IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්

(බී.ජී.චතුරංග )

රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර  අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ  ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින්  සාර්ථකව සිදු කෙරුණි.

සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලුම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය.

ඔහුගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.

මෙරට රජයේ රෝහලක  පළමු වරට  මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ, 2020 වර්ෂයේදී  අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද  තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි

ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතාය. ඔහු ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත් කරමින්ය.

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට ( සිහි මුර්ජා තත්ත්වයට )  පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය  නොකෙරුන අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation ) පවත්වා ගන්නා ලදි.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් , ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත් , සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතර තුරම ව්‍යාධිජනක කොටස ( ගෙඩිය / tumour ) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) සිතුවම ඇත්තේද මෙම රෝගියා විසින් බව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.  

 ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත්  ඇතුළු  කණ්ඩායමක් විසින්ය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ "C" ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට සහ  31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව  සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.

 



අදහස් (4)

අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්

Mohan Mangala Monday, 16 October 2023 04:23 PM

අපිට හොඳ දක්ෂ දොස්තරලා සහ සෞඛ්‍ය ස්ටාෆ් එකක් ඉන්නවා .ඇත්තෙන්ම ආඩම්බරයි

:       1       39

මහසෙන් Monday, 16 October 2023 05:15 PM

ජීවකයින්ගේ දරුවන්... ආඩම්බරනීය සුබපැතුම්...!

:       0       12

සුරංග Monday, 16 October 2023 09:58 PM

ඇත්තටම මෙතරම් දක්ෂ දොස්තර මහත්වරු මහත්මීන් අනුරාධපුර රෝහලේ සිටිද්දී දේශපාලුවෝ සිංගප්පූරු යනවා. සමහර පිරිස් ජාතික රෝහලට යනවා. මෙතරම් සූක්ෂම සැත්කම් කරන්න හැකියාව තියෙද්දි ජැක්සන් මහතා කොළඹට ගෙනාවේ?

:       0       1

ගමේ එකාලා Tuesday, 17 October 2023 08:47 AM

විස්මිත සැත්කම සාර්ථකව කරපු දොස්තර මහත්වරු ඇතුලු සියලුම දෙනාට බොහෝම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 207 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 276 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 342 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 137 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
2025 පෙබරවාරි මස 11 121 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.


එකවර පොලිස් ස්ථානාධිපතිවරු 139කට මාරුවීම්
2025 පෙබරවාරි මස 11 616 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 105 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site