(බී. ජී. චතුරංග සහ උපුල් හේරත්)
මහනුවර - යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලය සහ තිරප්පනය පොලිසි පවසයි.
ඒ නවය මාර්ගයේ කිලෝමීටර් කණු 128 සහ 129 අතර පිහිටි මිහින්තලේ, වැල්ලමොරාන ප්‍රදේශයේදී ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දකුණු දිසාවට ධාවනය වී මාර්ග සංඥා පුවරුවක සහ බෝක්කුවක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක් සිට පත්ව ඇත්තේ , නුග සෙවන නුවර පාර , පලුගස්වැව ලිපිනයේ පදිංචිව සිටි කැබ්රථ රියදුරා වන සෙනවිරත්නගේ කවිඳු උදාර සෙනවිරත්න නැමැති 25 හැවිරිදි පුද්ගලයකු සහ අනුරාධපුර රණසේවාපුර 21වන පාබල සේනාංකයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා මේජර්වරයකු වන මිහින්තලේ අනුරාධපුර පාර පදිංචිව සිටි නිෂ්ශංක ආරච්චිලාගේ දිනේෂ් ඉසුරු කුමාර නිෂ්ශංක නැමති 37 හැවිරිදි පුද්ගලයෙකි.
ඒ නවය මාර්ගයේ තිරප්පනය දෙස සිට ගල්කුලම දෙසට ධාවනය වූ වෑන් රථයක් එම මාර්ගයේ ඥානික්කුලම පාලම පසුකර කිලෝ මීටර්කණු 118 සහ 119 කණු දෙක අතර ප්‍රදේශයේදී, මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූ බව තිරප්පනේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිවලාකුලම, පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි එන්. කපුරුබණ්ඩා නැමති 93 හැවිරිදි පුද්ගලයෙකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුම
ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්
පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයත
සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට අප්‍රේල් 21 සිට 25 දක්වා කාලයේ නිවාඩු ලබා
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අ‘පුර අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට