(ඩයනා උදයංගනී)
රනිල් වික්‍රමසිංහ මහතාව මෙහෙයවන රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා පුළුල් බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එහි පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරගැනීමට යන අවස්ථාවේදී එයට විරුද්ධව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
වත්මන ජනාධිපතිවරයා පත්වී දවසක් යාමටත් පෙර ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පිරිස් සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ඉවත්කිරීම වෙනුවට බලය භාවිතා කළේ අරගල භූමියේ සිටින අය සමඟ බද්ධ වෛරයෙන් ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කාලකන්නි සතුටක් ලබා දීමේ වුවමනාවත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම අනාගතයේ තමන්ට විරුද්ධව අරගල ඇතිවුවහොත් දෙන විසඳුම මෙය බව අරගලකරුවන්ට පෙන්වීම ද ජනාධිපතිවරයාගේ අරමුණක් වූ බව හෙතෙම පැවසීය.
සමිති, බහුජන සංවිධාන, සමාජ ක්රියාකාරිකයන් සියලු දෙනාම එකට එකමුතු කරගෙන පුළුල් පෙරමුණක් ලෙස එම මර්දනයට මුහුණදිය යුතු බව ද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමඟ 43 සේනාංකය පැවැත්වූ සාකච්ජාවකදීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආණ්ඩුව පන්නන්න දැවැන්ත බලවේගයක් හදනවා‘‘
siri Tuesday, 26 July 2022 01:23 PM
අවුරුදු 45ක් පාර්ලිමේන්තු ඉඳලා කරපු දෙයක් තියෙයිද? හොඳ දැක්මක් ඇති නායකයෙක් බිහිවෙනකන් ජනතාව පිඩනයේ..!
Hafeel Tuesday, 26 July 2022 01:31 PM
ඇයි අගමැතිකම නොලැබුණු නිසාද?
මහසෙන් Tuesday, 26 July 2022 01:37 PM
ආන්ඩුවයි ජනාධිපති යි පන්නන්න හදන්නේ ලගම හිටපු ගෝලයා ජනාධිපති ගේ ඉහලම තනතුරකට පත් කලාට පස්සේ ද? මේ ඉන්නේ ලංකාවේ දේශපාලන යේ ඉන්න හොදම අවස්තාවාදියෙක්.කෙටි පාරවල් වලින් තනතුරු හබා යන්න මෙයාට වඩා කෙනෙක් ඉන්න වා නම් අටපට්ටමට කියන්න හොදේ.
sisiraTuesday, 26 July 2022 04:18 PM
අරගල භූමියේ සිටින තරුණයින් පිළිබඳව කතා කිරීමට පෙර රාජගිරියේදී වාහනයක හප්පා මහමග දමා ගිය තරුණයා පිළිබඳව යමක් කියන්නට බැරිද? ජාතික ඇඳුමට මුවාවී, ජාතියත්, රටත් වනසමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සූදානම්ව සිටින අවස්ථාවාදී බොරුවෙන් ජීවත්වන දේශපාලන දූෂිතයින්...
lal priyantha Tuesday, 26 July 2022 01:41 PM
අගමැතිකමට ආරාධනා කළානම්, බලවේග ඕනෑ නෑ නේද? ඔයාගේ කට විතරයි, වැඩබැරි ටාසන්...
කිරිපුතා Tuesday, 26 July 2022 01:42 PM
මේ තව කෙනෙක්. රටේ ප්‍රශ්න වෙනක තියලා ආණ්ඩුව පන්නන් හදනවා. එයාට තියෙන්නේ කවදවත් ඉටු නොවන අගමැති. සිහිනයද කොහෙද .
SL Tuesday, 26 July 2022 01:50 PM
දැන් තියෙන්නේ ආණ්ඩු පන්නන දේවල් නෙවෙයි, මේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකතුවෙලා ඒවාට විසඳුම් දෙන්න. ඔබලාට තියෙන ජනාධිපති, අගමැති සිහින වලට බලවේග හදන්න ඊට පස්සේ..!
සෑම් Tuesday, 26 July 2022 02:00 PM
හරියට හරි, ජය වේවා!! ඒ සඳහා අපේ කොන්දේසි විරහිත සහය !!
hira Tuesday, 26 July 2022 02:07 PM
තවත් විනාස කරපන් රටට. බලලෝභී උන්.
fairoosTuesday, 26 July 2022 02:39 PM
තවත් මොනවා විනාශ වෙන්නද? නන්දසේන රටට කරපු හරිය මදැයි...
saman Tuesday, 26 July 2022 02:33 PM
ආදර ත්‍රස්තවාදියෝ...
Bamunuarachchi Tuesday, 26 July 2022 02:49 PM
හරි හරී හදන්නකෝ හදලා පෙවන්නකෝ.
Surain Tuesday, 26 July 2022 03:01 PM
එදා ඔයත් දුන්නා නේද? දැන් මේ මොකද?
dm Tuesday, 26 July 2022 03:16 PM
ආණ්ඩුව පන්නන්න නෙමෙයි බුරුවො මේ රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න සංවිදානය වෙන්න.ඊට පස්සේ චන්දෙයක් තියල කැමති කෙනෙක් බලේට එන්න.
" දැලි පිහිය " Tuesday, 26 July 2022 03:16 PM
අලියා වට්ටලා ටෙලිපෝන් හදාගත්තා රනිලයා වයසයි කියලා.. වැට්ච්ච අලියා නැගිට්ටා හෙණ්ඬුව අතේ තියාගෙනම.... දැන් හෙණ්ඬුව කෙලවරේ තියෙන්නේ " දැලි පිහිය " ! කිරි දැලි පිහියෙන් කාලම රනිල් පෙන්නනකොට ඔය මන්කි-ෆොක්ස්ලා හැරුණු අතේ දුවයි වල්ගෙත් නැතිවම..!
මැක්ස් Tuesday, 26 July 2022 06:07 PM
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ වශයෙන් පත් වුණු ඔහේගේ ගෝලයාගෙන් අහලා බැලුවොත් නරකද ඊට කලින්...? ලංකා දේශපාලනයේ අංක එකේ අවස්ථාවාදීන්...
චන්දන Tuesday, 26 July 2022 07:17 PM
ඕනෑවට වඩා දොඩවන්න එපා. පාරාවලලු ගැන අහලා ඇති නේද?
Sharn Tuesday, 26 July 2022 08:43 PM
තමන් විරුද්ධ පක්ෂයේ නම් හැම ආණ්ඩුවක්ම පෙරළන්න කතාකරන මේ වගේ බලලෝභීන් එක්ක රටකට කවර සරණක්ද? කොයිකත් එකයි...!
Demuni Uduwara Wednesday, 27 July 2022 05:26 AM
ධනුෂ්ක රාමනායකට මොකද වෙලා තියෙන්නේ..?