IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආගමික පොලිසිය එපා

කොළඹ ධර්මපාලන මාවතේ බුද්ධ ශාසන අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටවූ පොලිස් ඒකකය ඉවත් කරන්නැයි ඉල්ලා රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහියෝ අද (28) පැදුරු ද රැගෙන එහි පැමිණ විරෝධතාවයක් ඇරැඹූහ.

ආගමික පොලිස් ඒකකය ඉවත් කරගන්නා තුරු අමාත්‍යංශයෙන් පිටත්ව නොයන බව හිමිවරු පැවසූහ.

පොලිස් ඒකකය සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට සඳහන් ලිපියක් අමාත්‍යංශ ලේකම් විසින් රාවණා බලයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියනට ලබා දෙනු ලැබීමෙන් පසුව පිරිස විසිර ගියහ.



අදහස් (0)

ආගමික පොලිසිය එපා

චම්පික Wednesday, 28 May 2014 09:53 PM

ඔබ වහන්සේලාට අපගේ ගෞරවය හදවතින්ම පුදකරමු! (නි)

:       0       0

චානක Wednesday, 28 May 2014 09:53 PM

රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් හඬ නගන ඔබ වහන්සේලාට අප සැමගේ ප්‍රණාමය. (නි)

:       0       0

චානක Wednesday, 28 May 2014 09:58 PM

මම නම් කියන්නේ ස්වාමින් වහන්සේලාට තිබෙන්නේ භාවනායෝගීව, පිඬු සිඟා වඩිමින්, ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදීම කියලයි (නි)

:       0       0

අසංග Thursday, 29 May 2014 04:55 PM

අපේ රටට ආගමික පොලිසි අනවශ්‍යයි.(දිල්)

:       0       0

රණා Wednesday, 28 May 2014 10:54 PM

විවිධ රටවල ආගම නැතිවීමට ප්‍රධාන හේතුව සිත් තුලින් ආගම නැතිවීමයි. එ අයට බුදු දහම තේරුම් ගත යුතුයි. අද අප රටේ බුදු දහම හරියට අදහන අය දිනෙන් දින බයානක ලෙස අඩුවෙනවා. අපි එය වැඩි කරමු සිත් සතන් හදලා (අ)

:       0       0

වින්සන්ට් Wednesday, 28 May 2014 11:09 PM

ආගමික පොලිස් ඒකකය ඉතා කාලෝචිතය .නිතරම දකින්න තිබෙන ආගමික ගැටුම් අවම කර ගැනීමට උත්සහ ගන්න ස්ථානයක් වශයෙන් එය හැදින්විය හැකිය.වෙනම ඒකකයක් වශයෙන් කටයුතු කිරීම වඩාහොද සේවයක් ලබා ගැනීමට හැකිවේ.නිතිය එපා කියන්නේ නීති විරෝධීව හැසිරීමට අවශ්‍ය නිසාද?ගැටීම් ඇති වීම මගින් කිසියම් ධර්මයක් ධාර්මික මඟකට යොමුවෙනවද?ගැටුමක් ඇති නොවීම තුල කිසිවෙකුට දේසපාලන හෝ කිසියම් අවාසියක් සිදු වෙනවාද? (අ)

:       0       0

සුගත් Thursday, 29 May 2014 02:57 AM

අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)

:       0       0

කාන්ති Thursday, 29 May 2014 03:40 AM

අනේ හාමුදුරුවනේ, ඕවට මැදිහත් නොවී ඉන්නවා නම් අපි කැමතියි (නි)

:       0       0

සුගත් Thursday, 29 May 2014 05:54 AM

ඉන්ද්‍රජිත්, සෙනරත් බණ්ඩාර මහත්වරුනි, ඔයාලගේ අදහස් සියයට සියයක් ඇත්ත. (අ)

:       0       0

සුබසිංහ Wednesday, 28 May 2014 02:19 PM

අනේ මන්දා මොනවද කියලා දැන් දැන් සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

අසෝක Thursday, 29 May 2014 06:19 AM

පැදුරු අරගෙන ගියේ මොකටද? (නි)

:       0       0

කමණි Thursday, 29 May 2014 06:20 AM

බෞද්ධාගම රැක ගැනීමට නම් ඔබ වහන්සේලාට බොහෝ දේ කළ හැකියි. ත්‍රිපිටකය අන්තර්ජාලගත කරන්න, මිහිඳු මහ රහතන් වහන්සේ කළ ලෙස ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන්න. තවත් බොහෝ දේ කරන්න. අවුරුදු 30ක් යුද්ධයකින් බැට කෑ අපට තවත් යුද්ධයක් අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ඒඩිමන් පීරිස් Wednesday, 28 May 2014 02:22 PM

කවුරු මොනවා කිවුවත් මිනිසුන් කරන වැරදි නිවැරදි කරන්න බැහැ (නි)

:       0       0

ගිහාන් Wednesday, 28 May 2014 02:28 PM

අපිට නම් මේ ප්‍රශ්න නැහැ. අපි සමගියෙන් ඉන්නවා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 28 May 2014 02:28 PM

මගෙත් අදහස මෙය අනවශ්‍ය දෙයක් බවයි (නි)

:       0       0

අසාදි Thursday, 29 May 2014 08:22 AM

රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් හඬ නගන ඔබ වහන්සේලාට අප සැමගේ ප්‍රණාමය. (ස)

:       0       0

සෑම් Wednesday, 28 May 2014 02:36 PM

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී.... දහමෙහි හැසිරෙන්නා දහම විසින් රැකගනී. (නි)

:       0       0

නිමල්ලාලිත Thursday, 29 May 2014 08:26 AM

අැත්ත වශයෙන්ම අවශ්‍ය ආගමික පොලිසි නොවේ. මුළු රටේම ජනතාවට එකම නීතියකින් ,එනම් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීතියකින් ජිවත් වීමට සැලස්විම. ආගමික නීති රටේ පාලනය සඳහා යොදා ගැනීමට ඉඩ නොතැබීම. අද සිදුවන්නේ 30 අවුරුදු යුද්ධයකින් වැඩියෙන්ම බැට කාපු සිංහලයා, සිංහල බෞද්ධයා තවදුරටත් බැට කෑමයි. (ස)

:       0       0

සරත් Thursday, 29 May 2014 08:49 AM

මෙම බලසේනවටත් ගරු අධිකරණයකින් අවවාදයක් ලැබුණා නම් නරකද? (ස)

:       0       0

නිසාර් Wednesday, 28 May 2014 03:04 PM

ආගමට, බාසාවට, ක්‍රීඩාවට, සංස්කෘතියට, කලාවට යනාදී වශයෙන් වෙන වෙනම පොලිස් අවශ්‍යයි. මොකද නැති ප්‍රශ්න ඇතිවෙන්නේ එතකොට. (ස)

:       0       0

කලන Wednesday, 28 May 2014 03:05 PM

රට කාල ඉවරයි, සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා (ස)

:       0       0

සෆ්රාස් Thursday, 29 May 2014 09:05 AM

කමනි, ඔයාගේ අදහස ඉතාමත් වටිනවා.(නදී)

:       0       0

රේණුක පෙරේරා Wednesday, 28 May 2014 03:30 PM

එම පොලිසිය ස්ථාපිත කළ එක ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක්. අනෙක් ආගම් වලට වෙන හිරිහැර වලක්වන්න පුළුවන්.(දිල්)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 29 May 2014 09:07 AM

රටේ දැනට තියෙන සංශෝධන කලයුතු නිතිය උනත් එය ක්‍රියාත්මක කරන උදවියට හරියට ස්වාධීනව ක්‍රියාත්මක කරන්ට ඉඩ දුන්නා නම් එය හොඳටම ප්‍රමාණවත්. ආයෙත් අමුතුවෙන් පොලිස් ඒකක පිහිටුවන්ට උවමනා නැහැ. හැම දෙයකටම මුල්වෙන්නේ තමන්ගේ චේතනාවන් තමයි. පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා ! (නදී)

:       0       0

ඉරන්ත ගමගේ Thursday, 29 May 2014 09:11 AM

හාමුදුරුවනේ, ඔය වගේ දේවල් නවත්වලා බුදුන් වහන්සේ ලොවට දායාද කල නිර්මල ධර්මය ප්‍රචාරය කරන්න. එක පැමිණිල්ලක් වත් එන්නේ නැති ජන සමාජයක් නිර්මාණය කිරීමේ වගකීමයි ඔබ වහන්සේලාට තියෙන්නේ. බුදුන් වහන්සේ කවදාවත් රටේ නීති වෙනස් කරන්න ගියේ නෑ. අපේ රටේ ඉන්න හාමුදුරුවරු අදර්ශමත් කරන්න. නිර්මල බුදුදහම තව කාලයක් පවතීවි.(නදී)

:       0       0

සමන් රණවක Thursday, 29 May 2014 09:14 AM

කමනි ගේ අදහස ඉතා කාලෝචිතයි . සියලු දේ වෙනස් වන සුළු බව බුදු දහමේ සඳහන් වේ. නවීන ලෝකයට උචිත ලෙස ධර්ම ප්‍රචාරක විදි සහ වචන භාවිතයත් වෙනස් විය යුතුය. නිර්මල බුදු දහම කිසි විට විකෘති නොකරන්න . අවිහිංසාව වෙනුවට ක්‍රෝධය වැපිරවීම නොකරන්න. සැමට තෙරුවන් සරණි.(නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 28 May 2014 04:25 PM

මෙම පොලිස් ඒකකය නිසා සිදුවන්නේ ආගමික විරසක පවතින බව ඔප්පු කිරීමක් පමණි. මෙය වහාම ඉවත් කර සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතු වේ (දිල්)

:       0       0

රොෂාන් Wednesday, 28 May 2014 04:39 PM

හැම මිනිහටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. තව කීයක් පොලිසි හදයිද දන්නෙත් නැහැ. (නි)

:       0       0

දිලූ Thursday, 29 May 2014 10:11 AM

අපි සියලු ජාතීන් එකමුතු වෙලා සියලු ජාතීන් ආරක්ෂාකරගනිමින් ඉදිරියටම යමු, (ස)

:       0       0

කරුණා Wednesday, 28 May 2014 05:10 PM

මේවා නිකන් බොරු සෝබන වැඩ , (දී)

:       0       0

කලන Wednesday, 28 May 2014 05:14 PM

රේණුක, පිස්සුද නැත්නම් හැටිද? අනික් ආගම් වලට කවුද හිරිහෙර කලේ? කවුද අපේ පන්සල් විනාස කලේ? කවුද හලාල් ගෙනාවේ? කවුද හැමතැනම පල්ලි හදන්නේ? රටේ ලස්සනත් ඉවරයි. රටත් ඉවරයි. (දී)

:       0       0

රෝහිත Sunday, 01 June 2014 03:26 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

නිර්මලා Wednesday, 28 May 2014 05:24 PM

දේශපාලන ධර්මය රට පුරා වපුරමින් බුදු දහම හා රටේ සාමය විනාශ කිරීමට උත්සහ කරන මේ දේශපාලන භික්ෂුන්ට අපි ගරු නොකරන්නෙමු. (දී)

:       0       0

දිනා Wednesday, 28 May 2014 05:25 PM

දැන් සිදු වෙන්නෙම ආගමට පටහැනි දේවල් එක නිසා මේක පුදුමයක් නෙමෙයි (දී)

:       0       0

සම්පත් Wednesday, 28 May 2014 05:26 PM

වෙනත් ආගම් වලට ලංකාවේ ප්‍රචාරය කරන්න අනුග්‍රය දැක්වුවේ බුද්ධයෝ. දැන් මොනවද මේ ආගමික පොලිසි දාලා බලාපොරුත්තු වෙන්නේ? දැන් බුද්ධ ශාසනයටය් අනිත් ආගම් හිරිහැර කන්නනේ. උදාහරණයක් විධියට දීගවාපිය පුද බිම බලන්න. මේවගේවත් විරෝදතාවක් නැත්නම් මෙලහකට ලංකාවේ බුද්ධ ශාසනයක් නැහැ. (දී)

:       0       0

රුවන් Wednesday, 28 May 2014 05:30 PM

මේ වගේ හාමුදුරුවරු නැත්නම් මෙලහකට බුද්ධාගම ලංකාවෙන් තුරන් වෙලා ඉවරයි (දී)

:       0       0

සුදත් Wednesday, 28 May 2014 05:37 PM

ප්‍රශ්න මදිවටද ලෝකෙට ඔප්පු කරන්න යන්නේ මෙහෙ ආගමික ගැටුමුත් තියනවා කියල. (අ)

:       0       0

සේරම් Wednesday, 28 May 2014 06:03 PM

රටේ ඉස්මතු වෙමින් පවතින ආගමික හිරිහැර වලට හොඳම විසඳුමක් මෙම පොලිස් ඒකකය (දිල්)

:       0       0

ඇල්බට් Wednesday, 28 May 2014 06:29 PM

රන්ජිත් සිල්වා සමග මම එකඟ වෙනවා . (අ)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 28 May 2014 06:46 PM

රටේ මේ ප්‍රශ්නවලට දෙසපලකයන් වගකියන්න ඕනේ , (අ)

:       0       0

සෆ්ෆ්රාස් Wednesday, 28 May 2014 06:54 PM

එම පොලිසිය ස්ථාපිත කළ එක ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක්. රේණුකා පෙරේරා, සමඟ මමත් එකඟ වෙනවා. (අ)

:       0       0

සමන්ති Wednesday, 28 May 2014 07:20 PM

පොලීසිය එකම දෙපාර්තමේන්තුවක් නිසා එහි කොටස් තිබෙනවාට මගේද කැමැත්තක් නැත. (නි)

:       0       0

චන්න Wednesday, 28 May 2014 07:48 PM

ඇත්තටම මෙවන් පොලිසියක් අවශ්‍යද? (නි)

:       0       0

අනුර Wednesday, 28 May 2014 07:49 PM

මට නම් පෙනෙන්නේ මේවා අනවශ්‍ය ප්‍රශ්න කියලයි (නි)

:       0       0

අසාද් Wednesday, 28 May 2014 07:51 PM

ගොඩක් පොලිස් මහත්තුරුන්ට ආගම ධර්මයක් නැහැ.(නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 28 May 2014 07:53 PM

අනේ හාමුදුරුවනේ, අතීතයේ බෞද්ධ රටවල් වූ ඇෆ්ගනිස්ථානය‍ට, මාලදිවයිනට සිදුවූ දේ මේ රටට වෙන්න දෙන්න එපා. ඔබවහන්සේලාගේ වෑයමට අපේ උපහාරය! කට ඇති වැඩ නැති බහුතරයක් ඉන්න රටක් මේක. (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 28 May 2014 08:25 PM

ඉන්ද්‍රජිත් මහත්මයාගේ අදහසට මම ගරු කරනවා වගේම අපේ රටේ සිදු වන දේ ගැන නොදැන මෙහි අදහස් දැක්වූ අය ගැන කණගාටු වෙනවා. අනිත් දේ අද භික්ෂුන් වහන්සේට තමන්ගේ භික්ෂුතවය ආරක්ෂා කරගැනීමට උන්වහන්සේලාට මහා පාරට බහින්න වීම රටේ අභාග්‍යක් ලෙස සලකනවා. (නදී)

:       0       0

රාණා Wednesday, 28 May 2014 08:54 PM

පොලිසිය රැකගන්න පොලිසියක් දාන්න! (නධී)

:       0       0

සාමා Wednesday, 28 May 2014 09:06 PM

හාමුදුරුවනේ, අපේ ලංකාවේ ජනතාවට ජිවත් වීමද ප්‍රස්නයක් , ඒ මදිවට ජීවන වීයදම ඉහලයාම්, අලි මදිවට කොටි වගේ ආගමික ප්‍රශ්නත් ඇවිත්. පොලිස් ඒකක කොපමණ පිහිටුවත් මදි වගේ. (නදී)

:       0       0

සාමා Thursday, 29 May 2014 02:15 PM

කමනි ඔයා සීයට සීයක් හරි. ඇයි මේ ඕනේ නැති ප්‍රශ්න. ආගමට නිගරු වෙන විදියේ වැඩ කවුරුත් කරන්න හොද නැහැ.(දිල්)

:       0       0

ජයන්ත Wednesday, 28 May 2014 09:33 PM

ලෝකේ කොහෙවත් නැති පොලිසියක් කීප දෙනෙක්ගේ වුවමනාවට හැදුවා. එය නවත්වන්න ඔබ වහන්සේ දරන වෑයමට පින්. ලෝකේ කොහේද ආගමික පොලිසි තියෙන්නේ? (ස)

:       0       0

පූර්ණ Wednesday, 28 May 2014 09:36 PM

ආගමටත් පොලිසියක්,?ආගම නීතියක් වෙයිද​,?එහෙම උනොත් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 716 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1644 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1607 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 398 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 656 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 481 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site