IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘අළු බඳුන’ ගැනීමට පිරිත් නූල් බැඳ පිටියට පිවිසි ඇෂ්ටන් ඒගාර්

2013 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේදීම ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් පිහිටවූ ඇෂ්ටන් ඒගාර් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ පිරිත් නූලක් බැඳගෙන බව ඔහුගේ මව පවසන්නීය.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට අලූතින්ම තෝරාගන්නා ලද යොවුන් කී‍්‍රඩකයා වන ඇශ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බවද ඔහුගේ මව පවසන්නීය.

සෝනියා ඒගාර් බී. බී. සී. සංදේශයට කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවෙන් පිටවී බොහෝකලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලූ දෙනාම තවමත් ශ්‍රී ලාංකීය චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිපදින බවයි.

සිය දෙටු පුතා ව ඇෂ්ටන්, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට තේරීමත් සමගම යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකිවනු ඇතැයිද සෝනියා මහත්මිය විශ්වාස කරන්නීය.

එංගලන්තයේ පැවැත්වෙන අළුබඳුන කුසලානයේ සමාරම්භක තරගයේදී ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් බිහිකරද්දී ඇශ්ටන් එගාර් පිරිත් නූලක් බැඳගෙන එම තරගයට සහභාගී වූයේ සිය මුත්තණුවන්ගේ ආභාෂය හේතුවෙන් යයිද එගාර් මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකික මවකට සහ  ඕස්ටේ‍්‍රලියානු පියෙකුට පුතු වූ ඇෂ්ටන් පළමුවරට ටෙස්ට් තරගයකට සහභාගීවූයේ මෙවර අළුබඳුන ටෙස්ට් තරගාවලියේදීය.

තමාගේ පුතුන් තිදෙනා කතෝලිකයන් වුවත් ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ඔවුන් ආඩම්බර වනබව සංදේශයට කියා සිටි සෝනියා එගාර්, අළුබඳුන තරගාවලියට ඇශ්ටන් තෝරාගනු ලැබීමෙන් අනතුරුව, මෙල්බර්න් නුවර බෞද්ධ විහාරයට ගිය තමා විජිත හිමියන්ගෙන් පිරිත් නූලක් රැගෙන විත් එය ඇෂ්ටන්ට දුන් බවද පැවසුවාය. 1974 දී ශ්‍රී ලංකාව හැරගිය ඇෂ්ටන්ගේ මව, සෝනියා හේවාවිස්ස, එදා මෙදා තුර යළි ශ්‍රී ලංකාවට පා තබා නැත.

කලකට ඉහත ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා මෙන්ම ශ්‍රී ලංකාවේම උපත ලද අයකුද වන ඬේව් වට්මෝර් මහතා සමග කි‍්‍රකට් කී‍්‍රඩා කළ ජෝන්, ඇෂ්ටන් එගාර්ගේ කි‍්‍රකට් දිවියට දිරිදුන් ප‍්‍රධානම චරිතය බවද සෝනියා මහත්මිය පවසන්නීය.

දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පා තබා නැතත්, ශ්‍රී ලංකාවේ ගත කළ බාලවිය පිළිබඳව තමන්ට තවමත් සුන්දර මතකයක් තිබෙන බව පවසන සෝනියා, දරුවන් සමග තමන් තවමත් සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සමරන බවද පවසන්නීය.
සිය නිවසේ පැවැත්වෙන සාදයන්හිදී ආප්ප කෑමට පවුලේ සියලූ දෙනාම මනාප බව පවසන  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයාගේ මව, ශ්‍රී ලංකාවේ තරම් මිරිස් රස නැතත් සියලූ දෙනාම ලාංකීය කෑම වේල රසවිඳින බවද පවසයි.

සිංහල පියකුට සහ බර්ගර් මවකට දියණියකව උපන් සෝනියාට ඇයගේ ස්වාමි පුරුෂයාවන ජෝන් එගාර් හමුවී තිබෙන්නේ මීට වසර තිහකට ඉහතදීය.

”ජෝන්  ඕස්ටේ‍්‍රලියාවේ ඉහළ පෙළේ් කී‍්‍රඩා සමාජයකට සෙල්ලම් කෙරුව. මම අවුරුදු 30ක් ජෝන්ව දන්නවා. එයා ඬේව් වට්මෝර් වගේ අය එක්කයි සෙල්ලම් කළේ” යනුවෙන්ද ඇය පැවසුවාය.

සචින් තෙන්ඩුල්කාර්, ෂේන් වෝන්, ස්ටීව් වෝ ඇතුළු කී‍්‍රඩකයන් මෙන්ම මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත්ද ඇෂ්්ටන් එගාර්ගේ කි‍්‍රකට් ලෝකයේ විරුවන් බවද සෝනියා මහත්මිය පවසන්නීය. එදා මෙදා තුර ශ්‍රී ලංකාවට පා නොතැබූ නමුත් සිය දෙටු පුතා  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට තේරී පත්වීමත් සමගම ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකිවනු ඇතැයිද ඇය බලාපොරොත්තුව සිටින්නීය.

 

(සරෝජ් පතිරණ විසින් බී. බී. සී. සිංහල සේවයට සකස් කරන ලද්දකි)
අනුග‍්‍රහය : බී. බී. සී. සිංහල සේවය

 

 



අදහස් (0)

‘අළු බඳුන’ ගැනීමට පිරිත් නූල් බැඳ පිටියට පිවිසි ඇෂ්ටන් ඒගාර්

වීර Sunday, 21 July 2013 10:55 PM

අමිල,ඔබගේ අදහස අපප්බ්‍රංශ වගේ නැතව ඔයිට වැඩිය පැහැදිලිව කියන්න.ඉතින් ඔබ අබෞද්ධයෙක් වුනාට ඔබට දෙවියන් කන් දීපු අවස්තවක් තියෙනවද.අමිල සත්‍ය කවද හරි දිනයි.එතකොට ඕගොල්ලන්ගේ අන්දබක්තික දේව සංකල්පය අකුලගන්න වෙයි. (දී)

:       0       0

විමල් Tuesday, 23 July 2013 11:37 AM

අළු බඳුන කෙසේ වෙතත් අපේ ක්‍රීඩකයන් හමුවේ අළු නම් ඕස්ට්‍රේලියානුවන්ට මුනේ ගාගන්න වෙනවා. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 12:09 PM

මොහොමඩ්, විමල්,ඉතින් එයා තමන් ක්‍රීඩා කරපු පළමු තරගයෙන්ම ලෝක වාර්තාවක් තිබ්බා නේද? ඔයාලට එහෙම කරන්න පුළුවන්ද? (නි)

:       0       0

දම් Tuesday, 23 July 2013 02:13 AM

පොඩි එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙන්න. තවම කල් මදිලු නිගමනවලට එන්න.(නදී)

:       0       0

අසංක Tuesday, 23 July 2013 02:15 AM

රිෂාඩ් ,අරුමුගම් , ශේරිෆ් ඔබගේ ගැටළු වලට පිලිතුර බුද්ධාගමට අනුකුලව බලාපොරොත්තු වෙනවනුම් අප අපගේ එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන ක්‍රියාදාමයන පිරිත් නුලක බලය මතම නොව කරුණු 5 ක් බලපෑම මත සිදු වෙනවා. නමුත් මට සියලුම කරුණු හරියටම මතක නැති නිසා මම ඔබව එය පිළිබද දැනුවත් කිරීමට යන්නේ නොමැත. වෙනත් බෝද්ධයෙක් විස්තර කරාවියි මම හිතනවා.(නදී)

:       0       0

අසංක Tuesday, 23 July 2013 02:36 AM

කොහොම නමුත් මගේ පිළිතුරට වඩා සදුන්ගේ පිළිතුර මෙයට අදාල යැයි මම හිතනවා. (නි)

:       0       0

ටෙනිසන් Monday, 22 July 2013 05:34 PM

වීර, මමත් බෞද්ධයෙක්.ඔයා සදුන්ගේ අදහස් ටිකක් කියවන්න (නි)

:       0       0

ජේසීම් Monday, 22 July 2013 12:17 AM

දැන් කව්ද පැරදුනේ (අ)

:       0       0

විමල් Monday, 22 July 2013 12:38 PM

ලෝක වාර්තාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. තරගයයි.තරග 2 කම පරාදයි නේද? හැබැයි අපේ අය නම් විශිෂ්ට දක්ෂයෝ (නි)

:       0       0

කෝලිත Sunday, 28 July 2013 09:02 AM

ලෝක වාර්තාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. තරගයයි. (නි)

:       0       0

ඉම්රාන් Saturday, 27 July 2013 06:54 PM

වීර, ඔයා නම් සම්පූර්ණ බෞද්ධයෙක් වෙන්න ඇති. දැන් එංගලන්තයේ ගහපු ටෙස්ට් මැච් දෙකම ඕස්ට්‍රේලියානුවන් අන්ත පරාදයි. තමුන් අදහන ආගම තමුන්ට වටිනවා. ලංකා කණ්ඩායම අවසාන මහා තරග කීපයකටම ගියේ ඔය ඔබ කියන නූල් බැඳගෙන නේද? එහෙත් පිරිත් නූල් බැන්දට හෝ පල්ලියට හෝ කෝවිලට ගියා කියලා හෝ වැඩක් නැහැ. ඔවුන්ගේ හිත හා ජීවන රටාව ආගමානුකූල නොවෙනවා නම්. (නි)

:       0       0

පුබුදු Monday, 22 July 2013 06:07 PM

අපි හරිම ආශාවෙන් මොහුගේ දක්ෂතා නැරඹුවා (නි)

:       0       0

රකිත් Wednesday, 24 July 2013 03:50 AM

කුමාර්, ඇයි ආසියාවේ අනිත් රටවල් දෙක? ඕනෑකමින් හැලුවද? (නි)

:       0       0

පයිරූස් Monday, 22 July 2013 02:34 AM

ඕස්ට්‍රේලියා කණ්ඩායම පව් නේද?(නදී)

:       0       0

කුමාර් Monday, 22 July 2013 02:36 AM

"අළුබඳුන" තරගාවලි දෙකක්ම ඔස්ට්‍රේලියාව අන්තෙටම පරාද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සමන් Friday, 23 August 2013 09:53 AM

එහෙම කියන්නෙපා කෝලිත, තරඟයට වඩා ලෝක වාර්තාව වැදගත්,තරගයක් දිනනවා පරදිනවා.නමුත් ලෝක වාර්තා හැමෝටම තියන්න බැහැ.(නදී)

:       0       0

රොහාන් මෙල්බෝර්න් Monday, 22 July 2013 03:11 AM

මෙල්බෝර්න් වල ඉන්න කෙනෙක් විදිහට මම මේ කතාවෙට 100% එකග වෙනවා. මොකද අවුරුදු 10-15 කට කලින් අපේ සිංහල මිනුස්සුන්ට වැඩිය අවුරුදු 30-40 කලින් ආපු බර්ගර් ලංසි මිනිස්සු තමයි හොදෙට සිංහල කතා කරන්නේ. සිංහල ආසාවෙන් කතා කරනවා. සිංහල බයිලා සින්දු අහනවා. ඒ වගේම ලංකාවෙට හරිම ආදරෙයි. බලන්නේ ඕනේ අවුරුද්දකට දෙකකට කලින් අපු සිංහල අය. ඒ අයට රට මතකත් නැහැ සිංහල මතකත් නැහැ. හැබැයි හරියට ඉංග්‍රීසිත් බැහැ.(නදී)

:       0       0

තිසල් Monday, 22 July 2013 01:52 PM

මම 2004 ඇමරිකාවට ගියා බිරිද සහ ළමයි දෙන්නා සමග. 2004 සිට 2010 දක්වා කාලය තුල තුන්වතාවක් ලංකාවට ආවා. ලංකාවට ආව වතාවල් ගණන අනුව රටට ඇති ආදරය මැනිය නොහැකි බව මම දනිමි.නමුත් අපි ලංකාවට දැඩිලෙස ආදරය කරමු. (නි)

:       0       0

අරුමුගම් Tuesday, 23 July 2013 08:18 AM

අසංක, ඔයාගේයි වීරගේයි අදහස් හරිම පරස්පරයි (නි)

:       0       0

චින්තක Monday, 22 July 2013 02:21 PM

අපේ සිංහල ජාතියට ඕනෑ තරම් විදේශිකයන් එකතුවෙලා තියෙනවා. අපි විශ්වාස කරන විදියට විජය කුමාරයත් විදේශිකයෙක් වශයෙන් ලංකාවට ඇවිත් සිංහල ජාතිය ආරම්භ කලා. ඉන්පස්සේ ලංකාවට ආව විවිධ විදේශිකයෝ සිංහල ජාතියට අන්තර්ග්‍රහණය වුණා. සිංහලයෝ ඒ අයව තමන්ගේ මිනිස්සු වශයෙන් පිළිගත්තා. රොබර්ට් නොක්ස් පොතේ මුල් පිටපතක් කියෙව්වොත් අපේ සමාජයේ විවෘත බව, සංස්කෘතියේ තිබූ සහජීවනය විදේශිකයෙකුගේ ඇසින් මූලාශ්‍ර ලෙසින්ම දැනගත හැකියි. සිංහල බෞද්ධයන් වර්ගවාදී නොවන බවත් තේරුම් ගත හැකියි. ඒ පූර්වගාමීන් අනුව යමින් මේ දරුවවත් සිංහල ජාතිකයෙක් ලෙස සැලකීමට අපේ මිනිසුන් පැකිලෙන්නේ නැති බව මේ අදහස් පැහැදිලි සාක්ෂි දරනවා. (නි)

:       0       0

කුමාර් Tuesday, 23 July 2013 01:30 PM

රකිත්, ඉන්දියානු හා ශ්‍රී ලංකා කන්න්ඩායම් එකිනෙකාට හා අන් අයට කොඩිවින ජපකරන එක නවත්තන්න කියන්න. (නදී)

:       0       0

අමිළ Monday, 22 July 2013 05:57 AM

මට සමාවෙන්න. මට පැහැදිලි ඉරිසියාවක් ඇතිවුනා. බුදුන් හා සම කල හැකි කිසිවෙක් නොමැත. මොනවා කරන්නද දේව සංකල්පය නිසා අපි අන්ධ වෙලා. (නදී)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 07:24 PM

මම නම් විශ්වාස කරන්නේ වීර, හැකියාව තිබෙන කණ්ඩායම දිනනවා. (නදී)

:       0       0

අමිල් Tuesday, 23 July 2013 08:26 AM

මෙතන තියෙන වැදගත් දේ තමයි මේ කෙනා ලංකාවේ හිටියා නම් කවදාවත් ක්‍රිකට් ගහන්න වෙන්නේ නැතිවෙයි. මොකද පිරිත් නුල් නෙමේ පිරිත් කඹයක් බැන්දත් කොහෙන් හරි තල්ලුවක් නැත්නම් කොච්චර හොඳ වුනත් ඉස්සරහට එන්න අමාරුයි. මේකේ අදහස් දාලා තියෙන වැඩි හරියක් අය ගැන මට දුකයි. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 02:26 PM

මොහොමඩ් විමල්, ඒ තරග දෙකම පරාද වුනේ අනෙක් අයගේ වරදක් නිසා වෙන්න පුලුවන්.මොකද කණ්ඩායමේ ඒගාර් හැරුනම තව 10ක්ම ඉන්නවනේ (නි)

:       0       0

වීර Monday, 22 July 2013 02:28 PM

මොහොමඩ්, විමල් කියන විදිහට එතකොට හැමදාම දිනන්න ඕනෑ පාකිස්ථානයයි බන්ගලිදේශයයිනේ. ඇයි එහෙනම් ඒගොල්ලෝ දිගට හරහට පරදින්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 22 July 2013 06:20 AM

ඇෂ්ටන් ඒගාර් නාටකය තවම ඉවර නැද්ද? (අ)

:       0       0

වීර Monday, 22 July 2013 02:32 PM

මොහොමඩ් විමල්, අනික මේකේ තියෙනවද ඔහු දෙවන තරගයට පිරිත් නූල් බැන්ඳා කියලා? ඇස් පෙනීම දුර්වල නම් ඇස පෙනෙන කෙනෙකුට කියලා කියවාගෙන ප්‍රතිචාර දාන්න. (නි)

:       0       0

වන්නිසිංහ Wednesday, 24 July 2013 08:47 AM

වල්පොල රාහුල හාමුදුරුවන්ගේ සත්යෝදය පොත කියවන්න.එතකොට මේ පිරිත් ගැන ,පිරිත් නූල් ගැන සත්‍ය දැන ගතහැකිය (නි)

:       0       0

ඉසුරු Monday, 22 July 2013 08:13 PM

අගර් වගේ අය ලංකාවේ කණ්ඩායමට එන්නේ නැහැනේ.(නදී)

:       0       0

විමල් Tuesday, 23 July 2013 08:59 AM

නුවන්, ප්‍රජාතන්තවාදී මානව නිදහසට පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම වරදක් නොවේ. අමිල්, ඔබ 100% හරි. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 07:25 AM

ජෙසිම් පයිරුස්, 2012 විස්සයි විස්ස සෙමි ෆිනැල් එකේදී ලංකාව දිනුවා මතක නැද්ද?(නදී)

:       0       0

විමල් Monday, 22 July 2013 03:13 PM

වීර, මම 2 වන තරගය බැලුවා. එතකොට අතේ නුල දැක්කා මම. ඒක ඔබ කියනවා වගේ බොරු නොවේ. (නි)

:       0       0

සමරේ Saturday, 27 July 2013 09:43 PM

අගර් වගේ අය ලංකාවේ කණ්ඩායමට එන්නේ නැහැනේ. (නි)

:       0       0

අසන්ක Tuesday, 23 July 2013 02:28 PM

අරුමුගම් වීරට පොඩ්ඩක් තරහ ගිහිල්ලා වගේ. බුද්ධාගම කියන්නේ ගොඩක් ගැඹුරු ධර්මයක්. අපි එදිනෙදා මුහුණ දෙන දේ ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිපල. කර්මය කියන්නේ එකක් පමණි. තවත් කරුණු සතරක් ඊට බලපානවා. නමුත් මට මෙය හරියටම දැන් මතක නැහැ. බුදු හාමුදුරුවෝ පිරිත් දේශනාවන් බාවිත කලේ තුන් බිය නැති කිරීම වැනි උතුම් වූ කටයුතු සදහා. පිරිත් නුලක ප්‍රතිපල කොහොමද අපට ඇති වෙන්නේ කියන එක මේ කරුණු 5 යටතේම විග්‍රහ කරන්නට වෙනවා. මේ දේවල් ගොඩක් තර්කානුකුල දේවල්. නමුත් මේ ගැඹුරු විග්‍රහයන් කරන්න සුදුසු මට්ටමක මම නැහැ. (නි)

:       0       0

සේකර Saturday, 27 July 2013 09:43 PM

මේ වගේ අය අපිට හීනයක්. (නි)

:       0       0

රකිත් Tuesday, 23 July 2013 09:24 AM

කිසිම ආගමික සංකේතයකට හෝ අදෘශ්‍යමාන දෙවියෙකුට හෝ කල හැකි හාස්කමක් නැත. එසේ කල හැකි විනම් එසේ කරන සෑම කණ්ඩායමක්ම හැම තරගාවලියක්ම ජය ගත යුතුය. වඩාත් වැදගත් වන්නේ භාජනය නොව එහි ඇතුලේ තිබෙන දේ පමණි.(නදී)

:       0       0

චමීර Tuesday, 23 July 2013 09:25 AM

ක්‍රිකට් නෙමෙයි ඕනම ක්‍රීඩාවක එක පැත්තක් දිනන කොට අනෙක් පැත්ත පරදිනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු ඔවුන්ට කැමති ආගමක් අදහගෙන ඒ මිනිස්සුන්ගෙ වැඩක් කරගෙන ඉන්නවා. මේ කොහෙවත් ඉන්න අයටනේ අමාරුව තියෙන්නේ.(නදී)

:       0       0

විමල් Monday, 22 July 2013 07:56 AM

වීර ,ප්‍රථම තරගයේදි ලකුණු 98 සහ විකටුත් ලබාගත්තා. නමුත් 2 වන තරගයේදී විකටුත් නැහැ, ලකුණුත් නැහැ. බලමු 3 වන තරගයේදී..... මෙය අපහාසයක් නොව මෙය වේ පරම සත්‍යය. (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 08:11 AM

මේ ළමයට තවම අවුරුදු 19 යි. ලංකාවේ උනත්, නුනත් තාත්ත සිංහල උනත්, නුනත් කිසියම් දක්ෂ කමක් තියෙන කෙනෙක්. අන්න ඒක තමයි අපි අගය කලයුතු වන්නේ. තමන්ගේ දහසක් අඩු පාඩු තියාගෙන අනුන්ගේ පොඩි අඩු පාඩු දකින අය තමා ගැනම ලජ්ජා විය යුතුයි.(නදී)

:       0       0

සදුන් Monday, 22 July 2013 08:24 AM

මොනවද මේ ක්‍රිකට් වලටත් බුදුහාමුදුරුවෝ ගාව ගන්නේ. අපි සෙත් පිරිත් කියලා පිරිත් නුලක් අතේ බදින්නේ ඒකෙන් අපේ මනස ශක්තිමත් කර ගන්න. ක්‍රීඩාව කියන්නේ ජය පරාජය බලාපොරොත්තුවෙන් විනෝදය පතා කරන සෙල්ලමක්. පිරිත් නුලක ආශීර්වාදය ලැබෙන්නේ මේ වගේ කෙහෙල්මල් වැඩක් නැති දේවල් වලට නෙමෙයි. බුද්ධාගම කියන්නේ මනස දියුණු කරගෙන යථාර්තය අවබෝද කර ගැනීමට. මේක ආගම බේදයකින් තොරව ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්. හිතේ කුහක කමින් ප්‍රතිචාර දාන්න එපා. භාවනාව කියන්නේ ඉස්ස්කොලේ ගිහිල්ලා මනස දියුණු කර ගන්න එක වගේම වේගවත්ව කරන තවත් ක්‍රමයක්. බොරුවට කුහක ප්‍රතිචාර නොදා මොකද්ද මේක කියල විමසලා බලන්න. මේ ප්‍රසිද්දිය ලබා ගන්න අශ්ටෝන් අගර් ගේ මව කරන ප්‍රකාශ කිසිම වැදගත් කමක් නැහැ.(නදී)

:       0       0

දිලුරුක් Monday, 22 July 2013 08:37 AM

කොහොම නමුත් පිරිත් නුලක් බැඳගෙන පැමිණි එක ගැන අපි සතුටු වෙනවා. ප්‍රශ්නේ මේක ලංකාවේ අපිට වැදගත් වෙන්නේ කොහොමද කියන එකයි (නි)

:       0       0

අරුමුගම් Monday, 22 July 2013 08:36 AM

තත්ත්වය එසේ නම් පිරිත් නුලකට පුලුවන්ද මෙතරම් විස්කමක් කරන්න? (නි)

:       0       0

කීතන් Monday, 22 July 2013 08:43 AM

ඇමෙරිකාවේ සිට ලංකාවේ ජාතිවාදය ගැන අවුස්සමින් සින්දු කියමින් බිලියන් ගණන් සල්ලි හොයපු කාන්තාවක් ගැන මම අහලා තියෙනවා. ප්‍රසිද්ධියට සල්ලි හොයන්න ජාතිවාදය සහ ආගම්වාදය පාවිච්චි කරන එකට මම නම් විරුද්ධයි. (නි)

:       0       0

අමිල - බලංගොඩ Tuesday, 23 July 2013 10:30 AM

පිරිත් නූල බැඳලා තියෙන්නේ වම් අතේ නේද? (නදී)

:       0       0

ශානිකා Monday, 22 July 2013 10:39 AM

සදුන්, ඔබ හරියටම හරි (නි)

:       0       0

වීර Sunday, 21 July 2013 10:09 PM

දැක්කද බුදුරදුන්ගේ පිරිත්වල බලේ.දැන් ඉතින් උදේ පාන්දර ඉදල දවසට 5 පාරක් අදෝනා කරන කට්ටිය මේ ගැන මොනවද කියන්නේ. ස්වාබවධර්මයත් ලෝක සත්යත් බුදුරදුන්ට ගරුකරනවා (දී)

:       0       0

නුවන් Monday, 22 July 2013 11:46 PM

අපේ රටට විරුද්ධව අදහස් දාපු අයට වෙන්නේ හැමදාම අනුන්ගේ රටවල් වලට වෙලාම ඉන්න තමයි (නි)

:       0       0

අමිල Sunday, 21 July 2013 10:18 PM

විකාර කතා කියන්න එපා , එතකොට අපේ සමහර අය අත වැහෙන්නම පිරිත් නුල් බැඳන් හිටියටත් හැමදා කන්නේ ? (දී)

:       0       0

සඳරුවන් Sunday, 21 July 2013 10:30 PM

තාත්ත හංගේරි අම්ම ෆින්ද්ලන්ඩ් පුතා චීන මොනවද මේ?හරියට නොකියා පෝන් එකක් වගේ.කොහොම නමුත් බොදු පුතාට ජය වේවා ! (දී)

:       0       0

ද්‍ර. ජමිස් Monday, 22 July 2013 11:38 AM

ශේරිෆ්, මට නම් පෙනෙන්නේ ඔයා කුසගින්නේ හිඳගෙන අදහස් දක්වනවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2329 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1527 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2314 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3212 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site