IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආගර් (98) ටෙස්ට් ක‍්‍රිකට් වාර්තා පොත අලූත් කරයි

ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෝඩුකාර ඇෂ්ටන් ආගර් ගේ (98) ලෝක වාර්තාගත ඉනිම නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (11)  ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 280 ක් රැස්කළේය.

අද දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 80 ක් ලබා ලකුණු 15 ක් ඉදිරියෙන් සිටියේය.

ඇෂ්ටන් ආගර් පන්දු 101 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 98 ක් ලබා ශතකය පෙනි පෙනී දැවී ගියේය.
සිය පළමු ටෙස්ට් තරගයේදී අංක 11 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් රැුස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස 19 හැවිරිදි ඇෂ්ටන් ආගර් ඉතිහාසයට එකතු විය. මෙම ලකුණු 98 ටෙස්ට් තරගයකදී අංක 11 පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු ලෝක වාර්තාව ද වේ.

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක‍්‍රිඩක ටීනෝ බෙස්ට් පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව එජ්බැස්ටන්හිදී ලකුණු 95 ක් රැස්කරමින් අංක 11 පිතිකරු වැඩිම ලකුණු වාර්තාව පිහිටුවා තිබුණි. 

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 117 කට කඩුලූ 9 ක් දැවී දැඩි අසීරු අඩියකට වැටී සිටියදී පිලිප් හියුස් (නොදැවී 81) සහ ඇෂ්ටන් ආගර් (98) 10 වැනි කඩුල්ල සඳහා ලකුණු 163 ක සම්බන්ධතාවක් පවත්වමින් අවසන් කඩුල්ලේ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූහ.

අවසන් කඩුල්ලේ මීට පෙර වැඩිම කඩුලූ සම්බන්ධතාව ලෙස නවසීලන්තය වෙනුවෙන් බ‍්‍රයන් හස්ටින් සහ රිචඞ් කොලින් (1972/73) පාකිස්තානයට එරෙහිව ද, පාකිස්තානය වෙනුවෙන් අසාර් මහ්මූඞ් සහ මුෂ්ටාක් අහ්මඞ් (1997/98) දකුණු අප‍්‍රිකාවට එරෙහිව ද, ලකුණු 151 ක සම්බන්ධතාවක් පවත්වමින් එම වාර්තාවට සමව හිමිකම් කීහ.   

ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ අංක 11 පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු ලෙස ග්ලේන් මැග‍්‍රාත් රැස්කර සිටි ලකුණු 61 ක ද පසුකර යෑමට ඇෂ්ටන් ආගර් සමත් විය. හිටපු  ඕස්ටේ‍්‍රලියානු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක මැග‍්‍රාත් මෙහිදී ආගර්ට ටෙස්ට් හිස්වැස්ස නිල වශයෙන් පිරිනැමූ ආරාධිතයා වීම ද කැපී පෙනේ.

වමතින් පා දඟ පන්දු යවන්නකු ලෙස  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වූ ඇෂ්ටන් ආගර් ගේ මුත්තණුවන් වන නාලා හේවාවිස්ස මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබේ. ආගර්ගේ මිත්තණිය ශීලා හේවාවිස්ස කලක් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සේවය කර තිබේ.  

එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215

(ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 80 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 37, කෙවින් පීටර්සන් නොදැවී 35, මිචෙල් ස්ටාර්ක් 15/2)

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280

(ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5, ස්ටීව් ෆින් 80/2, ගේ‍්‍රම් ස්වාන් 60/2)

 



අදහස් (0)

ආගර් (98) ටෙස්ට් ක‍්‍රිකට් වාර්තා පොත අලූත් කරයි

වසන්ත Thursday, 11 July 2013 09:50 PM

ඇයි අපේ ලෝක වාර්තාවක් තිබ්බේ ෆ්ලයිට් එකක? (නි)

:       0       0

රාජුන් Friday, 12 July 2013 04:37 PM

ලුම්බිණී, ඇෂ්ටන්ගේ මව, සෝනියා, ශ්‍රී ලාංකික කාන්තාවක්.(නදී)

:       0       0

චින්තක Friday, 12 July 2013 05:01 PM

සුනිල්, බය වෙන්න එපා දුක් වෙන්න එපා. අපේ අරයගේ පුතාව කෙලින්ම ලංකා ටීම් එකට දාන්න කාලේ හරි. එතකොට බලන්නකෝ සෙල්ලම් කරන හැටි.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 11 July 2013 11:23 PM

අපේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා නොකර අපි ඇෂ්ටන් ආගර් ගැන කතා කරමු, (නි)

:       0       0

සුනිල් වෙරෝනා Friday, 12 July 2013 12:41 PM

අනේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා එපා. ඔය සංගා, මහේල ගිය ගමන් ලංකාවේ ක්‍රිකට් තිබුනද කියලා හොයන්නත් නැති වේවි ...... (දී)

:       0       0

ලුම්බිණි Friday, 12 July 2013 05:54 AM

කොහොමද ශ්‍රී ලංකා සම්භවය තියෙන්නේ? (නි)

:       0       0

අමිල Thursday, 11 July 2013 06:53 PM

අපේ රටට සම්බන්ධ ඔක්කොම මාර වැඩනේ දෙන්නේ.මේ අපිට නම් ඔය වගේ ගහන්න එපා. (නි)

:       0       0

නිහාල් Friday, 12 July 2013 04:06 PM

පිස්සු ආ....එහෙම කොහමද ලංකාවේ චන්දිමාල්,වගේ පොරවල් ඉන්නකල්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 0 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 144 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 165 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 259 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 893 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 570 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site