IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘‘ආණ්ඩුව අසමත්‘‘

ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් රට අරාජික තත්ත්යකට පත්ව ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, සබරගමුව විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අද (25) පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල ආරාජික බව නිසා රටේ සෑම ක්ෂේත්‍රයකම පිරිහීමක් දක්නට ඇතැයි ද ඔහු  කීවේය.  

මෙම මාධ්‍ය හමුව පැවැතියේ බත්තරමුල්ලේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයයේ දී ය.

 “වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අරාජික බව හේතුවෙන්, සමාජ, දේශපාලන, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක අරාජිකත්වයත් ව්‍යාකූලත්වයක් හටගෙන තිබෙනවා. උදාහරණයක් විදියට වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති , අගමැති  හා මුදල් ඇමැති  දරන්නේ මත තුනක්. මේක සෑම තැනකදීම දකින්න පුළුවන්. මෙය මේ ආණ්ඩුව පත්වුණු දවසේ සිටම දකින්න තිබෙනවා.

මේ ආණ්ඩුවට බලයට පත්වුණු දවසේ ඉඳන්ම ආර්ථිකය කඩා වැටෙනවා.   අපට ඩොලර් අහිමි වුණා. ඒත් එක්කම අපේ සංචිත පහත වැටුණා. එහි ප්‍රතිඵලයක් නිසා රුපියල බාල්දු වුණා. ඒ හේතුවෙන් තිබුණු සංචිත ටිකත් නැතිවුණා. මේ සියල්ල නිසා අද රට දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටිනවා. වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ගත්තා. ණය අවශ්‍ය නම් වැට් බදු පනවන්න, පදනම වැඩි කරන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය හා වැරැදි නිසා මෙය සිදු වූ බවට අද ආණ්ඩුව චෝදනා කරනවා. එහෙත් සත්‍ය එය නෙමෙයි. වත්මන් ආර්ථිකය කඩා වැටුණේ මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසයි.‘‘



අදහස් (0)

‘‘ආණ්ඩුව අසමත්‘‘

ධර්මපාල Monday, 25 July 2016 01:14 PM

ඔයාලටත් මොනවා හරි දෙයක් කියන්න තියෙන්න එපායැ . .ඔයාල කියනවා අපි අහනවා .ඕවට අපි කියන්නේ බුල්ටෝ කතා කියල . (අ)

:       0       0

නිරේෂ් Monday, 25 July 2016 01:25 PM

මේ මහත්තය කතාකරන්නේ කටින්ද, කියල බලන්න වෙනවා. (අ)

:       0       0

දුමින්ද Monday, 25 July 2016 01:37 PM

ඔබට සතුටුද දැන් (අ)

:       0       0

සමන්ත Monday, 25 July 2016 01:43 PM

ඔයා මේ පොඩි විශ්ව විද්‍යාලයක උගන්නලා හිතනවා නම් ඔක්කොම දන්නවා කියල ලොකු වැරද්දක් ඔයාටම කරගන්නේ. ඔය කිවන්නේ ඒකාබද්ද විපක්ෂයේ සැලසුමේ කොටසක්. ඔය කතාම තමයි 2004 කුමන්ත්‍රණයකින් ආණ්ඩු පෙරලන්න කලින් කිව්වෙත්. ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න. මේ ආණ්ඩුවට කාලය දෙන්න සුදානම් වෙලා ජාතිය ගොඩ නගන්න. එතකොට ඔයාටත් හාර්වර්ඩ් හරි එම්. අයි.ටී. එකට ගිහින් තව ටිකක් සැබෑ ලෙස ආර්ථික විද්‍යාව ගැන ටිකක් ඉගෙනගන්න පුළුවන් වෙයි.(අ)

:       0       0

සුභාෂ් විජේනායක Monday, 25 July 2016 02:05 PM

ඕක කියන්ට ඇයි අරයගෙ කාර්යාලයට ගියෙ ඔච්චර රටට ආදරෙයි නම් මද්‍යස්ත තැනක කියන්ට පුලුවන්නෙ. මේ බත් බැලයො කත් අදිනව (අ)

:       0       0

චතුරි Monday, 25 July 2016 02:17 PM

රට හදන්න කලින් විශ්ව විද්‍යාල වල සිසුන් ටික හදාගන්න. ඇතුළේ වෙන දේවල්? ආචාර්යවරුන්ටත් ගහනවා නේද සිසුන්? ඔවුන් ටික හදාගත්තොත් රට ඉබේම හැදෙනවා. (නි)

:       0       0

රත්නසිරි Monday, 25 July 2016 02:24 PM

ඔබතුමා කියන එක හරි. එහෙත් මිනිසුන්ට තේරෙන විදියට කියන්න ඕනෑ. ආර්ථිකය වැටීමට මුලික හේතුව මහා බැංකු වංචාව. මේ නිසා විදේශිකයින් තම තැන්පතු ආපසු ගත්තා. තෙල් මිල බැස්සුවා. ඇමතිලට සැප වාහන ගෙන්නුවා. මේවා තමා හේතු (නි)

:       0       0

පෙරේරා Monday, 25 July 2016 03:37 PM

රට හොඳ පැත්තට යනවා මිසක් කඩාවැටීමක් නම් අපිට පෙනෙන්න නැහැ. ඒවුනත් බඩු මිල වැඩිවීම සහ දුෂිතයන් රිමාඩ් කර නැවත මුදාහරිනවා. නඩු ඉවර නොකරන එක ජනතාවට ප්‍රශ්නයක්. (නි)

:       0       0

ලලිත් Monday, 25 July 2016 03:53 PM

ඇත්ත කතාව. මමත් එකඟයි ඒ කතාවට. මහරජු ගියාට පස්සේ අරාජික වුණා. දැන් තියෙන්නේ රාජාණ්ඩුව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. (නි)

:       0       0

ලලිත් Monday, 25 July 2016 04:24 PM

කඩාවැටෙද්දී මුක්කු තියලා පැනලා ගියා කියලා පෙනි පෙනී සමහරු තවමත් අපිව ගොනාට අන්දන්න හදනවා. (නි)

:       0       0

රන්ජන් Monday, 25 July 2016 04:37 PM

ආණ්ඩුවට තවමත් කත්අදින අය ඉන්නවානේ? (නි)

:       0       0

අජන්ත Monday, 25 July 2016 04:33 PM

මේ කතාව ඇත්ත කියලා කාට වුණත් වැටහෙනවා (නි)

:       0       0

අසංක Monday, 25 July 2016 04:48 PM

ආණ්ඩුව නම් කොහොමත් අසමත්. අපි නම් සැමදා අසමත්. (නි)

:       0       0

විදානේ Monday, 25 July 2016 05:29 PM

මමත් මේ ආණ්ඩුව ගැන හොඳටම කළකිරිලා ඉන්නේ (නි)

:       0       0

අප්පුහාමි Monday, 25 July 2016 08:10 PM

දැන්වත් ඇත්ත තේරුනා නම් හොඳටම ඇති (නි)

:       0       0

වින්සන්ට් Monday, 25 July 2016 09:42 PM

වර්තමාන පාලනය අසමත් වන්නට පුළුවන් කියා අපි සිතමු. පසුගිය පාලනය අවුරුදු දෙකකට ප්‍රථම යන්න සිතුවේ කුමක් නිසාද යන්නත් අපිට තේරුම් කරදෙන්නේ නම් මැනවි. (නි)

:       0       0

සුසන්ත Monday, 25 July 2016 11:57 PM

ඉස්සර මහින්දගේ කාලේදී අපේ ක්‍රිකට් ටීම් එක හැම ලෝක කුසලානෙම අවසාන මහා තරඟයට ආවා. ඒවායින් පැරදුනාම හැමෝම ඒ මනුස්සයට බැන්නා අවසන් තරඟය බලන්න ගිහින් ශාපය වැදිලා තමයි පැරදුනේ කියල. දැන් අවසන් මහා තරඟයට තියා මුලික වටෙන් එහාට යා ගන්න බැහැ. පරදින පැරදිල්ලට වමනෙට එනවා. හැබැයි හැමෝම සතුටින්. ඉස්සර එහෙම කිවුවට දැන් කවුරුවත් කියන්නේ නැහැ කාගෙවත් ශාපය වැදිලයි මෙහෙම වෙන්නේ කියලා. වැඩ වෙද්දී ඒවායේ වැරදි දැක්කා. දැන් වැරැද්දක්වත් දකින්න කිසි වැඩක් වෙන්නේ නැහැ (නි)

:       0       0

අනිල් Tuesday, 26 July 2016 12:05 AM

සමන්ත, ගොඩගන්න ඕනෑ වැටිලා තියන දෙයක්. හොඳට ගොඩනැගිලා තිබුන දෙයක් තවත් ගොඩනඟනවා ඇරෙන්න, බිමට ඇදලා දාලා අලුතින් මුල ඉඳන් පටන්ගන්න දෙයක් නැහැ. අද ඔක්කොම ආපස්සට, ආර්ථිකය පහළට. ඉතින් මොනවද මේ පස්සේ ඉස්සරහට ගොඩනඟන කතා? හරිනම් ඉස්සර තිබුන තැනින් පහළට නොවැටීවත් තියාගන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Tuesday, 26 July 2016 12:02 AM

ප්‍රතිචාර දැක්වීමට කලින් මඳක් නැවතී බුද්ධිමත්ව හිතලා බලන්න කියා මම මෙතන සමහරුන්ගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

නාලක Tuesday, 26 July 2016 12:51 AM

නරකද කලින් ආණ්ඩුවේ ඩොලර් හංගපුවා ගෙන්වා ගත්තා නම්? ආර්ථිකය නිකම්ම දියුණුවෙයි. (නි)

:       0       0

හිමාල් Tuesday, 26 July 2016 03:25 AM

මෙයාට අමතක වෙලා මේ ආණ්ඩුව ආවට පස්සේ ඔය කතා කරන සරසවි ආචාර්යවරුන්ට පුදුමාකාර පඩි වැඩි වීමක් කළා කියලා. මූලික උපාධියෙන් සරසවියට බැ‍ඳෙන පරිවාස කාලෙ ඉන්න දේශක වරයෙකුටත් දැන් ලක්ෂ එකහමාරක් පඩි.සමහර ආචාර්යවරු සරසවියට එන්නේ මාසෙටම දවසයි.ඒ පඩි ගන්න. එතකොට වැඩ නොකර පඩි ගන්න එකත් ආර්ථික අර්බුදයට හේතුවක්. (බ)

:       0       0

මාලක Tuesday, 26 July 2016 03:22 AM

ආර්ථිකය ගැන කියවන ඔය ආචාර්යවරයා උගන්වන්නේ ආර්ථික විද්‍යාව නෙවෙයි. දන්නෝ දනිති. (බ)

:       0       0

ලලිත් Tuesday, 26 July 2016 03:55 AM

අනිල් සංවර්ධනය පටන් ගනිද්දී පහලට නොවැටී තියගන්නම අවශ්‍ය නැහැ. පහලට වැටෙන වේගය ක්‍රම ක්‍රමයෙන් අඩුකළාම අවසානයේ පහලට වැටෙන එක නැවතිලා ඉහලට යන්න ගන්නවා. ඇමෙරිකාවේ කඩාවැටුණු ආර්ථිකය ඔබම ගොදගත්තෙත් එහෙමයි. (බ)

:       0       0

රොහාන් පෙරේරා Tuesday, 26 July 2016 04:06 AM

බැලුව කවුද කියල බුදු අම්මෝ මෙයා අර ඒ කලේ කඩේ ගිය අයනේ (බ)

:       0       0

නිශාර්ඩ් Tuesday, 26 July 2016 04:28 AM

මේ ගොල්ලෝ තමන්ගේ ගෙවල් වල කොච්චරක් දුරට සමත් ද කියල ඒගොල්ලන්ගේ නෝනලගෙන් ඇහුවොත් දැනගන්ට පුළුවන් වෙයි. (බ)

:       0       0

අතුරා Tuesday, 26 July 2016 04:43 AM

මහින්ද ආර්ථිකය හරියට හදලා තිබුනා නම් අවුරුද්දෙන් ආර්ථිකය කඩාවැටෙන්න විදියක් නැහැනේ. අනෙක මහින්ද ගත්තා වගේ ඉහළ පොළියට නෙමෙයි මේ ආණ්ඩුව ණය ගන්නේ. මහින්ද ලොකු පොළී අනුපාත වලට ණය ගත් නිසා තමයි රට මෙහෙම හිරවෙලා තියෙන්නේ. (නි)

:       0       0

රත්නායක Tuesday, 26 July 2016 05:13 AM

සමන්ත චතුරි අතුල ඔයාල ඉපදුනේ ලංකාවේද (බ)

:       0       0

පද්මිණී Tuesday, 26 July 2016 05:29 AM

රට වැඩවසම් ක්‍රමයෙන් අද ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ තිබෙනවා.

:       0       0

පොල්කොටුවේ වීරා Tuesday, 26 July 2016 06:05 AM

රුපියල බාල්දු වුණේ නිදහසේ පාවෙන්න දුන් න නිසා. කලින් ආණ්ඩුව කෘතිමව රුපියල පාලනය කරන්න සංචිත පොම්ප කළා. ආණ්ඩුවේ විවිධ මත තියෙන්න පුලුවන්. අවසානයේදී එක හොඳ මතයකට එන්න පුළුවන් නම් එ්කතමයි යහපාලනය කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 733 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 429 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site