IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ආණ්ඩුවක් මනින්න අවුරුදු දෙකක් හොඳටම ඇති‘

‘පසුගිය ආණ්ඩුව ඉදිකිරීමේදී හොරකම් කළා. මේ ආණ්ඩුව විකිණීමේදී හොරකම් කරනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

‘මේ ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් ගතවෙමින් තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක ගමන්මග කි‍්‍රයාමාර්ග මැන බැලීමට වසර දෙකක කාලයක් ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. වසර දෙකක් ගතවෙමින් තිබෙන මේ ආණ්ඩුව පෙන්වමින් තිබෙන්නේ මේ රට ගමන් කරන විනාශය වැළැක්වීමට හෝ රට නව දිශාවකට යොමුකිරීමට කිසිසේත්ම සූදානම් නැති බවයි, ඒ සඳහා සමත්කමක් නැති බවයි. මේ රට ගමන් කරමින් තිබෙන විනාශය වළක්වනවා වෙනුවට මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග පෙළ ගැසෙමෙන් තිබෙන්නේ, තවදුරටත් විනාශකාරී දිශාවකටයි. වංචා දුෂණවලට හවුල් වූ දුෂිතයින්ට දඬුවම් දීම මේ ආණ්ඩුවේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණා. නමුත් දුෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට, හොරකම් කළ දේපොළ නැවත පවරා ගන්නවා වෙනුවට මේ ආණ්ඩුව දුෂිතයින්ගේ රැකවළුන් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම වංචාවට දුෂණයට හවුල් වෙමින් තිබෙනවා. දුෂිතයින්ට දඬුවම් ලබාදීම, දුෂණය නතර කිරීම කෙරෙහි බලාපොරොත්තු තැබූ ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා අවසන් කළ කාල පරිච්ඡේදයක් බවට පසුගිය වසර දෙක පත්වෙලා තිබෙනවා.‘ යැයි ද ඒ මහතා කීය.

web11_10211885222432343_932665060_n



අදහස් (0)

‘ආණ්ඩුවක් මනින්න අවුරුදු දෙකක් හොඳටම ඇති‘

රෝහණ Wednesday, 04 January 2017 02:08 AM

කපිල සහ චින්තකගේ අදහස් අගය කරමි. මේගොල්ලෝ 88/89 කාලේදී රජයට අයත් බස්, දේපල, විදුලි ට්‍රාන්ස්ෆෝර්මර් කොයිතරම් විනාශ කළාද? (නි)

:       0       0

කපිල Tuesday, 03 January 2017 09:45 AM

තවත් කතාවක් විතරයි. ඔබලා කරපු විනාශය අපි දෑක්කනෙ 88/89. දැන් ආණ්ඩු වැඩකරන හැටි කතාකරන්න එනවා. එන්නකො මාත් එක්ක විවාදෙකට. ඔයත් ඇමතිකමක් දැරුවනෙ. වැව් දාහක් හදනවා කියලා හාරගෙන ගියානෙ. කෝ වැව් ටික..? ඒකට වෙන්කරපු සල්ලි නම් වියදම් වුණා කියලා ආරංචියි (නි)

:       0       0

ශාන් සෞදි Tuesday, 03 January 2017 10:44 AM

එ්ක ඇත්ත ජනතාව ඔබතුමාලා 71 ඉඳලා හොදට මැනපු නිසානේ ඡන්දෙ දෙන්නේ නැත්තේ මොකද 88 89 අලුත් කිරීමකුත් කළානේ (බ)

:       0       0

චින්තක Tuesday, 03 January 2017 11:10 AM

බස් ගිනි තියපු, රජයේ කාර්යාල ගිනේබත් කරපු, අමු අමුවේ මිනී මරපු රටේ අධ්‍යාපනය විනාශ කරපු,අහිංසක මිනිසුන්ගේ දෛනික ජීවිතය ,අවුලෙන් අවුලට පත්කරපු , ඔහෙලාට අනිත් ආණ්ඩු විවේචනය කරන්න නොහැක, පවතින කිසිම ආණ්ඩුවකට කිසිම දෙයක් කරන්න දෙන්නැති මහා ලොකු විප්ලවවාදියෝ (බ)

:       0       0

ජයවර්ධන Tuesday, 03 January 2017 11:24 AM

අතීතයේ අඩුපාඩු තිබුනට වර්තමානය හොඳයි නම් අපි එක වරක් ඡන්දය දීලා බලමු ජේවීපී පක්ෂයටත්, වෙන විකල්පයක් නොමැති නිසා (නි)

:       0       0

අජිත් Tuesday, 03 January 2017 11:25 AM

ඔක්කොම කතාකාරයොනේ! (නි)

:       0       0

සේනක Tuesday, 03 January 2017 11:33 AM

මේ රටේ අහිංසක මිනිස්සු දිවා රෑ වෙහෙස මහන්සි වී උපයන මුදලින් රජයට ගෙවන බදු මුදලින් මෙයාලා අවුරුදු කීයක් පඩි අරගෙන ඇද්ද? පාර්ලිමේන්තු කැන්ටිමේ සොච්චම් මුදලට දෙන කෑම පිඟන් කීයක් කාලා ඇද්ද? මේ ගත් මුදලට කැපෙන්න මේ රටේ අහිංසක මිනිසුන්ගේ හදවතට ඇඟට දැනෙන්න වැඩක් කරලා තියනවද? අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කියන්නකෝ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 03 January 2017 11:38 AM

ඔයාල ගැනත් අවුරුදු ගානක් අපි බලන් හිටියා හුගක් දේවල් දැක්කා. එකත් දැන් හොඳටම ඇති සහෝදර වරුනි. (හේ)

:       0       0

අසංග Tuesday, 03 January 2017 11:50 AM

ඔක්කොම දන්නවා ඔය අයත් කටින් විතරයි වැඩ කියලා. පුලුවන්න්නම් ඡන්දයක දිනලා පෙන්නන්නකෝ. (හේ)

:       0       0

ප්‍රේම් කුමාර Tuesday, 03 January 2017 12:56 PM

කෙදිනකහෝ රෝහණ විජේවීරලා! "ධනපති ක්‍රමය" මණින්න කථා කළාද! සහතිකව නැත! විජේවීරලා! කොන්දේසි විරහිතව පෙනීසිටියේ "ක්‍රම-මාරුවක්", ධනපති-ක්‍රමයේ ප්‍රතික්ෂේපයක්! කීර්තිමත් පක්‍ෂයක "නිල නාමයට" මුවා වූවාට, බ්‍රෝකර්ලා! බ්‍රෝකර්ලාමැයි! "ධනපති ක්‍රමය" රකින කිහිලිකරු!. දැන් මේ කිහිලිකරු හොදටම වැහැරිලා, ධනපති-පක්‍ෂවලින් ඉල්ලුමකුත් නැහැ! රැගුම් හමාරයි! (හේ)

:       0       0

කුමාර් Tuesday, 03 January 2017 01:22 PM

ඔයාලා දේශපාලන කරලියට එනවානම් ඔය බංකොලොත් කොමුනිස්ට් වාදය අතහැරලා ජනතාව සමග නීතිගරුකව දේශපාලනයට එන්න. (හේ)

:       0       0

රන්ජිත් Tuesday, 03 January 2017 02:29 PM

කපිල, චින්තක, සේනක, ප්‍රේම කුමාර, ඔබලා අතීතය දන්නේ නැතුවද මේ කතා කියන්නේ? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 03 January 2017 02:33 PM

සේනක, රජයේ බදුමුදලින් පඩි ගත්තේ මොවුන් විතරද? අනික් 219 දෙනාට පඩි ගෙව්වේ කොස් ඇට වලින්ද? (නි)

:       0       0

චන්න Tuesday, 03 January 2017 03:33 PM

ජේවීපී එකේ අසාර්ථකත්වය මනින්න කරපු විප්ලව දෙකත් හොඳටම ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 331 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 728 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 120 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 583 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6688 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2183 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site