IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අළුත් චක්‍රාවාටයක් සොයාගනී

සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය මෙන් පස් ගුණයක් විශාල චක්‍රාවාටයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය එන්.ජී.සී.6872 ලෙස නම්කැර තිබේ.

නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙතෙක් සොයාගත් විශාලතම චක්‍රාවාටය මෙය බවයි. පාවෝ නම් තාරුකා රාශියට ආලෝක වර්ෂ කෝටි 21.2 ක් ඈතින් පිහිටා ඇති මෙය හැකිළුණු සර්පිලාකාර ස්වභාවයක් ගනී. එහි සර්පිලාකාර බාහු දෙක අතර දුර ආලෝක වර්ෂ 522,000 කි. අප ජීවත්වන ක්ෂීරපථයේ විශාලත්වය ආලෝක වර්ෂ 100,000 කි. නාසා ආයනය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කැර තිබේ. මෙම චක්‍රාවාටයේ තාරුකා මණ්ඩල කෝටි ගණනක් තිබිය හැකි බවත් ඒවා අතර ජීවීන්ට සුදුසු ග්‍රහලෝක ලක්ෂ ගණනක් තිබිය හැකි බවත් තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි.



අදහස් (0)

අළුත් චක්‍රාවාටයක් සොයාගනී

කුරුවිට Saturday, 12 January 2013 03:34 PM

මහතුන් මල්ලිගේ අදහසට මමත් එකඟයි (ස)

:       0       0

තිසල් Saturday, 12 January 2013 03:37 PM

ලුමිබිණි වගේ අයට අළුතින් ලෝක කෝටි ගාණක් හොයාගත්තත් සෑහීමකට පත්වෙන්නෙ නැහැ (නි)

:       0       0

සුමිත් Saturday, 12 January 2013 03:42 PM

කොහොමද හොයා ගන්නේ. මොනවාද ඒ වෙනුවෙන් කරන පරීක්ෂණ (දී)

:       0       0

කාන්චන Saturday, 12 January 2013 04:04 PM

ලාල් පොඩ්ඩක් ලිපියේ තියෙන දේ කියවලා තේරුම් අරන් අදහස් දක්වන්න (ස)

:       0       0

ලෝචි Sunday, 13 January 2013 12:00 AM

සුර්යයාගේ සිට ආලෝකය පොළවට ඒමට විනාඩි 8 තත්පර 20ක් ගතවේ. (නි)

:       0       0

චම්මි Saturday, 12 January 2013 04:04 PM

අපිට හිතන්න බැරිද ඒ චක්‍රාවාටයේ ජීවින් නැහැ කියලා (දී)

:       0       0

ගයාන් Saturday, 12 January 2013 04:28 PM

අනන්තවූ විශ්වයේ තව කොපමණ ඇතිද මේ වගේ දේවල් (දී)

:       0       0

ගයාන් Saturday, 12 January 2013 04:33 PM

මමත් ආසම අංශයක් තමයි තාරකා විද්‍යාව (දී)

:       0       0

ෂිරාස් Saturday, 12 January 2013 12:53 PM

මෙන්න ආපහු පටන් ගෙන ? තියෙන ලෝකෙවත් ඉන්න බැරි එකේ තව හොයන්නේ මොකටද ? (ස)

:       0       0

මලීන් Sunday, 13 January 2013 01:33 AM

බුදු හාමුදුරුවන්ට අනුව විශ්වය ගැන සිතීම නිෂ්පල ක්‍රියාවකි. විශ්වය අනන්තද නැද්ද? විශ්වය සදාකාලිකද නැද්ද? බුදු හාමුදුරුවන් මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු වදාළේ නිහඩව සිටීමෙනි. (නි)

:       0       0

අනුෂ්ක Saturday, 12 January 2013 05:12 PM

කියුවත් වගේ තව කොච්ච්ච්ර ඇතිද (දී)

:       0       0

ආනන්ද Saturday, 12 January 2013 05:20 PM

ලාල්, තව ටිකක් හොයලා බලලා අදහස් දැම්මොත් නේද හොද? (නි)

:       0       0

නන්දසිරි Saturday, 12 January 2013 05:23 PM

ලාල්, ආලෝක වර්ෂ කෝටි 212 ක්... (දී)

:       0       0

හේමන්ත Saturday, 12 January 2013 01:15 PM

දේව නිරිමාණවාදයේ එල්ලිලා ඉන්න අයට මේවා වහ කදුරු වගේ. http://www.youtube.com/watch?v=nagL4AWh-ng (ස)

:       0       0

එරංග Sunday, 13 January 2013 05:01 AM

තව ඇති හොයන්න (දී)

:       0       0

ධම්ම Saturday, 12 January 2013 01:21 PM

2012 ලෝක විනාසය වගේ 2013ටත් මොකක් හරි කතාවක් හදන්න ද හදන්නේ? (ස)

:       0       0

සුගත් Saturday, 12 January 2013 05:47 PM

ලාල් ඔයාටනම් හොඳ දැනුමක් තියෙනවා වගේ (අ)

:       0       0

දර්ශන Saturday, 12 January 2013 01:24 PM

බුදු හාමුදුරුවෝ වසර 2500 කට පෙර සොයා ගත්ත දේවල් මෙයාලා දැන් හොයා ගන්නේ (ස)

:       0       0

ලාල් Saturday, 12 January 2013 05:58 PM

මේ ලොව මැවුවේ දෙවියන් විසිනුයි. (නි)

:       0       0

උදයංග Saturday, 12 January 2013 01:32 PM

මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ (ස)

:       0       0

තුෂාර Saturday, 12 January 2013 01:36 PM

ඒකෙ ජීවින් ඉන්නවාද දන්නේ නැහැ නේ (දී)

:       0       0

ජගත් Saturday, 12 January 2013 06:26 PM

තව කොච්චර ඇත්ද (දී)

:       0       0

රොහාන් Sunday, 13 January 2013 08:13 AM

විශ්වය ඉතා ඉශාලයි (දී)

:       0       0

නාසා Saturday, 12 January 2013 02:02 PM

මේ සක් වල කොච්චර ඇතිද මේ වගේ දේවල් (දී)

:       0       0

අජිත් Saturday, 12 January 2013 02:01 PM

මට බලන්න ආසයි ඒක (දී)

:       0       0

ධම්මික රුවන් Saturday, 12 January 2013 06:44 PM

නාසා චක්‍රාවාටයක් හොයාගත්තා කියනඑක ගොඩාක් වැදගත්. ඒත් අපේ අය ඒකට රන්ඩු වෙන්නේ ඇයි ? (අ)

:       0       0

කාංචන Saturday, 12 January 2013 06:54 PM

නියමයි (දී)

:       0       0

රුවන්ත Sunday, 13 January 2013 09:47 AM

තාක්ෂනය අද ගොඩක් දියුණුයි (දී)

:       0       0

චමී Saturday, 12 January 2013 02:20 PM

දැම්ම කට්ටිය කෑ ගහන්න එපා. ලෝක විනාසේ වෙනකොට අපිට එහේ යන්න පුළුවන් වේවි (ස)

:       0       0

සම්පත් Saturday, 12 January 2013 07:25 PM

ඒ චක්‍රාවාටයේ කොච්චර ජීවින් ඇතිද (දී)

:       0       0

ගැලැක්සි Saturday, 12 January 2013 07:33 PM

ලාල් ගේ අදහස හොඳයි . නමුත් ආලෝකයේ වේගය වැරදියටයි සටහන් කරලා තියෙන්නේ. එය 1079252848.8 km/hr විය යුතුයි. (නි)

:       0       0

ගැලැක්සි Saturday, 12 January 2013 07:33 PM

මෙම අඩවියට පිවිස බලන්න. www.nasa.gov (නි)

:       0       0

සංජීව Sunday, 13 January 2013 10:42 AM

තව දුරටත් ඒ ගැන සොයාබලන්න (දී)

:       0       0

ආනන්ද Saturday, 12 January 2013 02:25 PM

චක්‍රාවාටයකට වඩා දැන් උවමනා කරන්නේ පනින්නට හැකි ආවාටකි (ස)

:       0       0

ලුම්බිණි Saturday, 12 January 2013 02:28 PM

මේ අවස්ථාවේ මේක නම් ඉතාම වැදගත් ආරංචියක්. මෙහෙන් යන්න තැනක් නැතුව ඉන්න එකේ මේක කොච්චර දෙයක්ද? (ස)

:       0       0

ලාල් Saturday, 12 January 2013 02:36 PM

මෙවැනි සොයා ගැනීම් ගැන අඩු තක්සේරුවක් නොකර,දැනුමකින් අදහස් යොමු කරන්න. ආලෝක වර්ෂයක් කියන්නේ .....පැයට කිලෝ මීටර 400 ක වේගයෙන් ජෙට් ගුවන් යානයක් වසරක් නොකඩවා ගමන් ගන්නා දුරක් .... අපේ සුර්යයා ඉන්නේ ආලෝක වර්ෂ 100000ක් දුරින්නම් ? ටිකක් හිතන්න,ආලෝක වර්ෂ 522000 ක දුරින් ඇති චක්‍රවාටයක බල පරාක්‍රමයක් තුල, මොන තරම් ග්‍රහ ලෝක තිබෙන්න පුලුවන්ද කියා. (ස)

:       0       0

වරුණ Saturday, 12 January 2013 08:39 PM

ලාල්, ඔයාට ආලෝක වර්ෂය ගැන හොද දැනුමක් තියෙනවානේ. (නි)

:       0       0

නිසංකා Saturday, 12 January 2013 02:39 PM

ඉස්සරහට තව සොයා ගනී (දී)

:       0       0

නිශා Saturday, 12 January 2013 02:42 PM

අම්මෝ..... මේ අනන්ත විශ්වයේ තව කොච්චර ඇතිද (දී)

:       0       0

කුමාර Saturday, 12 January 2013 08:47 PM

ඒ චක්‍රාවාටයේ ග්‍රහ මණ්ඩල කොච්චර ඇතිද (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 12 January 2013 08:51 PM

වෙන චක්‍රාවාට කොච්චර හොයාගත්තත් අපේ පොළව ගැනවත් තාම හරියට හොයා ගෙන තියෙනවද? (නි)

:       0       0

මහතුන් Saturday, 12 January 2013 02:47 PM

මේවට යන්න ඕන නම් සිත දියුණු කරගන්න.ඒ සදහා සීල සමාධි ප්‍රඥා වඩන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 459 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1038 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 393 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 178 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 564 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1325 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site