IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ආණ්ඩුවට උපකාර කරන්න සූදානම්‘

ලෝකයේ ලොකුම ණය හිමියා වන චීනය අමනාප කරගනිමින් ලොව ලොකුම ණය ගැතියා වන ඇමරිකාව සමග රජය මිතුරු දම් තර ගනිතියි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ඇමරිකාව පවා වැඩිම වෙළඳ ගනුදෙනු කරන රට චීනය බව ආණ්ඩුවට අමතක වී ඇතැයිද ගම්මන්පිල මහතා කීය.

වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ සහ උපාය මාර්ගයන්හි වරදක් ඇත්නම් එයින් ඉරණම තීරණය වන්නේ ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජාතියේම බවත් මේ හේතුවෙන් දේශපාලන භේද අමතක කර ආණ්ඩුවට උපකාරකොට අර්බුදයෙන් රට මුදවා ගැනීමට තමන් සූදානම් බවද පිවිතුරු හෙළ උරුම නායකයා කීවේය.

හෙළ උරුම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ගම්මන්පිල මහතා එබැවින් ආණ්ඩුව තමන්ටද සවන් දී වඩාත් ශක්තිමත් විය යුතුයැයිද පැවසීය.

webgammanpila_2015102605



අදහස් (0)

‘ආණ්ඩුවට උපකාර කරන්න සූදානම්‘

රොහාන් Monday, 26 October 2015 10:54 AM

මොකටද මේ එන්න හදන්නේ ? (ර)

:       0       0

ෆාති Monday, 26 October 2015 10:59 AM

කවුදෝ ගිය උඩ කිව්වලු. (බ)

:       0       0

අමල් Monday, 26 October 2015 11:06 AM

ඔව් ඒක හොදයි. (ර)

:       0       0

අසංක Monday, 26 October 2015 11:09 AM

ආණ්ඩුවට උදව් කරන එක සියලු දෙනාගේම වගකීම. (ර)

:       0       0

සමන් Monday, 26 October 2015 11:07 AM

හොද දෙයක් මහත්තයෝ. (ර)

:       0       0

සෑම් Tuesday, 27 October 2015 01:46 AM

ගම්මන්පිල උන්නැහේ කියන්නේ මොනවද කියා එයාවත් නොදන්නවා වගේ අපිටනම් පෙනෙන්නේ. කපිල කියල තියෙන විදිහට අපි ගොඩක් ලංවෙන්න ඕනේ අපිට ගිනිපොලියට මුදල් දෙන බදු විකුණන කෙනාටද එහෙමත් නැතිනම් අපේ බඩු හොඳ මිලකට ගන්න කෙනාටද කියා හිතන්න මහා ලොකු උගත් කමක් උවමනාද ? ඒ නිසා ඔය දේශපාලන බංකොලොත් මුදලාලිලා කියන දේවලින් මොලේ කොලොප්පන් කරගන්න එපා....(රේ)

:       0       0

සිසිර Monday, 26 October 2015 11:11 AM

හොද තීරණයක්. (ර)

:       0       0

රුවන් Monday, 26 October 2015 11:22 AM

මෙච්චර දවසක් ආණ්ඩුවට බැන්න මේ කෙනා හදිසියේම වෙනස් වුනු හේතුව දන්නවද ....? (ර)

:       0       0

රෝහණ Tuesday, 27 October 2015 02:52 AM

මහත්වරුනේ, මේ කියන ඒවා ගණන් ගන්න එපා. එයාලා ඉතින් මොනවාහරි කියනවා. (නි)

:       0       0

සිතිජ Monday, 26 October 2015 11:40 AM

මේ රට මේ විදියට වසර 5 ක් ගියොත් සුඩානයක් වීම නියතයි, (බ)

:       0       0

නිර්මාල් Monday, 26 October 2015 11:46 AM

මේ තීරණේ ගන්න පරක්කු උනේ ඇයි.? (ර)

:       0       0

ඔමිල Tuesday, 27 October 2015 03:20 AM

අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)

:       0       0

ජිනන්දන Monday, 26 October 2015 11:46 AM

බල්ටි පාරක්වත්දෝ... (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 26 October 2015 11:46 AM

අපිටත් ඉතින් රෑට රෑට ඇමති හීන පේනවා... (ර)

:       0       0

චන්දන Monday, 26 October 2015 11:47 AM

ගම්මන්පිල මහත්තයෝ ඔබලා ඔය කියන කතාවේ තව පැත්තක් තියෙනවා.ලංකාවේ අපනයන වලින් සියයට 70 ක්ම අමෙරිකාවටයි බටහිර යුරෝපෙටයි තමයි කෙරෙන්නේ. ආනයන වලින් සියයට70 ක්ම චීනයෙන්. චීන්නු ගිනි පොලියටත් ණයදීල තවත් හූර කෑමක් කරනවා. නමුත් බටහිර රටවල් මුලික කරගත් ලෝක බැංකුව, ජ්‍යාත්යන්තර මූල්‍ය අරමුදලෙන් නය දෙන්නේ සියයට 1,සියයට1.5, සියයට 2 වැනි අඩු පොලියට. මේ රටේ මිනිස්සුන්ටවත් තේරෙන්න ඕනේ මෙයාල කියන බොරු . සියයට 8 පොලියට චීනෙන් ණය අරන් අවුරුදු සිය ගාණක් ගෙවන්නේ ගම්මන්පිලද. (අ)

:       0       0

රකිත් Tuesday, 27 October 2015 04:03 AM

ආණ්ඩුව ඔබතුමා කියන දේ ඇහුවොත් ඉතින් ආණ්ඩුවටත් දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කපිල Monday, 26 October 2015 11:59 AM

යාලු වෙන්න ඕනෙ, තමන්ගේ බඩු ගන්න මිනිහා එක්කද? තමන්ට බඩු වෑඩි ගාණට විකුණන මිනිහා එක්කද? මේක නම් මොන්ටිසෝරි යන පොඩි එකෙක් වුණත් උත්තර දෙයි..හෑබෑයි මොනෑෂ් යුනිවසිටි ගිය පන්ඩිතයන්ට නම් බෑරි වෙයි.(අ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්ු Monday, 26 October 2015 12:01 PM

රුපියල් සියයට ගානේ හිඟා කාලද මෙයා ආණ්ඩුවට උදවු කරන්නේ යන්නේ (අ)

:       0       0

ඉන්දික Monday, 26 October 2015 12:04 PM

චීනය කියන්නේ හොඳ වෙළඳපොළක් . එය ලංකාව නියම ආකාරයට පාවිච්චි කරලා නැහැ. අපි ක්‍රම සම්පාදනය කළයුත්තේ කඩාවැටෙන ආර්ථිකයක් සහිත ඇමරිකාව දිහා බලාගෙන පමණක් නොවෙයි. නඟින ආර්ථික ඇති චීනය, රුසියාව, බ්‍රසීලය වගේ රටවල් සමඟයි.ඉනදියව නම් ගාවා නොගන්න තරමට හොඳයි. (නි)

:       0       0

බිංදු Tuesday, 27 October 2015 04:58 AM

අනේ මොකටද අපි මේවට උත්තර දීලා... (නි)

:       0       0

ඉසුරන්දි Monday, 26 October 2015 12:12 PM

දේශපාලකයන් හැමදාමත් කළේ කොලේ වහලා ගහපු එකනේ.අනේ මන්දා මෙයාල හිතන් ඉන්නේ රටේ මිනිස්සු හැමෝම නුගත්තු කියලයි. (අ)

:       0       0

සමීර Monday, 26 October 2015 12:18 PM

මේ වගේ සමාජයට වීකෘති අදහස් දෙන අය වීරයෝ විදිහට උලුප්පන්නේ මාධ්‍ය. චීනය ගැන මෙහෙම කතා කරන්නේ මෙයා චීනය ගැන දන්නේ නැතිවද එහෙම නැත්නම් දැනගෙන වෙන අරමුණකින් කතා කරනවද කියල හිතා ගන්න බැහැ. (අ)

:       0       0

චාමික Monday, 26 October 2015 12:16 PM

ආණ්ඩුවට උදව් කරගන්න කලින් පක්ෂේ තනතුරුවලට ඕනේ කරන මිනිස්සු ගණනවත් සොයාගෙන ඔබතුමාගේ පක්ෂේ ලියාපදිංචි කර ගත්ත නම් නරකද ? (අ)

:       0       0

දමිත් Monday, 26 October 2015 12:17 PM

ඔය කියන තරම් ආර්ථික දැනුමක් සමහරුන්ට තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ (නි)

:       0       0

දුමින්ද Monday, 26 October 2015 12:22 PM

චාමික, පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා (නි)

:       0       0

ලාල් Monday, 26 October 2015 12:28 PM

කපිල යාලු වෙන්න ඕනේ තමන්ගේ සල්ලිවලින් බදුගෙවන්න කෙන එක්ක මිසක් අනුන්ගේ සල්ලිවලින් තමන්ට බඩු ගන්න එක්කෙනා එක්ක නෙවි නේද ? දැනටම ඇමෙරිකාව චීනයට ඇමරිකා ඩොලර් 1.37 ට්‍රිලියන ණයයි .අපේ අය ලැජ්ජා නැතුව චීනය හලලා ඇමෙරිකාව පස්සේ යනවා. (අ)

:       0       0

බණ්ඩාර Monday, 26 October 2015 12:39 PM

චීනය පස්සෙන් ගිය රටවල් ඔක්කොම අතරමඟ (නි)

:       0       0

සුසන්ත Monday, 26 October 2015 12:42 PM

චීනය කියන්නේ ලෝකේ ලොකුම ගිනිපොලී කාරයා. එ්කනේ ණය ගන්න රටවල අතරමැදියන්ට හොඳ කොමිෂන් ගෙවන්නේ. අපිට චීනගේ සල්ලි ඕන නැහැ. (බ)

:       0       0

මහින්ද Monday, 26 October 2015 12:59 PM

යනවා නම් අනේ මං අරන්, වෙන රටකට යන්න රත්තරන්... ඔයත් රට යන්නවද්ද? (නි)

:       0       0

ඉඳුනිල් Monday, 26 October 2015 01:02 PM

මම නම් කියන්නේ ආණ්ඩුව යන අත හරි. (ර)

:       0       0

උපාලි Monday, 26 October 2015 01:03 PM

ලාල් කියන එක හරි (නි)

:       0       0

කරෝලිස් අප්පු Monday, 26 October 2015 01:07 PM

අනේ මහත්තයෝ මටනම් හිනා.... (ර)

:       0       0

ඩිලාන් Monday, 26 October 2015 01:11 PM

චීනය දියුණු වුණෙත් ඇමරිකාව ඇතුලු යුරෝපා රටවල් සමඟ එකතුවී විවෘත ආර්ථිකයට සම්බන්ධවිමෙන් පසුය.ඇමෙරිකාවේ කර්මාන්තකරුවන් චීනයට පැමිණ කර්මාන්ත ආරම්භ කළා චීනයේ.චීනයේ ශ්‍රමය ලාබ නිසා.මේක තමා චීන දියුණුවේ ආරම්භය. (නි)

:       0       0

නිහාල් Monday, 26 October 2015 01:26 PM

යුරෝපයට වැඩියෙන්ම සංචාරකයෝ එන්නේ චීනයෙන්.ඒ වගේම සුද්දාට වඩා චීනා හොඳයි (නි)

:       0       0

ඩයස් Monday, 26 October 2015 01:27 PM

චීනය යන ක්‍රමයට ගියොත් හොඳයි. හැබැයි එහෙ වෘත්තීය සටන් බැහැ. ඔබතුමා ආණ්ඩුවට සහයෝගය දීමට ගත් තීරණය සැබෑ ජාති හිතෙෂී තීරණයක්. මේ රට බේරාගනිමු. අපි එකතුවෙමු. (නි)

:       0       0

අනුර Monday, 26 October 2015 01:33 PM

ඔබ ගත් හොදම තීරණය. (ර)

:       0       0

රාධා Monday, 26 October 2015 01:52 PM

ඔබතුමා ණයබරින් නිදහස්ද? චීන්නු සිඟමන් ඉල්ලීමටත් එන්නේ ලංකාවට නේද? (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 26 October 2015 01:56 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ඉරෝෂ් Monday, 26 October 2015 02:15 PM

පිවිතුරුට මළ පැනලද දන්නේ නැ, අදහසක් නැත්තේ මේකට (බ)

:       0       0

යෙනුර Tuesday, 27 October 2015 07:37 AM

අනේ අපිට නම් උපකාර එපා (නි)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 27 October 2015 07:35 AM

ඔන්න අපේ රටේ ලොකුම බුද්ධිමතෙක්. මෙයා ආර්ථික විශේෂඥයෙක්. ලෝකේ සම්බන්ධව අත්දැකීම් බහුල කෙනෙක්. (නි)

:       0       0

චන්දන Monday, 26 October 2015 03:10 PM

චීනය දියුණු වුනෙත් ලෝක බැංකුවෙන් ණය අරන්. ඇමෙරිකාව තමයි උදව් කලේ. ඒ කාලේ(1980 දශකයේ) චීනයේ පරම හතුරා රුසියාව. රුසියාවේ මිතුරු වියට්නාමෙට ගහලා කුඩු පට්ටම් කළා. කාම්බෝජේ ලක්ෂ 20 ක් මරන්න පොල්පොට්ට උදව් කළේ චීනය. නවීන ලෝකයේ සූරාකන්නා චීනයයි. දැන් ඉන්න පිවිතුරු උදවිය ඕව දන්නෙ නැහැ. (බ)

:       0       0

සිල්වා - බර්ලින් Monday, 26 October 2015 04:17 PM

චීනය වැනි ඒකාධිපතිවාදී රටවල් ලංකර ගැනීම එතරම් සුභදායක නැත , තරහ කරගෙනත් හොඳ නැත අතේ දුරින් තබාගැනීම නුවනට හුරුය (බ)

:       0       0

රෝහිත Monday, 26 October 2015 08:26 PM

සිතිජ, කවදාවත් ඔය වගේ දෙයක් ලංකාවට ප්‍රාර්ථනා කරන්න එපා (නි)

:       0       0

සිරියලතා Thursday, 29 October 2015 06:55 AM

මේක හිතාගන්නත් අමාරුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 70 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 78 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 171 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 125 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 206 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 302 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site