( අංජුල මහික වීරත්න )
ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(22) පැවසීය.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම්කාරක සභාවක් මගින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැගුණ චෝදනා විමර්ශනය කර ඔහු නිවැරදි නම් ඔහුට සහය පළ කරන බව කී අමාත්‍යවරයා එසේ නැතිව පදනම් විරහිතව නගන චෝදනා එක්සත් ජාතික පෙරමුණ කිසි විටෙකත් එකඟ නොවන බවද කීය.
කොළඹ අරලියගහ මැදුරේදී පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග පරාජය කරනවා‘
Indunil Wednesday, 22 May 2019 06:30 AM
එන්නකෝ ඡන්දේ ඉල්ලන් කුලියාපිටියට
INDIKA Wednesday, 22 May 2019 06:32 AM
ජනතාවගේ ආරක්ෂාවට වඩා ආණ්ඩුවේ ආරක්ෂාව වැදගත් ! ජයග්‍රහණය සාමකාමිව සමරන්න !!!!
saliya Wednesday, 22 May 2019 06:35 AM
ඔහු ඉවත් වීම හෝ ඉවත් කිරීම සුදුසුය. නිවැරදි නම් ඒ බව ඔප්පු කිරීම පසුව පුළුවන්. ඇමති කම් අත් හැරීමට , මහජන විරෝධය ප්‍රමාණවත් ය .
thushara Wednesday, 22 May 2019 06:41 AM
හරි හරි.. තව මස 5-6 තියෙන්නේ... කමක් නැහැ ඔහොම යමු. රටට හෙන ගැහුවත් කමක් නැහැ. අත්අඩංගුවට ගත ත්‍රස්තවාදී ගැන හොයල බලන්න කෝල් කර එකම ඇති මොහුව එලියට දමන්න. පක්ෂය ආරක්ෂා කරගැනීම තම හැමෝගෙම ගමන. ඉදිරියේ පවත්වන මැතිවරණ වලදී අසරණ උන මහජනතාව හරි තීරණයක් ගනීවි. එතකම් උඩ පනින්නකෝ...
Raveendra Wednesday, 22 May 2019 06:43 AM
හෙන හත ගැහුවත් රටට අපේ ...// අපි යහමින් ඉන්නවා සැපට අනේ..// නැවතත් විදින්නට සැප නැහැනේ...// එබැවින් රැක ගන්නෙමු යමපාලේ...//
SRI Lankan Wednesday, 22 May 2019 06:44 AM
උනොත් ඒ විදිහට.... හැමවැරදි සිහිකොට.. පැන්සල ගෙන අතට.. යවමු මුන්දල ගෙදරට..
Nuwan Wednesday, 22 May 2019 06:49 AM
මම ආයෙමත් කියනවා මාගේ මාතෘ භූමිය විනාශ කලේ දේසපාලුවෝ!
PrasadWednesday, 22 May 2019 12:55 PM
දේශපාලකයන් පත් කරන්නේ මහජනයාය.
shan Wednesday, 22 May 2019 06:52 AM
එකෙන් කියවෙන්නේ මේ සිදු වුන සියලු සිදුවීම් වලට රජයේ අනුග්‍රහය තිබුන කියන එකනේ එක නිසානේ වරද කරුවන්ට දඩුවම් කරන්න බැරි
Buddika Wednesday, 22 May 2019 07:03 AM
කට්ටියම එකතුවෙලා යු එන් පි එකට ඉතුරුවෙලා තියෙන චන්ද ටිකත් නැති කරන්න.
arshad Wednesday, 22 May 2019 07:07 AM
ඒ කියනේ ආණ්ඩුවේ සියලෝම ත්රස්තවාදයට සහ බෝම්බ ගහන්න උදව් කරනවා, කිරිබොන දරුවත් දන්නවා බදුදීන්ගේ සම්බන්දය හමුදාපති කලින්ම කියනවා. මේ බබාට ජනතාව උගන්වන්න
banda Wednesday, 22 May 2019 07:08 AM
තව ටික දවසයි. ඊලග ඡන්දෙ එනකම් ඉන්නකෝ ....
chamila Wednesday, 22 May 2019 07:09 AM
ඔබ තුමාලගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ කියල අපි දන්නවා. ඇස් පනාපිටම දේවල් පෙනෙද්දී ඔබ තුමාලා තාමත් ඔව්න්ට කත් අදින්නේ නිකන් නොවන වග අපි දන්නවා
සේන Wednesday, 22 May 2019 07:15 AM
රටට, ජාතියට, ආගමට විනයක්වන ඕනෑම දෙයක් මොවුන්ට විහිළු ය.
rama Wednesday, 22 May 2019 07:34 AM
ඒ කියන්නේ IS ප්‍රහාරය රජය අනුමත කරනවා?
මාරසිංහ Wednesday, 22 May 2019 07:50 AM
ඔහු හරිද වැරදිද කියල සොයා බැලිමට ආරක්ෂක අංශ වලට බාර දෙන්නෙ නැත්තේ ඇයි???
Sanjeewa Wednesday, 22 May 2019 07:51 AM
මාර ආඩම්බරයක් දැනෙන්නේ.... එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන!!
San80 Wednesday, 22 May 2019 08:05 AM
පොඩ්ඩක් ඉන්නකෝ ඡන්දෙ එනකල්. එදාට අපි පෙන්නන්නම් අපිට පරාජය කරන්න පුළුවන් දේවලුත්....
suraweera Wednesday, 22 May 2019 08:07 AM
මිනිස්සුන්ට පිස්සු. බෝම්බ පිපිරුනෙත් නැහැ. ත්රස්තවාධින් හිටියෙත් නැ බොරුවට විශ්වාසභංග ගේනවා බෝම්බ පිපිරුණා කියල ඔප්පු කරලා පෙන්නුවොත් විශ්වාසභංග පක්ෂව ඡන්දය දෙනවා
sharm warn Wednesday, 22 May 2019 08:07 AM
රාජ්‍ය ත්රස්තවාදයක් තියෙන බව සහතික කරන කතාවක්. මේගොල්ලෝ කවුරුත් එකයි. තමන්ගේ වාසියට වැඩ කරන මිනිස්සුන්ව බිල්ලට දුන්න එක තමයි කවදත් කලේ. අලුතෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. හිත රිදෙන එක විතරයි .
අමිල Wednesday, 22 May 2019 08:09 AM
කුමටද මෙහෙවු රටක ජීවත් වෙන්නේ..... කාට කියන්නද මේ අවනඩුව. හපොයි ශ්‍රී ලංකා මාතා !!!!!
Udrich Wednesday, 22 May 2019 08:10 AM
සිංහල ජාතිය කවදාවත් එකතු වෙන ජාතියක් නෙමෙයි
Pradeep Wednesday, 22 May 2019 08:20 AM
අනේ ඔව්.. ඒ අහිංසකයට ගෙනාව විශ්වාසභංගය කොහොම හරි පරාද කරන්න ඕන. ඊට පස්සේ එන්නකෝ ඔබතුමා ගම් පැත්තේ ඊලග ඡන්දෙට...
nimalka Wednesday, 22 May 2019 08:41 AM
අපි හරි දේ දකිනවා. උන් වැරදි දේ කරනවා. ඇත්තටම හේතුව මොකක්ද? ඔවුන් හරි දේ නොදන්නා එකද? දැනගත්තත් කරන්න දෙයක් නැතිකමද? ඒ දේශපාලනේ හැටිද?
Ruwan Wednesday, 22 May 2019 08:41 AM
පුත්තලම බුරුවන්ට ප්‍රසිද්ද උනාට කුලියාපිටිය එහෙම නෑ කියලා හිතුවේ.. පරණ බිත්තර විසි කරන්න එපා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..
මහකන්දේ විජිතසිරි හිමි Wednesday, 22 May 2019 08:46 AM
බහුතර මිනිසුන් 2015 ජනවාරි 8 වපුරපු දේ හී අස්වැන්න ටික ටික ලබනවා දැන් සියළු දෙනා. මේ යහපාලන ආණ්ඩුවේ වසර හතරේ සාරාංශය ගුණමකු කලගුණ නොදත් මිනිසුන් සැපට දුක් විදී යන්නය. මෙම අදම දේශපාලකයන් පත්කලේ බහුතර ගුණමකු කලගුණ නොදත් මහජනතාව නිසා මහජනතාව මෙම දුක් කරදර විදිය යුතුමයි. වපුරපු ලෙස අස්වැන්න නෙලා ගන්න.
RaveendraWednesday, 22 May 2019 01:26 PM
අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. අවුරුදු 60කට වැඩි කාලයක් අප අපම විසින් වපුරපු දේවල් අඩුවැඩි නැතිව අප නෙලා ගත්ත මෙන්ම නෙලා ගනිමින් සිටින බව සත්‍යයකි. අප ගැමි භාෂාවෙන් පවසනවා නම් කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තේය. හොටු ගෑනි දී කැහි ගෑනි ගත්තේය. මෙය දශක කීයක් අප කර ඇද්ද? වැඩිදෙනෙකු අපගේ මෙම කෙටි අදහසට අකැමැති වනු ඇත. අප රටේ සිටින්නේ වැඩිපුරම නූගත් ඡන්ද දායකයින්ය. තම තමන්ගේ පුද්ගලික වාසි තකා අප අනේකවිධ පක්ෂවලට බෙදී පසුව අපම අඳෝනා නගන්නේය. කවුරු කළත් හොඳ දෙයට හොඳයි කීමට අප වැඩිදෙනෙකු පැකිලෙන්නේ අප විසින් නොයෙකුත් " වර්ණ සහිත දියතරිප්පු පැළඳ" සිටින බැවිනි. හොඳ දෙයට හොඳයි කීමට නිහතමානී වනවා මෙන්ම වැරදි දෙයට සක්කරයට වුණත් වැරදියි කීමට හැකි වෙන දිනයක අපගේ පෙම්බර ලක්මව ලෝකයේ සුන්දරම දිවයින වනු නොඅනුමානයි...
samanWednesday, 22 May 2019 04:03 PM
ගොඩක් මේ වගේ සමබර අදහස් පහල වන්නේ යහපාලනයට ඡන්දෙ දුන්නු අයටයි.
sharm warnThursday, 23 May 2019 04:36 AM
මිනිස්සු පක්ෂයකට ගැති නොවී අවස්ථාවට අනුව කළ යුතු දෙයක් කළ නිසා තමයි 2015 මහින්දට ගෙදර යන්න වුනේ... එයාගේ අතට ලැබුණු ගෞරවනීය අවස්ථාව අයාලේ නොයවා නම් අදත් එයා ජනාධිපති.. ගෞරවය කියන්නේ උපයා ගත යුතු දෙයක් බලෙන් ඉල්ලාගත හැකි දෙයක් නෙමේ... අද මේ වෙලා තියෙන දේවල්වලට ඔය 225ම එක වගේ වග කියන්න ඕනෑ. මට නම් කවුරු කලත් හරි දෙයක් නම් හරි වැරදි දෙයක් නම් වැරදි. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. මහින්දටත් දැන් හරි තේරෙනවා නම් 2015 මොකද්ද කරපු වරද කියලා.. ලොකු දෙයක්.. අන්තිමේ ඒ ගොල්ලෝ කරන බලුකම්වලට වන්දි ගෙවන්නේ දුප්පත් අපිම තමයි.
amali Wednesday, 22 May 2019 08:54 AM
අපි ඊළඟ ඡන්දෙදි බලාගන්නම්කො .
hewa Wednesday, 22 May 2019 08:55 AM
වරද ඔප්පු කරන්නේ නැතුව දඩුවම් කරන එක ඉතාම වැරදියි. බදුර්දීන් ඇමති තුමාට චෝධනා තිබේනම් ආරක්ෂක අංශ විසින් ක්‍රියාමාර්ග ගනු ඇති. විපක්ෂය බලන්නේ මෙමෙ සිද්දියෙන් ආණ්ඩු බලය ලබාගැනීමයි. ඒ නිසා සැවොම එක්වී විශ්වාසභංග පරද කර යුතුමය.
samWednesday, 22 May 2019 10:32 AM
හරීන් ඇමතිතුමාට තාත්තා උපදෙස් දුන්නලු. මේ කාගේ තාත්තාවත්ද?
NuwanWednesday, 22 May 2019 10:44 AM
ආරක්ෂක අංශ බදියුර්දීන් ගැන හොයන්නේ කොහොමද හලෝ? එයාම හමුදාපතිට කෝල් කරනකොට අල්ලපු අය ගැන අහන්න. මේ අත්අඩංගුවට ගන්නේ හදිසි නීතිය යටතේ...
Ajantha Wednesday, 22 May 2019 09:02 AM
රටේ මහජනතාවගේ සල්ලි කන එක තමයි කරන්නේ කවද හරි මෙලොවට සහ එලොවට දෙකටම ගෙවන්න වේවි.
THESHAN Wednesday, 22 May 2019 09:07 AM
අපිත් ඡන්දයක් එනකම් ඉන්නේ පරද්දන්න.
Ratna P Wednesday, 22 May 2019 09:13 AM
මෙයා කොච්චර හරි උඩ බලාගෙන වැඩ කරන කෙනෙක් නිසා පහලින් වෙන වැඩ පේන්නේ නැහැ.
[email protected] Wednesday, 22 May 2019 09:38 AM
වෙනස සැපද...?
රටට හිතැති Wednesday, 22 May 2019 09:45 AM
මහපොළවේ දේශපාලනය නොකරන බව පෙන්නුම් කරපු තවත් අවසථාවක්. සාමකාමිව බුක්තිවිදින්න නෝනාවරුනි මහත්වරුනි
Raveendra Wednesday, 22 May 2019 09:50 AM
ඉලපොත, කොස්ස යහමින් සුදානම්ය ... මග බල බලා ඉන්නවා පිළිගන්න... අපි ඡදේ දුන්නේ තනිමතයට වැඩට නොවේ ... කාලගුණ සලකන්න අඩුතරමින් ජිවත්වන ලක්මවට ....
Darshana Wednesday, 22 May 2019 10:00 AM
වෙනස සැපායි...
දිලුම් Wednesday, 22 May 2019 10:01 AM
ඔහේල වගේ අය කොහොමද වැරදි කරු නිවරදිකරු තීන්දු කරන්නේ. කරන තරමක් බලු වැඩ ඔක්කොම කර කර ඔකේ ඉන්න 225 කොහොමද වැරදිකරු නිවරදිකරු තීන්දු කරන්නේ. මේකට මහජන විරෝධය ප්‍රමාණවත් ප්‍රශනේ තියෙන්නේ වැරදි බව දැන ඡන්ද ගොඩට කෙල හලමින් නිවට ප්‍රකාශ නිකුත්කිරීමයි.
sanath Wednesday, 22 May 2019 10:07 AM
ඔහොම යමුකෝ ............. තව මාස ගානකින් ඔයාල අපේ ගෙවල් වලට එනවනේ ..... එතකොට ඔය කියපුව පැහැදිලි කර දෙන්නම් හොදේ .....
suraweera Wednesday, 22 May 2019 10:24 AM
ත්රස්තවාදීන්ට උදවු කරන්නා ත්‍රස්තවාදියෙක්. යකෝ මැරුණු අහිංසක මිනින්ස්සු ගැන තොපි කතා කරනවද ?. 300 500 ගැන කතා නොකර එක මිනිහෙක් ගැන හිතන අවස්ථාවදියෝ.
Rayan Wednesday, 22 May 2019 10:28 AM
විල්පත්තුව සුරැකීමට ආව වගේ රැල්ලක් මේකටත් ජනතවගේ පැත්තෙන් පැමිණිය යුතුයි.
Gamarala Wednesday, 22 May 2019 10:37 AM
පුදදුන් බැතිමලින් මැතිඳුන් පොරණ රටේ... නැතියෙන් කැනහිලුන් රඟදෙයි හතර වටේ... කඳුලින් සහ ලෙයින් පෙඟවී ධජය රටේ... මුදලින් බල ලොභීන් රට අද මකර කටේ...
Athula Wednesday, 22 May 2019 10:42 AM
අනේ පව් අප්පා... බදියුර්දීන් මල්ලි හරිම අහිංසකයි.. මෙයාලා බොරු කියනවා. ඊයා පව් එයා.
ajith Wednesday, 22 May 2019 10:42 AM
මෙයත් කොටමොඩ්ල් ළඟ පික් අප් කෙනෙක්ද?
රජින්ද Wednesday, 22 May 2019 10:43 AM
එකාවගේ මේ දේශපාලන මාෆියාව පැරදවිය යුතුය. මොවුන් අපේ ජීවිත කුණු කූඩයට දමා අන්තවාදී ත්‍රස්තයින් වැළඳගන්නෝ වෙති. බලය වෙනුවෙන් තම ජනතාව බිල්ලට දෙන වෙනත් රටවල්වේ නම් ඒවා සියල්ලම ඇත්තේ අප්‍රිකාවේ පමණි. අපේ රට තවත් අප්රිකාවක් වීමට ඉඩ නොදෙමු.
I.O.Sirisena Wednesday, 22 May 2019 10:52 AM
මොහු රටේ නීතියට විරුද්ධව හෝ ආරක්ෂාවට විරුද්ධව වැඩ කරලා තියනවා නම් ඔය එකාබද්ධයේ කට්ටියට කරන්න තියන පළමුවෙනි කටයුත්ත තමයි සී අයි ඩි එකට ගිහිල්ල පැමිණිලි කරලා බදුර්දීන්ව අධිකරණය හමුවට ගෙනෙන එක. එහෙම කරනේ නැතිව බොරුවට විස්වාස භංගයක් ගෙනල්ලා මේ කරන්නේ විපක්ෂය දේශපාලන වාසි ගන්න හදන එක විතරයි, මෙයා ආණ්ඩුවෙන් හැලුනොත් මහින්දගේ ඔඩොක්කුවට තමයි වැටෙන්නේ. මෙතන දැන් බදුර්දීන්ට විරුද්ධව කැහ ගහන මිනිස්සුන්ට එහෙම නොවෙයි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද ?
Demuni de silva Wednesday, 22 May 2019 11:35 AM
මේ හදන්නේ තවත් කලු ජුලියක් පටන් ගන්නද? වර්ගවාදයේ අස්වැන්න ඉතියෝපියාවට දැන් ලැබිලා...
සමත් Wednesday, 22 May 2019 12:00 PM
ගමට එන්න අදහසක් නෑ වගේ...
sena Wednesday, 22 May 2019 12:04 PM
මේ වගේ පර හැත්තක් ඉන්නකන් මේ රට හදන්න බැහැ.
kaluwa Wednesday, 22 May 2019 12:06 PM
ඔන්න තවත් යු.එන්.පී කාරයෙක්. යකෝ ලංකාව මෙච්චර නූගත් රටක් වුනේ කොහොමද?
lakmal Wednesday, 22 May 2019 12:08 PM
දැන් සැපද, ලක්ෂ 62කට මොංගල්...
kamani Wednesday, 22 May 2019 12:14 PM
සමනලයින් රටෙන් පන්නමු.
Thilina Wednesday, 22 May 2019 12:19 PM
දෙයියනේ, මේ මිනිස්සුන්ට රටේ ජනමතය මොකක්ද කියලවත් තාම තේරුම් ගන්න බැරි වුනාද? කාදිනල්තුමා ඇතුළු රටේ ආගමික නායකයින් පවා මේ සිද්ධියට මේ දේශපාලකයගේ තියෙන සම්බන්ධය ගැන කතා කළා.. අන්තිමට තමන්ගේම පිරිසක් දාලා කමිටුවක් හදලා අර මිනිහා සුද්ද කරලා යහතින් ආණ්ඩුව කරගෙන යයි. මිනිස්සු සලකයි මෙයාලට ආපහු මතක හිටින්නම..
KrissSaturday, 25 May 2019 06:27 PM
මොවුන්ට ජනමතයෙන්වත් ආගමික නායකයන්ගෙන්වත් වැඩක් නෑ තිළිණ. පුළුවන් තරම් කාලයක් බලයේ ඉන්න විතරයි ඕනේ. ඒ වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරයි. හැබැයි එක දෙයක් දන්නේ නෑ. හැලිය රත් වෙනකන් විතරයි කකුලුවගේ නැටිල්ල කියන එක...
thusitha Wednesday, 22 May 2019 12:29 PM
අපේ වාරේ ආවම අපිත් සලකන්නම් ලස්සනට...
ක්‍රිෂාන් Wednesday, 22 May 2019 01:47 PM
චන්දයකට යන්නකෝ සතුටින්ම උත්තරත් දෙනවා සතුටින්ම
ranjith Wednesday, 22 May 2019 10:00 PM
රිෂාර්ඩ් රැකගන්න එක ලොකු නම් ජනතාව හොඳ තීන්දුවක් දෙයි මැතිවරණයේදී...
Bandula. Thursday, 23 May 2019 09:45 AM
දැන් ඡන්දෙ ළඟ නිසා පුළුවන් තරම් පාවාදීම් හොඳට කරාවි, රටට, ජාතියට හෙනගැහුවත් මොකද නේද..?
Chanak los angeles Thursday, 23 May 2019 09:18 PM
මේ සේරටම වගකියන්න ඕනේ සාටකයනුයි.
Bamunuarachchi Friday, 24 May 2019 12:51 PM
"මේ සේරටම වගකියන්න ඕනේ සාටකයනුයි." ඔහේගේ උන්දෑ විලිරුදාවෙන් කෑගහනකොටත් සාටක බැන්නලු නේද? එහෙම වැඩක් වත් කරගන්න බැරි උන් සාටකයට බනිනවා තමයි.
Kriss Saturday, 25 May 2019 06:08 PM
වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන...