IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අ'පුර සංධාන පෙළපාලියෙන් උසස්පෙළ සිසුන්ට බාධා ?

උතුරුමැද පළාත් සභා ඡන්දයේ සංධාන මංගල රැළියට පෙර වලිසිංහ හරිස්චන්ද්‍ර පිටියෙන් ඇරඹි පෙළපාලියකින් උසස් පෙළ විභාග අපේක්ෂකයනට බාධා සිදුවේදැයි යන්න වහා සොයා බලන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළේය. අද දහවල් 12ට පමණ ආරම්භ කළ පෙළපාලියෙන් ඇතිවූ ඝෝෂාව නිසා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය යන විභාග මධ්‍යස්ථාන තුනෙහි උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලියන විභාග අපේක්ෂකයනට බාධා වුණැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කර ඇත.



අදහස් (0)

අ'පුර සංධාන පෙළපාලියෙන් උසස්පෙළ සිසුන්ට බාධා ?

ප්‍රභාත් Monday, 20 August 2012 07:45 AM

ඉගෙනගත්තත් ඉන් වැඩක් ගන්නා කෙනෙකුට පමණයි එහි වටිනාකම තේරෙන්නේ (නි)

:       0       0

සුරංග මුදියන්සේ Saturday, 18 August 2012 11:41 PM

දැං ඡන්දය දෙන්න පක්ෂයක් හොයාගන්නත් නැහැ.. ඡන්දය නොදී ඉදලා වැඩකුත් නැහැ.. 83 වගේ එළියට එන්න කොල්ලොත් නැහැ දැං.. දෙයියනේ මොනවා කරන්නද දන්නෙත් නැහැ..!!(නු)

:       0       0

මනෝජ් Saturday, 18 August 2012 11:50 PM

රජිත වගේ අය ඉන්න රටක් මේක...!!(නු)

:       0       0

සේනක Sunday, 19 August 2012 12:14 AM

ජනතාවනි තීරණය ඔබ අතේ....!!(නු)

:       0       0

චමින්ද Sunday, 19 August 2012 03:26 AM

මම හිතන්නේ රජිත ඒකෙන් කියන්න අදහස් කළේ අපේ දේශපාලඥයින් හිතන රටාවයි. (නි)

:       0       0

සුසිල් Sunday, 19 August 2012 04:19 AM

මෙවර ඡන්දෙයෙන් හොද තීරණයක් ගන්න..!!(නු)

:       0       0

නීලා Sunday, 19 August 2012 07:08 AM

රජිත, ඡන්දයකට වඩා විභාගය වැදගත්. ඒත් ඡන්දයකට දින නියම කරද්දි වටපිටාව ගැනත් හොයලා බලන්නයි තිබුණේ. (නි)

:       0       0

ගුණරත්න Sunday, 19 August 2012 07:50 AM

මේකට කාටවත් බණින් ඕනෑ නැහැ. අදහස් ප්‍රායෝගිකවම ඡන්දයේදී දක්වන්න පුලුවන්නේ. (නි)

:       0       0

ජයසේකර Sunday, 19 August 2012 08:28 AM

එක් සිසුවෙකුට හෝ මින් අසාධාරණයක් සිදු වී නම් කරුණාකර අදාල බලධාරීන් ඔවුන්ගේ සේවයෙන් වහා ඉල්ලා අස්විය යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 08:34 AM

චමින්ද හරි. රජිතගේ අදහස් නිවැරදියි. (නි)

:       0       0

සහන් Sunday, 19 August 2012 06:41 PM

රජිත්, කීර්ති වගේ මෝඩ මිනිසුන් කවදාවත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියල නැහැ. ලිවුවත් පාස් වෙලා නැහැ. ඒක මට විශ්වාසයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 19 August 2012 09:09 AM

"නීලා 2012-08-19 07:08:44 රජිත, ඡන්දයකට වාද විවාද වැදගත්. ඒත් ඡන්දයකට දින නියම කරද්දි වටපිටාව ගැනත් හොයලා බලන්නයි තිබුණේ" වටපිටාව නම් හොයන්න ඇති, මෙන්න මේ කරුණු තුන ගැන. 1. අනෙක් පක්ෂවල කුළල් කා ගැනීම්, 2. ළඟ ළඟ එන දේශපාලනික පිරිහීම. 3. ග්‍රහචාරය. (නි)

:       0       0

සමරකෝන් Sunday, 19 August 2012 09:13 AM

සනත් ඉන්දික ඔබ හරි. මාද එය එකහෙළා අනුමත කරමි. රටේ මිනිසුන් 100 කට මේ වගේ එක් අයෙකුද සිටින බව සිතට ගන්න. (නි)

:       0       0

ඩයස් Sunday, 19 August 2012 09:19 AM

රජිත අදහස් කර ඇති දේ බුද්ධිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුලුවන්. (නි)

:       0       0

ලියනගේ Sunday, 19 August 2012 09:26 AM

හුගක්ම දේශපාලඥයන් නිසි අධ්‍යාපනයකින් තොරයි. ඒ නිසයි මේ හැම දෙයක්ම වගේ සිදුවන්නේ. (නි)

:       0       0

සහන් Sunday, 19 August 2012 09:37 AM

සනත් ඉන්දික, මනෝජ් වගේ උගතුන් නිසා රටේ අධයාපන්‍ය බාල්දු වෙනවා. නන්දා මාලනීගේ "රට කරවන්න නම්" සිංදුව අහලා ඔයාලා තේරුම් ගත්තේ මොනවාද කියලා මට සැකයි. (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 10:50 AM

උසස් පෙළ විභාගය හැම අවුරුද්දෙම එනවා. ඒත් ඡන්ද හැම අවුරුද්දෙම එන්නේ නෑනේ. මේ සැරේ බැරිවුණොත් ලබන පාරත් ලියන්න. එච්චරයි. (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 10:52 AM

අනේ විකාර, ඔය කියන විභාගය පාස් කරලද අද හැමෝම සුරසැප විදින්නේ එතකොට? (නි)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 18 August 2012 03:29 PM

අනේ ජනාධිපතිතුමනි පක්ෂෙ ඉන්න පුද්ගලයෝ හදලා ඉන්න. (ත)

:       0       0

රජිත් Saturday, 18 August 2012 03:42 PM

උසස් පෙළ විභාගය හැම අවුරුද්දෙම එනවා. ඒත් ඡන්ද හැම අවුරුද්දෙම එන්නේ නෑනේ. මේ සැරේ බැරිවුනොත් ලබන පාරත් ලියන්න. එච්චරයි. (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 18 August 2012 03:50 PM

ඔය වගේ වැඩ කරන අයට ඡන්දේ නොදී ඉන්න මිනිස්සු දැනගන්න ඕන. (ස)

:       0       0

ජගත් Sunday, 19 August 2012 09:40 PM

රජිත් කිව්ව දේ ගොඩාක් අය තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට. විභාග ප්‍රශ්ණ පත්‍රවල තියෙන්නෙ සුලු සුලු වැරදි කියලා කියනවා වගේ මේකටත් උත්තරයක් දෙයි. රජිත් ඒ උත්තරේ කලින්ම දෙනවා. රජිත් මම ඔබ සමගයි. (නි)

:       0       0

බුද්ධි Saturday, 18 August 2012 03:56 PM

මේ දක්වා පරීක්ෂණයකින් වැරදි කරුවකු වූ කෙනෙක් කියන්න බලන්න? (ත)

:       0       0

වරුණ Saturday, 18 August 2012 04:10 PM

මේ රටට උගත් බුද්ධිමත් පරපුරක් බිහිකිරීමට කාටවත් උවමනාවක් නැහැ. මෝඩයන් බිහි කිරීම තමයි බලය රැක ගැනීමට හොදම දෙය.. ඒක තමයි අරමුණ මෙයලාගේ...!!(නු)

:       0       0

නසාර් පොල්ගවෙල Saturday, 18 August 2012 04:32 PM

මේ අයට විභාග ගැන එතරම් දැනුමක් නැහැ...!!(නු)

:       0       0

දිල්කි Saturday, 18 August 2012 04:35 PM

ඉස්කෝලෙ ගිය අය විතරයි විභාගෙක වටිනාකමක් දන්නෙ..!!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 18 August 2012 04:49 PM

ඕවා ගැන සොයා බලා වාර්තාව එනකොට ප්‍රථිඵලත් ඇවිල්ල තියෙයි..!! මෙයාල දන්න උසස් පෙළ...(නු)

:       0       0

සනත් ඉන්දික Saturday, 18 August 2012 05:43 PM

රන්ජිත්, මට ඔයාගේ උගත්කම ගැන දුකයි. අඩුම තරමින් ඔය වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැද්ද? පාසලක ගිය කෙනෙක් මිසක් කට්ටි පැනපු මෝඩයන්ට කොහෙන්ද විභාගයක වටිනාකමක්? ඔයාල වගේ අය තමයි පෙළපාලි වල හතර ගාතෙන් නට නටා යන්නේ. ඔහොම යන්න, ඔහොම යන්න. ඉදිරියට මැතිවරණ වැලක් තියනවා. බඩගෝස්තටරේ හොයාගෙන යහතින් වැජඹෙන්න. (නි)

:       0       0

උදය Saturday, 18 August 2012 05:53 PM

පොලිසිය බලන් ඉන්දැද්දි තමයි රතිඤ්ඤා පත්තු වෙලා පෙළපාලි වල ඝෝෂාව පටන් ගත්තේ. ඉතිං මේවා කාටද කියන්නේ? (නි)

:       0       0

කුරුප්පු Saturday, 18 August 2012 05:58 PM

මේ විභාග අසමත් උනත් කමක් නැහැ.... හත පාස්නම් අපේ ලංකාවෙ හොදම රැකියාවලට යන්න පුළුවං...!!(නු)

:       0       0

අශාන් Saturday, 18 August 2012 06:16 PM

අද නූගතුන්ට කරන්න පුලුවන් හොදම රැකියාව දේශපාලනය නිසා ළමයින්ටත් තිබුණේ පෙළපාලියට යන්නයි. (නි)

:       0       0

ලියනගේ Sunday, 19 August 2012 11:07 PM

රජිත් ලියාපු දේ නොතේරෙන්නේ මෝඩයන්ටයි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 18 August 2012 06:55 PM

රජිත, ඔයා දන්නෙ නැහැ අවුරුද්දක වටිනාකම ළමයෙකුට...!!(නු)

:       0       0

දනුක Sunday, 19 August 2012 11:52 PM

විභාගය පාස් වෙන්න අවසර තියෙන්නේ ලොකු ලොකු අයගේ ළමයින්ට විතරද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 18 August 2012 06:57 PM

ආණ්ඩුවට විභාග ගැන හැගීමක් නැහැ...!(නු)

:       0       0

කෙවින් Saturday, 18 August 2012 07:51 PM

මෙයාලට රට පාලනය කරන් දුන්නනම් මීට වඩා දේවල් බලාපොරොත්තු විය යුතුයි..!!(නු)

:       0       0

යසින්ත Saturday, 18 August 2012 08:37 PM

අනුරාධපුර වැසියනි... ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නැතිව..!!(නු)

:       0       0

මධු Saturday, 18 August 2012 08:53 PM

පව් අහිංසක දරුවෝ..!!(නු)

:       0       0

සුදත් Saturday, 18 August 2012 08:57 PM

විභාගෙ වගේද ඡන්දෙ. විභාගෙ පාස් නම් වැඩිම උනොත් කැම්පස් එකක ලෙක්චර් කෙනෙක් වෙයි. ඡන්දෙ දින්නොත් සියළු පහසුකම් සමග මාසෙට පඩිය ලක්ෂයයි.(නු)

:       0       0

නුවන් Saturday, 18 August 2012 08:54 PM

අධ්‍යාපනයේ වැදගත්කම තේරෙන්නෙ නැහැනේ..!!(නු)

:       0       0

සිසිර Saturday, 18 August 2012 09:05 PM

අනේ ජනාධිපතිතුමා ආවද අනුරාධපුරේ...?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1128 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 716 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 260 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1950 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1774 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 550 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40037 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site