IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආණ්ඩුව කට වරද්දා ගත්තා

රුපියල් බිලියන 400 ක භාණ්ඩාගාර බිල්පත් යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළේ රජයේ චපල පිළිවෙත නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (8) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසූයේ රජයේ සේවක පඩි නඩි ගෙවීමට මුදල් අවශ්‍ය බවට පක්ෂ නායක රැස්වීමේදී කියූ නමුත් ‘අපට සල්ලි ඕනෑ තරම් තියෙනවා. චීනෙන් සල්ලි ලැබෙනවා ‘ආදී වශයෙන් මුදල් ඇමැති රවී කරුණානායක වගාඩම්බර දොඩමින් විවාදයේ මුල සිට අග දක්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගැසීයැයි ඔහු කීවේය.

ප්‍රබල විපක්ෂයක සහාය පතන රජයක් ඒ ආකාරයෙන් හැසිරීම අනුමත නොකරන බව පෙන්වීම සඳහා රජයේ යෝජනාව පරාජය කිරීමට ක්ෂණික තීරණයක් ගත් බවත් ඔහු කීවේය. පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, මන්ත්‍රී තිලංග සුමතිපාල හා වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුද පැමිණ සිටියහ.

 

 

 



අදහස් (0)

ආණ්ඩුව කට වරද්දා ගත්තා

වසන්ත Wednesday, 08 April 2015 10:20 PM

සජිත් ප්‍රේමදාස අමතිතිතුමා ජනවාරි මාසේ ඇමති පඩිය නොගෙන හිටියා වගේ ඇමතිවරු සියලු දෙනාම තම වැටුප් භාණ්ඩාගාරයට බැරකරනවා නම් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න උවමනාවෙන එකක් නැහැ (නි)

:       0       0

කමල් Wednesday, 08 April 2015 08:30 AM

පනින සිරි නම් ක්ෂණික තීරණ වලට දක්ෂයි නේද? (නදී)

:       0       0

රුක්ෂාන් Wednesday, 08 April 2015 08:33 AM

තව ටික දවසකින් බලන්නකෝ දැනටම නය පොලිය වැඩිවෙන බව පේනවා (නදී)

:       0       0

අනුර Wednesday, 08 April 2015 08:40 AM

සියලුම් වැඩ නවතා දැන් පඩි ගෙවන්නත් බැරි වෙලා ද?

:       0       0

විජයබාහු Wednesday, 08 April 2015 08:43 AM

තවමත් අපේ අයට තේරිලා නැහැ. තව ටික කාලයක් යයි තේරෙන්න. හැබැයි එතකොට පමා වැඩියි (නදී)

:       0       0

නඩරාජා Wednesday, 08 April 2015 08:49 AM

ආණ්ඩුව කට වරද්දා ගත්ත විතරක් නොවෙයි, පස්ස පැත්තත් හිර කරගෙනලු. දැන් තටමන්න පටන් අරන් (නදී)

:       0       0

දොඩම්පෙ Wednesday, 08 April 2015 08:51 AM

ජෝන් බාස් ලබන ඡන්දෙන් පරදිනවා. (ස)

:       0       0

දීන් Wednesday, 08 April 2015 08:54 AM

පසුගිය රජයේ අත්තනෝමතික ක්‍රියාවලි වල ප්‍රතිපල විඳවන්නේ වර්තමාන රජය. (නදී)

:       0       0

සම්පත් Wednesday, 08 April 2015 08:56 AM

කොහොමත් ආණ්ඩුවට අපි බලයක් දීල නැහැ. ජනපතිවරනේ පිහිටෙන් යන ආණ්ඩුව ඇපයේ ඉන්ටෙර්වල් එකේ ඉන්නේ එක නොතේරෙන එකයි වරද ? (නදී)

:       0       0

ඉරාන් Wednesday, 08 April 2015 09:01 AM

කෝ ජනපති මහින්ද මහත්තය වෙනුවෙන් ගිය වියදම් ඉතිරි කරා කියපු සල්ලි. ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන අලුත් සල්ලි අච්චු ගහන්නේ අපරාදෙනේ. (ස)

:       0       0

විජයබාහු Wednesday, 08 April 2015 09:04 AM

අනේ මන්ද ඔයාල නම්. ඕකට කියන්නේ නොහැකියාව කියල. ආණ්ඩුව ගන්නකොට ඔය ටෝක්ස් තිබුනේ නෑනේ. (ස)

:       0       0

රාමා Wednesday, 08 April 2015 09:11 AM

දැන් තේරෙනවා ඇති බදු නැතුව රජය ගෙනියන්න බැහැ කියලා. පරණ ආණ්ඩුවේ වැරදි කියන්න බදු මිල අඩුකළ එක හොඳයි. ඒත් රජයට අාදායම නැති උනහම මොනවා කරන්නද. (නදී)

:       0       0

සරත් Wednesday, 08 April 2015 09:13 AM

හොඳට ආණ්ඩුව කරපු නිසා තමයි ,අලුත් ආණ්ඩුවට ගොඩක් මුදල් තියෙන්නේ .. හොරකම් කරලා හොරකම් කරලා භාණ්ඩගාරේ ණය ගුහාවක් කරපු නිසා තමයි අපේ රට සව් සිරියෙන් බැබලෙන්නේ (ම)

:       0       0

විපුල Wednesday, 08 April 2015 09:13 AM

වියදම් සෑහෙන ප්‍රමාණයක් නැතිකලාට සල්ලි නැනේ.ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ණය වෙනවා. සංවර්ධන වැඩ සදහා නොවයි , පඩි ගෙවන්න.(ම)

:       0       0

ඉමේෂ් Wednesday, 08 April 2015 09:20 AM

හොඳ වැඩක්. නියම ක්‍රමයක් දැන් රටේ තියෙන්නේ. දිගටම මෙහෙම කරොත් රටට හොඳක් වෙනවා.(ම)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 09:21 AM

අපි වැටුනේ කබලෙන් ළිපටද ...(ම)

:       0       0

සපරමාදු Wednesday, 08 April 2015 09:36 AM

රනිල් අගමැතිතුමාට සුදුසුම නායකකම තියෙන්නේ විරුද්ධ පක්ෂයේම පමණි.(බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 April 2015 09:38 AM

සියල්ලන්ගේ මුලික පරමාර්ථය වුනු මහින්ද එළවීම කරගන්න ආඩි ටික එකතුවුනාට මහින්ද එලව ගත්තට පස්සේ රට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන එක මතයක් තිබුනේ නැහැ..හැමෝම හිතුවේ තම තමන්ගේ උපකල්පන මත.එහෙම නොවුනානම් ජනාධිපතිවරණයෙන් පසු කළයුතුව තිබුනේ කාගේවත් පෙන්ෂන් ගැන නොහිත වහාම මහා මැතිවරණයක් පවත්වා ලැබූ ජන වරම පාර්ලිමේන්තුවේ නියෝජනය වීමට සැලැස්වීම..දවසින් දවස දැන් කට්ටිය අනා ගන්නවා විතරක් නෙමෙයි හත් පොලේත් ගා ගන්නවා.මේ එකක්.දේශපාලනේ යම් බුද්ධියක් ඔය කියන මහලොකු මොළ වලට තිබුනානම් මෙහෙම තත්වයක් තමන්ට බලය නැති පාර්ලිමේන්තුවක වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..ඒ වගේම මහින්ද මහත්තය පෙරට වඩා ජවයකින් ආයෙත් නැගිටින බවත් ඊට මුණ දිය යුතු බවත් දැන සිටින්න ඕන.තමන්ගේ එකතුව එක අරමුණක් සදහා තාවකාලිකව එක වුනු කැද හැලියක් වුනත් අනෙක් පස පිරිසිදු බහුතරයේ බහුතරය සහිත ලක්ෂ 58 ක් සිටින බවත් ඔවුන් ඉක්මනින් දිනා ගැනීමට කටයුතු කලයුතු බවත් දැන සිටින්න ඕන.ඒ වෙනුවට කලේ ලක්ෂ 58 වයිරයට දවසින් දවස පත් වීම බහුතරයේ බහුතරය ගැන නොසිතා දිගටම සුළුතරය පිනවීමෙන් බහුතරයේ විශ්වාසය තවදුරටත් බිද ගැනීම....මේ ආණ්ඩුව දැන් කැද හැලියක්..වෙන විකල්ප දැන් නැහැ.පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවල නැවත ජන මතය උරගාල බලනවා මිසක්..(බ)

:       0       0

රනා Wednesday, 08 April 2015 09:50 AM

අනේ තව දවස් 1200 ක් මෙයාලටම කරන්න දෙමුද? (ම)

:       0       0

දහම් Wednesday, 08 April 2015 10:02 AM

ආණ්ඩුවේ ඔක්කොම අති පණ්ඩිත කයිවාරුවෝ. හත් පොලේ ගා ගන්නවා. (ස)

:       0       0

ඇසළ Wednesday, 08 April 2015 10:08 AM

පව් අප්පා පිනට ඡන්ද නැතුව ආණ්ඩු පිහිටපුවහම ප්‍රතිඵලේ මේක තමයි. දැන් ඉතින් ජනපති අගමැති පාර්ලිමේන්තුවට නෙමෙයි වග කියන්න ඕනේ ජනතාවට. (බ)

:       0       0

චන්දන Wednesday, 08 April 2015 10:18 AM

හොරකම් කරලා තියෙනවා කියපු සල්ලි හොයා ගත්තා නම් නරකද? (ස)

:       0       0

නිරෝෂන් Wednesday, 08 April 2015 10:25 AM

මෙම ප්‍රශ්න විසදන්න රටට විකල්පයක් ඕන. ජනතා විමුක්ති පෙරමුණ වගේ. (ස)

:       0       0

නිහාල් Wednesday, 08 April 2015 10:35 AM

ඔය පටන් ගත්තා විතරයි. (ස)

:       0       0

සරා Wednesday, 08 April 2015 10:43 AM

තෙල් මිල අඩු කළා එ්ක හොඳයි..අත්‍යවශ්‍ය ආහාර කියල බඩු මිලත් අඩු කළා එ්කත් හොඳයි ..පඩිය වැඩි කරා කිව්වා එ්කත් හොඳයි ..මේ ඔක්කොම සහන දෙන්නේ දුෂණය නැති කරලා කියල කිව්වා එ්කත් හොඳයි දැන් ඒ කියපුවා කරන්න කෝටි ගණන් සල්ලි අච්චු ගහන්න ඕනිලු .. බැරි දේවල් නොකර හිටියනම් නේද හොඳ ..බඩු අඩු කළ නිසාත් පඩි වැඩි කළ නිසාත් මිනිස්සු අතේ සල්ලි ගොඩයිලු අනේ දෙවියෙනේ බත් පරිප්පු කාල බස් එකේ යන අපිටනම් වැලේ වැල් නෑ... (බ)

:       0       0

නාලිනී Wednesday, 08 April 2015 10:43 AM

ඔන්න ඉන්දියාව ණය දෙනවලු.හැබැයි රට උගසට.(බ)

:       0       0

වීකී Wednesday, 08 April 2015 10:52 AM

එල කොල්ලෙක් ආ ..(ස)

:       0       0

පද්මිණී Wednesday, 08 April 2015 10:53 AM

මෙතන යන්නේ වෙනම පොතක්. සල්ලි හොයන ක්‍රම රනිල් දන්නවා. මේක පොඩි සමීක්ෂණයක්. (බ)

:       0       0

දිනේෂ් කළුආරච්චි Wednesday, 08 April 2015 11:10 AM

ජනපති පත් කළාම මැතිවරණයකින් හිටි හැටියේ හිටපු ඇමැතිවරු අගමැති සියල්ලම හිතේ හැටියට මාරුකළා දින සියකින් හැම එකක්ම කණපිට හරවනවා කියලා වැඩ කිඩ පැන්නුවා. හැම තැනටම අරයලා මෙයාලා පත්කළා හරියට රජයක් අලුතින් පිහිටුවා කියලා හිතලා. දැන් සල්ලි නැතිලු වැඩට. පඩි ගෙවන්න .චීනයට මහා දොස් පැවරුවා.ආයෙත් දැන් පස්සෙන් එලවනවා.හලෝ ,බටහිර රට වලින් වැඩි දෙනෙකුම දැන් යැපෙන්නේ චීනෙන් බව නොදැන පාලනයකට ගියාම හොඳ පාඩම් තව ඉගෙන ගනීවි.මේක එජාප පාලනයක් නොවෙයි කියලා හිතලා පුළුල් විධියට හිතලා සහයෝගයෙන් වැඩ කළොත් තමයි ඔය තනතුරු රැකෙන්නේ කියලා කල්පනා කළොත් හොඳයි ජවිපෙ අනුර කුමාර, වික්‍රමබාහු කියන අය ජාතික සභාවට අරගෙන කරන ප්‍රකාශ හැම දිනකම පුවත් පත්වල රුපවාහිනිය මගින් අපි දකිනවා.මොවුන් මෙරට බහුතර ජනතාව ප්‍රතික්‍ෂ්ප කළ පක්ෂ නියෝජනය කළ නායකයන් බව මේ ජනපති හෝ අගමැති ඇතුළු මුළු මහත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු දැනගෙන හිටියොත් හොඳයි.නයි ඔඩොකුවේ දාගත්තොත් කනබව මේ අය මතක තබාගෙන වැඩ කළොත් හොඳයි. අනික දකුණේ දුර්වල පාලනය නිසා උතුරේ අයට විරුද්ධද පක්ෂය අර අම්ර්ත ලිංගම් ගේ කාලයේ පරිදි හිමිවේවි යන්නත් සිහි කරගෙන හිටියොත් අපි රැකෙවී.නැතිනම් ආරාජික කාලයකට ආයෙත් යනවා නොඅනුමානයි. (බ) නිසා dhayi කර ඇති

:       0       0

ප්‍රකාශ් Wednesday, 08 April 2015 11:14 AM

ඩොලර් කුට්ටි කොහොමත් බටහිර රටවලින් ලැබෙනවා. එයාල දන්නේ මේ රට විකුනන්න. අනෙක මෙයාලට කවුද ආණ්ඩුවක් කරන්න ඡන්දෙ දුන්නේ. (අ)

:       0       0

මුණසිංහ Wednesday, 08 April 2015 11:30 AM

ලෝකයේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණු පහුගියකාලේ ලංකාවට එය නොදැනෙන විදියට කළමනාකරණය කරගන්න මහින්ද රජයට හැකි වුන. ඒවා සිහියට එන්නේ කීයෙන් කී දෙනාටද? දැන් රටේ නායකයා කවුද? ඕනෑම පාසලක සංගමයක පවා තනතුරු සහ වගකීම් ගලාගෙන යන ක්‍රමයක් තියෙනවා.දැන් අපේ රටේ එහෙම එකක් තියෙනවද? කප්පිත්තෙක් නැති නැවට වෙන දේ තමා දැන් මේ වෙන්නේ. (බ)

:       0       0

දොන් Wednesday, 08 April 2015 11:33 AM

පද්මිණීට තමයි හරියට තේරුණේ. ලංකාවෙමද හිටියේ (බ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 08 April 2015 11:37 AM

ජෝන් බාස්ල රටට කළේ මොකක්ද? පාර දිගේ අමු අමුවේ මරා දැම්මා. ජේවීපී එකත් ඒ දෙයම කළා.රට ආපස්සට ගෙන ගියා. දැන් අගමැතිකම බලෙන් අරගෙන කුමන්ත්‍රණ කරනවා.රට කරන්න සල්ලි හොයා ගන්න දන්නේ නැහැ.කතා කරන්නේ ආර්ථික විශ්ලේෂකයෝ වගෙයි.මෙයාලට තියෙන්නේ හිස් ඔලු ගෙඩි විතරයි.(බ)

:       0       0

මහින්ද කිතුල්ගොඩ Wednesday, 08 April 2015 11:39 AM

මුදල් ඇමැතිතුමා කැමති ඉන්දියාවෙන් ණයගන්න රට උගස් තිබ්බත් සින්න වෙන්නේ නෑදෑයන්ටනේ. අද පැන්ෂන් දෙන්නත් සල්ලි නැතිලු නේද? අවුරුද්දට සැරයක් හරි මිනිස්සු බඩපිරෙන්න බත් ටිකක් කන්න ඉන්නේ ඒකත් නැතිවෙයිද ? (බ)

:       0       0

සුදත් රෝහණ Wednesday, 08 April 2015 12:13 PM

හිටපු කෙනා යන විට එක් පුරවැසියෙක් ලක්ෂ 4 ක් ලෝකෙට ණයයි කියන එක බොහෝ දෙනෙකුට අමතක වෙලා .(අ)

:       0       0

සමන් Wednesday, 08 April 2015 12:28 PM

මේකෙන්ම පේනවා මේ කට්ටිය තීරණ ගන්නේ මොන්ටීසොරී බබාලා වගේ කියල . විරුද්ද වුණාට කමක් නැ රට ගැන හිතල, මෙතන එහෙම එකක් නෙවේ. (අ)

:       0       0

ලීල් Wednesday, 08 April 2015 12:56 PM

පාඨක ඔබට නොදන්නා තව එකදෙයක් කියන්න තියනවා. අප චීනය සමග ව්‍යාපාරික සම්බන්ධතා ඉතා ඉහළින් පවත්වනවා. ඒ අප රටේ යම් නිෂ්පාදනයක් චීනයට අපනයනය කර එමගින් අති විශාල මුදල් සම්බාරයක් වාර්ෂිකව මෙරටට ලබාදෙමින් අප වගේම තවත් අපනයනකරුවන් විශාල ප්‍රමාණයක් මෙලෙස චීනය සමග ගනුදෙනු කරනවා. එ්කට හේතුව තමයි අප අපනයනය සඳහා අත්පිට මුදල් ලබාදෙන එකම රට චීනය වීම......අනෙත් ගොඩක් රටවල් වල අර්ථිකය දැනටමත් කඩන් වැටිලා..අප අපනයනය ඉල්ලන්නේ මාසෙට...දෙකට ණයට....දැනට ඇමරිකාව පවතින්නේත් උන්ට චීනය ණයට මුදල් ආධාර දෙන නිසා.....යුරෝපා රටවලත් තත්වය ඕකම තමයි. අපි දැන්වත් අැත්තතත්වයට මූණදෙන්න පුරුදුවෙමු.....ඉන්දියාව සතුටුකරන්න පොඩි කාර්වලට ටැක්ස් අඩුකරාට....ඇමරිකාව සතුටුකරන්න පාන් පිටි මිල අඩුකළාට දැනට සාර්ථකව ඉදිරියට ඇදෙන චීනය රුසියාව වගේ රටවල් අමතකකරලා අපට ගොඩයාමක් නැහැ කියලයි මගේ නම් හැගීම. (බ)

:       0       0

අජිත් Wednesday, 08 April 2015 01:06 PM

අර උඩින් කව්දෝ කෙනෙක් අදහස් දාල තිබුන වගේ, කව්ද මෙයාලට ආණ්ඩු කරන්න බලේ දුන්නේ? පිස්සු නැත්නම් ශෝක් !!! (බ)

:       0       0

මහනාම - කඳාන Wednesday, 08 April 2015 01:50 PM

සුදත් රෝහණ මහතාණෙනි , ඒක පුද්ගලික ණය නැති රටක් පුළුවන් නම් හොයලා මෙහි පල කරන්න , රටක් දියුණු වෙනකොට ඒක පුද්ගලික ණය වැඩි වෙනවා . උදා . ඇමෙරිකාව ලක්ෂ 60 , ජපානය ලක්ෂ 100, එංගලන්තය ලක්ෂ 90 . මේ තොරතුරු පහසුවෙන් අන්තරජාලයෙන් ලබා ගෙන අප්ඩේට් වන්න , මෙහිදී බැලිය යුත්තේ ණය ප්‍රමාන නොවේ , ණය වෙනස්වීමේ සීග්‍රතාවය හා ගෙවීමේ හැකියාව , සහ ණය ලබාගත් හේතුව . 2005 ට කලින් ඒක පුද්ගලික් ණය අඩු බව පැහැදිලියි , රටේ අලුත් සංවර්ධන වැඩ ඇති උනේ නැ, ඒ වගේම යුද්දේ ට වියදම් උනෙත් නැ . මේවා පරික්ෂා කර බොරු නම් මෙහි සඳහන් කරන්න . (දී)

:       0       0

කාලිංග Wednesday, 08 April 2015 01:55 PM

එජාපය ශක්තිමත් වෙලා (දී)

:       0       0

මහනාම - කඳාන Wednesday, 08 April 2015 01:59 PM

මෙහි ලියන පාඨකයෝ බොහොම දෙනෙක් උගත් බුද්ධිමත් අය බව පැහැදිලියි . ඒ වගේ අය සමාජයට පුර්වාදර්ශයක් ඇති වන සේ කතා කළා නම් හොද . මේ අවස්ථාවේ රට මුහුණපා ඇති අවධානම හොදින් තේරම් අරගෙන් පක්ශ දේශපාලන අමතක කරන්න . දේශපාලන යනු කලාවක් මිස විද්‍යාවක් නොවේ . කලාව තැන අනුව , දවස අනුව , පරිසරය අනුව වෙනස්වෙනවා . නමුත් විද්‍යාව එසේ නොවේ , ලෝකේ කොහේ ගියත් කවදා උනත් වෙනස් වෙන්නේ නැ . එහෙම එකේ අපි යුඑන්පි හෝ ශ්‍රී ලංකා කාරයෝ කියලා හිතාගෙන එකම ප්‍රති පත්තියේ ඉන්නේ ඇයි . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 16 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 151 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 144 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 388 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 66 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 417 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site