(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ ගයාන් සූරියආරච්චි)
මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය 18 මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරියද අද (26) අලුයම මරණයට පත්වී ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි .
මෙසේ මියගොස් ඇත්තෙ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි සතීෂා ගයන්ත මහත්මියයි.
මෙම අනතුරින් දරුවන් තිදෙනා ඇතුළු හය දෙනෙකු තුවාල ලැබු අතර , බරපතල තුවාල ලැබූ ඇය දියණියන් දෙදෙනා හා පුතු සමඟ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.
කථිකාචාර්යවරයාගේ ඥාති සොහොයුරාද ඉකුත් දිනෙක ප්‍රතිකාර ලබමින් සිටිද්දී මරණයට පත් වූ අතර ඒ අනුව මෙම අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර. ගයන්ත( 45) මහතා ඇතුළු පවුලේ පිරිස වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබිණි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආචාර්ය ගයන්තගෙ බිරියත් දිවි ගමන නිමා කරයි
death Wednesday, 26 March 2025 12:44 PM
දුර ගමන් යාමේදි රියැදුරු සමග කථා කර කර යාම එ අසල සිටින පුද්ගලයාගේ වගකිමක් වේ. නිදා නොගෙන වේගය පාලනයට, රියැදුරාට නින්ද නොයාමට...
ගුණරත්න Wednesday, 26 March 2025 01:12 PM
මේ ආචාර්යතුමා මගේ වයසේමයි, රියැදුරාගේ නොසැලකිලිමත්කම නිසා මරණ 3ක් වුණා. හයිවේ යනකොට හෙමින් යන ලොරි රථවල වේගය නිශ්චය කරන්න අමාරුයි... ඒවා වලත් පිටුපස ආලෝක කර නැති නිසා හොඳින් දර්ශනය වෙන්නෙත් නැහැ. ඉතින් බොහෝම ප්‍රවේශමෙන් රිය පදවන්න ඕනෑ..
අනිල් පෙරේරාWednesday, 26 March 2025 01:40 PM
මේ රියදුරා වාහනය 160km/h ගිහින් තියෙන්නේ... ලෝකයේ හයි වේ එකක යන්න පුළුවන් උපරිම වේගය ලංකාවේ තියෙන්නේ හයි වේ එකක් නෙමෙයි.. එක්ස්ප්‍රස් වේ එකේ උපරිම වේගය 100 km/h යි.
පිටරැටියා Wednesday, 26 March 2025 01:36 PM
මේ රටවලට සාපේක්ෂව ලන්කාවේ දිනෙන් දිනම සිදුවන රිය අනතුරු ප්‍රමාණය හොඳටම වැඩියි. හරිම කණගාටුදායකයි.
sugath Wednesday, 26 March 2025 03:17 PM
දැන් ඉතින් දරුවන් තුන්දෙනා අනාතයි.
pakeer Wednesday, 26 March 2025 08:06 PM
මෙවන් අකල් මරණ මේ උත්තමයන්ට යළි නොවේවා. ප්‍රශ්න හුඟක් ඉතුරු කරලා ගියා. සමාජීය, ප්‍රායෝගික දැනුම වගේම හුඟාක් ඒවා...
Rohana Thursday, 27 March 2025 04:58 AM
අතිශයින්ම ශෝකජනක පුවතක්. උපරිම වේගය 100 ට සීමාකරල තියෙන්නෙ අනතුරු වැලැක්වීමටයි. 100 ට අඩුවෙන් ගියානම් මේ අනතුර වලක්වාගන්න තිබුනා. දැක්ඉතින් වෙන්නවුන දේ වෙලා හමාරයි.
කමනි Thursday, 27 March 2025 07:29 AM
පොඩි දරුවො 3 දෙනෙක් එක්ක පැයට කිමී 160ට යනකොට නිකංවත් හිතුනෙ නැද්ද ඔහොම යන්න එපා කියන්න. දියුණු රටකවත් මේ වේගෙන් යන්න ඉඩ දෙන පාරවල් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. අපේ රටේ safety කියන දේ ගැන කිසිම තැකීමක් නැහැ. මේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ තමන් මැරෙන්න පුලුවන්, ලෙඩක් හැදිලා, එහෙමත් නැත්නම් වයසට ගිහිල්ලා විතරයි කියලා.