මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසුණු විට එහි දකුණු පස තීරුවක ප්‍රදර්ශනය වනුයේ ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි රැසකට පිවිසෙන සබැඳුම් කිහිපයකි.
‘ආණ්ඩුකාරවරියගේ වෙබ් අඩවිය ඔබ සාදරයෙන් පිළි ගනිමු‘ යනුවෙන් එහි ඉහළින්ම සඳහන් වේ.
‘ගෝ ඩැඩී ඩොට් කොම්‘ සමාගමින් ‘සීපීගවනර් ඩොට් කොම්‘ මෙම ඩොමේන් බලපත්‍රය ලබාගෙන ඇතත් එය පාවිච්චි කර නැති බව පෙනේයැයි ද, එවැනි පාවිච්චියට නොගන්නා අවස්ථාවන්හි අදාළ සමාගමේ දැන්වීම් ආදිය ස්වයංක්‍රීයව ප්‍රදර්ශනය වන බවත් බලපත්‍ර ලාභියාට එයි පාලනයක් නැති බවත්, ඇතැම්විට අසභ්‍ය වෙබ් අඩවිවලට පවා දොර ඇරෙන බවත් තොරතුරු තාක්ෂණ විද්‍යාඥයෝ කියති.
‘ගෝ ඩැඩී‘ වැනි සමාගම් වලින් ඉතා අඩුවට ඩොමේන් නම ගෙන ඇති බව පෙනේයැයි ද, එසේ ලබා ගත් ඩොමේන් බලපත්‍රය අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයය තමන්ගේ වෙබ් අඩවියේ තොරතුරු ඇතුළු නොකිරීමට හේතුව තොරතුරු තාක්ෂණය හා ඩොමේන් බලපත්‍ර ගැන වෘත්තීය නොහැකියාව බලපා ඇතැයි ච ඔවුහු කියති.
මේ වෙබ් අඩවියට පිවිසෙන පිරිසට රට රටවල් අනුව විවිධ දැන්වීම් පෙන්විය හැකි බව ද ඔවුහු සඳහන් කරති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආණ්ඩුකාර වෙබ් අඩවියේ යොමුව කුණුහරුප බලන්නයි
මැටිපහන Thursday, 18 February 2016 06:47 AM
පුහුල් හොර කරෙන් දැනේ කියල කතාවක් තියෙනවා. ඒක මේකට අදාල වෙන්නේ මෙහෙමයි. ඔය කියන වෙබ් සයිට් එකේ පල වෙන වෙළඳ දැන්වීම් එක එක්කෙනාට වෙනස්. ඔබගේ පරිහරණය කරන අනෙක් වෙබ් සයිට් වලට හැටියට තමයි ඔය වෙළඳ දැන්වීමුත් මතු වෙන්නේ. ඔබ නිතරම නිල් වෙබ් සයිට් වලට යන කෙනෙක් නම් ඔබට එවැනි වෙළඳ දැන්වීම් පෙන්නුම් කරනවා. ඔබ නිතර ක්‍රීඩා වලට අදාල වෙබ් සයිට් වලට යනවනම් ක්‍රීඩා වලට සම්බන්ද වෙළඳ දැන්වීම පෙන්නුම් කරනවා. මේක ගුගල් සමාගමේ "ඉන්ටෙලිජන්ට්" නිර්මාණයක්. (ර)
සුලෝචන Thursday, 18 February 2016 07:57 AM
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
අබරන් Thursday, 18 February 2016 08:23 AM
නමෙන් මැටි පහන උනාට මැට්ටෙක් නෙවෙයි කියන එක තේරෙනවා. ඔබ හරි රන්මුවා පහන. (ර)
සචිත් Thursday, 18 February 2016 08:27 AM
මේ වගේ පුවත් වලට අදහස් පලකරන අයට මැටිපහන කියන දේ තේරුම් යයිද කියන එක තම ප්‍රස්නේ. (ර)
ලංකා Thursday, 18 February 2016 08:45 AM
මැටි පහන කොහොමද ඔච්චර දේවල් දන්නේ... (ර)
රුවන් ගමගේ Thursday, 18 February 2016 09:11 AM
මැටි පහන කියන කතාව ඇත්ත. දැන් පුහුල් හොරා කවුද කියල හිතාගන්න පුළුවන්ද.? (ර)
අසංක Thursday, 18 February 2016 09:37 AM
මැටි පහන කියන දේ මෙතනදී වැරදී.. ගූගල් සමාගමේ එහෙම ක්‍රමයක් තියෙනවා තමයි සර්ච් රිලේටඩ් ඇඩ්ස් කියලා. නමුත් මේ වෙබ් අඩවියේ පෙන්නන්නේ ගූගල් දැන්වීම් නොවෙයි මොන පරිගණකයෙන් බැලුවත් කාම වෙබ් අඩවි ලින්ක් තමයි පේන්නේ.. (ර)
සහන් Friday, 19 February 2016 04:07 AM
මැටිපහන හරියට හරි. මමත් තොරතුරු තාක්ෂණ උපාධියක් කරලා තියෙනවා. සර්ච් රිසාල්ට් එක අනුව තමා මේ වගේ ලින්ක්ස් එන්නේ. (බ)
සුමන Thursday, 18 February 2016 10:05 AM
පුහුල් හොරාට පව් (ම)
කමල් Thursday, 18 February 2016 06:38 AM
අද දවසෙ වැඩිම හිට්ස් ලැබූ වෙබ් අඩවිය. (බ)
ඉමේෂ් Thursday, 18 February 2016 06:37 AM
එ්කනේ... ඉන්දියාවෙන් ඉංජිනේරුවෝ ගෙන්නන්න හදන්නේ. මෙහෙ අයට බැහැ නේ මේවා හරියට හොයල බලල කරන්න. (බ)