IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

(අංජුල මහික වීරරත්න)

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ජනතාවට බලශක්තිය සැපයීම, අඩු පිරිවැයකින් ඒකකයකට අඩු මුදලක් අය කිරීම සෑම රජයකම වගකීම බව කී විපක්ෂ නායකවරයා අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි හොඳම ක්‍රමවේදය පුනර්ජනනීය බලශක්තිය බව සඳහන් කළේය.

ජල විදුලි, සුළං හා සූර්ය බලයෙන් විදුලි නිපදවීමේ දී අඩු පිරිවැයක් වැය වන බවත් මෙම අඩු පිරිවැයකින් නිපදවන විදුලිය විදුලි පාරිභෝගිකයන්ට අඩු මුදලකට ලබා දිය හැකි බවත් කී ප්‍රේමදාස මහතා වැඩි මිලකට නිපදවන බලශක්තිය ලෙස ගල් අගුරු බලාගාර, ඩීසල් බලාගාර, තාප බලාගාර හැඳින්විය හැකි බව සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ පෙරියමුල්ල කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි.

 



අදහස් (11)

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

ලියනගේ Tuesday, 15 April 2025 08:06 AM

ගැලරියට කතකරන්න එපා. විපක්ෂ නායකයා නේද? මොනවාද මේ දොඩවන්නේ? ඔය කරුණ ගැනවත් හරි තොරතුරක් දැන ගන්න බැරි ඔබතුමා කොහොමද රටක් පාලනය කරන්නේ...?

:       0       0

මහදැනමුත්තා Tuesday, 15 April 2025 10:02 AM

ආ... ඒකට කමක් නෑ. ඔයාගේ වැඩක් ඔයා බලාගන්න...

:       0       0

රම්බොඩ Tuesday, 15 April 2025 10:36 AM

විදුලි බල මණ්ඩලයේ හොරු රෑනට එන එන ආණ්ඩු අහුවෙනවා. මේ ආණ්ඩුව අහුවුණේ හරි පහසුවෙන් . මොකද බොරු කියනවා වගේ ලේසි නෑ අවබෝධයක් ඇති කරගන්නා එක...

:       0       1

Kamal Koyrala Tuesday, 15 April 2025 10:49 AM

OMG මෙතෙක් කල් ආණ්ඩුවල විපක්ෂයේ ඉඳලා දැන් තමයි මෙයා මේ ගැන දැනගෙන තියෙන්නේ. පුදුමයිනේ.

:       0       0

ගුණරත්න Tuesday, 15 April 2025 11:30 AM

මාෆියාවට සම්බන්ධ උන් තමයි අර මණ්ඩලවල ලොක්කෝ, ඔවුන්ට ඇමැතිත් සම්බන්ධයි වගේ. මොකද කලින් ආණ්ඩුව කිව්වනේ රටේ ආදායම් ගෙනෙන්නේ නැතිව පිටරට හන්ගන් ඉන්න අය, බදු හොරු අල්ලලා අදාළ බදු අය කරගන්නවා කියලා. ඒත් කෝ ඒ සම්බන්ධයෙන් ගත් පියවර...?

:       0       0

තාරානාත් Tuesday, 15 April 2025 01:21 PM

දන්න දේයි, නොදන්නා දේයි නොදන්නා විපක්ෂ නායක...!

:       0       0

සිල්වා Tuesday, 15 April 2025 01:56 PM

අපි මාලිමාවේ සියලුම මාෆියා වලට යටයි. 2024 දක්වා ඒවාට සහයෝගය දීලා වර්ධනය කලේ විපක්ෂ මාලිමාව...

:       0       0

janahitha Tuesday, 15 April 2025 03:28 PM

තාප බලාගාර මාෆියාවක් නොවේ. විදුලිය උත්පාදනය සඳහා භාවිතා කරන ලාභදායී, කාර්යක්ෂම යාන්ත්‍රණයක් බැසිල් මහත්තයත් එක්ක ඩුබායි ඇවිත් බලන්න.

:       0       0

Chathuri Tuesday, 15 April 2025 04:15 PM

ඉතින් වැඩබැරි ගොයියාට ප්‍රශ්නයක්ද? හොරා කෑවා නම් නේද ප්‍රශ්නයක් වෙන්නේ. පොඩි වැරැදීමක් වෙන්න බැහැ. ඉක්මනට මයික් එක ඉස්සරහට එනවා. ඔබලාගේ... කාලේ වුණු අපරාධ, දූශණ... ඒවා දැනගෙනත් කටවහගෙන හිටියනේ. මාලිමාව එළියට දානකම් මුළුරටම දන්නේ නැහැ. ඉතින් ඔය කියන විදියට... ඇයි ජනතාවට ගල් අගුරු වලින් කටි හපලා හරි දුන්නේ නැත්තේ...? දුන්නෙම ගිනි අඟුරු ට්‍රිලියන ගණන් හොරා කාලත් ඔබලාට ලැජ්ජාවකුත් නැහැ ප්‍රශ්නයකුත් නැහැ. දැන් පොඩි දේටත්... උඩු බුරන්නේ... ජනතාව උසි ගන්නලා බලය ගන්නද? අපෝ හිතන්නවත් එපා. මාලිමාවෙන් පස්සේ වෙන හොරෙක්, නූගතෙක්... ඉදිරිපත් වෙන්න කලින් නැවත එන්ගලන්තයටම බාරදෙන්න ඕනෑ.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 15 April 2025 05:43 PM

මුන්නැහැට කව්රුහරි කියලා දෙන්න. වැඩි ඉල්ලුමක් තියෙන වෙලාවට ඉර බැහැපු නිසා පුනර්ජනනීය විදුලිය නැහැ කියලා, ඒ වෙලාවට ඩීසල් ගල් අඟුරු පිහිට ගන්න වෙනවා කියලා, සූර්ය විදුලිය ගබඩා කරන්න ක්‍රමයක් හදපු දාට ඔබතුමා කියපුවා නිවැරැදි ඇති. රටේ කර්මාන්ත පද්ධතිය දියුණු දාට දවල්ට හැදෙන සෝලා විදුලියට ඉල්ලුමක් ලැබෙයි.

:       0       0

සෝමසිරි Tuesday, 15 April 2025 07:51 PM

ඉතින් ඔයාලා බලයේ ඉන්නකොට කරන්න තිබ්බානේ. එහෙම නොකලේ ඇයි කොමිස් ගහන්න බැරිකමටද නැත්නම් ප්‍රායෝගිකව කරන්න බැරිකමටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 14 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 262 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 329 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 319 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 183 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 195 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site