IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ඇරයුම්

එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ.

සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ දී වික්‍රමසිංහ මහතා මෙම විවෘත ආරාධනාව කර තිබේ.

“එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරිමට මා කැමතියි. අපි එකට වැඩ කරමු. අපි එකට එකතු වුණොත් කිසිවෙකුට නතර කළ නොහැකියි” එහිදී අග්‍රාමාත්‍යවරයා කීවේය.

“අපි 2015 දී විශාල අභියෝගයක් බාර ගත්තේ. එම වසරේ දී ලෝකයේ වඩාත්ම ණයගැති වු රට ලංකාවයි. කෙසේ වෙතත් අපි ඒ දේවල් කළමනාකරණය කරලා නැවත යථා තත්තවයට ගෙන ආවා.”

අපේ සැලසුම් සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපට කිසිවෙකු පරාජය කළ නොහැකි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 

 (28535)



අදහස් (50)

ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ඇරයුම්

Ranil Sunday, 03 February 2019 10:32 AM

ඔව් ඔව් රට කාලා නැත්තටම නැති කරලා දාන්න එකතු වෙන්න..

:       133       1119

tdSunday, 03 February 2019 05:37 PM

එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ. 2015 ජනවාරි 8න් පවුල් සමාගම් දේශපාලන ක්‍රමය අවසන් කොට ශ්‍රී ලංකාව අද වනවිට ලෝකයේ ප්‍රබල රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කරමින් සිටියි. ලංකාවේ තිබූ කටුක අමිහිරි පවුල් දේශපාලන ක්‍රමය වෙනුවට බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් විසින් රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් කරවීම සඳහා වෙනසක් ඇතිකළේය. දැනට ලංකාව තුළ සිදුවෙමින් පවතින සමාජමය සහසංවර්ධන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා උගත්, බුද්ධිමත් වැඩක් කළහැකි නායකයකුට සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බුද්ධිමත් මන්ත්‍රීවරුන්ගේ යුතුකමකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ, ජනමාධ්‍ය නිදහස මෙන්ම අධිකරණ ක්‍රමයේ ඇතිවී තිබෙන ස්වාධීනත්වය පමණක් නොව සියලු වැඩකරන ජනතාවගේ අනාගතය ශක්තිමත් කිරීමේ ප්‍රබල ක්‍රියාදාමයන් සිදුකර ගැනීමට සහ සිදුවීමට නම් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජයක් පිහිටුවා ගතයුතුය. මෙයට ජාතිවාදය, ආගම්වාදය සහ බොරු දේශප්‍රේමය පමණක් නොව පටු කුහක දේශපාලන අරමුණු පසෙක දමා ශ්‍රී ලාංකිකයන් හැටියට සිතන්නේ නම් සියලු අභියෝග ජයගැනීම අපහසු නොවනු ඇත.

:       2318       454

chandimaSunday, 03 February 2019 07:49 PM

සජිත්ට ටොපියක් දී රවටා පක්ෂ නායකත්වය නතුකර දීමට යාම පවුල් වාදය නොවේද?

:       15       194

BamunuarachchiMonday, 04 February 2019 12:13 AM

මේ දක්වා රටට ලැබී තිබෙන සුගතිය මොකක්ද කියා පැහැදිලි කොරනවා නම් ඔය වැල්වටාරමට වඩා හොඳයි නේද? මහින්ද මහතා රටට මේ මේ ව්‍යාපෘති කලා කියා අපි කියනවා වගේ රනිල් මේ අවුරුදු 4 රටට කළ සේවය කියන්න. අපි නම් දැක්කේ බැංකුවක් කඩලා සල්ලි ටික බෙදාගත්ත එක පමණයි. උතුරේ ඉන්න හාමුදුරුවරුන්ට තර්ජනය කරන තරමට දකුණේ බුදුපිළිම කඩන තරමට හම්බයින් හා දෙමළුන් ශක්තිමත් කරපු බව දැක්කා.

:       7       435

gihanMonday, 04 February 2019 12:17 AM

අපිත් දැක්ක බලවත් රටවල කකුල් ලෙව කෑව ආණ්ඩුව මාරු වුනු ගමන්, දැන් ඔය ඒවට දොලපිදේනි දෙන්නේ. ජනමාධ්‍ය නිදහස කියන්නේ පාර්ලිමේන්තුවේ කලු මාධ්‍ය කියලා බැනල මාධ්‍ය සාකච්ඡාවලට ආවම බැනලා එලවන එකද? අධ්‍යාපන හා මහාමාර්ග, ඊලඟට අධ්‍යාපන හා වාරිමාර්ග මොන විහිලුද මේවා? ඩොලර් වලට ඔච්චර කහින්න එපා... අප්පිරිය හිතෙනවා. බුද්ධිමත් මිනිස්සුන්ට ඔය 225ම පෙන්නන්න බෑ ඒකයි ඇත්ත...

:       0       295

ලංකාMonday, 04 February 2019 04:10 AM

වෙන ඕනෑම එකක් කියන්න... නමුත් උගත්, බුද්ධිමත් කියන එක නම් කියන්න එපා. අපේ හරකුන්ටත් ලැජ්ජා හිතෙනවා...

:       5       158

Raveendra Sunday, 03 February 2019 10:40 AM

හාදය කඩුපුල් ආසනේ රැකගෙන සදහටම ඔලුවේ තියාගන්න තව ගැටයක් ගහන්න වගේ තෙපර බාන්නේ... 225 ම මූලික පරමාර්ථය " රටට හෙන ගැහැව්වට කමක් නැහැ අපි මොන හිවලා සමගින් හෝ එකතුවී " බලයේ හිටියොත් ඇති යන්න මේ හැම ක්‍රියාවකින්ම ඔප්පු නොවන්නේද?

:       16       691

සුජිත් . Sunday, 03 February 2019 10:41 AM

ඇයි රට විකුණන්නද?

:       15       607

Hafeel Sunday, 03 February 2019 11:10 AM

එහෙම එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින මන්ත්‍රීවරු විජේදාසයි, ආනන්ද අලුත්ගමගේත් පමණයි නේ. එහෙනම් ඒගොල්ලෝ එකට එකතු වුණයි කියල රටේ ප්‍රශ්න විසඳනවද? තවත් රටට බරයි. ඇමතිකම් දෙන්නත්, ඔවුන්ව නඩත්තු කරන්නත් වෙන්නේත් මහජනයා තමයි.

:       0       15

sirimal Sunday, 03 February 2019 11:12 AM

අත වනල වැඩක් නැහැ පොරොන්දු උන අන්දමට දුෂිතයින්ට දඬුවම් දෙන්නේ නැතුව.

:       0       24

nihal c k Sunday, 03 February 2019 11:27 AM

ජාතික ආණ්ඩුවත් හරි..... තව ඇමතිකම් 18 තියෙනවා.... එන්න කියලානේ ඔය කියන්නේ

:       0       7

Hafeel Sunday, 03 February 2019 11:31 AM

මෙයාගේ දේශපාලන ජීවිතයේ රටේ ආර්ථිකයට මොනවාද කරළ තියන්නේ? එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ නායකවරුන්ගෙන් ඩී එස්, ඩඩ්ලි සේනානායකලා රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් යමක් කරල තියන්නේ. ගාමිණි මහවැලි ව්‍යාපාරයෙන් විශාල වැඩ කළා. ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතිය තිබුණා. ලලිත්ගේ මහපොළ ශිෂ්‍යත්වය තිබුණා. පොඩි පොඩි අඩු පාඩු තිබුණත්, ජේ ආර්ගේ විවෘත ආර්ථිකයෙන් රටට යමක් වුණා. මෙයා කළ එකම දේ අලෝසියස්ව පෝසත් කරළා, රවීට සුපිරි නිවාසක් අරන් දුන්නා.

:       0       43

Lal Sunday, 03 February 2019 11:37 AM

ජනාධිපතිටත් නොදන්වා... කැබිනට් අනුමැතියකින් තොරව ගිවිසුම් ගහලා... ඇමරිකන් හමුදාවට එන්න ඉඩදීලා.. පුදුමේ කියන්නේ මෙතරම් භයානක, රටට අහිතකර ගිවිසුම් ගහලා රට ප්‍රපාතයට තල්ලු කරද්දිත් ඒජාපයේ අය මොහුව නායකයා කියා පිළිගැනීමයි. රට ප්‍රපාතයට හෙලන මේ අගමැති කරන ආරාධනාව පිළිගෙන මොහු සමග එකතුවන්නේ දේශපාලක හිඟන්නන් මිස දේශප්‍රේමී දේශපාලඥයින් නොවන බව දනිමු.

:       69       1061

pathiranaSunday, 03 February 2019 09:34 PM

පසුගිය රජය සමයේ කැබිනට් ඇමතිවරුන් පමණක් 80ක් පමණ සිටියේය. නමුත් රට පාලනය කරන ලද්දේත් "orders " දෙනු ලැබුවේත් එක පවුලක් විසිනි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපට යලිත් එක පවුලක් විසින් පාලනය වන රජයක් අවශ්‍ය නැත. ඇමතිවරුන් පමණක් 80 සිටියද ඔවුන් හැසිරුනේ පියන්ලා මෙනි... ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ගෙදර පන්නා දැමීය.. ජනමාධ්‍යවේදීන්ට සිදුවුයේ කුමක්ද කියා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අප දනිමු. කැබිනට්ටුවේ සිටින සෑම ඇමැතිවරයකු එසේය කිව්වා මිස එම පව්ලට විරුද්ධව කිසිවක් කීවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිකර කෑලිවලට කැඩුනේ පවුලේ සාමාජිකයන් රට පාලනය කල නිසාවෙනි. පවුල් පාලනය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපට තිත්ත වී තිබේ. පවුල් පාලනය වටා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික හිටපු ඇමතිවරුන් තවමත් එකතුවීමෙන් ඇතිවී තිබෙන කල කිරීම් නිසා නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය අතහැර යනු ඇත.

:       360       44

tommy Sunday, 03 February 2019 11:44 AM

දැන් ඉතින් ෂුවර් එකටම විජේදාස බෑග් පැක් කරනවා ඇති අනිත් පැත්තට එන්නට...

:       124       27

smn Sunday, 03 February 2019 11:46 AM

ඔබලා එක්වෙයල්ලා, බෙදියල්ලා... අපට කමක් නැහැ. අපිවත් අපේ රටත් කාපු කාලකන්නි 225ම අපි ළඟදීම ගෙදර යවනවා...

:       0       508

PerakumSunday, 03 February 2019 04:00 PM

smn ඔබේ තීරණයට අපේ පූර්ණ සහයෝගය මෙන්න. ඔය කාලකන්නි හැතිකරය එලවා දමලා අපේ රට බේරාගනිමු...

:       1       265

chandimaSunday, 03 February 2019 08:32 PM

නිකන් හිතේ අාවේගෙට ඔහොම කිව්වට මලේ ඔව්ව කරන්න පුළුවන් වැඩද? මොකද අපි ඔහෙලට පුළුවන්ද අපේ එකෙක්වත් ඔය කිසිම පක්ෂයක ලැයිස්තුවකට දාගන්න. ඔක්කොම ඒ ඒ ලොක්කන්ගේ සුවච ගෝලයින් තමයි ඉන්නේ. දිනන පැත්ත යන්තන් දිනුවොත්, ඊළඟ ඡන්දෙ කිට්ටු වෙනකල් ඇදගෙන දුවන්න අනික් පැත්තෙන් හොඳම අම්බරුවන් ටික කුලියට දෙනවා. කලින් වතාවේ කරු ඇවිත් මුක්කුව දුන්නා. මේ වතාවේ මෛත්‍රි යවලා මුක්කුව දුන්නා. ඡන්දෙට අවුරුද්දක්, දෙකක් තියා නාදයක් දාලා දෙපැත්තට වෙන් වුණා. වෙන් වෙලා අවුරුදු දෙකක් ගියාම අපට අර අසුචි කාපු අය අමතක වෙනවා. අපට අමතක වෙන කාලේ බලල අනික් පැත්තට ගියාම අපි අයෙත් ඔවුන්ටම ඡන්දෙ දෙනවා. ඕක නිසා එකෙකුටවත් ඡන්දෙ නොදී උන්නොත් එහෙම ඕනඕන කෙනාට අපේ ඡන්දෙත් දාගන්නවා. අපිට මේක තේරිලා තියෙන වග ඔවුන්ටත් තේරුණ නිසා පසුගිය ඡන්දෙදි අලුතින්ම කට්ටියක් ප්‍රාදේශීය සභාවලට ගෙනත් මේ දවස්වල සුවචව, කීකරුව, ජරාව කමින්, උඩ පනින්නේ නැතිව, සේවය කරන හැටි පුහුණු කරනවා. හොඳට පුහුණු වුණාම මහඡන්දේ ලැයිස්තුවට දාල අලුත් මුහුණු විදියට අපට පෙන්නනවා. අම්මපා එවුන්ට බැන්නට අපි වගේ අම්බරුවෝ රැලක්...

:       0       102

ranjith Sunday, 03 February 2019 12:03 PM

පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩියන් දැක්කහම ඇත්තටම මේ අයට මහත්තයාවත් කියලා කට ඇරලා කියන්න පුළුවන්ද කියල හිතෙනවා. ජාවාරම්කාරයෝ, අපරාධ කාරයෝ අන්තිමට පාර්ලිමේන්තුවේ තමයි නතර වෙන්නේ...

:       0       371

පිටිගල මිලානෝ Sunday, 03 February 2019 12:09 PM

ගෝඨාභය මහත්තයාටවත් රටේ නායකකම දීලා බලන්න තියෙන්නේ. වැඩක් නොකර කයිවාරු ගහන එක විතරයි මෙයාලා කරන්නේ...

:       34       934

aseSunday, 03 February 2019 01:12 PM

දීලා බලමුනේ? හැබැයි නෝ කතා ඊට පස්සේ, මෙහෙම කිව්වොත් සුදු වෑන් තමා, දැන් තීරණය කරන්න..! ප්‍රජා අයිතියද, එ්කධිපති වාදයද? මගේ අදහස වහල්ලු නොවී ජීවත් වීමයි.

:       864       101

BamunuarachchiSunday, 03 February 2019 03:53 PM

කව්ද සුදු වෑන් එකේ ගිය කෙනෙකුගේ නමක් කියන්නකෝ..? රටක් හදන්න නම් කීප දෙනෙක් සුදු වෑන් වල යන්න ඕනේ. අපේ කිසි විරුද්ධත්වයක් නැහැ

:       0       716

Hafeel Sunday, 03 February 2019 01:45 PM

ආපහු අයිතිකරු නැති ගෙවල් මතු වෙන්නද? මහජන මුදලින් නෑදෑයින්ට සොහොන් හදන්නද?

:       614       123

BamunuarachchiSunday, 03 February 2019 03:59 PM

හලෝ ඝෝඨාභය මහතා එක සොහොන් ගෙයක් හැදුවේ රටේ සිංහල මිනිසුන්ගේ සොහොන් ගෙවල් දහස් ගණනක් නවත්වලා කියලා සිංහල මිනිස්සු දන්නවා. අපිත් මිනී ටොපියක් වගේ ඔතලා වලදානවා නම් සොහොන් හදන්නේ නැහැ. ඔව් ඔව් මේ පැත්තෙත් ඉන්නවා ගේ හම්බුනේ කොහොමද කියලා ඇසුවාම මම දන්නේ නැහැ ගෙදර එක්කෙනාගෙන් අහන්න නේ කිව්ව මිනිස්සු. නිකන් වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා...

:       7       788

පිටිගල මිලානෝ Sunday, 03 February 2019 04:59 PM

මෙහෙම අරාධනා කරාම රිංගන්නේ සල්ලි වලට කෑදර හොරු. ඒ අයටම තවත් ගෙවලා අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්නයි මේ හදන්නේ. රට ඉවරෙටම ඉවරයි.

:       0       341

kamani - florida Monday, 04 February 2019 12:58 AM

ගෙදරට බල්ලෙක් ගේන්න ශ්‍රී ලංකන් ගුවන් යානයක් යවපු හිටපු ආමිකාරයා හෙවත් ඇමෙරිකාවේ පෙට්‍රල් ගහපු කොල්ලව අපේ රටේ ජනාධිපති කරන්න...? කාලා වරෙල්ලකෝ...

:       649       272

Kolam Los Angeles Monday, 04 February 2019 08:43 AM

හා...හා.... රණවිරුස්....!

:       1       7

BamunuarachchiMonday, 04 February 2019 02:40 PM

ඒ කොල්ලා පෙට්‍රල් ගහන්න විතරක් නොවෙයි, මල්ටි බැරල් ගහන්නත් දන්නවා කියලා දන්නේ නැද්ද? ඔබලාගේ දැනීමේ හොඳකම තමයි අපිට මෙහෙම වුනේ... කෝ කුරුඳුවත්තෙන් රෝයල් ගිය කොල්ලට බැරිවුණානේ රට බේරලාදෙන්න. ඒ කොල්ලා ඉගෙනගෙන තිබෙන්නේ පාවා දෙන්න. මේ අවුරුදු 4 ට සිංහල ජාතියම පාවාදුන්නා.

:       5       74

Dhammasiri himi Sunday, 03 February 2019 12:10 PM

ඔන්න පනින රිළවුන්ට ඉනිමග තිබ්බා. දැන් බලමු කව්ද පනින්නේ කියලා..

:       0       196

Chandima Sunday, 03 February 2019 12:16 PM

බෑනට පක්ෂේ නායකකම දීලා පැන්ෂන් යන්න හිතන් ඉන්න නිසා එතකල් මේක ඇඳගෙන දුවන්න. මට සපෝට් එකක් දෙන්න කැමති කට්ටිය එන්න...

:       0       229

Adam Sunday, 03 February 2019 12:36 PM

රනිල් කියන්නේ ලංකාව කාලා නැත්තටම නැතිකරලා හපෙත් සූප්පලා ගිලින්න අාපු කෙනෙක්... මහබැංකුව හොරකම් කළත් ඇතිවෙලා නැති බව තමයි පේන්නේ.. හරියට තමන්ට කියලා පවුලක්වත් නැති, අය දන්නේ රට කන්නයි, වැදි බණ කියන්නයි තමයි...

:       1       1217

lebbe Monday, 04 February 2019 04:07 AM

එයා තමයි අපේ රටට නිල වශයෙන් සමනල සංගමය හඳුන්වා දුන්නේ...

:       0       97

Sumith Sunday, 03 February 2019 01:11 PM

2015 -2018 වෙනකම් එකතුවෙලා ජනතාවට වැට් ගැහුවා... ආයෙත් ඒ සෙල්ලම කරන්නද?

:       0       145

Matalan Sunday, 03 February 2019 01:14 PM

වන්දි වශයෙන්ද මහබැංකුව මංකොල්ල කෑවේ?

:       0       340

Janahitha Sunday, 03 February 2019 01:24 PM

වැඩේ කරගෙන යන්න බෑ වගෙයි නේද? එකතු වෙනවට වැඩිය හොඳයිනේ දාල ගෙදර ගියානම් පුළුවන් කෙනෙකුට කරගන්න දීලා...

:       0       296

Amila Sunday, 03 February 2019 01:31 PM

අකිලව නායකයා කරනකන් අනේ පොඩි සහයෝගයක් දෙන්න කියලනේ ඔය කියන්නේ...?

:       0       121

CHANDIMASunday, 03 February 2019 06:09 PM

වරද්දගන්න එපා. අකිල නිකන් බටය විතරයි. නූල් සූත්තරේට වැඩ කරන්නේ. සජිත්ට ජනාධිපති සූප්පුව දීලා විජේවර්ධන බෑනා නායකකමට දාන්න යන්නේ... ඔන්න නියම පවුල්වාදය දැන්බලාගන්න. ඒ කාලේ සිරිමාවෝ මැතිණිට පවුල් ගස් ඇඳපු කට්ටිය... සේනානායකලාගේත් බෙල්ල කපලා පක්ෂෙන් දොට්ට දැම්මා.

:       0       112

sandy123 Sunday, 03 February 2019 01:40 PM

කිසිම චාරයක් නැති, බල ලෝභී, මුදල් වලට කෑදර පිරිසක් ඕනෙනම් එකතු වෙයි. මේ 226ම පැටිකිරිය අපි හොඳට දන්නවා. රෑ ඩැනියෙල් දවල් මිගෙල් න්‍යාය හොඳටම රඟපානවා. ඇමති ධුර වැඩි කරන්න, මන්ත්‍රී වැටුප් ඇතුළු දීමනා වැඩි කරන්න නම් අත්දෙකම උස්සයි. හොඳ දෙයකට නම් කවම කවදාකවත් එකතු වෙන්නේ නැහැ. පුළුවන් තරම් බෙරිහන්දීලා වැඩේ වන කරලා කාලකන්නි ටික කාලය කා දමලා රජ බොජුන් වලින් බඩජාරි බඩ පුරවාගෙන අපිට කොකා පෙන්නලා යයි. ඔක්කොම එක වල්ලේ පොල්... ඔය හැම පොල් ගෙඩියේම හැඩය වෙනස් වුණාට මදය සහ රසය එකයි. මොන පක්ෂයක් ආණ්ඩු කළත් අපිට සෙතක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ.

:       0       177

Nuwan Sunday, 03 February 2019 03:12 PM

මහමැතිවරණයක් දීලා ජනතාවට මහජනතාවට ඔලු බක්කො ටික පෙන්වන්න අවස්ථාව දෙන්න.

:       0       56

Gamini Sunday, 03 February 2019 03:16 PM

බැංකුවට විදින්න කට්ටිය මදිද?

:       0       180

Sumith Sunday, 03 February 2019 03:30 PM

රටෙන් ගවයෝ ගේන්න..

:       0       52

Appuhami Sunday, 03 February 2019 04:40 PM

සමනල්ලුන්ට රට ඕනෑලු හොරාකන්න...

:       0       160

Lusena Sunday, 03 February 2019 05:24 PM

බමුණුආරච්චි, ඔහේ නොදන්නවට, එක්නැලිගොඩ, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, අරන්ගියේ සුදුවෑන් වලින් තමයි...

:       404       51

සනත් ඉතාලිය Sunday, 03 February 2019 07:08 PM

හරියටම කියන්න ඔයා දැක්කද

:       20       341

GihanMonday, 04 February 2019 12:24 AM

ආ... එක්නැලිගොඩ නිලමේ ඩුබායි රාජ්‍යයේ යෙහෙන් වැජඹෙනවා...

:       0       64

BamunuarachchiMonday, 04 February 2019 12:27 AM

ඒ ගොල්ලෝ මොනවද 60000ක් ගියේ? ඒවත් ජීවිත ඇයි ඒ ගැන කතා නොකරන්නේ. ඔය සුදු වෑන් වල යායුතු අය තමයි. ඒ ගොල්ලෝ සුදු වෑන් වල ගියා කියලා රටට වෙච්ච පාඩුව මොකක්ද? එක්නැලිගොඩ නම් කෙලින්ම පිටරටක. කොටි මර්ධනයට අකුල් හෙලපු එන්ජීඕ සල්ලිවලින් යැපුන හාදයෝ තමයි ගියේ. මම නම් ඒ ගැන බොහොම සතුටුයි.

:       108       664

tikiriMonday, 04 February 2019 02:44 AM

දුක යනු තමන්ගේ වල තමුන්ම කපාගන්න බව නොදන්නා පිරිසක්... තවමත් එජාපයට කඩේ යාමයි...

:       0       555

Deepal Nirosh Monday, 04 February 2019 10:26 AM

තමුන්ට පාර්ලිමේන්තු බහුතරය තියනව කියල පෙන්නල නේද අගමැතිකම ගත්තෙ? දැන් මොකට ද අනෙක් අයගෙ සහය ඉල්ලන්නෙ? තමුන්ට ඡන්දය දීපු පක්ෂ එක්කාසු කර ගන්න බැරි ඇයි?

:       0       38

bo Wednesday, 06 February 2019 08:51 AM

තව දිග කාලයක් බැංකු හොරකම කරන්න හදන්නේ මේ කෙනා තමයි...

:       0       0

gihan Wednesday, 15 May 2019 10:01 AM

එතකොට කොලඹ තියෙන කලබලය මොකක්ද ? සමාජ මාධ්‍ය වහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 81 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 132 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 608 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 695 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 430 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 364 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site