IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී

( උපාලි ආනන්ද)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ  විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා , පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේදී හඳුනාගනු ලැබුවාය.

මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී  සිදු කෙරෙිණි.



අදහස් (12)

අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී

charith Friday, 28 March 2025 01:06 PM

දෑන් ඉතින් ඒ කාන්තාවගෙ ජාතකේම එලියට දාන්න බලන් ඉන්න ගොසිප් කාරයන්ගෙන් ඒ මනුස්සයව බේර ගන්න. කෑමර එහෙම දික් කරන් බලන්න ඉන්න ඈතිනෙ ඔතනට වෙලා

:       2       60

මොහොමඩ් රිෆාන් Friday, 28 March 2025 01:41 PM

ඒ කාලකන්නියා අර වෛද්‍යවරියට කල අපයෝජනයට වඩා අපේ රටේ ගොසිප්කාරයන් සහ පුද්ගලික මාධ්‍ය කඩකාරයන් එතුමියව දූෂණය කලා. මෙවැනි පුවත් වාර්තාකරණයේ දී කිසියම් විනයක් හා පාලනයක් පැවතිය යුතුයි.

:       2       43

බයි සිතිවිලි Friday, 28 March 2025 02:09 PM

ඔතනට හොට දාගෙන හිටපු බයි රණවිරු සපෝටර්ලගෙන් තමයි දැන් ඔය වින්දිතයට ඊළඟ හානිය වෙන්නෙ.

:       4       26

අජිත් Friday, 28 March 2025 02:34 PM

මේක ගැන කතා කරන සියලුම යූටියුබ් චැනල් මම රිපෝට් කරලා අන්සබ්ස්ක්‍රයිබ් කලා.ඔබලාත් එහෙම කරන්න

:       2       29

Mahesh Friday, 28 March 2025 03:18 PM

පෙරට්ටුව තියන්නත් කලින් මාධ්‍ය වලට පින්තුර ආවා දැන් ඉතින් ඕන කෙනෙක්ට හඳුනාගත හැකි... ගමේ සිරිපාලගේ දුව දූෂණය වුණා නම් හැම මාධ්‍යයකම යනවා විස්තරේ දැන් මේ දොස්තර නිසා අඬන හිවල්ලු කවුරුත් සිද්දි වලට හඬක් නගන්නේ නෑ හැමෝටම සාන සමාජ සාධාරණත්වයක් නැති රටක්

:       5       12

ranjith Friday, 28 March 2025 04:00 PM

මේ සිද්ධිය තමන්ගේ පවුලේ කෙනෙකුට සිදුවුණා නම් කියන සංවේදීකම නැති සමහර පුද්ගලයන් දාන කමෙන්ට් දැක්කාම පුදුම හිතෙනවා..

:       4       23

බටලන්දේ ප්‍රේමවතීSaturday, 29 March 2025 10:03 AM

හිටපු වදකයෝ වෙන්න ඇති. මිනිස්සුන්ගේ වේදනාවලට ඒ අය සංවේදී නැහැ...!

:       0       3

බද්රානි Friday, 28 March 2025 08:35 PM

"ගොමා මාෆියා කල්ලිය" ඇතුළු මේ රටේ සෞඛ්‍ය ශේත්රයට අයත් මුග්ධ කල්ලි මේ රෝගීන්ව ඇපයට අරගෙන කළ වර්ජනය මේ "වෛද්‍යවරිය දූෂණයට ලක්වීම විකුණාගෙන කෑමක් නොවෙයිද? හරියට මොවුන් දැඟලුවේ මේක ලංකාවේ සිදුවුණු පළමු ස්ත්‍රී දූෂණය වගේනේ... කුඩා දරුවන්ව පවා අපයෝජනයට හා දූෂණයට ලක්කරන පූජකයින් සිටින මේ රටේ කවුද ඒවාට විරුද්ධව හඬක් නැගුවේ..? ඒ උඹලාගේ එකෙක් නිසාද? ඒ වෙලාවේ දොස්තරලා ඇතුළු කල්ලි සිහි මුර්ජා වෙලාද හිටියේ...? මීට බොහෝ කලකට ප්‍රථම, එක්තරා මැරයෙක් අතින් බලහත්කාරයෙන් දූෂණයට ලක්වීමට සිටි කාන්තාවක්, බොරුවට කැමැත්ත පෙන්වා ඔහු අසල තිබුණු කඩුව අතටගෙන දූෂකයාව දණ ගස්වා, කෑ ගසා, අවට ජනතාව රැස්කොට පොලිසියට බාර දී තිබුණු දිරිය කාන්තාවන් පවා සිටින රටක් මේක.. බොරුවට මෙතැන වැලපෙන පිම්පි පිරිමින්ට, කාන්තාවකගෙන් නොමිලේම යමක් කර ගන්න අවස්ථාවක් ලැබුනොත් නිකම්ම ඉඳියි නේද..?

:       10       11

වින්සන්ට් කජ්ජා Saturday, 29 March 2025 12:38 AM

දැන් ඒ කඩුව කෝ?

:       0       3

රසික Saturday, 29 March 2025 01:10 PM

බද්රානි ඔයාගෙ භාෂා හැසිරවීම අනුව ඔබ ගැහැනියක් නම් ඔබේ සමාජ තත්වය ඉතා පහළ විය යුතුයි. කරුණාකර ඔබේ පවුලේ පිරිමි ඥාතීන්ගේ මිම්මෙන් අනිත් පිරිමි මනින්න එපා...

:       4       6

prasanna Saturday, 29 March 2025 05:26 PM

මෙයා අරගලයට ආවාද කියා හොයන්න... ඒකෙත් ඔයවගේ අසහනකාරයෝ තමයි හිටියේ...

:       2       2

බද්රානි Saturday, 29 March 2025 05:35 PM

තමන්ගේ නොමනා හැසිරීම ගැන ඇත්ත ඇහෙද්දී, අනුන්ගේ භාෂා හැසිරීම ගැන විවේචනය කරමින් උඩුබුරන රසිකලා වැනි පුහු මිනිස්සු ගැනම තමයි මම බොහෝ දුරට අදහස් දක්වන්නේ... අවස්ථාවේ හා තැනේ හැටියට භාෂාව හැසිරවීම තමයි භාෂාවක ස්වභාවය. නිවටකමට හුරතල් ලෙස අසාධාරණය, සාධාරණ ලෙස දකින ඔබ වැනි පිම්පියන්ට අසාධාරණයට එරෙහිව සටන් වදින මාගේ වාග් ප්‍රහාරය කන හරහා වදින ඇතුල් පහරක් බව මම දනිමි. සමාජයට හොඳ මුහුණ පෙන්වා හිත තුළ දුෂ්ඨකම තියන ඔබ වැනි පුද්ගලයින්ට එරෙහිව තමයි මම මගේ අදහස් දක්වන්නේ.. අනුන්ගේ දුකේදී, සහකම්පනය නොදැනෙන ඔබ වැනි අමනයින් තමන්ට සිදුවෙන අසාධාරණයට පමණක් ආත්මාර්ථකාමී ලෙස එරෙහි වන බව මම නොදන්නවා නොවේ... එදාට අර දොස්තර මාෆියා කල්ලිය මෙන්, ඔබත්, අනුන් පීඩාවට පත්කරමින් ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ආත්මාර්ථකාමී තක්කඩි අමනයෙක් බව ඔබ විසින්ම පසක් කොට ඇත. කිසිදු පවුල් පසුබිමක් හෝ අඩු කුලයක ඉපදී, සමාජ වෛරයෙන් යුතුව යම් තැනකට ආවාම, කුඩැල්ලාව මෙට්ටේ උඩ තැබිය නොහැකි සේ, සමස්ත සමාජයෙන් පළිගැනීම තමයි ඔබගේ කුලකයේ අය සිදු කරන්නේ... මේ සමාජ පරිහානියට හේතුව එයයි.. ඔබගේ පවුල් පසුබිමත් ඔවුන් හා යහමින් ගැලපේ...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 1393 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 704 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 1555 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 904 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 2465 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 583 2

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site