IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’

(නිමල කොඩිතුවක්කු)

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට දුන් පොරොන්දු මෙන්ම ජනතා අපේක්ෂාවන්ට පයින් ගැසූ මාලිමා ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට ගමේ ජනතාව බලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී රට සුබ නැකැතින් අනුරට බාර දුන්නත් අද වන විට ටොම් පච දේශපාලනය රට පුරා කප් ගහන බවත් ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඊයේ (22)පැවති ජන හමුවක් අමතමින් ප්‍රේමදාස මහතා කීවේය.

සෑම මොහොතකදීම ජනතාව රවටන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරනයේදී හා මහමැතිවරණයේදී ජනතාව පිට පිට දෙවතාවක් රවටා තුන් වැනි වතාවටත් ටොම් පච දේශනා කරනා නායකයන්ට ගම බාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාලිමා රජය අද වන විට බොරු කීමෙන් ලෝක වාර්තා තබා ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප රු 20000කින් වැඩි කර මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි පැවසුවත්  මේ සියලු පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද ප්‍රේමදාස මහතා කීවේය. 

මාලිමා බලය නැති පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරන බවත් පළාත් පාලන ආයතන පනතවත් නොදැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේ.

බලය තිබුණත් නැතත් රජයේ මුදල් තිබුණත් නැතත් සමගි ජන බලවේගය රටට සේවාවක් ඉටු කරන බවත් එම නිසා බිය නොවී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (12)

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’

Perera Wednesday, 23 April 2025 02:27 PM

අනේ ඔයාට දැන් කීපාරක් ජනතාව පාඩම් කියා දුන්නාද? පාඩම් හිටින්නේ නැද්ද?

:       9       65

ගමේ එකාලා Wednesday, 23 April 2025 02:39 PM

කොහෙන් ද දන්නේ නැහැ ඔය කතා කියන්නේ? පහුගිය මැතිවරණ වලදී ජනතාව පාඩමක් ඉගැන්නුවේ කාටද කියලා රටම දන්නවා. බේගල් වලට ජනතාව රැවැට්ටුවේ ඉස්සර, දැන් ඒ කාලේ ඉවරයි...

:       11       58

Neel Wednesday, 23 April 2025 02:51 PM

ආණ්ඩුවට එරෙහිව එල්ල කරන බොරු ප්‍රචාර හැර වෙන කිසිම චෝදනාවක් නැහැ කියලා මහ ජනතාව හොඳටම දන්නවා. ඒක සජිත් ප්‍රේමදාස දන්නවාද?.. මේ පාර තමයි විපක්ෂය පාඩමක් ඉගෙනගන්නේ... රටට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරලා තව බයිලා කියන්නත් එනවද...?

:       9       47

sakraya Wednesday, 23 April 2025 03:11 PM

ආණ්ඩුවට පාඩම් කියාදෙන්න ජනතාව බලාගෙන හිටියාට ඔයා වගේ ලාමක ටිං ටිං කෙනෙකුට බලය දෙන්න ජනතාව ලෑස්ති නැති බවත් දැනගන්න. රනිල්ගේ මයිලක් තරම් ඔහේ වටින්නේ නැහැ. ඔහෙට ඒ මනුස්සයාගේ පරිචයේ අහලකටවත් එන්න බැහැ.

:       7       25

Kamal Koyrala Wednesday, 23 April 2025 04:01 PM

තලතා ලේකම් තුමියත්, හෙළ උරුමයේ, පාඨලීත්, සන්නස්ගලත් ඔයාට චරිත සහතිකේ දුන්නේ නෑ. ඒකයි දෙවරක්ම ප්‍රතික්ෂේප වුණේ.. මේ ඡන්දයෙන් පස්සේ නායක කමත් ඉවත් කරන්න වෙයි.

:       2       24

janahitha Wednesday, 23 April 2025 04:16 PM

නෑ එහෙම නැහැ. හොර සල්ලි අච්චු ගහපු අයට සහ ඔවුන්ට ප්‍රසිද්ධිය ලැබෙන අයට පාඩමක් උගන්වන්න ජනතාව බලාගෙන ඉන්නවා.

:       3       14

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 04:25 PM

අනුන්ට පාඩම් උගන්වන්න කලියෙන් ජනතාව ඔයාට කියලා දුන්නු පාඩම ඉගෙන ගන්න උත්සාහ කරන්න. ජනාධිපති වෙන්න බැරි නම් අඩුම තරමේ රටට ප්‍රයෝජනවත් විපක්ෂ නායකයෙක් වෙන්න උත්සාහ කරන්න...

:       2       27

ගමේ එකාලා Wednesday, 23 April 2025 04:29 PM

ආණ්ඩුවට පාඩමක් උගන්වන්න, ජනතාවට සිද්ද වෙන එකක් නම් නැහැ.. තමුන්ගේ පක්ෂයේ හිටපු අය නම්, පාඩම් උගන්වලා තියෙන බව නම් පේන්නම තියෙනවා. පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරුවයි ඉන්නේ, තවත් මොන කතාද?

:       3       22

රම්බොඩ Wednesday, 23 April 2025 04:34 PM

මාලිමාව නම් කෙප්ප කන්දකි... එය සනාථ වී අවසන්ය. නමුත් කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි ගන්නට ජනතාව සූදානම් නැත. එබැවින් ඡන්දය නොදා සිටිනවා මිසක් වෙනත් කළ යුත්තක් නැති වගක් දැන් දෘශ්‍යමාන වේ...

:       0       0

Pankumburage Wednesday, 23 April 2025 05:52 PM

ඔයාට පාඩමක් උගන්වන්න තලතා බලාගෙන ඉන්නවා.

:       0       0

චතුරි Wednesday, 23 April 2025 06:34 PM

ජනතාවට වෙන වැඩ නැද්ද? ආණ්ඩුවට පාඩම් උගන්වන්න ලොකුම පාඩම ඉගෙන ගත්තේ ඔබලා. දැන් ජනතාව ඔබලාගේ දුක අහන්නෙත් නැහැ. නැවත බලයට ගේන්නෙත් නැහැ. දැන් සැපද? මෙයාව හොඳ ගාමන්ට් එකට යට ඇඳුම් ප්‍රශ්න විසඳන්න. අද මොවුන් හොරා කෑවේ නැත්නම් රට බන්කොලොත් නැත්නම්. අනුර කුමාර ජනතාවට රජ සැප දෙනවා. මාස හයක් යන්න වුවමනා නැහැ. මොලේ තියෙන සුළු සේවක පිරිසකගෙන් වැඩ අරගෙන සතිය ගානේ. වැටුප් වැඩි කරන්න තිබුණා. අනුරට නැති මුදල් මේ හොරාට කොහෙන්ද? ජනතාව ගැන හිතන එකම නායකයා අනුර කුමාර විතරයි. ජේ ආර් ජනාධිපතිගෙන් පස්සේ මේ රට. අනුර කුමාරට ලැබුණා නම් අද ලන්කාව දිව්‍ය ලෝකයක්... ඔය කියන හොරු පාතාල එකෙක් බිහි වෙන්නේ නැහැ. මේ හොර නඩේ. තරුණ පරපුර විනාශ කෙරුවේ මොවුන්ට රජකම් කරගෙන. උගත් මිනිසාව පාගාගෙන ඉන්න. දැන්නම් පුතාණෝ... කාලේ නාස්‍ති නොකර ගිහින් වයසට ගිහින් ලැබුණු දරුවාගේ දරු සුරතල් බලන්න. එපමණයි තියෙන්නේ... බොරු වැඩක් විපක්ශ නායකකම පාස්කුවේ මිනීමරුවෝත්. ඔය ගෝබ්බ රැලෙන් නේද? සැලසුම....

:       0       0

සෙනෙවිරත්න Thursday, 24 April 2025 09:23 AM

මෙයා තමයි රජය ගැන බොරු මත ගොඩ නගන්න හදන්නනෙ, හැබැයි ඒක වෙන්නෙ නැති දෙයක්, රජයට තව වසර හතරහමාරක් තියෙනව, පොරොන්දු ඒ අයුරින්ම නොවුනත් හැකිතාක් ඉටුකරල තියෙනව, වැටුප් වැඩිවීම බලන්න, ඒකෙන් කවුරුත් සෑහීමකට පත්වෙලා , මෙයා කෙඳිරිගෑවට, හැබැයි මේගොල්ලෙ එදා මේ රජය බලයට පත්වුවහොත් වෙනදේ ගැන කියපු ටොන් පච එකක්වත් උනේ නැහැ, ඒකෙන් මෙයා විතරක් නෙවෙයි සංඝයා වහන්සෙලාත් පච උනා මෙයාගෙ ලණු කාල

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1037 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 111 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 400 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1934 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 515 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 454 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 820 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 379 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 535 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site