(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.
පෙබරවාරිය සුබ මාසයක් වනු ඇති බව කී ජනාධිපතිවරයා පෙබරවාරිය අසුබ විය හැකි කට්ටියක්ද සිටින බව සඳහන් කළේය. "මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ.රිමාන්ඩ් කරන්නෙ වැරදි කාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්නත් පුළුවන්.රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා.
මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි.සාමාන්‍යයෙන් කියන්නේ දින අඩු මාස අසුබයි කියලනේ.අසුබ කට්ටියකුත් ඉදියි. සාමාන්‍ය සත්‍ය නම් සොයාගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලකයෙක් ඉන්නවා.ඒක නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වේවි.
වාහන ආනයනය කරන්න තහනම් වෙලා තිබුණ කාලෙ දේශපාලකයන් ළඟ වාහන තියෙනවා.රෙජිස්ටර් කරන්නේ නැතුව වාහන දුවනවා.
ජෝන්ස්ටන් ඉන්නවා, රත්වත්තේ ඉන්නවා, තව පැත්තකින් මීගමුවේ කෙනෙක් ඉන්නවා.කඩුවෙල කෙනෙක් ඉන්නවා හෙට අනිද්ද අත්අඩංගුවට ගනියි.
අදත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන්.නීතියක් නැති රටක් මේ.
පරාජිත කණ්ඩායම් මොනතරම් හොල්මන් කරමින් බලය ලබාගන්නට තැත් කළත් ජනතා සහාය තිබෙන තුරු මේ ආණ්ඩුව ආපහු යවන්න බෑ.ආණ්ඩුව ගත්තෙත් යන්න බලාගෙන නෙමෙයි. මතක තබා ගන්න.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි
Kazi Shajahan Sunday, 02 February 2025 07:45 AM
ඡන්දෙ ගන්න කළින් කියපු කියුම් කෙරුම් කළේ නැතිනම් යන්න වෙයි ගෝඨාභයට කළින්ම, තාම ටැක්ස් නම් අඩුවක් නැහැ. නමුත් අපිට කිසිම සහනයක් නම් නැහැ ගොයියෝ...!
ගුණරත්න Sunday, 02 February 2025 07:47 AM
මට හරි පුදුමයි, පළපුරුදු දේශපාලනඥයෙක් මේ වගේ ළදරු ප්‍රකාශ කරනකොට. ඉතිහාසය කියවපු මිනිසුන් දන්නවා මහා බලවත් අධිරාජ්‍ය පවා පරඬැල් සේ විනාශ වෙලා අළු දූවිලි වෙලා ගියා කියා...!
SanathSunday, 02 February 2025 01:14 PM
හෙඩින් එක විතරක් බලලා කොමෙන්ට් දාන හරක්... සම්පූර්ණ කතාව අහලා බලපල්ලා.
karolisSunday, 02 February 2025 05:44 PM
ඔබගේ කයිවාරුවත්, රඟපෑමත් දැන් කවුරුත් දනී. මහා බොරුකාරයෙක් ලෙස ඉතිහාස ගතවීමට නියමිතය.
චන්දිම Sunday, 02 February 2025 07:53 AM
වසර 5කට විතරයි ඔබට මිනිස්සු බලය දුන්නෙ.ඔබ කිව්ව විදියට පේන්නෙ සදහටම බලය ගත්ත වගේ.අමතක කරන්න එපා වසර 5යි.ඒ වසර 5 තුල ජනතාවට,රටට වැඩක් නොකලොත් චන්දෙන් ගෙදර යන්න වේවි.දැනට ඔබ ෆේල්.දැනටම මිනිස්සුන්ට ඔබව එපා වෙලා.ඔබට බහුතරයක් දුන්නු ගොවියොම අද බනිනව.කිව්ව දේවල් ඩිලිවර් කරගන්න බෑ.එව කරන්න බැරි බව අපි දන්නව.ඒත් ඒ බැරි දේවල් පුලුවන් කිව නිසා කලයුතුමයි
Priyantha Dissanayake Sunday, 02 February 2025 08:22 AM
අපි නම් දන්නවා ඒබව හොඳින්ම. ඔබතුමා පමණක් නොව බලයට පැමිණෙන හැමෝම එහෙමයි.මොනවා හරි කියලා, කියලා, හැකිනම් මොනවා හරි බෙදලා ජනතාව් සතු උත්තරීන්තර බලය වන ස්වාධිපත්‍යය බලය ඩැහැගන්නවා. ඉන්පසු පුටුවේ වාඩිවෙනවා ඉන්පසු ඉතිං ඒ බලය සදාකාලික කරගන්න දන්න සූත්තර, දාංගැට හැම එකක්ම කිසිදු හිරිකිතයක් ලැජ්ජාවක් භය නැතිව භවිත කරනවා. ඔබතුමා කීවනේ (මින් එදිරියට උද්ගෝෂණ, පෙලපාලි,හර්තාල් , විරෝධතා නැහැ මොකද ඒ හැම එකක්ම රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ) කුමන්ත්‍රණ කළොත් ඒවා හමුදාව්ට පොලිසියට භාර දෙනවා, ඒවා ඒගොල්ලෝ බලාගනීවි
Priyantha Dissanayake Sunday, 02 February 2025 08:38 AM
නමුත් මෙතෙක් පහලවූ පාලකයින් අතර නින්දිතම පාලකයාලෙස පිටුපස දොරෙන් බැහැලා යන්න සිදුවූවා.එය එසේනම් ඔබතුමාලා තරයේ මතක තියාගන්න ඔබතුමාලා ක්‍රිඩාකරන්නේ අත් පා හිස් මුහුණු ආදී ආවරණ රහිතව කියන එක. පුංචි සහනයක් තිබෙනවා මාලිංග, මුරලි, ෂේන්වෝන් වැනි දක්ෂ සහ දරුණු පන්දු යවන්නන් පිටියේ නැහැ. නමුත් පිටියේ සිටින ක්‍රීඩකයන් අවතක්සේරු කරන්නත් එපා, කරුණාකර තේරුම් ගන්න ඔබතුමන්ලා ඉන්නේ විපක්ෂයේ නොව ආණ්ඩුපක්ෂයේ එනිසා කතාව නවතා දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න.
Krishna Sunday, 02 February 2025 08:40 AM
දැන් කවුරු හරි යන්න කියලද...විකාර කතා..රටේ ප්‍රශ්න ගොඩ ගැහෙනවා දවසින් දවස...මෙතුමා ගැලරි කතා කිය කියා ඉන්නවා
යෝගා Sunday, 02 February 2025 09:00 AM
මේ යන විදියට නම් 3%ට පල්ලම් බහින්න වෙනවා. ලොකු රැවටීමකට ලක්වුන 68 ලක්ෂේ අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා. ඔහොම යං
Sami Sunday, 02 February 2025 09:05 AM
අතහැරපු කෙබර වල තරමින්ම හිතා ගන්න පුළුවන්
Chamil Perera Sunday, 02 February 2025 09:24 AM
නියමයි
Prabath Sunday, 02 February 2025 09:38 AM
එක දන්නවා ඒ වුනාට යවකවා හරියට කියපු දේවල් කලේ නැත්නම්
යෝගා Sunday, 02 February 2025 09:44 AM
ආණ්ඩුව අරන් තුන් මාසයක් ඇතුළත යනවද? නොයනවාද? ගැන කතා කරනවා. ඒ කියන්නේ තමුන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන හිතාගන්න පුළුවන්...
ජගත් ලියනගේSunday, 02 February 2025 04:22 PM
සීයා මේ දවස්වල හරි හරියට වැඩ බව දන්නවා ඇති නේද? එයාට තමයි ඔය කතාව කිව්වේ...!
Surain Sunday, 02 February 2025 09:46 AM
ඔයා මොනවා කිව්වත් වැඩ කරන්නේ නැතිව බොරු කිය කියා කයිය ගහන අය වෙලාව අවම ජනතාව වන අප අනිවාර්‍යෙන් ගෙදර යවනවා.. ඒක ජනතාවගේ අයිතිය...!
Asanga Sunday, 02 February 2025 09:57 AM
මෙයාගේ තවත් ලොකු ටොක් තියෙන්නේ. හරියට කරේ නැත්නම් ජනතාව අනිවාරයෙන්ම එළවනවා.
Laki Sunday, 02 February 2025 09:58 AM
ඔහොම කියපු කට්ටිය කොච්චර නම් හිටියාද? හැබැයි යනකොට නම් දන්නෙවත් නැහැ. වැඩිය කට නැතුව දැන්වත් වැඩක් කරලා මෙන්න අපි කලා කියන්න.
IBRAHIM Sunday, 02 February 2025 10:24 AM
කවුරුත් එන්නේ යන්න බලාගෙන නෙමෙයි, ඒ වුණාට මිනිස්සු යවනවා
PRASANNA Sunday, 02 February 2025 10:25 AM
ඔයා කලබල වෙන්න එපා රටේ පරමාධපත්‍ය බලය තියෙන්නේ ජනතාව අතේ ජනතාව යවන්න ඕනැ වේලාවට යවයි
fairoos Sunday, 02 February 2025 10:53 AM
මොන දේ කරත් ජනතාවගේ ජීවන වියදම අඩුකරන්න වැඩපිළිවෙළක් ඉතා ඉක්මණින් කරන්න.
බණ්ඩා Sunday, 02 February 2025 12:22 PM
ඒ ගැන කරදර වෙන්න එපා. ඔයිට වැඩිය කෙරුම් කාරයෝ ඇඩ්රස් නැතිවෙන්න අපි යවලා තියෙනවා. ඔහොම යමු බොස්...
Sampath Subasinghe Sunday, 02 February 2025 12:31 PM
හරිම විනෝදයි...!
අරුණි Sunday, 02 February 2025 12:35 PM
ඔබේ ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති බව ආර්ථිකව මැතිවරණයට පෙරට වඩා දැඩි දුශ්කරතාවයන්ට, ජනතාව පත්කිරීම සහ දුන් පොරොන්දු, මැවූ පුනරුදයන් කිසිවක් සිදුනොවීම නිසාමයි මහ මැතිවරණයෙන් තෙමසක් ගතවීමටත් පෙර බලවත් ජන අප්‍රසාදයට ලක්වී සියලුම වාගේ සමූපකාර ඡන්දයන් පරාජයට පත්වන්නේ...
GAMA VARESE Sunday, 02 February 2025 12:43 PM
ඔව් ඔව් තව ටික කලක් ඔහොම්ම ඉන්න. රටට කෙලවලාම යන්න...
ජිල්බු Sunday, 02 February 2025 12:49 PM
මමත් ඇතුළුව ඉහත කමෙන්ට් දාලා තියෙන හොරුන්ට බය හිතෙණෝ...
Don perea Sunday, 02 February 2025 12:55 PM
ලංකාවට හරියන්නේ මේවගේ අය...
වෑල්ඩින් ආචාර්ය Sunday, 02 February 2025 01:05 PM
ඔහොම කියන්න ඕන නෑනේ ඔහේලා අමු කෙබර කෙලලා මිනිස්සු අන්දන්නේ නැතුව බලේට ආවා නම්... ඒ ආවත් කමක් නෑ. මොකක්ම හරි හොඳක් රටට වෙනවා නම්. කිසිම සැලැස්මක් නෑ, වැඩ පිළිවෙලක් නෑ. වෛරයයි, පළිගැනීමයි විතරයි. ඕවාටත් චූන් වෙන හරක් ඉන්නවා තමයි. ඒත් ඒ හරක්ට වුණත් වෙලාවට පුන්නක්කු එහෙම හම්බෙන්නේ නැති වුණාම අනීවි හොඳේ...
Lilarathne Sunday, 02 February 2025 01:09 PM
මිනිස්සු ඔහේව ගෙනාවේ නම් ඇත්තටම යවන්න බලාගෙනත් නෙමේ. ඒකනේ 2/3ක් ම දුන්නේ වෙන කාටවත් නොදුන්න. දැන් ඔහේලා කියපු කෙප්ප රෝල් කරකර ඉන්නවා මිසක් වෙන කිසිම වැඩක් කරන්නේ නෑනේ. කෝ ඔයාලගේ ඇම්බැට්ටයා කියපු ලක්ෂ 12 විට්ස් එක? කෝ ආදායම් බදු අඩු කරන එක? කෝ 25000 පඩි වැඩි වීම? මාස 6න් 6ට පඩි වැඩි කරලා දෙන්නන් කිව්වා. දැනටම මාස 3ක් ඉවරයි.
TRT Agreement Sunday, 02 February 2025 01:11 PM
විකාර නොකර ඉස්සෙල්ලම මහින්ද උගන්ඩා යැව්වා කියපු ඩොලර් බිලියන 19 ගෙනත් ඉන්න. එහෙම වුණොත් අපිත් එනවා මහින්දව ඔය ඉන්න ගෙදරින් එළවන්න ආපහු බෙලිඅත්තටම. හැබැයි එහෙම බැරි වුනොත් අපි එලවන්නේ ඔහේව... එච්චරයි...!
බුද්දික Sunday, 02 February 2025 01:30 PM
ස්ථිරයි ලන්කාවේ වේගයෙන්ම ජන අප්‍රසාදයට ලක්වුණු රජය මේක. ඉල්ලුවාටත් වඩා බලයක් දුන්නා. ඒක මේ රටේ චන්ද දායකයින්ගේ උගත්කමේ තරම... දැන් ගත්තු බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට වැඩකරන්න හැකියාවක් නැතිව දඟලනවා විවිධ කතා කියමින්... හාල් මිල අද වෙනකන් පාලනය කරගන්න බැ. කුඹුරට බැහැලා උද්ඝෝෂණය කලේ වී කිලෝවට 130/=ක් ඉල්ලලා. ඒවා කියලා බලය අරගෙන අද වෙන මගුල් කියවනවා. හාල් ටිකට පාලන මිලක් තියාගන්න බැහැ. ජීවන බර අහස උසට... මොනවාද මේ මිනිස්සු කරන්නේ? කයිය විතරයි.
සමන Sunday, 02 February 2025 01:40 PM
ඔහෙලා ගහපු කෙබරයි... හිටිය අය කරපු විනාසෙයි නිසා ඔහෙලාට බලය දුන්නා මිසක් ඔහෙලාගේ හැකියාවෙන් ගත්තු ආණ්ඩුවක් නෙවෙයි මේක. මේ පුද්ගලයා අභියෝග කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නොවේද? නැවතත් 88/89 භීෂණකාරී තත්වයක පෙරනිමිති පෙනේ..
Sugath - Kandy Sunday, 02 February 2025 02:18 PM
මෙහි ඇති බොහෝ අදහස් බයියා සහ ටොයියා විසින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් වලින් වේ. ඔවුන් කණ්ඩායම් වශයෙන් වැඩ කරන අතර ඔවුන්ගේ මඩ ගැසීම සම්බන්ධීකරණය කරයි. නොරැවටෙන්න. ඔන්ලයින් ලොකු මඩ ව්‍යාපාරයක් යනවා. බලන්න බයියෝ සහ ටොයියෝ කී දෙනෙක් මේ කමෙන්ට් එකට අකමැති වෙයිද කියලා...
අමල්Sunday, 02 February 2025 03:21 PM
තඹුත්තේගම අනුර, ඉදිරියට අත්අඩංගුවට ගන්න ලිස්ට් එක කියාගෙන කියාගෙන යන විදිහට, අනුර - හරිනි මාලිමා ආණ්ඩුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට අතපෙවීම, කොච්චර තුච්චද ? හිරිකිතයි අනුර !
චන්දිමSunday, 02 February 2025 03:28 PM
පී එම් බයියෙක්ද, ටොයියෙක්ද? නැත්නම් යථාර්ථය නොදන්නා මෝඩයෙක්ද? රටේ එළිපිට සිදුවන දේ නොදැක..., ඒවා දකින මිනිස්සුන්ට ගරහන්නේ ස්ටෙර්ජ් උඩ බෙරිහන් දෙද්දී කට ඇරගෙන හැමදේටම චියර් දෙන මෝඩ හරක්. ඔවුන් ඉන්නකම් මේ වගේ බේගල් ඇදබාලා බලයට එන දේශපාලුවන්ට හොඳයි. ගෝඨාට ඡන්දේ දුන්නේත් යන තැන පහරන මෝඩයින්...
Toni Sunday, 02 February 2025 02:43 PM
අන්තිමට හෙළිකොප්ටර් දෙකකින් පැන පැන උතුරටත් ගියා. ලැජ්ජාවක් ඇත්තේම නෑ. බොනිකර තරුව.
Dewa Sunday, 02 February 2025 02:46 PM
මොකද මේ කට්ටියම... ලාම්පුතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලන්නේ... අනුර හැමදාම ඉඳීවි කියලද?
amila Sunday, 02 February 2025 03:28 PM
කව්රු කව්රුත් බලේට ආවේ යන්න බලාගෙන නෙමේ. ජනතාව ගානට වෙලාවට ඔයාලාව ගෙදර යවයි.
Jothi Sunday, 02 February 2025 03:33 PM
මූණ බලද්දිම පේනවා ඇත්තද කියන්නේ කියලා...?
මැක්ස් Sunday, 02 February 2025 04:01 PM
ආණ්ඩුවේ ලොකු පොඩි කා තුළත් යහමින් ඇති උද්දච්චකම විසින් මාලිමාන්ඩුව වනසා දමනු ඇත. විපක්ෂයක් නැතුවම ඉතාමත් කෙටි කලක් තුළ මෙපමණටම පච වූ දේශපාලන ව්‍යාපාරයක් සිරිලක තුළ මෙතුවක් තිබී නැත.
Saman Sunday, 02 February 2025 04:18 PM
මම නම් මෙයාට ඡන්දෙ දුන්නේ නෑ. කවුරු ආවත් සමහර වැඩ කරන්න බෑ. ඒක නිසා මම මෙයාට යන්න කියන්නෙත් නැහැ. ගෝඨාභය වගේ රට ගැන අවංකව හිතපු මනුස්සයෙක් එළවපු කුහක සිංහලයින්ට ගැලපෙන්නේ මේ වගේ කෙනෙක් තමයි.
ගමේ එකාලා Sunday, 02 February 2025 04:28 PM
වසර 76ක් පුරාවටම මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ කරපු හරිය අපි දුටුවා. ආසියාවේ ආස්චර්යය ලෝකෙටම පෙන්වපු හැටිත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගත්තේ නිකම් නෙවෙයි...
රනේ Sunday, 02 February 2025 05:41 PM
අපිට පරණ එවුන් කොහොමත් එපා..! අනුර ඔබව අපට විශ්වාසයි...!
ranjith Sunday, 02 February 2025 06:08 PM
මේ රටේ පාලකයෝ අද වෙන තෙක් බලේ ගන්නත්, බලේ තියාගන්නත් කරේ බඩුබෙදන එක සහ වැඩියෙන්ම බොරු බෙදන එක...
Neel Sunday, 02 February 2025 06:33 PM
ඇත්තටම මම ඊයේ අනුර දිසානායක සහෝදරයා මේ කුරුණෑගල ජනතාව අමතා කළ සම්පූර්ණ කතාව youtube එකේ ඇහුවා. ඒ කොතැනකවත් මේ හෙඩින් එකේ තියෙන තේරුම නැත. මෙම මාධ්‍ය අයිතිය ගැන මට කියන්න වචන නැත. කලකිරීම් පමණි...
මoජුල Sunday, 02 February 2025 06:46 PM
ඡන්දේ දුන්නු මිනිසුන් බලන්න ගම් නියන් ගම් එන්න ඕනෑ නෑ. හැමෝටම ඕනෑ වැඩ. සහන, හොරු අල්ලන්න. බලය දුන්නේ මිනිස්සු හෙම්බත් වෙලා ඕනෑවටත් වඩා... තවත් කතා එපා. එළවන්න මිනිස්සු තාම හැදුවේ නෑ. මිනිස්සු නායකයෙක් බලයට ගේන්නේ එලවලා ආතල් ගන්න නොවේ.. ලොකු බලාපොරොත්තුවක් ඇතුව. ඒක මටත් තියෙනවා කිය කිය ගියාට වැඩක් නෑ. කතා අහ අහා ඉන්න දැන් ජනතාවට වෙලාවක් නෑ. විපක්ෂ කියන දේවල් ඇස්පනා පිට ඔප්පු වෙන්න කලින් result ඕනෑ. ඒකට මාසෙද දෙකද අදාල නෑ. 159 දුන්නේ එකයි. තව මොනවාද ජනතාවට කියන්නේ. කරුණාකර රටට මිනිසුන්ට වැඩ කරන්න. ඇමැති මණ්ඩලයටත් කියන්න ආතල් දුන්නා ඇති. Passport පෝලිම ඉවරද? ඒක තමයි පළවන ප්‍රශ්නය ආණ්ඩුව ආව ගමන්. එතැන ඉඳලා පටන් ගන්න. කතා ඇති...