IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘ආණ්ඩුවෙන් එළියට බහින්නත් සූදානම්‘‘ - රාජිත

වංචා දූෂණ සිදුකළ පුද්ගලයින්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීම සදහා නැවතත් ආණ්ඩුවෙන් එළියට බසින්නට සිදුවුවහොත් එයට ද තමන් සූදානම් යැයි සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසීය.

වංචා හා දූෂණ චෝදනා ලැබූවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සිවිල් සංවිධාන ගෙන යන වැඩපිළිවෙල හා එක්ව තමන් කටයුතු කරන බව ද ඇමතිවරයා කීවේය.

කැබිනට් ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධයවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 

දූෂිතයන්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීමට කොන්ද පණ ඇති නීතිපතිවරයෙක් අවශ්‍ය බව කී අමාත්‍යවරයා එවැනි නීතිපතිවරයෙක් පත් කර ගත යුතු බව ද පැවසීය.
        මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය -    පොහොර සහනාධාරය ගැන මතුවී තිබෙන ගැටළුවක් පිළිබදවත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණාද? මේ වන විට පොහොර ගෙන්වීම ප‍්‍රමාද වී තිබෙන නිසා ගොවීන්ට මේ කන්නයේ ගැටලූවක් ඇතිවිය හැකියි නේද?

රාජිත සේනාරත්න මහතා. -    එහෙම ගැටළුවක් නෑ. ගබඩාවල පොහොර තිබෙනවා. මේ පොහොර නිකුත් කර නැහැ. ඒවා වහාම නිකුත් කර කෘෂි නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා. පොහොර ලබාගැනීමට ලියවිලි 5ක් පමණ පිරවීමට ඇති බවට නම් ගැටළුවක් ඇතිවුණා. 

ප‍්‍රශ්නය -    මේ ගැටලූව ඇති වී තිබෙන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් වවුචරයක් දීමට ගත් තීරණය නිසාද? 

රාජිත සේනාරත්න මහතා -    ඒ වගේ අර්බුදයක් තමයි. එය විස`දීමට අවශ්‍ය නියෝග කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ වන විට දැනුම් දී තිබෙනවා. අලූතින් චක‍්‍රලේඛ නිකුත් කර මේ ගැටලූ විසදන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

ප‍්‍රශ්නය -    හොරු අල්ලන වැඬේ අතරමග නැවතිලාද? මේ ගැන සිවිල් සංවිධානවලින් නැගෙන චෝදනා පිළිගන්නවාද?

පිළිතුර -     අපි හැමෝම එකතුවෙලානේ මේ වෙනස කළේ. මමත් චම්පික ඇමතිතුමාත් මේ ගැන ජනාධිපතිතුමා සමගත් සාකච්ඡුා කළා. සිවිල් සංවිධානත් ඉන්පසු ජනාධිපතිතුමා හමුවුණා. අගමැතිතුමාත් ආ පසු මේ ගැන නිශ්චිත තීන්දුවක් ගන්නවා. 

ප‍්‍රශ්නය -     මේ ක‍්‍රියාවලිය හරියට වෙන්නේ නැතිනම් සිවිල් සංවිධාන හා එක් වී ඒ වෙනුවෙන් සටන් කරන්නට, අවශ්‍යනම් ඇමතිධූරය හෝ අත්හැර මේ වෙනුවෙන් කතා කරන්නට ඔබතුමා සූදානම්ද?

රාජිත සේනාරත්න මහතා.-    ඒක එදාට බලමු. කොහොමත් අපි සිවිල් සංවිධාන සමග ඉන්නවා. ඔවුන් තමයි පසුගිය පාලනය වෙනස් කරන්නට උදව් කළේ. ඒ නිසා ඔවුන් සම`ග එක්ව කටයුතු කරනවා. එදා වගේම ආපසු එළියට බසින්නට සිදුවුණොත් එයටත් සූදානම්.

ප‍්‍රශ්නය -    මේ ක‍්‍රියාවලිය හිරවුණේ කොතනද?

රාජිත සේනාරත්න මහතා.-    අගමැතිතුමා ආ පසු සාකච්ඡුා කර බලමු.

ප‍්‍රශ්නය -    ජනාධිපතිතුමාගෙන් මේ ගැන ඇසුවාම අගමැතිතුමා කැමති නැති බවත් අගමැතිතුමාගෙන් ඇසුවාම ජනාධිපතිතුමා මෙයට කැමති නැති බවත් කියනවාලූ නේද? ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?

රාජිත සේනාරත්න මහතා -    දෙන්නම එකට තියලා ඇහුවාම හරි. ඒත් එහෙම එකක් නැහැ. හරියට විමර්ශන වාර්තා ඉදිරිපත් නොවීම නිසයි ගැටලූව ඇති වී තිබෙන්නේ. හිරුණිකා මන්ත‍්‍රීවරිය අත්අඩංගුවට ගැනීම දින 4කින් සිදුවුණා. ඒත් ඇවන්ගාර්ඞ් වාර්තා අදත් නැහැ. හිරුණිකා මන්ත‍්‍රීවරියගේ සිද්ධියේ අපරාධමය පසුබිමකුත් නැහැ. පැහැරගැනීමක් සිදු කර තිබුණේත් පවුලක් සමගි කරන්නයි. 

ප‍්‍රශ්නය -    ගිය සතියේ අපි නීතිපති දෙපාර්තමේන්තුව ගැන ප‍්‍රශ්න කළාම ඔබතුමා කිසිත් කීවේ නැහැ නේද?

රාජිත සේනාරත්න මහතා -    එදා මේ ගැන කියන්න අධිකරණ ඇමතිතුමා සිටියා. එයාගෙනුයි අහන්න තිබුණේ.

ප‍්‍රශ්නය -    නීතිපතිවරයා ගැන අමාත්‍යවරුන්ගේ විශ්වාසය බිඳිලද?

රාජිත සේනාරත්න මහතා. -    අපේ නෙවෙයි මහජනතාවගේ විශ්වාසයත් බි`දිලා. 

ප‍්‍රශ්නය -    මේ සම්බන්ධයෙන් ඇමතිවරු ලෙස ඔබතුමාලා ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?

රාජිත සේනාරත්න මහතා. -     හොද නීතිපතිවරයෙක් පත්කිරීමයි කළ යුත්තේ. කොන්ද පණ නැති නීතිපතිවරයෙකුගෙන් වැඩක් නැහැ.
 



අදහස් (0)

‘‘ආණ්ඩුවෙන් එළියට බහින්නත් සූදානම්‘‘ - රාජිත

නොයෙල් Friday, 22 January 2016 07:48 AM

නියමයිනේ ඇමතිතුමා! (නි)

:       0       0

රසල් හේමන්ත Friday, 22 January 2016 07:42 AM

පුදුම කතානේ ඇමතිතුමා කියන්නේ. (නි)

:       0       0

යටවත්ත Friday, 22 January 2016 03:08 AM

අනේ ඔය ඇත්තමද? (නි)

:       0       0

ප්‍රියංකර Friday, 22 January 2016 03:13 AM

මෙයාලා ඒ කාලේ කළ දේවල් ගැන දැන් කවුරුත් හොයන්නේ නැති පාටයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 22 January 2016 08:07 AM

මෙතුමා නම් කොහොමත් බහ්නින්න බලන් ඉන්නේ , එලියට බහිනවට වඩා නරකද මිනිසුන්ට දීපු පොරොන්දු ප්‍රකාරව හොරු අල්ලලල දඬුවම් දෙන එක , මේවා කරන්න බැරිනම් මොකටද ඡන්ද දායකයව ගොනාට ආණ්ඩුවේ ? හිතන්න එපා එලියට බැස්ස පමණටම ප්‍රශ්න විසන්දෙවී කියල (අ)

:       0       0

ජගත් Friday, 22 January 2016 03:30 AM

බහී කියලා තමයි මේ අපිටත් බය (නි)

:       0       0

කුමාර් Friday, 22 January 2016 08:09 AM

කටේ නරි වදන්.(හේ)

:       0       0

දිනේෂ් Friday, 22 January 2016 03:35 AM

අපිත් කියනවා හොරු අල්ලන්න කියලා. ගිය ආණ්ඩුවේදී වැරදි කළ ඇමතිවරු අදත් ඉන්නවා ඇමතිකම් වල. කවුරුත් ඒ ගැන කතාකරන්නේවත් නැහැ. ඒ වගේම කට විතරක් නැතුව වැරදිකාරයන්ව ඔප්පු කරලා දඬුවම් දෙන්න. රටේ නීතිය කාටත් එකයි. (නි)

:       0       0

නිහාල් Friday, 22 January 2016 08:31 AM

දැනට පක්ෂ කීයකින් නම් එළියට බස්සද.(ම)

:       0       0

මොහොමඩ් Friday, 22 January 2016 02:31 PM

නියමයිනේ! (නි)

:       0       0

කෝලිත Friday, 22 January 2016 02:43 PM

අන්න කරනවා නම් වැඩක්. අනේද කියන්නේ? (නි)

:       0       0

දීපාල් Friday, 22 January 2016 02:46 PM

ඒ පාර කීවෙනි සැරේටද පනින්න හදන්නේ? (නි)

:       0       0

ජනහිත Friday, 22 January 2016 04:16 AM

හොරු ගැන කතා කර කර ඉම්මු .2016 ත් 12 න් එකක් යනවා. එත් වැඩ නැහැ. කතාව දෝලාවෙන් ගමන පයින් යමු. පවු. වෙච්ච දෙක හැටි .(අ)

:       0       0

ලලිත් Friday, 22 January 2016 02:47 PM

එතකොට පුතාගේ අනාගතය? (නි)

:       0       0

අසංග Friday, 22 January 2016 08:55 AM

කිව්වට ඔය දේ ඔබ තුමාට කරන්න බෑ.(හේ)

:       0       0

නිහාල් Friday, 22 January 2016 04:27 AM

කට තිබුනට වැඩ බැරි අය අයින් කරනවා නම්, අයින් කරන්න ඕනෑ කවුද කියලා මම ඕනෑ නම් කියන්නම් (නි)

:       0       0

ඇසළ Friday, 22 January 2016 04:27 AM

අපිට අවශ්‍ය ප්‍රශ්නය මෙතන නැහැ (නි)

:       0       0

ගාමිණි Friday, 22 January 2016 09:13 AM

ඔබ එලියට බහින්න එපා ,ඔහොමම ඉන්න (හේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 January 2016 04:32 AM

කම්බා හොරු අල්ලන්න ඕනෑ නම් කොටි සංවිධානය සදහටම විනාළ කළ ජාතික වීරයෙක් වන ජෙනරල් ෆොන්සේකාට නායකත්වය දීලා පටන්ගන්න. කම්බා හොරු අල්ලලා ඒ මුදල් නැවත ජනතා සතුකරන්න එතුමාට මාසයක් හොඳටම ප්‍රමාණවත් වේවි. (නි)

:       0       0

නුවන් Friday, 22 January 2016 09:28 AM

කටින්ද කතා කරන්නේ.(හේ)

:       0       0

දුමින්ද Friday, 22 January 2016 09:34 AM

ඔතනින් කොහෙටද?(හේ)

:       0       0

අමා Friday, 22 January 2016 05:09 AM

තිලක් ඩුබායි, සරත් මහත්තයා දේශපාලන නායකයෙක් වීමට සුදුසු නැති බව ඔප්පුවී හමාරයි (නි)

:       0       0

රෝහණ Friday, 22 January 2016 03:23 PM

අනේ හොඳයි (නි)

:       0       0

වෙල්විදානේ Friday, 22 January 2016 09:59 AM

කොහොමත් මේ ගොල්ලන්ට පෙබරවාරි 4 වෙනකම් කල්දීල තියෙන්නේ . හොර හැත්ත එලවන්න මුල්වුණ ජනතාව පාරට බස්සව ගන්න හදන්නේ .(අ)

:       0       0

චමල්කා Friday, 22 January 2016 05:24 AM

ඔය කිවුවට කරනවද? (නි)

:       0       0

රන්ජිත් Friday, 22 January 2016 05:31 AM

හීන දකින කෙනෙක්...! (නි)

:       0       0

කුමාර Friday, 22 January 2016 05:32 AM

කට විතරයි. කරපු එක හොඳ වැඩක් නැහැ (නි)

:       0       0

රූපසිංහ Friday, 22 January 2016 05:02 PM

ඇත්තට මෙවැනි පුද්ගලයන්ද අපේ රටේ ඇමතිවරු හැටියට පත්කරගෙන තියෙන්නේ? මේ අය හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලද? හරියට දෙකෙකේ පන්තියේ ළමයි වගේ නේද උත්තර දෙන්නේ? (නි)

:       0       0

සුසන්ත Friday, 22 January 2016 05:46 PM

හැම ආණ්ඩුවෙන්ම තනතුරු අරගෙන වැඩියෙන්ම හොරාකන අය තමයි වැඩිම සුද්දවන්ත චරිත රඟපාන්නේ. අපි දැන් මේ හැමදේම දන්නවා (නි)

:       0       0

චාන්දනී Friday, 22 January 2016 05:53 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සංතුස් Friday, 22 January 2016 10:53 AM

හොරුන් විසින් හොරු ඇල්ලුවේ මොන රටේද?. මහින්ද වටා සිටි හොර නඩයම දැන් යහපාලන ආණ්ඩුවේ.(අ)

:       0       0

සෑම් Friday, 22 January 2016 11:28 AM

විහිළුවට වෙන්න ඇති කිවුවේ (නි)

:       0       0

භාතිය Friday, 22 January 2016 12:15 PM

ඔව් ඔව් රාජිත මහතාට එලි බහින්න තමයි තිබෙන්නේ හැබැයි අපට නොපෙනෙන පැත්තකට ගිහිල්ලා. (හේ)

:       0       0

ඩයස් Saturday, 23 January 2016 03:39 PM

එළියට බැස්සත් අපි නම් මොකුත් කියන්නේ නැහැ (නි)

:       0       0

සමිත් Friday, 22 January 2016 07:05 AM

අනේ ඔබතුමා දේශපාලනයෙනුත් විශ්‍රාම යන්න. (හේ)

:       0       0

අනිල් Saturday, 23 January 2016 07:24 PM

තිලක්-ඩුබායි, ඔබ හරි. කම්බා හොරු අල්ලන්න නම් කියූ දේ ඒ විදියටම කළ, ඒ නිසාම කියන දේ ඉදිරියේදීත් කරතැයි විශ්වාස කළහැකි ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට සිටින එකම පුද්ගලයා වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට ආරක්ෂක අමාත්‍යාංශය හෝ අධිකරණ අමාත්‍යාංශය බාර දියයුතුව තිබුනා. (නි)

:       0       0

නිරෝෂ් Friday, 22 January 2016 07:07 AM

රාජිත මහත්තයා පෙරමුණ අරන් වැඩෙට බහින්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 102 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 300 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1621 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1745 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 605 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1910 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site