IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අ'පුර දොස්තර බැරි දෙයක් කරයි

නිවුන් දරුවකු කුසේදී මියගිය පසු අනෙක් දරුවා මව් කුසයේ නිරෝගීව වැඩෙන්නට සලස්වා ස්වාභාවිකව ප්‍රසූත කිරීමට සැලැස් වූ ලොව දුර්ලභ දරු උපතක් සිදු කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි හා කාර්ය මණ්ඩලය සමත් වෙයි.

සාමාන්‍යයෙන් මෙවැනි දරු උපතකදී එක් දරුවෙකු මිය ගිය විට අනෙක් දරුවා ද ඒ වෙලාවේම බිහිවීම හෝ කුසේ මිය යන නමුත් මෙම ප්‍රසූතිය විශේෂත්වය වන්නේ 24 වැනි සතියේ දී පළමු දරුවා ගබ්සා වීමෙන් පසු වැදෑමහ කොටස හා සම්බන්ධ වී තිබූ නාභිරජ්පුව මැදින් කපා ගැබ්ගෙලට මැහුම් ද නොදමා කලලය ආරක්ෂා කරගැනීමට වෛද්‍යවරු කටයුතු කළහ.

මෙම සැත්කම  මවගේ ජීවිතයටත් දරුවාගේ ජීවිතයටත් දැඩි අවදානම් වූවත්   මෙම වෛද්‍ය විශේෂඥවරයා ප්‍රතිජීවක ලබාදී විෂබීජ පැතිරීම වලක්වා පැර‚ වැදෑමහ කොටස ක්ෂය වී යන තුරුද කලලය වැඩි සති 36කින් සාමාන්‍ය දරු ප්‍රසූතිය වන තුරුද මවට අවශය ප්‍රතිකාර ලබාදී තිබේ.

මැදවච්චිය ද ඹුගල පදිංචි කේ.ජී. නිල්මි‚ මහත්මිය (29) දෙවැනි දරුවා නීරෝගිලෙස ප්‍රසූත කළාය.  මවත් දරුවාත් දෙදෙනා නීරෝගීව සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පවසයි.

‘මම සතුටින් ඉන්නේ පළමු බබාට වයස අවුරුදු 4 1/2යි. මම ලොකු අවදානමකින් ජීවිතය බේරා ගත්තා. බබාද හොඳින් යැයි‘ මව පැවැසුවාය.
විශේෂඥ වෛදය අසේල අමරසිරි මහතා පැවැසුවේ මෙවැනි උපත් විශ්මය ජනක ජනක ඒවා බවට මීට පෙර පුවත්පත්වල පල වූ නමුත් තමන් අවදානමක් ගෙන සිසේරියන් සැත්කමක්ද නොකර සාර්ථක දරු උපතකට ප්‍රතිකාර කළ බවය.
‘මෙහි විශේෂත්වය තමා, රජ්ජුව කොටස කලල දෙකේ වෙන වෙනම දිගට තිබූ අතර බිහිවූ දරුවාගේ නාභි රජ්ජුව එළියට ඒම. මෙය දුර්ලභ අවස්ථාවක් වුනේ ඒ නිසා යැයි‘ වෛද්‍ය වරයා කීය.



අදහස් (0)

අ'පුර දොස්තර බැරි දෙයක් කරයි

වසන්ත Wednesday, 26 December 2012 11:27 PM

අම්මාටත්, දරුවාටත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් දෙවි පිහිටයි. (නි)

:       0       0

දර්ශි Sunday, 30 December 2012 07:54 PM

ඔබ වැනි දක්ෂතමයින් අපේ රටේ සිටීම අපිට අජඩම්බරයකි. (නි)

:       0       0

වසන්ත Wednesday, 26 December 2012 11:22 PM

මගේ දැනීමේ හැටියට මෙහෙම දෙයක් ලෝකයේ වුණු 10වැනි වතාව මේකයි. (නි)

:       0       0

විමුක්ති Wednesday, 26 December 2012 11:23 PM

ජිවමාන දෙවිවරුන් කියන්නේ මෙවැනි දොස්තරලාටයි. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 26 December 2012 11:44 PM

මේවා විදේශීය ජනයාද දැනගැනීම ඉතා අගනේය. අසේල අමරසිංහ මහතා ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුභාෂිණී Wednesday, 26 December 2012 11:57 PM

මේ ව‍ගේ රත්තරන් උගතුන් රටට අහිමි කරගන්න නම් එපා. (නි)

:       0       0

කීර්ති Friday, 28 December 2012 10:59 PM

ලංකාවෙ වෛද්‍යවරුන්ගේ අගය තේරෙන්න ගල්ෆ් වලටම එන්න ඕන. මෙහෙ ඉන්න වෛද්‍යවරු රක ලෙඩෙක් බලන්න පැය භාගයක් යනවා.. ඒ ලෙඩේ පරිගණකයට දාලා එන පිළිතුරු අනුව තමයි බෙහෙත් දෙන්නෙ.. විශේෂඥ වෛද්‍යවරයෙක් උනත් පරිගණකය නැතිවම බැහැ..!(නු)

:       0       0

ලාල් Thursday, 27 December 2012 04:09 PM

කෝ මුස්ලිම් අදහස්? (නි)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Thursday, 27 December 2012 04:24 PM

ඉන්ද්‍රජිත් ලුම්බිණි තුල්සි වගේ අයගේ අදහස් නැත්තේ මෙවැනි දේ අගුන නිසාද?(නු)

:       0       0

ජයී තිසර Thursday, 27 December 2012 04:36 PM

උපතින් ලැබූ ඥානය වැඩි දියුණුකර පෙන්වා ලොවට ජීවක වෘත්තියේ පරතෙර ජීවිත දෙකක් ගලවා දුන් වෛද්‍යවර ඔබ කළ උතුම් දෙය පසසමි දහස් වර... (නි)

:       0       0

ශශීමාල් Tuesday, 01 January 2013 02:24 PM

සියලු ජාතීන් මේ විශිෂ්ට පුද්ගලයාට ආචාර කළ යුතුයි. (නි)

:       0       0

ජයමිණි Thursday, 27 December 2012 05:08 PM

ඔබට දෙවියන් ආශිර්වාද කරාවි! (නි)

:       0       0

ලක්ෂ්මි Friday, 28 December 2012 08:24 AM

ඔබ උපන් දේශයටත් වැදූ මවටත් ආඩම්බරයකි. (නි)

:       0       0

නන්දන Thursday, 27 December 2012 06:27 AM

වෛද්‍යතුමනි, මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 27 December 2012 06:42 AM

හැමෝම හොද හොද අදහස් දාලා. මගේ රට ගැන මට හරිම ආඩම්බරයි. (නි)

:       0       0

නන්දසේන Thursday, 27 December 2012 07:03 AM

ඔබට බුදු සරණයි වෛද්‍යතුමනි! (නි)

:       0       0

ශානි Thursday, 27 December 2012 07:18 AM

අපිට දක්ෂ වෛද්‍යවරුන් සිටිනවා. (නි)

:       0       0

කීර්ති Thursday, 27 December 2012 07:47 AM

සෑම දෙයක්ම අද කාලේ මුදලට මිළදී ගන්න පුලුවන් නිසා ඉදිරියේදී මෙවන් දොස්තරලා ලංකාවේ බිහිවෙන එකක් නැහැ. (නි)

:       0       0

ගාල්ලේ සමන් Thursday, 27 December 2012 07:49 AM

දැන් ඇමති කෙනෙක් මැදිහත් වෙලා දොස්තර මහත්තයාට සම්මානයක් දීලා, තමන්ගේ මූණ දාගෙන, මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදෙයි. (නි)

:       0       0

නිකිණි Tuesday, 01 January 2013 08:06 AM

ඔබ වැනි උතුම් ලක් දරුවන් සිටිනු බව අසන්නනට ලැබීමත් සතුටක්. (නි)

:       0       0

ලංකා Thursday, 27 December 2012 08:44 AM

බොහොම සන්තෝෂයි. දොස්තර මහතා නම් හැබෑම දක්ෂයෙක්. මිට පෙර ලොව 9 වතාවක් පමණයි මෙවැනි ආකාරයේ සිදුවීම් වෙලා තිබෙන්නේ කියා මා පුවත්පතක දුටුවා. එයින් මීට පෙර මෙවැනි ආකාරයේ අවස්ථාවකදීත් නිවුන් දරුවකු කුසේදී මියගිය පසු අනෙක් දරුවා මව් කුසයේ නිරෝගීව වැඩෙන්නට සළස්වා දරුවා හා මවගේ ජීවිතය බේරා ගැනීමට ලංකාවේ දොස්තර මහතෙක් සමත් වී තිබෙනවා. එය සිදුව ඇත්තේ බටහිර යුරෝපයේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ මට මතක විදියට. කොහොම හරි ඒ බටහිර දෙමාපියන් තමුන්ගේ දරුවා බේරා දුන් ලංකික වෛද්‍යවරයාට ගරු කිරීම පිණිස එම දරුවාට වෛද්‍යවරයාගේ නමින් කොටසකුත් දමා තිබෙනවා. (නි)

:       0       0

සිරිමල් Thursday, 27 December 2012 08:50 AM

ඔබතුමාට පින්. ඔබ නියම ඍෂිවරයෙක්. (නි)

:       0       0

තිසර Thursday, 27 December 2012 09:13 AM

මගේ මතකය හරි නම් මේක මෙවන් වූ 10වැනි විස්මිත ක්‍රියාවයි. 9 වැනි එකද කරන ලද්දේ ලාංකික දොස්තර කෙනෙක් විසිනුයි. (නි)

:       0       0

සියාතු Thursday, 27 December 2012 09:48 AM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

කපිල Thursday, 27 December 2012 10:03 AM

ඔබ‍ට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

එරංග Wednesday, 02 January 2013 12:03 PM

මේ වගේ දොස්තරලා ඉන්නේ අපේ වාසනාව‍ට ! වෙන රටවල්වල වගේ මේ අයව අගය නොකරන්නේ ඇයි (ස)

:       0       0

උපාලි Thursday, 27 December 2012 10:30 AM

මේ තමා මිහිපිට ඉන්නා දෙවිවරුන්. (නි)

:       0       0

වාසනා Thursday, 27 December 2012 10:34 AM

මවටත්, දරුවාටත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි! (නි)

:       0       0

සමන් Thursday, 27 December 2012 10:40 AM

නාස්තිකාර දේශපාලුවන්ට වැඩිය සැළකිල්ලක් අපි දොස්තරලාට දෙමු නේද? (නි)

:       0       0

ශ්‍රිරාණි Thursday, 27 December 2012 10:49 AM

ලංකා මාතාව‍ගේ වීර පුතෙක්. (නි)

:       0       0

සංජු Wednesday, 26 December 2012 06:07 PM

අපේ රටේ තමයි බලනකොට දක්ෂයින් ඉන්නේ. දොස්තර මහතා දෙවි කෙනෙක්. මව සහ දරුවාට බුදු සරණයි. (නි)

:       0       0

අමිල Wednesday, 26 December 2012 06:07 PM

ජනමාධ්‍ය දැලි පිහියක් වැනිය. හරියට භාවිතා කළොත් ගොඩ, නැත්නම් සමාජයට විනාශය. (නි)

:       0       0

සනත් Thursday, 27 December 2012 07:09 PM

ජීවිත දෙකක් මරණයෙන් මුදාගත් ඔබ මීට පෙරද මෙවැනි දේ කරන්නට ඇත. ඉදිරියේද අසරණ ජීවිත වලට ප්‍රාණය දෙන්නට ඔබට ශක්තිය හිමි වේවා! ඒ අම්මට,දරු පැටියට සහ ජීවකයාණන්ට තෙරුවන් සරණයි!(නු)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 06:12 PM

ඔබයි මිහිපිට දෙවිවරුන්. මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

රසික Wednesday, 26 December 2012 06:30 PM

දෙවිවරු වන් මිනිසුන් මොවුනුයි. (නි)

:       0       0

සන්ජය Friday, 28 December 2012 10:56 AM

ඔබ උපන් දේශයටත් වැදූ මවටත් ආඩම්බරයකි මුදල් පසුපස හඹා යන, ජීවිතයක වටිනාකම නොදන්නා සැමට ඔබ ආදර්ශයකි (ස)

:       0       0

රොෂාන් Wednesday, 26 December 2012 06:38 PM

ඔබට පින්! (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 26 December 2012 06:35 PM

විශිෂ්ට දොස්තර මහතෙක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

කුමුදු Wednesday, 26 December 2012 06:41 PM

උපන් හැටියේ තම බිළිදුන් මරාදමන මවුවරුන් අතරේ ඔබ ‍හොද මවක්. දොස්තර මහත්තයා දෙවි කෙනෙක්. (නි)

:       0       0

ද සිල්වා Thursday, 27 December 2012 07:27 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 08:41 AM

ඔබේ හැකියාවට අපේ ප්‍රණාමය.සුබ පැතුම්. මවටත් දරුවාටත් නීරෝගී සුවය පතමි (ස)

:       0       0

අජිත් Wednesday, 26 December 2012 07:19 PM

ජනතා සම්මානයට පාත්‍ර විය යුතු ඉසිවරයෙක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 26 December 2012 07:19 PM

පුස්සන් රජ වෙලා සුදුස්සන්ට සුදුසු තැන නැතිවෙද්දී ඔබතුමන්ලා වැනි දක්ෂයින් අපේ රට හැරයාම පුදුමයක් නොවෙයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 26 December 2012 07:19 PM

විශිෂ්ට අත්හදාබැලීමක්. ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)

:       0       0

සමන්ත Wednesday, 26 December 2012 07:20 PM

තිදෙනාටම මගේ සුභ පැතුම්! (නි)

:       0       0

තිලක් Wednesday, 26 December 2012 07:17 PM

ලංකාවේ දොස්තරලා පරිඝනකය බලාගෙන නෙමෙයි බෙහෙත් දෙන්නේ. ඒත් ගල්ෆ් රටවල් වල දොස්තරලට නම් පරිඝනකය නැතුවම බැහැ. (නි)

:       0       0

උෂාන් Sunday, 30 December 2012 02:45 PM

වෛද්‍යතුමනි, ඔබගේ හැකියාවට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චමිලා Thursday, 27 December 2012 12:12 PM

මුදල් පසුපස හඹා යන, ජීවිතයක වටිනාකම නොදන්නා දොස්තර අම්බරුවන් අතර රුපියල් සත ගැන සතයක් නොසිතා ජීවිතයක අගය ගැන සිතන ඔබ සැබෑම ජීවකයෙක්. (නි)

:       0       0

ආනන්ද Wednesday, 26 December 2012 07:36 PM

අන්න දොස්තරු. දොස්තරුන්ටත් වඩා දෙවිවරු (දී)

:       0       0

නිරංජන් Wednesday, 26 December 2012 07:39 PM

ඔබ වැනි අය මතු බුදුවන බෝධිසත්ව වන්සේලායි. (නි)

:       0       0

මදුසංක Wednesday, 26 December 2012 07:46 PM

දෙවිවරු වන් මිනිසුන්.ඔබට දීර්ඝායුෂ ලැබේවා!ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (දී)

:       0       0

මංජු Thursday, 27 December 2012 12:46 PM

මිහිපිට දෙවිවරුන් ඔබයි. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 27 December 2012 01:09 PM

ඔබයි අපේ කාලයේ ජීවය... (නි)

:       0       0

කසුනි Saturday, 29 December 2012 08:47 PM

ලොකුම ලොකු පිණක්...!(නු)

:       0       0

බුද්ධික Thursday, 27 December 2012 01:14 PM

මංජුගේ අදහසට මමත් එකගයි. (නි)

:       0       0

කසුන් Wednesday, 26 December 2012 08:19 PM

උතුම් වැඩක් උතුමාණෙනි.. ඔබගේ සිසුවෙකු වීම ආඩම්බරයකි..!(නු)

:       0       0

සරත් Wednesday, 26 December 2012 08:28 PM

ජාතියේ පිනට පහළ වූ දෙවියෙකි.. ජනපතිදුන්ගේ අවධානයට ලක් වේවායි පතමි.. ඔබ ට පිං..!(නු)

:       0       0

සදා Wednesday, 26 December 2012 08:33 PM

දරැවාටත් මවටත් වෛද්‍යවරයාටත් තෙරුවන් සරණයි..!(නු)

:       0       0

ඩී.ධම්මපාල හිමි Wednesday, 26 December 2012 08:41 PM

වෛද්‍යතුමනි ඔබ වැන්නන්ට රටේ ඉහළම ගෞරවය සැළකිල්ල හිමි විය යුතුයි..! ඔබට තෙරුවන් සරණයි..!(නු)

:       0       0

අමිල Wednesday, 26 December 2012 08:55 PM

ඔබ දෙවි කෙනෙක් (දී)

:       0       0

අතුල Wednesday, 26 December 2012 08:56 PM

අදහන්න වටිනවා (දී)

:       0       0

සුසන්ත Wednesday, 26 December 2012 09:16 PM

මිහිපිට දෙවිවරු (දී)

:       0       0

රොහාන් Wednesday, 26 December 2012 09:15 PM

දයාඉර වෛද්‍යවරය මගේ උණුසුම් සුභ පැතුම් ඔබට කරගෙන යන්න මේ වැඩ ඉදිරියටත්... අපි ඔබට සහය වෙන්නෙමු..!(නු)

:       0       0

සදුනි Wednesday, 26 December 2012 09:43 PM

ජීවකයෙක්..!(නු)

:       0       0

මංගලසෝම Wednesday, 26 December 2012 09:43 PM

පින්මන්ද පුතුන් සියයක් ලැබුවත් නිසරු, මේ දොස්තර මහතා වගේ ගුණ නැණ බෙලෙන් යුතු එක පුතෙක් හිටියත් ඇති...(නු)

:       0       0

කීර්ති ඩුබායි Thursday, 27 December 2012 09:46 PM

මෙවැනි දෙවිවරු දැකගන්න සළස්වපු එසැණ පුවත් මාධ්‍යවේදීන්ටත් අපි ස්තුති කරන්න ඕන.. මෙවැනි පුවත් නැවත නැවතත් පළ කරන මෙන් ඉල්ලා සිටිමි..!(නු)

:       0       0

චතූ Sunday, 30 December 2012 06:14 PM

සියලු දෙවියෝ ඔබ තුමන්ව රැක දෙත්වා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 162 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 484 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 285 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 199 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 948 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 807 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site