේ මානව හිමිකම් රකින්න උදව් කරන්න කියලා. අනේ මන්ද මට පේන හැටියට නම් මේ මිනිස්සුන්ටත් ඕන වෙලා තියෙන්නෙ ජිනිවා පරීක්ෂණ වලට උදව්වක් දෙන්න. මෙයාලත් දෙමළ ඩයස්පෝරාවේ වැඩේ පටන් අරන් වගේ (නදී)

:       0       0

සම්පත් Tuesday, 24 June 2014 02:33 AM

විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන දැන් මෝස්තරයක් වගේ වෙලා (නි)

:       0       0

සුනිල් පෙරේරා පැරිස් Tuesday, 24 June 2014 02:38 AM

මේ දේශප්‍රේමී ජනතාවට ලංකාව ගැන මතක්වීම ගැන සතුටුයි (නි)

:       0       0

බවර් Tuesday, 24 June 2014 03:28 AM

හරකා පසුපස එන කරත්ත රෝදය වගේ කළ කළ දේ පළ පළ දෙයි (නි)

:       0       0

ඉසුරු පැරිස් Tuesday, 24 June 2014 03:30 AM

උඩ පැන්නොත් බිම වැටෙයි, බලාගෙනයි හො‍ඳේ (නි)

:       0       0

වීරසිරි Tuesday, 24 June 2014 03:34 AM

විරෝධතා දැක්වීමේ අයිතිය කාටත් තිබෙනවා (නි)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 01:49 PM

රකිත් ජගත් ඒ උනත් ඒවාට එයාල තාම සටන් කරනවා. එත් මෙහෙ වගේ එයාලගේ ජීවිත දේපල වලට හානි කලේ නැහැ. ඒ නිසා මිනිස්සු රජයට හිස නමනවා. උගත් බුද්ධියක් ඇති මිනිස්සු. මේ වගේ නැහැදිච්ච වැඩ කරන්නෙ නැහැ. සාමකාමීව ප්‍රශ්න විසඳා ගන්නවා. (ස)

:       0       0

යූස්රි Tuesday, 24 June 2014 03:38 AM

මොනවගේ අදහසක් දක්වනවාද කියා සිතාගන්න අපහසුයි (නි)

:       0       0

විදුරන්ග Tuesday, 24 June 2014 03:42 AM

රට ගැන කැක්කුමක් ඇති මිනිසුන් ඇත්තෙන්ම රටට ආදරෙයි (නි)

:       0       0

මලීන් Monday, 23 June 2014 06:39 PM

දැන්නම් මේවා හොඳටම ඇති වෙලා (නි)

:       0       0

එමිල් Tuesday, 24 June 2014 03:53 AM

දැන් රට රටවලත් මේ ගැන හොඳින් දන්නවා. අලුත්ගම සිද්ධියෙන් රටට වුණේ ලොකු අවමානයක් (නි)

:       0       0

ශානක Tuesday, 24 June 2014 04:13 AM

මෙතන අදහස් පළකරද්දී නුවණින් සිතා බලා පළකරන්න. (නි)

:       0       0

දුලා Wednesday, 25 June 2014 11:10 PM

මෙතන අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාත්ඉන්නවා නේද (පින්තුරේ හරි) (දී)

:       0       0

සන්ධ්‍යා Monday, 23 June 2014 06:42 PM

ප්‍රශ්න සමථයකට පත්කිරීම වෙනුවට මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

යසිරු Tuesday, 24 June 2014 04:43 AM

අපි දැන් සාමකාමීව වෙසෙමු (නි)

:       0       0

හේරත් Tuesday, 24 June 2014 04:56 AM

දැන්නම් මේ විරෝධතා හොඳටම ඇති (නි)

:       0       0

අනූ Tuesday, 24 June 2014 02:25 PM

රකිත් ඔබ නම් සැබෑම බුද්ධිමතෙක් ඔබ කොහේ ගියත් නියම ශ්‍රි ලාංකිකයෙකු ලෙස ජිවත් වේවි. (ස)

:       0       0

විමල් Tuesday, 24 June 2014 05:36 AM

මොනවා කළත් කමක් නැහැ, රටේ නමට හානියක් නොකර (නි)

:       0       0

කේශාන් Monday, 23 June 2014 06:58 PM

අපි සියල්ලන්ම එකම රටේ මිනිසුන් නේද? (නි)

:       0       0

ලංකා Tuesday, 24 June 2014 02:34 PM

ඔබලා සැමගේ පින්තුර අපි ඉතා ආරක්ෂාව ඇතුව තබා තියෙන්නේ. ලංකාවේ ද්විත්ව පුරවැසි බාවයේදී මේවා බොහෝ වැදගත් . ගෙදර ගින්දර පිට ගිනියන අය ගෙදරත් ගිනි තබා පිටත් ගිනි තියනවා (නදී)

:       0       0

රොෂාන් Tuesday, 24 June 2014 05:48 AM

ඇත්ත. මේ දේවල් වලින් වෙන්නේ රටේ ප්‍රශ්න තව තවත් පිටට යන එකයි (නි)

:       0       0

මාකාවිට පැරිස් Wednesday, 25 June 2014 05:37 PM

මට නම් මුස්ලිම් දෙමල සිංහල හෝ බෞද්ද හින්දු ඉස්ලාම් කියල බේදයක් නෙහෙ . හෙමෝම යාළුවො සහෝදර සහෝදරියෝ (අ)

:       0       0

ගෆුර් සිද්දික් Thursday, 26 June 2014 12:41 PM

මෙම සිද්ධිය ඉතා යහපත් ප්‍රතිපලයක් ප්‍රන්සයේ සිටිනා විසා නොමැති ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන්ට . ලංකාවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව සිංහල ජාතිය සටන් වැදිලා , ගෙවල් ගිනි තියනවා මරනවා කියලා . සරණාගත විසා ගැනීමට . මෙතන සිටින බොහොමයක් මගේ මිතුරන් වුවත් මම මෙය අනුමත නොකරමි . ලාංකිකයෙක් ලෙසට. (ස)

:       0       0

සැම්සන් Thursday, 26 June 2014 05:40 PM

ලංකාව දිහා ලෝකෙම බලා ඉන්නවා කියලා දැන්වත් තේරෙනවද (දී)

:       0       0

ප්‍රියංක Monday, 23 June 2014 07:20 PM

මේ දේවල් වලින් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

බිමල් Tuesday, 24 June 2014 02:44 PM

මොනවාද මේ වෙන්නේ ? අපේ රටේ බහුතරයක් ජාතිවාදීන් නෙවෙයි යන පණිවිඩය සැමටම දෙන්නයි අපි උත්සහ කරන්නේ. රටේ නම කැත වෙන්න ඉඩ තියන්න බැහැනේ. මේ උදවිය කිලිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා. දැන් මේකම ඇති සමහර උදවියට පිටරට වලින් සරණාගත තත්ත්වය මත රැකවරණ ඉල්ලාගන්න හේතුවක් කර ගන්න. (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 24 June 2014 02:45 PM

ප්‍රන්සයේ බටහිර ජාතින් මේ අය දිහා බලන්නේ නිතරම ත්‍රස්තවාදීන් හැටියටයි (නදී)

:       0       0

හිරාන් Monday, 23 June 2014 07:28 PM

අනවශ්‍ය ගැටුම් ඇතිකරගන්න නම් එපා. ජාත්‍යන්තරය අපි දෙස බලාගෙනයි සිටින්නේ (නි)

:       0       0

මිනෝලි Monday, 23 June 2014 07:29 PM

මේ වෙලාවේ අපි සියල්ලන්ම එක්ව සිටීම නොවේද වැදගත් වෙන්නේ? (නි)

:       0       0

සුරාජ් Tuesday, 24 June 2014 07:09 AM

මේ සිද්ධියෙන් දේශපාලන වාසි ගැනීම නම් බොහොම වැරදියි (නි)

:       0       0

ගයාන් Monday, 23 June 2014 07:34 PM

අදහසක් දක්වන්න අමාරුයි. මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)

:       0       0

සංඛ Monday, 23 June 2014 07:37 PM

මොන දේ කළත් කමක් නැහැ, ගැටුම් නම් ඇතිකරගන්න එපා (නි)

:       0       0

පුන්සර Tuesday, 24 June 2014 07:30 AM

ප්‍රශ්නයේ එක පැත්තක් විතරක් බලලා හරියන්නෙ නැහැ (නි)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Wednesday, 25 June 2014 12:53 PM

මෙම ප්‍රංශයේ ඇති කල උද්ගෝෂණ මුස්ලිම් අය කරා නම් එය ඔවුන්ගේ පැත්තෙන් සාදාරන කියා සිතන්නට පුළුවන්. මොකද ජිවත් වන්නේ ප්‍රංශයේ නිසා. සැබෑ සිදුවීම් ඔවුන් නොදන්නවා විය හැක. එහෙත් මට පුදුමයක් දනවන්නේ අපේම සිංහල කොටසක් ජේ වී පි සහ ඔවුන්ගෙන් කඩාගෙන ගිය පිරිසක් වන පෙරටුගාමින් තමන්ගේ රට ජාතිය පිටරටකට ගොස් තමන්ගේ රට ජාතියට කරන අවමානය ගැනයි.(නදී)

:       0       0

සිරිසේන Monday, 23 June 2014 07:51 PM

මිනිසුන්ගේ ඇත්ත ඇති සැටියෙන් හඳුනා ගන්න මෙන්න හොඳ අවස්ථාවක්.!!! (නි)

:       0       0

රනිල් Tuesday, 24 June 2014 07:39 AM

මේවාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

පද්මා Tuesday, 24 June 2014 07:43 AM

මේවා අනුමත කරන්න බැහැ (දී)

:       0       0

මාලක Tuesday, 24 June 2014 07:45 AM

අතීතය සිහිනයක් පමණයි (දී)

:       0       0

සනා Tuesday, 24 June 2014 07:50 AM

සමගියෙන් ඉන්න (දී)

:       0       0

රුවන් Monday, 23 June 2014 08:09 PM

ඡන්දය දුන් අපිට දැන්මම කළගුණ සළකන විදිය දැක්කහම හරිම දුකයි (නි)

:       0       0

ජනක Tuesday, 24 June 2014 03:14 PM

රතික් ඔබ හරි, පැරිසියේ සිටින අපේ සහෝදරවරුන්ට ලංකාව විතරද ප්‍රස්නේ එහෙ ඕනිම දෙයක් කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

ලංකා Tuesday, 24 June 2014 08:06 AM

දැන් ඉවරයි නැවත අවශ්‍ය නැහැ (දී)

:       0       0

හුසේන් Monday, 23 June 2014 08:11 PM

අපේ රට අනෙක් රටවල් ඉදිරියේ විහිලුවක් කරන්න එපා (නි)

:       0       0

අබ්දීන් Monday, 23 June 2014 08:11 PM

මින් අපකීර්තියට පත්වන්නේ තම මාතෘ භූමිය නොවේද​? (නි)

:       0       0

පියසේන Monday, 23 June 2014 08:11 PM

අපි හැමෝම සමගියෙන් සිටිමු. ඇයි සමහරුන්ට එහෙම ඉන්න බැරි? (නි)

:       0       0

සදුන් Monday, 23 June 2014 08:15 PM

එංගලන්තය, ප්‍රංශය වගේ ගොඩක් බටහිර රටවල් දැන් ඇත්ත තේරුම් අරගෙනයි ඉන්නේ (නි)

:       0       0

තරිදු Monday, 23 June 2014 08:27 PM

තවත් ප්‍රශ්න ඇතිකරගන්න එපා (නි)

:       0       0

චන්දන Tuesday, 24 June 2014 08:42 AM

කාට කියන්නද මේ දුක (දී)

:       0       0

නිම්සර Monday, 23 June 2014 08:37 PM

කලබල ඇතිකර ගන්න එපා (නි)

:       0       0

නාලක Tuesday, 24 June 2014 03:37 PM

ඇත්තටටම උනේ මොකද්ද කියල දැන ගත්තට පස්සෙත් ලජ්ජා නැතුව මෙයාල උද්ඝෝෂණ කරනවනේ. ජවිපෙ හිතාගෙන ඇති මේවට ගියාම එයාලට මුස්ලිම් අය ඡන්දෙ දෙයි කියලා. පව් නේද එයාල කොහොමත් එයාල ඉස්සර ඉඳන්ම හවුල් උනේ රට විනාස කරන වැඩ වලටමනේ (නදී)

:       0       0

තක්ෂිලා Monday, 23 June 2014 08:40 PM

රටට ආදරේ ඇති මෝඩ මිනිස්සු....දන්නා දෙයකුත් නැහැ ෆ්රන්චේ ඉදන් බොරුවට දගලනවා (අ)

:       0       0

ගිහාන් Monday, 23 June 2014 08:42 PM

අපි වහගන්න හදන දේ මේගොල්ල ලෝකෙට හිතාමතාම පෙන්වනවා වගේ. (අ)

:       0       0

සමන්ති Monday, 23 June 2014 08:42 PM

මේ ගැටුමට මුල සිදුවූ දෙය පිලිබඳ ජනතාව දැනුමත් කරන්න . (අ)

:       0       0

ෆාතිමා Tuesday, 24 June 2014 08:59 AM

පිල්ලේට හොද පුවතක් (දී)

:       0       0

සම්පත් Tuesday, 24 June 2014 09:04 AM

විරෝධ පාඨ ගොඩක් බිම හැලිලානේ. (දී)

:       0       0

ලිහිණි Tuesday, 24 June 2014 09:05 AM

අනුමත කරන්න බැහැ ලංකාව ගැන මිනිස්සුන්ට යන්නේ වැරදි ආකල්පයක් (දී)

:       0       0

එරංග Tuesday, 24 June 2014 09:08 AM

කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ (දී)

:       0       0

ජනක Tuesday, 24 June 2014 09:12 AM

උත්ගෝෂණය කරන්න එපා (දී)

:       0       0

නිවන්ත Monday, 23 June 2014 09:12 PM

බුද්ධිමත්ව, කල්පනාවෙන් වැඩ කරන්න (නි)

:       0       0

ලක්මාල් Tuesday, 24 June 2014 09:28 AM

සමගිය වෙනුවෙන් කතා කරන්න (දී)

:       0       0

රමණි Monday, 23 June 2014 09:21 PM

උඩ බලාගෙන කෙළ ගහගන්න එපා (නි)

:       0       0

වංශ Tuesday, 24 June 2014 09:31 AM

රට ඉඳන් හු කියන්නතුව මෙහෙ ඇවිත් සමගිය,සමාදානය ඇති කරන්න (දී)

:       0       0

රවිඳු Thursday, 26 June 2014 07:41 AM

මිනිසුන්ට හිතන්න දෙයක් තියෙනවා මෙහි (දී)

:       0       0

මලිති Monday, 23 June 2014 09:25 PM

මේවා තේරුමක් නැති වැඩ. සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සෙවිය හැකියි (නි)

:       0       0

සරත් Monday, 23 June 2014 09:26 PM

පළමුව දෙගොල්ලන්ගේම වැරදි හදාගන්න, අනුන්ට ඇඟිල්ල දිගුකරන්නේ නැතුව (නි)

:       0       0

අසංක Tuesday, 24 June 2014 09:33 AM

නිකන් ප්‍රශ්න ඇති කරන්න එපා (දී)

:       0       0

රංග Tuesday, 24 June 2014 09:37 AM

නැති ප්‍රශ්නයක්නේ ඇති කලේ බොරුවට (දී)

:       0       0

ෆාතිමා Monday, 23 June 2014 09:31 PM

මුලික අරමුණ අපට සිතාගන්න පුලුවන් (නි)

:       0       0

තරංග Tuesday, 24 June 2014 09:37 AM

මේකත් ජිනීවා යයිද (දී)

:       0       0

සලීත් Monday, 23 June 2014 09:35 PM

ඒ ගමන පැරිසියෙත් පටන් අරගෙනද? (නි)

:       0       0

ශිරන්ත Tuesday, 24 June 2014 09:40 AM

අපිට මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

තුසි Monday, 23 June 2014 09:37 PM

ජේ වී පි එකල රට තුල ඉදගෙනත් රට කනවා. රටින් පිටත් රට කනවා. ජේ වී පි එක රටට පිළිලයක් (මුදී)

:       0       0

තරංග Tuesday, 24 June 2014 09:40 AM

පැරීසියේ ඉන්න මිනිස්සු ලෝකේ ගැන දන්නවා . (දී)

:       0       0

මාල Tuesday, 24 June 2014 09:42 AM

අනේ මට පිඉසු වගේ (දී)

:       0       0

හෙට්ටිආරච්චි Monday, 23 June 2014 09:38 PM

මේ ප්‍රංශයේ අගුපිල් අතු ගාන කුලී වැඩකරන පිරිසක්. මුන්ට රට ගැන දැනුමක් නෑ (මුදී)

:       0       0

.ගජමන් Monday, 23 June 2014 09:42 PM

ඒ ගොල්ල සාමකාමී බව මුළු ලෝකයම හොඳින් දන්නවා නෙව ආයිබෝවන්.(මුදී)

:       0       0

තදුෂි Saturday, 28 June 2014 12:53 PM

දෙයියනේ (දී)

:       0       0

ඉම්රාන් Tuesday, 24 June 2014 09:55 AM

අපේ රටේ නම කැත වෙන එක අවුල් උද්ගෝෂණ ඇති දැන් (දී)

:       0       0

විකුම් Monday, 23 June 2014 09:59 PM

තක්ෂිලා ඒ ගොල්ලෝ ප‍්‍රංශයේ දගලද්දී මෙහෙ ඉන්න ඔයාගේ බඩ දගලනවා නේද? (මුදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 11 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 160 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 545 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2893 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1500 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site