IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවා

(නිමල කොඩිතුවක්කු )

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී  අද(5)පැවසීය.

නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතාම ආණ්ඩු පක්ෂයේ සහයෝගය ඇතිව යළි  එම ධුරය  සඳහාම පත්කිරීමෙන් මේ බව තහවුරු වූ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයට ආණ්ඩුව සමඟ කිසිදු ගිවිසුමක් නොමැති බවත් ඔවුන් සියබලාපිටිය මහතාට සහයෝගය පළ කිරීමට එකඟ වීම හේතුවෙන් පමණක් ඉමිතියාස් බාකිර් මාකර් මහතා නියෝජ්‍ය කථානායක ධුරයට නම් කළ බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මෙයට පෙර ස්වාධීන කණ්ඩායම සමග එකගතාවයක සිටි නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල් පීරිස් මහතා සියඹලාපිටිය මහතාට සහයෝගය පළ කරන බව කීමත්  සමග වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කළ බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන යැයි කියා ගත් පිරිසෙන් කිහිප දෙනෙකු තවමත් ජනතාවට ද්‍රෝහීව කටයුතු කරන බවත් මහ ලේකම්වරයා තවදුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ මුජුබර් රහුමාන් යන මහත්වරු එක්ව සිටියහ.



අදහස් (2)

ආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවා

Nihal Thursday, 05 May 2022 09:23 PM

යාචකයෝ, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැතිව ඇති...

:       0       6

Bird eye Friday, 06 May 2022 01:15 PM

නුඹලා ඊයේ රජයට සහාය වන විදිහ ක්‍රියාවෙන් ඔප්පු කළා. කොන්දක් නැති නිවට විපක්ෂයේ මෝඩයින්. ආණ්ඩුව කොර කරන්න තිබ්බ හොඳම අවස්ථාව..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 15 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 16 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 278 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 76 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1062 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 268 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site