ආගම හා ජාතිය මත පදනම්ව පාසල් බෙදා වෙන් කිරීම නොකළ යුතු දෙයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ සහිරා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කීවේය. රටේ සියලු දෙනා අතර සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ වත්මන් වැඩ පිළිවෙල අනුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන් එක්ව එකතු වී සමගියෙන් සිය අධ්‍යාපන කටයුතු කිරීම අවශ්‍යයැයි ද ජාතීන් අතර සහයෝගීතාව හා අවබෝධය ගොඩනැංවීමට එය අත්‍යාවශ්‍ය බවව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“ආගම, ජාතිය අනුව පාසල් බෙදීම නවතමු“
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 24 November 2015 03:40 AM
පළමු වතාවට රාජ්‍ය නායකයෙක් මෙවැනි අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. මේවා තමයි අනාගතය වෙනුවෙන් අද දිනයේ වහාම විසඳාගත යුතු ප්‍රශ්න. මා වාසය කරන ජර්මනියේ කිසිම පාසලක් ආගමක නමින්, ආගමක අවශ්‍යතාවයක් වෙනුවෙන් පවත්වාගෙන යන්නේ නැහැ. ආගම් ඉගැන්වීමට වෙනම ආයතන තිබෙන අතර මුලු ජර්මනිය පුරාම ඇති පාසැල් වල උගන්වන්නෙ එකම විෂය ධාරාවක්. (නි)
ප්‍රියදර්ශන Tuesday, 24 November 2015 03:45 AM
ජාති ආගම් භේද කොහෙත්ම වැදගත් නැහැ (නි)
සදීප Tuesday, 24 November 2015 03:51 AM
දැන් එතකොට සහිරා එකට සිංහල බෞද්ධ, කතෝලික , හින්දු, ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද? සිංහල බෞද්ධ පාසල් වල නම් කොහොමත් ජාති ආගම් බේදයක් නැතුව ළමයි නිදහසේ ඉන්නවා. (නි)
නිමල් Tuesday, 24 November 2015 10:28 AM
සාම,ලංකා,යසෝදා ඔබේ අදහස් වලට ස්තුතිය.(හේ)
රිමාස් Tuesday, 24 November 2015 03:58 AM
ජනපතිතුමනි, මම මුස්ලිම් ජාතිකයෙක් වශයෙන් ඔබට මේ කාර්යය ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවාලීමට ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ලැබේවායි කියා මුළුමහත් සිතින් ප්‍රාර්ථනා කරමි. (නි)
අකලංක Tuesday, 24 November 2015 03:55 AM
ඔබතුමාට ජයවේවා! (නි)
අබරන් Tuesday, 24 November 2015 04:16 AM
ආගම් සහ ජාති වශයෙන් හැඳින්වෙන දේශපාලන පක්ෂ පළමුවෙන්ම තහනම් කළ යුතුයි .(ම)
යශෝධා Tuesday, 24 November 2015 04:18 AM
ආනන්දේ නාලන්දෙටත් ගෙනත් දාන්න හදන්නේ මරදානේ කට්ටිය. ඡන්දෙ ගන්න ඕන මගුලක් කරනවා. දැන් ඉස්කෝල ටිකත් කන්න හදන්නේ. (බ)
නදීක - කටාර් Tuesday, 24 November 2015 04:20 AM
ඔබ තුමා ඉතා හොඳින් කතා කරනවා. ඔබ තුමාගේ බොහොමයක් අදහස් වලට මම එකඟයි. ඒත් කතාව විතරයිනේ ....වැඩ නැහැ. අපට අවශ්‍ය වැඩියෙන් වැඩකර පෙන්නන ක්‍රමවේදයක්. රටේ ජනතාවට විශ්වාසයක් ඔබ තුමාගේ කතාවලින් ලැබුනට, ඒ විශ්වාසය තහවුරු වෙන්නෙත්, ඔබතුමාගේ කතාවලට වැඩි වටිනාකමක් ලැබෙන්නෙත් ක්‍රියාව තුළින් ඔය අදහස් ඔප්පු කර පෙන්නුවොත් විතරයි. (බ)
නවුෂි මහරුෆ් Tuesday, 24 November 2015 04:30 AM
ජනපති තුමනි ඔබගේ අඳහස ඉතාමත් අගය කළයුතු එකක්. මෙය ක්‍රියාවට නැංවීමට ඔබට අප සියලු දෙනාගේම සහාය. (බ)
ලංකා Tuesday, 24 November 2015 04:35 AM
වත්තල ඉදල මීගමුවට එනකන් තියෙන කතෝලික පාසල් වලට සිංහල බෞද්ධ ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද?සිංහල බෞද්ධ ළමයින් පාසලට ඇතුල් කරනකොට දෙන ලකුණ ප්‍රමාණය කතෝලික පාසල් අඩු කරන්නේ සහජීවනය් නිසාද ? බෞද්ධ පාසල් වල නම් කොහොමත් ජාති ආගම් බේදයක් නැතුව ළමයි නිදහසේ ඉන්නවා (ම)
කමල් Tuesday, 24 November 2015 11:25 AM
රටේ සමගිය ඇති කරන්න. (ර)
අසංග Monday, 23 November 2015 03:48 PM
පාසල් වලට ආගම්වාදය අනවශ්‍යයි. ඔබතුමා හරි (නි)
ගුණවර්ධන Monday, 23 November 2015 03:58 PM
ඔබතුමා රටට වාසනාවක්. ජයවේවො! (නි)
සෑම් Tuesday, 24 November 2015 05:20 AM
දැන් එතකොට සහිරා එකට සිංහල බෞද්ධ, කතෝලික , හින්දු, ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද? සිංහල බෞද්ධ පාසල් වල නම් කොහොමත් ජාති ආගම් බේදයක් නැතුව ළමයි නිදහසේ ඉන්නවා. වත්තල ඉදල මීගමුවට එනකන් තියෙන කතෝලික පාසල් වලට සිංහල බෞද්ධ ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද? සිංහල බෞද්ධ ළමයින් පාසලට ඇතුල් කරනකොට දෙන ලකුණ ප්‍රමාණය කතෝලික පාසල් අඩු කරන්නේ සහජීවනය නිසාද ? (බ)
මලිත් Monday, 23 November 2015 04:41 PM
මෙතුමා කියන විදිහට කරන්න පුලුවන් නම් අපි ගොඩක් කැමතියි (නි)
සුනිල් Monday, 23 November 2015 04:50 PM
ඔබතුමා සමඟ අපි එකඟයි (නි)
සොපී Monday, 23 November 2015 04:50 PM
ඔබතුමාගේ මේ ප්‍රකාශය නිවැරදියි (නි)
කිත්සිරි Monday, 23 November 2015 04:52 PM
ජයවේවා! (නි)
සුපුන් Monday, 23 November 2015 05:41 PM
ඔබතුමාගේ කතාව මසුරන් වටිනවා (නි)
අබරන් Tuesday, 24 November 2015 06:34 AM
මට පේන විදියට ඔබතුමා කරන්නේ ඉන්න ටිකේ ජනතාව රවටන බොරු දෙසා බාලා රටේ ජනප්‍රිය කතා ටිකක් ගොතලා තියලා පැන්ෂන් යන්න.කිසිම දෙයක් තවම කරලා පෙන්නුවේ නැහැ. (බ)
සමන්තිකා පෙරේරා Tuesday, 24 November 2015 06:40 AM
ඉතා හොඳ අදහසක්.ක්‍රියාවට නැගීමට හැකි නම් අගය කරමි.(ම)
අරුණ Monday, 23 November 2015 09:46 PM
හොඳ කතාවක් (නි)
යාපා Monday, 23 November 2015 11:00 PM
ජනාධිපතිතුමාගේ අදහස අගය කරමි (නි)
ජයනාත් Monday, 23 November 2015 11:54 PM
රටේ ප්‍රධාන ජාතිය වන සිංහලයින් මෙයට විරුද්ධ නැහැ. ජනපතිතුමනි, ඔබට මෙය කළහැකි වේවා! (නි)
යසරත්න Tuesday, 24 November 2015 01:30 AM
මෙය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි (නි)
චාමර Tuesday, 24 November 2015 02:15 AM
ඉක්මණින් මේ කියන දේවල් වුණොත් හොඳයි (නි)
ආනන්ද මඩවලගේ Tuesday, 24 November 2015 02:35 AM
ඔබට බොහෝම තුති ජනපතිතුමනි! ඔබට එය කළහැකිය. එය කරන්න. ආගම ජාතිය අනුව අධ්‍යාපනය, ඉඩම්, ප්‍රදේශ වෙන්කිරීම රටේ ඉදිරි ගමනට ඉතා අහිතකරයි. ඔබට ජය. (නි)
මොහොමඩ් Tuesday, 24 November 2015 02:43 AM
මුස්ලිම් සිසු දරුවන්ට වැඩිපුර පාසල් වලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙන්න. (නි)
සුමනපාල Tuesday, 24 November 2015 02:56 AM
ඒක හොඳයි. (නි)
සුසිත Tuesday, 24 November 2015 03:13 AM
ඔබතුමා නියම කතාව නියම තැනදී කිවුවා (නි)
තුසිත Tuesday, 24 November 2015 09:27 AM
ජනපතිතුමනි, ඔබ තුමාගේ අදහස මසුරන් වටිනවා. එය ඔය තැනින්ම දැන්මම පටන් ගන්න. ස්තුතියි. (ර)