IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ‘

ජනපතිධූරය භාරගෙන මාස 21 කට පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන තම එක්සත් ජාතික පෙරමුණු රජයටම දැඩි චෝදනා එල්ල කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ නම් තමා ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ඔහු අනතුරු ඇගවූයේය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක්, එම ආයතන වල නියමයෙන් අධිකරණය හමුවට කැදවීම සම්බන්ධයෙන්, ඔහු තම පිළිකුල සහ අප‍්‍රසාදයද පලකළේය.

නමුත් බ‍්‍රහස්පතින්දා රැයේ මේ සම්බන්ධයෙන් විමසීමට අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික ඇමැතිවරුන් පිරිසක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස වෙත පැමිණි අවස්ථාවේ, ජනපති සිරිසේන කියා සිටියේ තමන් එදා පැවසූ දෙය මාධ්‍ය වැරදියට අර්ථකතනය කොට ඇති බවය.එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ජනපති නිල නිවසට ඇතුළු වූයේ පස්වරු 9 ට පමණය. ඊට පෙර වේලාවකදී ජනපතිවරයා හා අගමැතිවරයා කොල්ලූපිටිය, ඓතිහාසික වාළුකාකාරම විහාරස්ථානයේ ආගමික උත්සවයකටද සහභාගී වූහ.එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ජනපතිවරයා අතර පැවති හමුව නිමාවන විට අළුයම එක පමණ විය.එහිදී ජනපති සිරිසේන අවධාරණය කර සිටියේ ගෝඨාභය හෝ නාවික හමුදාපතිවරුන් තිදෙන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයන් අත්හිටවිය යුතුයැයි තමා කොතැනකවත් සඳහන් නොකළ බවය.එම විමර්ෂණ අවසානය දක්වාම කි‍්‍රයාත්මක කළ යුතුය යන තැන තමාද සිටින බව ජනපතිවරයා පැවසුවේය.එසේ වුවත් දෙපාර්ශවය ඇතැම් අවස්ථාවන්හි දී අදහස් හුවමාරු කරගත්තේ උස් හඩින්, කෝපභරිතවය.ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සිදුකළ එම දේශනය අවසානයේදී තමා පවත්නා රජය කිසිදු පුද්ගලයකුට වෙනස් කළ නොහැකි බවද පැවසූ බව ජනපති සිරිසේන කියා සිටියේය.තමා චෝදනා කළේ හිටපු ඇමැතිවරුන් දෙදෙනකු සම්න්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමත්, දැනට කි‍්‍රයාත්මකව තිබෙන විමර්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයත් කටයුතු කරමින් සිටින ආකාරය අරබයා පමණක් බවත්, එම ආයතන දියත් කර ඇති විමර්ෂණ වල ප‍්‍රගතිය පිළිබදව ආරක්ෂක ඇමැතිවරයා වන තමා දැනුම්වත් නොකිරීම, තම ප‍්‍රබලම චෝදනාව වූ බවත් ජනපති සිරිසේන පැහැදිලි කළේය.

ජනපති සිරිසේන තමන් වෙතම කැන්දාගත් මෙම අර්බුදයේ ආරම්භය සනිටුහන් වූයේ අඟහරුවාදා සවස්වරුවේය.සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හමුවට අමතරව ඔහු තෝරාගත් ඇමැතිවරුන් කණ්ඩායමක්, තවත් හමුවක් සඳහා අඟහරුවාදා සන්ධ්‍යාවේ ජනපති ලේකම් කාර්යාලය වෙත කැඳවූයේය.ව්‍යවස්ථා සංශෝධන, පළාත් පාලන මැතිවරණය, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කිරීම, යුද අපරාද චෝදනා, වංචාවට හා දූෂණයට එරෙහිව දැනට කි‍්‍රයාත්මක වෙමින් පවතින විමර්ෂණ වල ප‍්‍රගතිය, යෝජිත ජනමත විචාරණය ආදී කරුණු රැසක් ගැන සාකච්ඡා කිරීම මෙම හමුව කැඳවීමේ අරමුණ විය.ඒ සදහා ශී‍්‍ර ලංකා නිදහස් පාර්ශවය නියෝජනය කරමින් සහභාගීව සිටියේ දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ඇස්.බී.දිසානායක, සහ අනුර පි‍්‍රයදර්ශන යාපා යන ඇමැතිවරුන්ය.

අගමැති වික‍්‍රමසිංහගේ නායකත්වයෙන්, මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නවීන් දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස යන ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළහ.ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික ඒකාබද්ධ සැසියට සහභාගී වීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා ගොස් සිටි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසු අවස්ථාවක හමුවට සහභාගී විය.ඔහු දිවයිනට පැමිණ තිබුනේ ඊට පැය දෙකකට පමණ පෙරය.ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් ඇමැති පාඨලී චම්පික රණවකද, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලිය මෙහෙයවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයම්පති වික‍්‍රමරත්න මහතාද, හමුවට සහභාගීව සිටියහ.

වැදගත් ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් තීරණ වලට එළැඹිය යුතුව තිබෙන බව හමුව ආරම්භ කරමින් ජනපති සිරිසේන පැවසුවේය.අන්තර්ජාතික අරමුදලේ කොන්දේසි වලට ගරු කරමින් රටේ ආදායම හා වියදම අතර පරතරය, දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 4.7 ක මට්ටමක පවත්වාගැනීම එම ගැටලූ අතරින් පළමුවැන්න විය.දිවයින පුරා ප‍්‍රාදේශීය පළාත් පාලන මැතිවරණයන් පැවැත්වීම හා සමග නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්හි පළාත් පාලන මැතිවරණයක්ද පැවැත්විය යුතුව තිබෙන බව ජනපතිවරයා පැවසුවේය.නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට සිදුකළ යුතු සංශෝධනයන් පිළිබදවද සාකච්ඡුා කැරින.ව්‍යවස්ථා සංශෝධන ගැන අදහස් දක්වමින් ජයම්පති වික‍්‍රමරත්න කියා සිටියේ කමිටු හයක් වෙන වෙනම වාර්තා හයක් ඉදිරිපත් කර තිබෙන බවය.මෙම වාර්තා හය එක්කර තනි වාර්තාවක් සකස් කිරීමේ හැකියාව තිබෙන බව ඔහු පැහැදිලි කළේය.නමුත් මෙයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ඇමැතිවරුන්ගේ විරෝධය පල විය.එවැන්නක් සිදුකළහොත්, අවසාන වාර්තාව ඉදිරිපත් කරන්නේ රජය යැයි වැරදි මතයක් ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දුන්නෝය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපති සිරිසේන බි‍්‍රතාන්‍යය අගමැතිනී තෙරේසා මේ, එරට ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් හා පැවැත්වූ සාකච්ඡුාවක් ගෙනහැර දැක්වූයේය.ඉරාකය නියෝජනය කරමින් අදහස් දක්වන ඇතැම් නීතිඥයෝ, ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය ඉරාකයේ මෙහෙයුම් දියත් කර සිටි සමයේ සිදුවූ බව කියන යුද අපරාධ වලින් තමන් පීඩාවට පත්වූයේයැයි චෝදනා නගමින් සිටින බවත්, ඉරාකයේ නීති පද්දතිය අවභාවිතා කරමින් නැගෙන මෙවැනි චෝදනා වලට නොරැුවටෙන ලෙසත්, ඇය හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබින.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකාශිත ගාර්ඩියන් පුවත්පතේ වන ලිපියකින් මෙය තවත් පැහැදිලි කරගත හැකිය.

‘‘ මෙම චෝදනා නැගෙන්නේ බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ සිදුකළේ යැයි චෝදනා නැගෙන මිනීමැරුම්, පීඩා කිරීම්, වදහිංසා පැමිණවීම් ආදිය පිළිබදව විමර්ෂණය කිරීමට පත්කර ඇති ඉරාක් හෝලිස්ටික් ඇලිගේෂන්ස් ටීම් (අයිහැට්* කණ්ඩායමෙන්ය.මෙම කණ්ඩායමට එරෙහිව දැනටමත් ප‍්‍රබල විවේචනයන් එල්ල වෙමින් පවතී.හිටපු හමුදා නිලධාරීන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අයිහැට්හි පදනම් විරහිත චෝදනා හමුවේ තමන්ට අධිකරණය ඉදිරියට පවා යෑමට සිදුවූ බවය....ඩවුනින්ග් වීදියෙන් ප‍්‍රකාශයට පත්ව ඇති නිවේදනයක, බි‍්‍රතාන්‍යය අගමැතිනිය එරට ආරක්ෂක අංශ ගැන මහත් ගෞරවපෙරදැරිව අදහස් දක්වා ඇති අතර, ජාතික ආරක්ෂා කිරීමට ඔවුන් ලබාදෙන මෙහෙය සම්බන්ධයෙන් ප‍්‍රශංසාවද පලකර ඇත.නීති පද්දතිය අවභාවිතා කිරීමෙන් ආරක්ෂා කරගැනීමට හැකි සෑම පියවරක්ම ගතයුතුව තිබෙන බව අවධාරණය කරන ඇය, පදනමක් නොමැති චෝදනා වල වගඋත්තරකරුවන් වීමෙන් බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ ආරක්ෂා කරගැනීමට තමන් කැපවී සිටින බව පවසයි.‘‘

බි‍්‍රතාන්‍යය මුහුණදෙමින් සිටින තත්ත්වය හා ශී‍්‍ර ලංකාව මුහුණදී සිටින තත්ත්වය සමාන්තර තලයන්හි තබා අදහස් දැක්වූ ජනපති සිරිසේන, එක්සත් ජාතීන් යුද අපරාධ චෝදනා විමර්ෂණයක යෙදෙන්නේ නම් ඒ සදහා එක් කි‍්‍රයාමාර්ගයක් භාවිතයට ගතයුතුව තිබෙන බවත්, විවිධ රටවලින් විවිධ කි‍්‍රයාමාර්ගයන් එම කටයුතු සදහා යොදාගැනීමෙන් වැළකිය යුතුව තිබෙන බවත්, පැවසුවේය.එවන් එක් කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීමේ සහ එක් ප‍්‍රතිපත්තියක් මත පිහිටා වැඩකටයුතු කිරීමේ වැදගත් කම ගැන තමා සියලූම ලෝක නායකයින්ට දන්වා යවන බවද ජනපතිවරයා කීවේය.තෙරේසා මේ ගේ ආදර්ශය අනුව කටයුතු කිරීමට ඇති හැකියාවද ඔහු යෝජනා කළේය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට හැකිවූ ආකාරයට මෙසේ අදහස් දක්වමින් සිටිනාතුර විදේශ ඇමැති සමරවීර වෙත හැරී තිබෙන ජනපති සිරිසේන, තමා පවසන දේ හොදින් සිතට ගන්නා ලෙස ඔහුට කියා ඇත.ආරක්ෂක අංශ, පොලිසිය, හා ජනතාව ඉතා වෙහෙසව දිනාගත් සාමයට හානි පමුනුවන කිසිදු දෙයක් නොකළ යුතු බව ඔහු දැඩිව අවධාරණය කළේය.ජනපතිවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත විදේශීය හෝ දේශීය විනිසුරුවරුන් යැයි වෙනසක් නොමැතිව, ඔවුන් මාර්ගයෙන් සිදුවන යුද අපරාධ විමර්ෂණයක් කෙරෙහි ඔහුගේ තිබෙන අප‍්‍රසාදයයි.

 

ජනපතිවරයාගේ වඩාත්ම චෝදනා එල්ල කළේ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමටය.හිටපු ඇමැති ඒ.එම්.එම්.ෆවුසි මහතාට එරෙහිව රාජ්‍ය වාහන අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කර තිබෙන බව පැවසූ ජනපතිවරයා, නමුත් එම චෝදනා ගොනු කර තිබෙන්නේ, රාජ්‍ය වාහන භාවිතා කිරීමට අවසරය ලබාදෙමින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබියදී බව කීවේය.හිටපු සිවිල් ගුවන්සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ෂණයක් ගැන අදහස් හුවමාරු කරගත් ඔහු, එම විමර්ෂණය පැවැත්වෙන්නේ ජයරත්න, ඔහුගේ දියණියට රැුකියාවක් ලබාදීම අරබයා බව පැවසුවේය.

 

‘‘කවුද තමන්ගේ දරුවාට රැුකියාවක් ලබා නොදී ඉන්නේ?‘‘ ජනපති සිරිසේන විමසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, යන ආයතනයන් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කිරීමක් නොකරන බව ඔහු පැවසුවේය.නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ආයතනයන් පවසන්නේ එවැනි දැනුම්වත් කිරීමක් සිදුකළ යුතුයැයි නියමයක් නොමැති බවයි.එමෙන්ම එවැන්නක් සිදුකළහොත් ඇතැම් විමර්ෂණයන් සිදුනොකරන ලෙස දන්වා එල්ල කළ හැකි අනවශ්‍ය පීඩනයන්ට ලක්වීමට තමන්ට සිදුවන බව එම ආයතනයන් කියයි.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම ගතහොත්, කිසිදු දේශපාලන නායකයකු වෙත එහි ප‍්‍රගතිය වාර්තා කළ යුතුවීමේ නීතිමය බැදීමක් එයට නැත.

 

අඟහරුවාදා ඇමැතිවරුන් කණ්ඩායම සමග පැවැති හමුවෙන් පසු බදාදා, ජනපති සිරිසේන ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වූයේය.

 

පසුගිය වසරේ හිටපු හමුදා නිලධාරීන් විමර්ෂණ කටයුතු සදහා කැදවූ අවස්ථාවේ ඊට විරෝධය පලකළ තමා, මේ අවස්ථාවේදී ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනා, අධිකරණය හමුවට කැදවීම ගැන විරෝධය දක්වන බව ඔහු පැවසුවේය.ආරක්ෂක අංශ නිලධාරීන් යනු රටට සාමය උදාකර දීමට දිවිහිමියෙන් කැපවී සේවය කළ පුද්ගලයින් බව ජනපතිවරයා කීවේය.

 

මෙරට ස්වාධීන කොමිසම් පිහිටුවීම පසුපස අරමුණු තිබෙන බවත්, එහ කොමිසම් පිහිටුවීම සිදුව ඇත්තේ ප‍්‍රතිපත්තියක් යටතේ බවත් ඔහු පැවසුවේය.ස්වාධීන කොමිසම් සභා වල සේවය කරන්නවුන්, ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, ආරක්ෂක අංශ වල පරිපාලන කටයුතු මෙන්ම කලමණාකරන කටයුතු සම්බන්ධයෙන්, මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ බව ජනපති සිරිසේන කීවේය.එවැනි දේ නොදන්නා ඇතැමුන් කොහේ හෝ මුල්ලකින් පැමිණ වැරදි ආකාරයට හැසිරෙන බව පැවසූ ඔහු රටේ ජනපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට ඇදගෙන යාම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පලකරන බව කීවේය.

 

ආරක්ෂක අමාත්‍යංශය සහ ඇවන්ගාඞ් සමාගම සම්බන්ධ විමර්ෂණයක් පැවැත්වෙන්නේ නම් පිළිපැදිය යුතු පිළිවෙත් හා අනුගමනය කළ යුතු පියවර තිබෙන ජනපති සිරිසේන අවධාරණය කළේය.මෙවැනි විමර්ෂණයක ප‍්‍රගතිය සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයා වන තමාව දැනුම්වත් කිරීම අදාළ ස්වාධීන කොමිසම් සභාවල ප‍්‍රධානීන්ගේ වගකීම බව ඔහු පැවසුවේය.

 

‘‘ කාටහරි කියන්න පුලූවන් ස්වාධීන කොමිසන් සභාවලට එහෙම කිරීමේ අවශ්‍යතාවක් නැතිය කියා.නමුත් හැම කොමිසමකම සිටිනවා ව්‍යවස්ථා කවුන්සිලයෙන් පත්කරපු සාමාජිකයන්.ව්‍යවස්ථාව යටතේ හැම කොමිසමකම ලේකම්වරයෙක් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත්වෙලා සිටිනවා.මේ ලේකම්වරු පත්කරන්නේ ජනපතිවරයා.කොමිසම් වලට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථා කවුන්සිලය සමන්විත වෙන්නේ පාර්ලිමෙන්තුවෙන් තෝරා පත්කරන සාමාජිකයන්ගෙන්.එම නිසා විශේෂයෙන් අවධානය යොමුවිය යුතු කරුණු සම්බන්ධයෙන් මේ ආයතනවල ලේකම්වරුන් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සැළකිලිමත් විය යුතුයි.‘‘

 

‘‘අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීම මුල් කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් පිරිසක් සිටිනවා.හිටපු ජනපතිවරයාත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.‘‘

 

‘‘මම රටේ ජනපති ලෙස පත්වුනේ අධිකරණ වලට දුරකතන ඇමතුම් දෙන්න නොවේ.ආරක්ෂක අංශ අඩපණ කිරීමේ කිසිම දෙයක් මා කරන්නේ නැහැ.එවැන්නක් සිදුවීමට මා ඉඩදෙන්නෙත් නැහැ.‘‘

 

‘‘ ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීමේ සහ අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමේ ඇතැම් සිදුවීම් කිහිපයක් තිබෙනවා.බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් පසුගිය මාස 10 පුරාවට අත්අඩංගුවේ පසුවීම එවැන්නක්.මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට මම දැනුම් දීලයි තිබෙන්නේ.ඔවුන් මුලින් මට කියා සිටියේ සතියක් ඇතුලත සියල්ල අවසන් කරන බව.පසුව ඒක මාසයක් වුනා.මාසය තුන් මාසයක් වුනා.තුන් මාසය දැන් 16 මාසයක් වෙලා.ඒ නිසා ගැටලූවක් තියෙනවා නම් චෝදනා ගොනු කරන්න.එම චෝදනා සහතික කළ නොහැකි නම්, අත්අඩංගුවට ගෙන සිටින අය නිදහස් කළ යුතුයි.එහෙමත් නැතිනම් ඇප ලබාදී, විමර්ෂණ කටයුතු ඉදිරියටත් සිදුකරන්න.පුද්ගලයින් නිදහස් කිරීම, චෝදනා ගොනු කිරීම, ඇප ලබාදීම, මේ සියල්ල තමයි සදාචාරාත්මක කි‍්‍රයාකාරකම්, මූලික අයිතීන්, මානව හිමිකම්, ඒ වගේම නිදහසේ ලක්ෂණ වන්නේ.‘‘

 

‘‘ මේ දේවල් ගැන මම ඉස්සර ප‍්‍රසිද්ධියේ කතා කළේ නැහැ.නමුත් දැන් මට සිදුව තිබෙනවා ඒ ගැන කතා කරන්න.මම මේ කතාකරනවා වගේම ප‍්‍රසිද්ධියේම අදාළ පියවර ගන්නත් කටයුතු කරනවා.මම අගමැතිවරයා සහ ඇමැතිවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුවා.එහිදී මම පැහැදිලිව කියා සිටියා අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, දේශපාලන න්‍යාය පත‍්‍රයක් යටතේ වැඩකරනවා නම් මම වහාම එම ආයතනයන්ට එරෙහිව පියවර ගන්නවාය කියා.මේ ආයතන වලට එහෙම වැඩ කරන්න බැහැ.නීතිය සැමට සමාන විය යුතුයි.මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සැමට සමාන විය යුතුයි.කිසියම් පුද්ගලයකු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිනවානම්, ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සුරක්ෂිත විය යුතුමයි.‘‘

 

ජනපතිවරයාගේ මේ අදහස් දැක්වීම හමුවේ ශී‍්‍ර ලංකා ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප‍්‍රජාවද පුදුමයට පත්විය.කොළඹ විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයෝ ජනපති සිරිසේනගේ අදහස් ඔවුන්ගේ මව් රටවල් හා හුවමාරු කරගත්හ.ජනතිවරයාගේ අදහස් දැක්වීමෙන් ඔහුගේ ප‍්‍රතිපත්ති වල වෙනසක් සිදුව ඇතැයි පෙනෙන බව ඇතැමුන්ගේ මතය විය.මෙම ඇතැම් මත මාධ්‍ය හමු වලදී ප‍්‍රකාශයට පත්විය.මේ අතර තවත් පුද්ගලයෝ ජනපතිවරයාගේ ප‍්‍රකාශය තවත් දුරට ගෙනයමින්, රජයේ බිඳ වැටීම ආරම්භව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ ආගමනයක් සිදුවනු ඇතැයිද කීහ.

 

දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින වෙබ් අඩවි ජනපති සිරිසේන අන්තවාදියකු ලෙස හඳුන්වාදුන්නේය.සිරිසේන හිතවාදී වෙබ් අඩවි බොහෝමයක් ඔහුව හෙළා දකිමින් පුවත් පල කළහ.ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, විපක්ෂය එදා සිටම කියමින් සිටියේ මෙය බව පැවසුවේය.වංචා හා දුූෂණ සම්බන්ධව පැවැත්වෙන විමර්ෂණයන් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව කි‍්‍රයාත්මක වන බව ජනපති සිරිසේනගේ ප‍්‍රකාශයෙන් දැන් මොනවට පැහැදිලි වන බව ඔහු කීවේය.මෙම චෝදනාවට අගමැති වික‍්‍රමසිංහ පිළිතුරු දිය යුතු බවද වීරවංශ පැවසුවේය.ඇතැම් ජාතික පුවත්පත් වල කතුවැකි ජනපතිවරයාට පක්ෂපාතී අයුරින් ලියැවී තිබූ අතර, හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීම අරබයා ජනපතිවරයාව ඉහළින් වර්ණනා කර තිබින.රජයේ වංචා හා දුූෂණ මර්දන වැඩපිළිවෙල වෙනුවෙන් ආරම්භයේ සිටම සහය ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණ, ජනපතිවරයාගේ ප‍්‍රකාශය හෙළා දකිමින් අදහස් පල කළේය.එම පක්ෂයේ නිවේදනයක සදහන් වූයේ ජනපතිවරයාගේ ප‍්‍රකාශය හමුවේ විමර්ෂණ ආයතනයන්ගේ සේවය කරන නිලධාරීන් අධෛර්යමත් වනු ඇති බවය.විමර්ෂණ කටයුතු වල නිතරව සිටින නිලධරයෝ පවසා සිටියේ වංචා හා දුූෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙලින් කුමක් දිනාගත යුතුදැයි තීරණය කළ යුත්තේ රජයම බවය.

 

මේ නාටකයෙන් රටේ අවධානය වෙනතකට යොමුවූයේ පාර්ලිමෙන්තු ප‍්‍රතිසංස්කරණ සහ මාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා දිවයිනේ සියලූ මාධ්‍ය ආයතන වෙත යොමුකළ උපදෙස් මාලාවකි.එහි සංක්ෂිප්තයක් අප පාඨකයිගේ දැනගැන්ම සදහා පලකර ඇත.

 

බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නීතියා හා සාමය පිළිබද ඇමැති සාගල රත්නායක මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් හමුවිය.ඇමැතිවරයා හා පොලිස් නිලධාරීන් අතර සතිපතා පැවැත්වෙන සාකච්ඡුාවට දින නියමවී තිබුනේ එදිනටය.එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප‍්‍රධානී රවී විද්‍යාලංකාර මහතා අමතමින් ඇමැතිවරයා කියා සිටියේ පසුබට නොවී දිගටම විමර්ෂණ කටයුතු කි‍්‍රයාත්මක කරන ලෙසය.වර්තමාන දේශපාලන ප‍්‍රවණතා හමුවේ ඇතිවෙමින් පවතින ගැටලූ, ඉක්මනින්ම විසදෙනු ඇති බවද ඔහු පැවසුවේය.

 

රත්නායක පොලිසිය අස්වසමින් සිටියදීම, ජනපතිවරයා හා අගමැතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පැවතින.බ‍්‍රහස්පතින්දා රැුයේ දෙදෙන කොල්ලූපිටිය වාළුකාරාමෙයේදී හමුවූ අවස්ථාවේ, නිහඩතාවය බිදිමින්, ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය ගැන විමසා ඇත්තේ අගමැති වික‍්‍රමසිංහය.මෙවැනි පැනයක් තමාගෙන් අසනු ඇතැයි නිසැකවම ජනපතිවරයා දැන සිටින්නට ඇත.තමා පැවසූ දෙය මාධ්‍ය මගින් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි ඔහු පැවසුවේ ඒ නිසාය.

 

පසුව දෙදෙන පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස්නයේදී හමුවූහ.මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක යන ඇමැතිවරුද, කම්කරු සහ වෘත්තිය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතාද, අගමැතිවරයා සමග පැමිණ සිටියහ.

 

මෙම හමුවේදී අගහරුවාදා දිනයේ තමන් කී දේ වෙනුවෙන් පෙනී සිටි ජනපති සිරිසේන, ෆවුසි සහ ජයරත්න යන හිටපු ඇමැතිවරුන්ට අසාධාරණයක් සිදුව තිබෙන බව පැවසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම සම්බන්ධව ඔහු අගහරුවාදා දිනටත් වඩා විවේචනාත්මකව අදහස් පලකළේය.තමා බදාදා දිනයේ කළ සම්පූර්ණ කතාව ගැන කිසිවකුගේවත් අවධානය යොමුව නැති බවත්, මාධ්‍ය අවධානය යොමුකර ඇත්තේ එහි ඇතැම් කොටස් වලට පමණක් බවත් ඔහු කීවේය.පැමිණ සිටි ඇමැතිවරයකු ඇමතූ ඔහු, එදා සම්පූර්ණ කතාව අසා සිටියේදැයි විමසුවේය.නැතැයි පිළිතුරු ලැබුනි.තමා එදින කතාව අවසන් කළේ මෙම රජය පෙරළීමට කිසිදු පුද්ගලයකුට අවස්ථාව ලබා නොදෙන බව සහතික කරමින් යැයි ජනපති සිරිසේන එවිට කීවේය.

 

‘‘ඇයි ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ?‘‘ ඔහු විමසුවේය.තමා පලකළ අදහස් වලට කිසිදු අවස්ථාවකදී අගමැතිවරයාව ගාවා නොගත් බව ජනපති සිරිසේන පැවසුවේය.තමා ඉතාම ප‍්‍රවේසම් වූ බව ඔහු කීවේය.

 

එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් දෙදෙනක් අමනාපයෙන් මෙන් අදහස් දක්වමින්, ප‍්‍රශ්න වැලක් ජනපතිවරයාට යොමු කළහ.නමුත් අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම පිළිබද තමා පලකළ අදහස් අරබයා පසුතැවීමක් ජනපති සිරිසේනට නොතිබින.එහි අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට සැරසෙන බව දැනගැනීමට ඇතත්, එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගයක් පවසා සිටියේ එවැන්නක් සිදුනොවනු ඇති බවය.තවදුරටත් තනතුරේ රැුදී සිටීමට ඇයගේ සිත වෙනස් කරනු වස් විවිධ කි‍්‍රයාමාර්ගයන් දැනටමත් ගෙන ඇත.නමුත් ජනපති සිරිසේනට සමිීප ආරංචි මාර්ග පවසන්නේ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම සම්බන්ධයෙන් පවතින අදහස වෙනස් කරගැනීමට ඔහුගේ කිසිදු සූදානමක් නොමැති බවය.කොමිසමේ ප‍්‍රධානී විනිසුරු ටී.බී.විජේසූරිය මහතාද එම ධූරයෙන් ඉවත්වනු ඇතැයි අපේක්ෂිතය.

 

දැනට කි‍්‍රයාත්මක විමර්ෂණ කඩිනම් කිරීමටත්, වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් තමා කටයුතු කරන බව ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හමුවේ පැවසුවේය.දිගින් දිගටම සාකච්ඡුාව ඇදී ගියද, අවසානය වන විට තීරණයකට එළැඹිීගත නොහැකිව ඉතිරිවූ කරුණු රැුසක් තිබුනු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට හැකිවිය.පොලිසිය සම්බන්ධ කරුණුද ඒ අතර තිබී ඇත.බ‍්‍රහස්පතින්දා මෙම හමුව පැවැත්වෙන අතරවාරයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් නිලධාරීන් සිටියේ අවදියෙන්ය.මත්කුඩු මර්දන වැඩපිළිවෙලක් දියත් කරනු වස් සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද කටයුතු කර තිබින.මේ සම්බන්ධයෙන්ද බ‍්‍රහස්පතින්දා පැය හතරකට ආසන්න කාලයක් පැවැත්වුන හමුවේදී ද සාකච්ඡුා කැරින.

 

ජනපතිවරණයේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ සිවිල් සමාජ කණ්ඩායම්ද ජනපතිවරයාගේ ප‍්‍රකාශය හමුවේ සිටියේ අසතුටිනි.සිකුරාදා තමන් හමුවට පැමිණෙන ලෙස ජනපතිවරයා කළ ආරාධනයක් බැහැර කළ ඔවුන්, ඒ අවස්ථාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසුව, වෙනත් දිනයකදී ජනපතිවරයා හමුවට පැමිණිය හැකි බව දන්වා යැවූහ.එම මාධ්‍ය හමුවේදී විවිධ කණ්ඩායම් දැක්වූ අදහස් වල සංක්ෂිප්තයක් පහත ඇත.

 

පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ කියා සිටියේ ජනපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් සහ තම හිතවතුන්ගෙන් ජනතාව විමසමින් සිටින බවයි.විමල් වීරවංශටද පිළිතුරු දීමට දැන් තමාට සිදුව තිබෙන බව ඔහු පැවසුවේය.ජනපති සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කරමින් ඇතැමුන් අදහස් දක්වන බවත්, ජනපති සිරිසේන බලයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවන බවත් ඔහු කීවේය.අනෙක් පසින් හිටපු ආරක්ෂක ලේකම්වරයකු අධිකරණයට කැදවීම අබයා ජනපතිවරයා පිළිකුලට පත්වන්නේ, අප‍්‍රසාදය පලකරන්නේ ඇයිදැයි ඔහු විමසුවේය.අධිකරණය හමුවට කැදවුනු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනද සේවය කරමින් සිටියේ පෞද්ගලික ආයතනයක බව ඔහු පැවසුවේය.

 

ස්වාධීන කොමිසම් ගැන අභිමානයෙන් එදා කතා කළද, අද ජනපතිවරයා චෝදනා නගන්නේ එම ආයතනයන් ඔහුව දැනුම්වත් නොකරන බව පවසමින් බව වියන්ගොඩ කීවේය.මුලින් දැනුම්වත් කිරීමක් සිදුවිය යුතු බවට ජනපතිවරයා විශ්වාස කරන්නේ නම් එය 19 වැනි සංශෝධනයෙන් විසඳා ගත යුතුව තිබුනු බව පැවසූ වියන්ගොඩ, සිවිල් සමාජ සංවිධාන වශයෙන් රජය හරි මග ගෙනයාමට අවැසි සියල්ල කරන බව කීවේය.

 

සමාජ සාධාරණත්වය වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාරය සරත් විජේසූරිය මහතා අදහස් දක්වමින් ජනපතිවරණයේදී ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ වංචනිකයින්ට හා දුූෂිතයින්ට නිසි දඩුවම් ලබාදීම බව පැවසුවේය.ජනපතිවරයා බලයට පත්වූ වහාම ඔහු හමුවට ගිය එක්තරා ඇමැතිවරයකු රාජපක්ෂ පවුලේ ආරක්ෂාව ගැන සහතිකයක් ඔහුගෙන් ඉල්ලා සිටි ආකාරය විජේසූරිය සිහිපත් කළේය.තවත් ඇමැතිවරයකු ඔහු සිටින තාක් කල් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට කිසිදු අනතුරක් සිදුනොවන බව ප‍්‍රකාශ කර ඇතැයිද ඔහු පැවසුවේය.විමර්ෂණ ආයතනයන්හි නිලධාරීන් ඉටුකරන මෙහෙය අගය කළ නොහැකි බව කියා සිටි විජේසූරිය, බොහෝමයක් විමර්ෂණ කටයුතු අවසාන වන්නට නියමිත බව පැවසුවේය.නමුත් එක්තරා බුද්ධි අංශ නිලධාරියකු විමර්ෂණ කටයුතු අවසාන කිරීමට ඉඩනොදී බලහත්කාරයෙන් රදවාගෙන සිටින්නේයැයි ඔහු හෙළි කළේය.

 

විමර්ෂණ කටයුතු පමා වන්නේ යැයි මැසිවිලි නගන ජනපතිවරයාටම, එම විමර්ෂණ කටයුතු ඉක්මන් කිරීමේ හැකියාව ඇති බව විජේසූරිය පැවසුවේය.ෆවුසි ඇමැතිවරයාට නැගී ඇති රාජ්‍ය වාහන අවභාවිතා කිරීමේ චෝදනාව ගැන පැහැදිලි කළ ඔහු, එසේ අවභාවිතා කර ඇතැයි චෝදනා නැගී ඇත්තේ ඩෙන්මාර්කයේ පරිත්‍යාගයක් ලෙස ලැබී තිබෙන සුනාමි අනතුරු ඇගවීමේ පද්දතියක් සවිකළ වාහනයක් අරබයා බව පැවසුවේය.වංචා හා දුූෂණ වල යෙදී ඇති පුද්ගලයින් ආරක්ෂා නොකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද, එක්ව වැඩ කරන ලෙස ජනපතිවරයා සහ අගමැතිවරයා දෙදෙනගෙන්ම ඉල්ලා සිටින බවද, විජේසූරිය කීවේය.

 

ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය හමුවේ ඇතිවූ නොසන්සුන්තාවය තවමත් පහව ගොස් නොමැත.අධිකරණයට, පොලිසියේ විමර්ෂණ ඒකකයන්ට, ඔහු එල්ල කළේ ප‍්‍රබල පහරකි.සිදුකළ යුතුව තිබුනේ ඔහු අගහරුවාදා පැවැත්වූවා හා සමාන හමුවක්, පොලිසියේ සහ අධිකරණයේ ප‍්‍රධානීන් සමග පැවැත්වීමය.නමුත් එවැන්නක් සිදුනොවින.ඒ වෙනුවෙට ජනතාවට ලැබුනේ මාධ්‍ය කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකි.

 

අද, ජනපතිවරයා හෝ අගමැතිවරයා හෝ දිවයිනේ නැත.ඒ හමුවේ ඔවුන්ගේ අදහස් දැනගැනීමට ක‍්‍රමයක්ද නැත.

 

පහත පුවත් වාර්තාකරණයේ යෙදිය යුතු ආකාරය සම්බන්ධයෙන් දිවයිනේ මාධ්‍ය ආයතන වෙත පාර්ලිමෙන්තු සංශෝධන හා මාධ්‍ය අමාත්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා නිකුත් කළ උපදෙස් මාලාවේ සංක්ෂිප්තයකි.

 

උපදෙස් මාලාවේ ආරම්භයේ ඔහු පක්ෂ දෙකක් අතර ඇතිව තිබෙන අවබෝධතාවයකදී, එක් පක්ෂයක් එම අවබෝධතාවය අනුව කටයුතු නොකිරීම අරබයා, ඊට හේතුවූ කරුණු වටහාගෙන, අපක්ෂපාතී, සාධාරණ වාර්තාකරණයක යෙදිය යුතුවීමේ වැදගත්කම පෙන්වාදී ඇත.නමුත් මෙම අවස්ථාවේදී, කුමන පක්ෂය, කුමන අවබෝධතාව කඩකර ඇතිදැයි ඔහු සදහන් කර නොමැත.

 

’‘ ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡුාවක් සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස තමන් යටතට අයත් වන යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු පලකළ අදහස් අරබයා පලවෙමින් තිබෙන මාධ්‍ය වාර්තා හමුවේ කිසියම් තත්ත්වයක් නිර්මානය වෙමින් තිබේ.ඉදිරියේ මාධ්‍ය හමු කිහිපයක්ම පැවැත්වෙන බවටත් දැනටමත් ඇතැම් පාර්ශවයන් නිවේදනය කර ඇත.පළමු කරුණ ලෙස මම ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ මේ සම්බන්ධයෙන් වන පුවත් වාර්තාකරණය ජනපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි නොවන අන්දමින් සිදුකළ යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන්ය.‘‘

 

’‘ මෙවැනි ගැටලූවක් අරබයා පැන නැගිය හැකි අහිතකර තත්ත්වයන් රටේ වත්මන් වාතාවරණය මෙන්ම අනාගතය කෙරෙහිද අයහපත් ලෙස බලපැවැත්විය හැකි නිසා, ඔබ මේ සම්බන්ධයෙන් පිළිපැදිය හැකි ඉහළම වෘත්තිමය සහ විනයමය තත්ත්වයන් අනුගමනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.එය සදහන් කරන අතරම පහත කරුණු වෙත ඔබේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.‘‘

 

’‘ සෑම කි‍්‍රයාවකටම බලයෙන් සමාන වූද කි‍්‍රයාවෙන් ප‍්‍රතිවිරුද්ධ වූද ප‍්‍රතිකි‍්‍රයාවක් ඇත, යන විද්‍යා න්‍යාය ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.මෙය සැළකිල්ලට ගනිමින්, ප‍්‍රතිවිපාකයන් ඇතිවීම වළක්වාගනු වස්, ඇතැම් කි‍්‍රයාකාරකම් වල යෙදීමෙන් වැළකීමට කෙනෙකුට හැකියාව ඇත.පිටස්තර පුද්ගලයකු එය දකින ආකාරය සෑම විටම පවත්නා යථාර්ථය නොවේ.‘‘

 

’‘ දැනට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබෙන්නේ ජනපති කළ නිරීක්ෂණයකට අදාළව ඔහු කළකි‍්‍රයාවකට, ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙසය.නමුත් විය යුත්තේ එය නොවේ.ජනපතිගේ කි‍්‍රයාවට හේතුවූ කරුණු අධ්‍යනය කිරීම පළමුකොට සිදුවිය යුතුය.ඒ අනුව හරවත්, වැදගත්, සංවාදයක් ඇති කිරීම අනතුරුව සිදුවිය යුතුය.එසේ නොමැති නම් ප‍්‍රතිඵලය භයානක වනු ඇත.‘‘

 

’‘ පටු පැහැදිලි කිරීම් වලට සීමා වන අවස්ථා මගහැරීම වැදගත්ය.ජනපතිවරයා ප‍්‍රකාශ කළ වචන කිහිපයක් මුල් කරගෙන, මෙවැනි අනවශ්‍ය කියැවීමක් ඇති කිරීම අවාසනාවන්ත තත්ත්වයකි.ගෙවුනු වසර එක හමාරක පමණ කාලයේ, ජනපතිගේ දැක්ම හා අදහස් ශී‍්‍ර ලංකාවේ මෙන්ම අන්තර්ජාතිකවද පිළිගැනින.නමුත් මාධ්‍ය මගින් කෙරෙන පටු පැහැදිලි කිරීම් වලින්, දිනාගත් දේ අහිමි වීමේ අවදානමක් ඇත.‘‘

 



අදහස් (0)

‘ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ‘

ධම්ම Sunday, 16 October 2016 02:06 PM

නියමිත කාලයේදී ආණ්ඩුව පෙරලන්න අපට පුළුවන්. අප හොඳින් තියාගෙන හිටියොත් ඔබේ කාලය දික්කරන්නත් අපට පුළුවන්.(අ)

:       0       0

අමා Sunday, 16 October 2016 02:34 PM

කොයිතරම් ආරක්ෂකයන් හිටියත් පෑනෙන් ආරක්ෂා වෙන්න බෑ මහත්තයෝ .(බ)

:       0       0

බමුණු Sunday, 16 October 2016 02:42 PM

මහින්ද මහතාත් ඔහොම හිතුව. (බ)

:       0       0

ඇසළ Sunday, 16 October 2016 02:55 PM

කවුරුත් පෙරලන්නේ නැහැ. ඉබේම පෙරළෙනවා ඒකයි වෙන්නේ. හේතුව ඇතුලේ ඉන්න අයගේ අහේතුව සහ ජනතාවගේ සහේතුව. (බ)

:       0       0

සිල්වි Sunday, 16 October 2016 05:40 PM

කතා වැඩක් නැහැ. වැඩ කරලා පෙන්නන්න. මහින්ද මහතා කරපු දේවල් දේවල් වලින් දශමයක්වත් තාම කරලා නැහැ. (නි)

:       0       0

අතුල Sunday, 16 October 2016 06:18 PM

පවතින ආණ්ඩුව මුල අමතක නොකර ජනවරමට හිස නමා, කම්බා හොරුන් මහා සාපරාධී ක්‍රියා කළ අයට දඬුවම් දෙන්න. පිලිපීනයේ නව ජනාධිපතිගේ පූර්වාදර්ශය ගන්න. අන්න මිනිස්සු. (නි)

:       0       0

විරසේන Sunday, 16 October 2016 11:44 PM

පළාත් පාලන ඡන්දය තියන්න. ආණ්ඩුවට බලයක් නැති බව එදාට පෙනේවි (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 17 October 2016 12:07 AM

රටේ නීතිය හා සාමය හැමෝටම එක විදිහට ගෙනඒමට සිවිල් සංවිධාන රැසක් මහත් වෙහෙසක් ගන්නා බව පේනවා. තවත් සමහරු තවමත් පක්ෂ බදාගෙන තමාගේ සහ තම දරුවන්ගේ අනාගතය රටේ සුළුතරයක් වූ පවුල් කිහිපයකට පාලනය කරන්න උදව් කරනවා. රටේ වියයුත්තේ මහජනයාගේ සුබසිද්ධිය මිස එය පාලනය කරන්නන්ගේ සුබසිද්ධිය නොවේ (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 17 October 2016 02:16 AM

ජනතාවට පුළුවන් (නි)

:       0       0

එරික් සුභාෂ් Sunday, 16 October 2016 12:08 PM

ඔව් ඔව් ආණ්ඩුව වට්ටන්න බැහැ ඕනෑම වුණොත් සිරිසේන කාරයව ගෙදර යවන එක රනිල්ට එතරම් කජ්ජක් නොවේ. සිරිසේන මහතා ගෙනාවෙත් ඒ පරමාර්ත්යෙන්නේ යමු යමු දොරේ තව යමු (අ)

:       0       0

අජිත් Sunday, 16 October 2016 01:36 PM

මේක යහ පාලනය නොවේ ! හොරාගේ අම්මව හම්බ වෙන්න කියල නොවිද මේ කියන්නේ ?ජනාධිපතිට තියෙන්නේ ආණ්ඩුවේ නායකයට රට පාලනය කිරීමට ඉඩ දීම මිසක ඇගිලි ගැසීම නොවේ ? වගකීම තේරුම නොදැන ගත්තම ඔහොම වෙනවා . ලෝකේ හිනස්සන වැඩ මේවා .? ගෙදර ප්‍රශ්න ගෙදර විසඳ ගත යුතු වෙනවා .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 225 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1069 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2862 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 337 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site