IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ආණ්ඩුවේ උත්සව මුවාවෙන් ඡන්ද වැඩ කරන්න එපා

රජය විසින් හෝ රජයේ අනුග්‍රහයෙන් හෝ සැණකෙළි සංදර්ශන, ප්‍රදර්ශන හා ක්‍රීඩා තරග පවත්වන්නේ නම් එවා හිදී මැතිවරණ අපෙක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ ඔවුන්ට ප්‍රචාරය ලබාදීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එසේම ප්‍රසිද්ධ විභාග හෝ ශිෂ්‍යත්ව විභාගයට හෝ අදාළව පවත්වනු ලබන විවිධ අධ්‍යාපනික සම්මන්ත්‍රණවලදී මැතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු නොකරන ලෙසද කොමිසම දන්වා ඇති බවද අප ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.

මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ වැරැදි වශයෙන් දිනෙන් දින ප්‍රකාශයට පත් කරනු ලබන නිවේදන දකින විට ‘‘මේ පැවැත්වෙන්නේ මෙරට පළමු මැතිවරණය දැයි’’ යමකුට සිතුණහොත් එය සම්බන්ධයෙන් විමතියක් ඇති කරගත යුතු නැත. 1947 වසරෙන් පසුව මෙරට පාර්ලිමේන්තු මැතිවරණ කීයක් නම් පවත්වා තිබේද යන්න ගණනය කළ හැකිය. ඒ අනුව මැතිවරණ නීති රීති සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් දේශපාලන පක්ෂවලට අපේකෂකයන්ට පමණක් නොව මහ ජනතාවට තිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් දවසේ පැය විසි හතර පුරා මැතිවරණ නීති සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීමට දේශපාලන පක්ෂ හා අපේකෂකයන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වී තිබේ. එයට හේතුව කුමක්ද යන්න විමසීමේදී තුළ එළියට එන චිත්‍රය තුළ ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ ඇති නිහීන හා ජරපත් ස්වභාවයම වේ.

මැතිවරණවලට ඉදිරිපත් වන තක්කඩියෝ  මැතිවරණ නීති අතර ඇති හිඩැස් වලින් රිංගා යති. කුරුබිලි තනාගෙන හෝ රිංගා යති. ආධුනික අලුත් නවක දේශපාලනඥයන්ගෙන් පමණක් නොව දිගු දේශපාලන ඉතිහාසයක් ඇති පරිණත දේශපාලනඥයන්ගෙන්ද මෙම දුර්ගුණය ප්‍රදර්ශනය වේ. තමන් මොණර රංගනයක නියැලෙමින් සිටින බව ඔවුහු නොදනිති. එහෙත් ඔවුන්ගේ නිරුවත අජූවට ප්‍රදර්ශනය වෙමින් තිබේ.

මෙරට දේශපාලනඥයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ වාගාඩම්බර අසාගෙන සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කොපමණ පළල් ගැඹුරු අවබෝධයක් එම දේශපාලනඥයන් සතුව වේදැයි ප්‍රත්‍යක්ශ වන්නකි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් යටිගිරියෙන් දෙසාබාන බොහෝ දේශපාලනඥයන්ට රජය හා ආණ්ඩුව අතර ඇති වෙනස සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තිබිය යුතු අවබෝධය නොමැති බව පසක් වන්නේ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන නිවේදන කියවන විටදීය.

රජය විසින් හෝ රජයේ අනුග්‍රහයෙන් හෝ සැණකෙළි, සංදර්ශන, ප්‍රදර්ශන හා ක්‍රීඩා තරග පවත්වන්නේ නම් ඒවා හිදී මැතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ ඔවුන්ට ප්‍රචාරය ලබාදීම තහනම් බවට මැතිවරණ කොමිෂන් සභාවට සිහි කැඳවීම් කිරීමට සිදු වී තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයන්ට රජය හා ආණ්ඩුව අතර ඇති වෙනස හඳුනා ගැනීමට අසීරු හෙයිනි.

රජයක් යනු රට කරවන පාලන තන්ත්‍රය වේ. මැතිවරණයක් තිබියදී එය අකර්මණ්‍ය නොවේ. එය දිගටම ක්‍රියාත්මකය. එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රටේ සංවර්ධන කටයුතු නතර නොවේ. ඒවා දිගටම කරගෙන යනු ලබයි. තක්කඩි දේශපාලනඥයන් සිදු කරන්නේ එම අවස්ථාවට කෙසේ හෝ රිංගා තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමටය. දැන් තමන් තවත් එක් අපේක්ෂයකු පමණක් බව තේරුම් ගන්නේ නම් කිසිදු දේශපාලනඥයකු තමන්ගේ ප්‍රවර්ධනයට රජයේ කටයුතු යොදා ගන්නේ නැත.
රජය යනු මහ ජනතාවය. සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කරන්නේ ජනතාවගේ මුදල්ය. ජනතාවගේ මුදල් වියදම් කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට අපේ දේශපාලනඥයෝ හිරිකිතයකින් තොරව තම රුව සහ නම යොදති. ශිලා ලේඛන ප්‍රතිෂ්ඨාපනය කරති. මැතිවරණ කාලවලදී එම ක්‍රියා වේගවත් වෙයි. එමගින් අතිරේක වාසියක් ඔවුහු අපේක්ෂා කරති.

මහ මැතිවරණයකදී සෑම දේශපාලන පක්ෂයකටම සෑම අපේක්ෂයකුටම හිමිවන්නේ සමාන අවස්ථාය. එම සමාන බව ආරක්ෂා කිරීම සෑම අපේක්ෂකයකුගේම වගකීමය. අසමාන අවස්ථා අපේක්ෂා කරන්නේ නම් හෝ රජයේ කටයුතු තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට යොදා ගන්නේ නම් හෝ එය අශිෂ්ටය. අනීතිකය. හිරිකිතය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය දිවි පුදා හෝ රැකගන්නා බවට වේදිකා හොල්ලමින් කරන ප්‍රකාශ වෙනුවෙන් මහ පොළොවේ සජීවීව පෙනී සිටීමට එම ප්‍රකාශ ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට දේශපාලනඥයන්ට මැතිවරණ කාලය යනු කදිම අවස්ථාවකි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජනතා පුත්‍රයන් කවුරුදැයි ජනතාව අවදියෙන් සිටීම වැදගත්ය.

 



අදහස් (1)

ආණ්ඩුවේ උත්සව මුවාවෙන් ඡන්ද වැඩ කරන්න එපා

wedage Friday, 10 July 2020 08:06 AM

මේ මොන නීති දැම්මත් දේශපාලකයන් නොයෙකුත් උපක්‍රම යොදා ලංගම බසයක ඇතුල් පැත්තේ ඡන්ද ස්ටිකරයක් අලවා තිබුණා මම දැක්කා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ප්‍රමාදය නිසා මධ්‍ය අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි
2025 මාර්තු මස 09 981 0

රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 09 631 0

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ


බී.ඩි කොළ කිලෝ 1460ක් අල්ලයි
2025 මාර්තු මස 09 92 0

කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත


උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්
2025 මාර්තු මස 09 158 0

මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.


දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා
2025 මාර්තු මස 09 559 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා


බදුලු විශේෂ දුම්රිය ගම්පොළදී පීලිපනි
2025 මාර්තු මස 09 245 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 540 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site