IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආටක නාටක සමගින් එන උපේක්ෂා

2016-07-14-ent-66

දකුණු පුරවරයේ දික්වැල්ල ප්‍රදේශයෙ පදිංචි  උපේක්ෂා වත්තුහේවගේ  මේ වනවිට ටෙලිනාට්‍ය  රංගන ශිල්පිනියක ලෙස කලා ක්‍ෂේත්‍රයට පිවිසි සිටින්නීය. කලා ලෝකයේ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් සිටින ඇය, නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇත. ඉදිරි කාලය තුළ ගීත රූප රචනා තුළින් හා චිත්‍රපටවල  රඟපෑමෙන් තම දායකත්වය ලබා දීමට බලාපොරොත්තුව සිටින්නීය. මේ ඇය පිළිබඳව තැබූ සටහනකි. 

 

ඔබ පිළිබඳව හැඳින්වීමක් කළොත්

2016-07-14-ent-64මම දකුණු පුරවරයේ දික්වැල්ල වත්තේගම ප්‍රදේශ‍යෙ තමයි දැනට පදිංචි වෙලා ඉන්නේ. මගේ පවුලේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මමයි තමයි ඉන්නේ. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ දික්වැල්ල විජිත මහා විදුහලෙන්. 

 

ඔබ රංගනය පිවිසීම සම්බන්ධයෙන් සඳහන් කළොත්?

ඔව්, මම පාසල් යන කාලේ ඉඳලම රඟපෑම් කටයුතුවලට සහභාගී වෙලා තියෙනවා. මම ගොඩක් ආසයි ඒ පැත්තට. දැන් මේ වෙනකොට හිරු ටී.වී නාළිකාවේ “ආටක නාටක” වැඩසටහනට සම්බන්ධවෙලා රඟපෑමෙන් දායක වෙනවා. ඊට අමතරව එම නාළිකාවේම “සයිබර් ක්‍රයිම්” වැඩසටහනටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරි කාලයේදී මගේ ඒ රඟපෑම් ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට හැකිවේවි.

 

ඔබ මේ ක්‍ෂේත්‍රයට පැමිණීම පිළිබඳව පවුලේ කැමැත්ත?

මගේ අම්මයි තාත්තයි දෙන්නම හරිම කැමතියි.  ගොඩක් මගේ මේ වැඩවලට ඒ අය  උදව් කරනවා. මට ගැළපෙන හොඳ චරිත ලැබෙනවානම් තෝරාගෙන රඟපාන්න කියලයි ඒ අය කියන්නේ. අයියලා දෙන්නත් ඒ වගේම තමයි. නිතරම මාව උනන්දු කරනවා. මගේ එක අයියා කෙනෙක්ගේ මාර්ගයෙන් තමා සුරේෂ් ද අල්විස්  කියන අධක්ෂකවරයා හඳුනාගෙන මට මේ වනවිට ටෙලි නාට්‍ය කීපයක රඟපාන්න අවස්ථාව උදා වුණේ.   

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු

මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා  ටෙලිනාට්‍යවල රඟපෑම් වගේම ගීත රචනාවලට අනුකූලව රූප රාමුවල පෙනී සිටීමටත් චිත්‍රපටවල රඟපෑමටත්. මේ වෙනකොටත් චිත්‍රපටයක රඟපෑම සඳහා ආරාධනාවක්‍ ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ ලොකු ආශාවක් තියෙනවා විකට චරිතවලට රඟපාන්න. ඊට අමතරව මම තවදුරටත් මේ ක්‍ෂේත්‍රය පිළිබඳව හොඳට හදාරලා කලා කටයුතුවල දිගටම නිරත වෙන්න තමයි අදහස තියෙන්නේ.

 

ඔබට විශේෂයෙන් මතක් කළ යුතු අය සිටිනම්

මම මේ වෙලාවෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ අම්මයි තාත්තයි ඇතුළු මගේ පවුලේ අනිත් සියලුම දෙනා. ඒ අයගේ සහයෝගය නිසා තමයි මට අද වෙනකොට මේ තත්ත්වයට එන්න හැකිවෙලා තියෙන්නේ. ඒ වගේම සුරේෂ් ද අල්විස් කියන අධක්ෂකතුමා, සමින්ද්‍ර ධම්මික සහ සමීර යන අයත් මගේ මේ වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් ලබාදීලා තියෙනවා. 

 

රෝහණ ආරියරත්න - හම්බන්තොට

 

2016-07-14-ent-65



අදහස් (0)

ආටක නාටක සමගින් එන උපේක්ෂා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 723 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1545 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2307 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5944 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4070 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site