IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (19) පාර්ලිමේන්තු සභා ගර්භයේදී රැස්විය.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ අනු කමිටු වාර්තා 6ක් අද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය.



අදහස් (0)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි

විජිත Sunday, 20 November 2016 05:25 AM

මිනිස්සුන්ට මුදල්වලට සහ බලයට තියෙන කෑදරකමේ කෙළවරක් නැහැ. ඊළාම් කියල වෙනම කොටසක් දුන්නත් ඇති වෙන්නේ නැහැ . ඊලගට මේ මුළු රටම ඕනේ වෙනවා. අමිර්තලින්ගම්ගේ නෝනා කිව්වේ ලංකාවේ අන්තිම සිංහලයාගේ හමෙන් සපත්තුවක් මහල අදිනකම් එයාට නින්ද යන්නේ නැහැ කියල. ඒ වගේම දෙමල ජාතිවාදීන්ගේ අරමුණ ඊළාම් නෙමෙයි ඊළාම් කලාපය. (බ)

:       0       0

අතුල Sunday, 20 November 2016 05:35 AM

අපිට නම් කණගාටුයි රටේ දැන් පවතින තත්ත්වය ගැන (නි)

:       0       0

අමිත් Sunday, 20 November 2016 05:36 AM

ශාන්ත, රෝහණ, ධම්ම, සම්පත් වගේ මිනිස්සු ගැන මට කතාකරන්නත් ලැජ්ජයි (නි)

:       0       0

සත්‍යපාල Sunday, 20 November 2016 05:58 AM

මේ රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි හැබැයි ඒ හදන ව්‍යවස්ථාව මේ රටේ බහුතරයක් පිළිගන්න,රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන එකක් විය යුතුයි.නමුත් මේගොල්ලන්ට එහෙම එකක් හදන්න පුලුවන්ද කියලා සැකයක් රටේ බහුතරයක් මහජනතාවට තියෙනවා(බ)

:       0       0

චමල් Sunday, 20 November 2016 06:46 AM

නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳයි. මේ තියෙන ව්‍යවස්ථාවේ තියෙන වරදක් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. (බ)

:       0       0

රංග Sunday, 20 November 2016 07:45 AM

සියලු සැබෑ දේශප්‍රේමීන්ට ඉතා විමසිලිමත්ව සිටින ලෙස ආයාචනා කරමි ලබන වසරේ බ්‍රිතාන්‍ය රාමුවෙන් මිදී ජර්මන් රාමුවට යන්න තියෙනවා යයි අගමැතිවරයාම ප්‍රසිද්ධියේ කියයි. (බ)

:       0       0

සාගර Sunday, 20 November 2016 07:48 AM

අවසන් වශයෙන් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමේ අදහස ඉතාමත් වැදගත් (බ)

:       0       0

නිමල් Sunday, 20 November 2016 09:54 AM

කුමක් සිදු වේද?(හේ)

:       0       0

නිමල් ලාලිත Saturday, 19 November 2016 09:55 AM

දෙමළ ආක්‍රමණිකයාට අවුරුද දහස් ගණනක් තිස්සේත්, බටහිර ආක්‍රමණිකයන්ට අවුරුදු සියගණනක් තිස්සේත් කරගන්නට බැරිවූ සිංහලයා වැනසීම, මෙම නව ව්‍යවස්ථාව යටතේ සිදුවුවහොත්, ශ්‍රී ලාංකීය ජාතියේ සිංහලයා ජන වර්ගයක් වීමෙන් සුළු ජාතිය බවට පත්වුවහොත් මේ බලපෙරේත දේශපාලකයන් හා සිංහල ද්‍රෝහී උගතුන්ට ශාප වේවා! මේ ආත්මයේ මොවුන්ගෙන් පළිගැනීමට නොහැකි බැවින් එසේ පළිගත හැකි ආත්මයක් මරණින් පසු හෝ මා වෙත ලැබේවා. (නි)

:       0       0

දිමුත් Saturday, 19 November 2016 10:36 AM

අනේ තියෙන එක හොඳයි. (නි)

:       0       0

නිශාන්ත Saturday, 19 November 2016 11:01 AM

ඉවසීමෙන් බලාඉමුකෝ වෙන්නෙ මොකක්ද කියලා (නි)

:       0       0

ජයතු Saturday, 19 November 2016 12:00 PM

මේ මොනවා කළත් අපිට නම් ගාණක් නැහැ (නි)

:       0       0

ජයරත්න Saturday, 19 November 2016 12:00 PM

ජාතිවාදී ඝෝෂාවට බියනොවී උතුරේ ජනයාට පමණක් නොව කොළඹින් පිට වෙසෙන දකුණේ ජනයාටද බලය බෙදෙන හොඳ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය හදන්න අවශ්‍ය බලය හා ප්‍රතිපාදන බෙදාහැරීම සිදු වියයුතුයි. හැමතැනම කෑ ගැහුවේ නැතත් ජනමත විචාරණයකදී සාධාරණ ජනතාව තමන්ගේ බලය පෙන්නාවි. (නි)

:       0       0

ශශික Saturday, 19 November 2016 12:11 PM

අපිත් බලාගෙන ඉඳිමු මෙයාලා මොනවද කරන්නේ කියලා. කොහොම වුණත් මේ ව්‍යවස්ථා කෙරුවාවෙන් රටම අවුල් ජාලයක් වෙලා තමා නවතින්නේ. මේවා හදන අය ජීවත්වෙන්නේ මනසින් යුරෝපයේ වහලුන් විදියටනේ. (නි)

:       0       0

සුසන්ත Sunday, 20 November 2016 12:58 PM

කලින් සැරේ රටෙන් බාගයක් නිල වශයෙන් කොටියට ලියා දුන්න, මේ සැරේ මොනවා කරන්නද ලැහැස්තිය? (බ)

:       0       0

චින්තක Saturday, 19 November 2016 01:03 PM

අපි නම් දැන් ඉන්නේ හොඳටම කළකිරිලා (නි)

:       0       0

ධම්මික Saturday, 19 November 2016 01:05 PM

ඔහොම යමුකෝ! අපිත් පස්සෙන් එනවා (නි)

:       0       0

ධම්ම Saturday, 19 November 2016 01:05 PM

'නහි වේරේන වේරානී' නිමල්. ජනවාරි 8 වෙනසට ගරු කරන්න. (නි)

:       0       0

සම්පත් Saturday, 19 November 2016 01:14 PM

නිමල්, මරණින් පසු දෙමළ වෙලා ඉපදුනොත් මොකද කරන්නේ. (නි)

:       0       0

අනිල් Saturday, 19 November 2016 02:03 PM

නිමල් ලලිත, ඉතිහාසයේ පටන්ම සිංහලයින් නොයෙක් මෝඩකම් කළා කාලෙන් කාලෙට. හැබැයි ඒ සියලු කාලයන්ටම වඩා මෝඩ සිංහල ජනතාවක් තමයි අද ඉන්නේ. ඉතින් ඕක අහන්නත් දෙයක්ද, මේ තමයි ඒ ජාතියේ අවසානයේ පටන්ගැනීම! (නි)

:       0       0

සුසන්ත Saturday, 19 November 2016 02:09 PM

රටට ජාතියට එරෙහි, රට බෙදන ෆෙඩරල්, මොන මොන යෝජනා ඇතුළත් ව්‍යවස්ථාවක් අාවත් දැන් ඉන්න සිංහලයා එක පයින් අත උස්සලා අනුමත කරනවා සත්තයි! 62 ලක්ෂයක් හිටියනේ! දැනුත් ඇතිනේ ඒ ගණන එහෙමම. (නි)

:       0       0

රොහාන් Saturday, 19 November 2016 06:42 PM

නිමල් ලාලිත ගැන කතාකරලා වැඩක් නැහැ​ (නි).

:       0       0

වින්සන්ට් Saturday, 19 November 2016 09:37 PM

නිමල් ලාලිත, මරණයෙන් පසු මොන ජාතියක අප උපදීද කියා දන්නේ කවුද? දෙමළ ජාතිකයෙක් ඔබ සිතන විදියට සිතුවොත් අපි කැමැති වෙමුද? බෞද්ධයන් ඊළඟ ආත්මයෙත් පළිගැනීමට ප්‍රාර්ථනා කිරීම කවර බෞද්ධකමක්ද? කාටත් සමාන අයිතීන් සමඟ මිනිසුන් වශයෙන් ජීවත්වීමට හැකි ශ්‍රී ලාංකිකයන්ගේ රටක් අපි ප්‍රාර්ථනා කරමු. උතුරේ වගේම දකුණේත් නිමල් ලාලිතලා නිර්මාණය කරන ගෝස්තරවාදී දේශපාලකයන් ගැන අපි කණගාටු වෙමු. (නි)

:       0       0

ශාන්ත Saturday, 19 November 2016 10:22 PM

නිමල් ලාලිතට යුද්ධ කාලේ ඔය මොරාල් එක තිබුනේ නැද්ද? තිබුනා නම් ඔයා අනිවාර්යයෙන් යුද්ධයට ගිහිල්ලා. (නි)

:       0       0

රත්නායක Sunday, 20 November 2016 04:13 PM

වින්සන්ට්,ශාන්ත,නුවන්,ඔයාලා හිතනවද ඔය බලය බෙදලා දුන්නම මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා ජනවර්ග ඔක්කොම සමඟියෙන් ඉදියි කියලා.(බ)

:       0       0

ටෙනිසන් Sunday, 20 November 2016 01:27 AM

අනේ ඉතින් ඕවා කළා කියලා අපේ බඩ කට පිරෙනවායැ (නි)

:       0       0

රේණුක Sunday, 20 November 2016 05:54 PM

චන්ද්‍රිකා ජනාධිපති පාලන කාලය තුළත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා. ඒක පාර්ලිමේන්තුව ඇතුළතදීම එක් මන්ත්‍රීවරයෙක් ගිනි තිබ්බා. ඒ ව්‍යවස්ථාව නිකන්ම අහෝසි වෙලා ගියා. මේ අවස්ථාවේත් පේන විදියට ආණ්ඩුව දැලි පිහියෙන් කිරි කන්න වගේ ලැහැස්ති වෙන්නේ. හරියට කෑවොත් හොඳයි තමයි. නැත්නම් වෙන්නේ කාට කාටත් දිවි නහගන්න තමා. (නි)

:       0       0

නුවන් Sunday, 20 November 2016 03:19 AM

ටෙනිසන්, හොඳ ප්‍රශ්නයක්. කාගේත් බඩ කට පිරෙන්නේ නැත්නම් මොන ව්‍යවස්ථාව හැදුවත් වැඩක් නැහැ. ජාතිවාදය, ආගම්වාදය පැතිරෙන්නේ මිනිසුන්ගේ බඩකට හිස්ව තියන තැන්වල. එකෙක් දරාගන්න බැරිවෙන තරමට කද්දී, අනෙකාට වී ඇටයක්වත් නැති තැන. (නි)

:       0       0

ඉමල්කා Sunday, 20 November 2016 06:52 PM

ලෝකයේ සිටින මෝඩම ජාතිය සිංහල වෙන්න ඇති. නැත්නම් සුළු ජාතීන්ට හිමි තැන අපේ රටේ තියෙද්දිත් මහා ජාතිය ලෙස නිහඬව ඉන්න පිටරටවල් වලට ඕනෑ විදිහට වැඩ කරන කට්ටියකට ඉඩදෙනවද? සිංහලයට කියා රටක් නැතිවෙනකම්ම බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මොකද කතා කළොත් ජාතිවාදියා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 4 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 28 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 213 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 395 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 383 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site