ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගත වීමට උත්සහ කළ කාන්තාවක සහ ඇයට ඒ සඳහා උදව් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෛ්දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
සැකකාරිය අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. අත් අඩංගුවට ගනු ලැබු ආගමන විගමන නිළධරයන්ගෙන් එක් අයෙකු ජ්‍යෙෂ්ඨ බලයලත් ආගමන විගමන නිලධාරියෙකි.
සැකකාර කාන්තාව සෞදි අරාබිය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන් ගතවීම සඳහා අවශ්‍ය ලේඛණ රැගෙන ආගමන විගමන අංශයට ගොස් ඇත. එහිදී අදාල ආගමන විගමන නිලධාරීන් දෙදෙනා ඇයගේ ගුවන් ගමන් බලපත ඔවුන්ගේ පරිඝණක පද්ධතියට අතුලත් නොකොට ඇයට ගුවන් ගත වීමට අවසර ලබා දී ඇති බව වාර්ථා වෙයි.
ඇය ඒ සඳහා අල්ලස් මුදලක් ලබා දී ඇති බවත් දැනගන්නට ඇත.
ආගමන විගමන අංශය පසුකර ගුවන් ගත වීමට යමින් සිටි කාන්තාව පිළිබඳ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඇයගේ ලියකියවිලි පරීක්ෂා කර ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආගමන විගමන දෙන්නාත් කොටුවෙති
සඳුන් Saturday, 13 December 2014 01:47 PM
අයියෝ ඕක මොකක්ද?(හේ)
සුදේශ් Saturday, 13 December 2014 02:00 PM
මේ වගේ ගොඩක් දේවල් වෙනවා ගුවන් තොටුපොළෛ් ආගමන විගමන නිළධරයන්ගෙන් විතරක් නොව ව්දේශ සේවා එක ඉන්න නිළධරයනුත්.(හේ)
ශ්‍යාමල් Sunday, 14 December 2014 03:45 PM
ප්‍රශ්න අහන්න තමා නිලධාරී ඉන්නේ. නැතිව ඔහේ රටට යන එන අයව ගන්න නෙමේ. කොලේ පුරවල නැති වුනාම විදෙශිකයන්ට ඒ බව කියන්නේ නැතිව කොලේ නොගෙන යවන්න කියලද දන්නේ නෑ කියන්නේ මේ කෙනා. (නදී)
සුනිල් ගිකියන්ගේ Saturday, 13 December 2014 02:57 PM
වෙන රටවල ආගමන විගමන අංශයේ ඉන්න අයට බොහොම උසස් පෞරෂයක් තියෙනවා. නමුත් ලංකාවේ එහෙම පෙනුමක් වත් නැහැ.කොච්චරන නම් හොරු තක්කඩි රටට එනවා ඇද්ද. ඉන්දියානුවෝ රෙදි විකුණන්නත් එනවා. උන්ට රටේ සංචාරය කරන්න මුදල් තියෙනවාද කියලවත් බලන්නේ නැහැ. චින්නුත් මාලදිවයින් කාරයෝත් ඒ වගේම රටට මුදල් නැතිව ඇතුළු වෙනවා. මගේ චීන යාලුවෙක් අවා මිනහාගේ ආපහු යන ගුවන් ටිකට් එකවත් බලන්නේ නැතිව තමයි ඇතුළු කරල තිබුණේ (නදී)
අසෝක Saturday, 13 December 2014 02:58 PM
කමක් නැහැ යුද්දේ දින්නානේ (නදී)
ප්‍රනීත් Saturday, 13 December 2014 03:36 PM
ඉතාලියට රැකියා සඳහා යන ගොඩක් අය එක්ක ආගමන විගමන නිළධාරීන් සම්බන්ධකම් තියෙනවා කියලා ආරංචියි.ටිකක් හොයලා බැලුවා නම් ඔය ගුවන් තොටුපොළේ ඉන්න බාගෙකට වඩා නිලධාරීන්ගේ හොරකම් හොයාගන්න පුළුවන්. (නි)
හෆීල් Saturday, 13 December 2014 05:23 PM
ඇයි මේ විදියට සෞදියට යන්නේ? (නි)
දිනෙල්කා Sunday, 14 December 2014 12:36 AM
වගකිවයුත්තනුත් මෙහෙම උදවු කරනකොට අනෙක් අය ගැන කවර කතාද? (නි)
නුවන් Sunday, 14 December 2014 01:02 AM
කවුද දන්නෙ තව මෙහෙම අය කොච්චර ඇද්ද කියලා? (නි)
කමල් Monday, 15 December 2014 12:20 AM
ඔන්න බලන්න ඉතින්. කාට කියන්නද? (නි)
සෙනරත් Sunday, 14 December 2014 04:21 AM
ඒ උනාට අපි යනකොට නම් බලන්න ඕනේ තරම් අය ඉන්නවා. විදේශ සේවා එකෙනුත් බලනවා. සපයන සේවාවකුත් නෑ. ළගදි පත්තරේ තිබුන, මැරුණු කෙනාගේ මිනිය ගෙනත් දෙන්න රුපියල් ලක්ෂ 3.5ක් ඉල්ලලා. එ්කට ගිවිසුමකුත් ලබාගෙන. (නදී)
චමල් Sunday, 14 December 2014 05:21 AM
ඒ ගොල්ලන්ගේ ඔක්කොම නීති අපිට තමයි. එතන ඉන්න සමහර නිලධාරීන් අපි ආවම අපි දිහා නිකන් හොරෙක් දිහා බලන විදියට බලන්නේ. ඒ මදිවට ප්‍රශ්නත් අහනවා. අත දරුවෙක් අරන් ඉන්න අයට ප්‍රමුකත්වයක් දෙන්නේ නැහැ. පොලිමේම ඉන්න ඕනේ. එ්ත් මම සේවය කරන රටේ නම් පෝලිම් නැහැ බබාල අරන් ඉන්න අයට. රටට ඇතුල් වෙනකොට පුරවන්න ඕන කොලයක් තියෙනවා විදේශිකයන්ට. සමහර විදේශිකයෝ ඕක නොදැන ආගමන එකට ආවම හරිම සවුත්තු විදියට ඒ අයට කියනවා කොලේ පුරවන් එන්න කියලා. කිසිම සුහදශීලී ගතියක් නැහැ. අපිට කතා කරන්නත් බයයි මොන ලෙඩක් දාල රඳවා ගනීද කියලා. (නදී)
සමන්ති Monday, 15 December 2014 03:04 PM
මෙහෙ පිටරැටියන් පැමිණ වැඩකරන්නේ,බඩු විකුණන්නේ හොරෙන්ද? කොළඹ අවට පරීක්ෂා කළොත් නරකද? (නි)
පියදාස කෝරලගේ Saturday, 13 December 2014 12:45 PM
මෙවැනි දේවල් තව කොපමණ සිදුවෙනවා ඇතිද.? දැන් බලනකොට මුදල් සම්බන්ධ වියහැකි සම තැනකම අධීක්ෂණය කරන්නට යන්ත්‍ර සවිකළ යුතුයි වගේ.(නදී)
ධම්ම Saturday, 13 December 2014 12:58 PM
හැකිතාක් දුරට නීත්‍යානුකුලව යායුතු රටකට මේ විදියට යන්නේ ඇය ඇණ ගහගෙන ආපසු එන්න වෙන්නැති. (හේ)
චමල් Saturday, 13 December 2014 01:04 PM
ගම ධර්ගා නගරය, යන්නේ සෟදි අරාබියට. අපිට හේතුව කියනවද ඇත අඩංගුවට ගත්ත. නැත්නම් අපිට වෙන වෙන සැක ඇති වෙනවා. (නදී)
ඉසුරන්දි දෝහා Saturday, 13 December 2014 01:29 PM
මෙතන ලිංගික අල්ලසක් ගැන කියවෙන්නේ නැහැ නේද.මෙවැනි අල්ලස් වලට අනිවාර්යෙන්ම ඕක ඇතුලත් විය යුතුයි.(හේ)
මොහොමඩ් කාන් Saturday, 13 December 2014 01:33 PM
මොකද්ද හේතුව සෞදි හොරෙන් යන්න ඕනේ නැහැනේ.(හේ)