ඌව පළාත් සභා මහ ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීති විරෝධී යැයි කියමින් ඌව පළාත් සභා ඇමැති චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් ඌව ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට තර්ජනය කළැයි එහි නිලධරයෝ කියති.
පළාත් සභා මන්ත්‍රී එම්.පී.ලීලසේන හා මීගහකිවුල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංගන මදුමාල් යන මහත්වරුන්ද සමග දසනායක මහතා ඊට පෙර බදුල්ල බස් නැවතුම අසල මාර්ගයේ බිම වාඩිවී විරෝධය දැක්වීය.
බදුල්ල උප නගරාධිපති නාලක නිශාන්ත විජේරත්න සහ මීගහකිවුල ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත දිසානායක ඇතුළු සන්ධාන ආධාරකරුවෝ පිරිසක්ද එයට එක්වූහ.
ඔවුහු පැයක පමණ විරෝධයෙන් පසු ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට පාගමනින් ගොස් සංදේශයක් බාරදීමට උත්සාහ කළද ආණ්ඩුකාරවරයා එය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් සමග ගිය ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා නීති තර්ක ඉදිරිපත් කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. චාමර සම්පත් මහතා තර්ජනාත්මක ස්වරයකින් කථා කිරීම හේතුවෙන් ඔවුනට කාර්යාලයෙන් පිටවන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කළේය. තමා වැරදි තීරණයක් ගෙන ඇත්නම් උසාවි මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසද මැතිව් මහතා පැවසීය.
ආණ්ඩුකාර කාර්යාලයෙන් එළියට පැමිණි චාමර සම්පත් මහතා කියා සිටියේ ආණ්ඩුකාරවරයා තමාට අයුතු ලෙස කථාකර බලපෑම් කළ බවයි. ආණ්ඩුකාරවරයාගේ පිස්තෝලයක් අතැතිව සිටි ආරක්ෂකයකු තමාට ඇතුළට යාමට ඉඩ නොදුන් බවද ඔහු කීවේය.
බදුල්ල පොලිසිය සඳහන් කළේ ආරක්ෂකයකු එහි නොසිටි බවයි. පිස්තෝලයක් තිබූ බවටද තොරතුරු නැතැයි පොලිසිය පවසයි.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආණ්ඩුකාරවරයාට දබර'ඟිල්ල
චමින්ද Sunday, 18 January 2015 11:03 AM
අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. (නදී)