IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ගන්නවා

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ඔවුන්ගේ සේවයට වැඩි වටිනාකමක් ලබා දෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් 24%කින්  සහ අවම වැටුප රු. 57500ක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවයත් මධ්‍යම පන්තියත් ආණ්ඩුවේ බදු මර උගුලට යටවී ඇති නිසා 6% සිට 36% දක්වා වු බදු සූත්‍රය 1% සිට 24% දක්වා පහළ හෙළන බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 30 වැනි විජයග්‍රාහී ජන රැළිය මුලතිව් නගරයේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

එමෙන්ම විශ්‍රාම වැටුප් නිවැරදි කිරීමටත්  වැඩිහිටියන්ගේ ඉතුරු කිරීම් සඳහා 15% පොලියත් ලබා දෙන බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

ආරක්ෂක අංශ සඳහා දිමනා සහ උසස්වීම් ආදිය නිවැරදිව ලබා දෙන බවත් පොලිසිය සදහා වත්මන් රජය මාස 3ක කාලයක් සඳහා ලබා දුන් බටා එක ඉදිරියේ දී දිගටම ලබා දෙන බවත්  ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයේ සිට සක්වල හා හුස්ම හරහා රු. බිලියනයක වැඩ රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ බවත් ඒ ආකාරයෙන්ම  අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සුහුරු කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය.

තමා කරන දේ කියන මෙන්ම කියන දේ කරන පුද්ගලයකු නිසා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු සියලු කරුණු මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන බවත් ඔහු කීවේය.

කාන්තා ගෘහ මූලික පවුල් ඒකකවලට විශේෂ ජීවනෝපාය වැඩසටහන් මෙන්ම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ආර්ථික දියුණුවේ කොටස්කරුවන් කිරීමට දැවැන්ත වැඩසටහනක් දියත් කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය නතර කළ නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවත් ඉඩම් නොමැති නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ගම්උදා යුගය නැවත වරක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බොහෝ පළාත්වල ඉඩම් ගැටලු ඇති බවත් ඉඩම් නොමැති ඉඩම් අහිමි වූ මෙන්ම ඔප්පු නැති ජනතාව සිටින බවත් මේ සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර ඉඩම් ඇති අයිතිය ලබා දෙන බවත්  ප්‍රේමදාස මහතා කීවේය.

මෙවර ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා පවා රට ගොඩනගන සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් රටේ ජනාධිපති සිදු කළ යුත්තේ සැලසුම් ඉදිරිපත් කිරීම නොව වැඩ කිරීම බවත් ඔහු සඳහන් කළේය.

වත්මන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තම ධුර කාලය තුළ කිසිදු කර්මාන්තශාලාවක් ඇති නොකළ බවත් සමහර බලය ඉල්ලන විකල්ප අයට පුරුදු කර්මාන්තශාලා ඇති කිරීම නොව ඒවා පුච්චා දැමීම බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ජාත්‍යන්තර ආධාරක සමුළුව හරහා මෙම ව්‍යාපෘතිවලට විදේශ ආධාර ගෙන වැඩිම විදේශ ආධාර ප්‍රමාණයක් අප රටට ලබා ගත් යුගය බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ධීවර කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බවත් වරායවල්, නැංගුරම් පොළවල් විදේශ ආධාර කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කලේය.

ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ශක්තිමත් කරනවා සේම පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය හරහා ධීවර කර්මාන්තය ඉහළටම සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සූර්ය බලය මෙන්ම සුනිත්‍ය බල ශක්ති ක්‍රමවේද ඇති කර තිරසර බලශක්තියට මුල් තැන ලබා දී රැකියා ප්‍රවර්ධනය කරන බවත් ඔහු සඳහන් කලේය.

ආර්ථික සංවර්ධනය උදෙසා මංකුලම් ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා සේම ගෘහ ආර්ථිකය පවා වැඩිදියුණු කරන බවත් රැකියා විරහිත තරුණයන් වෙනුවෙන් කර්මාන්ත ශාලා ඇති කර සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය ද දියුණු කරන බවත් වනජීවී ප්‍රදේශ සම්පත් බවට පත් කර වනජීවී කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය නව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර සංචාරක නගර බිහි කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

දූෂණ විරෝධී වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටෙන් සොරා ගත් සියලු දේපල මුදල් නැවත වරක් රටට ලබා ගන්නා බවත් සෘජු විදේශ ආයෝජන රටට ලබා ගැනීමට විදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පහසු ක්‍රමවේද ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (5)

ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ගන්නවා

Nandasena Monday, 02 September 2024 04:53 PM

අපි කොණ්ඩය බැඳපු චීන්නු නොවෙයි මහත්තයෝ ඈත අතීතයේ සිටම පාලකයෝ රටවල් පාලනය හා සංවර්ධනය කලේ ජනතාවගේ බදු මුදලින් මිස රජ්ජුරුවන්ගේ පුද්ගලික බූදලයෙන් නොවෙයි කියලා පොතපතේ සඳහන් වෙනවා... රජුනි බොරුබස් කීම නරකයා කියලා තමයි ඔබ ඉවසීමක් නැතුව එජාපය කඩා දැම්ම නිසා එජාපයත් ඉවරයි. සජිතුත් පරාදයි සදාකාලිකව මාලිමාව ජයග්‍රහණය කරාවි ඒක වයිමාටවත් නවතන්න බැහැ...

:       0       0

සෙනෙවිරත්න Monday, 02 September 2024 05:27 PM

මොනවා කිව්වත් රාජ්‍ය සේවක ඡන්ද තමුන්නැහැට නැහැ...!

:       0       0

වික්‍රම විදුර Monday, 02 September 2024 08:29 PM

මෙයාගේ මර උගුල උස නම් සිකුරිටි.... මිටි නම් කම්කරු.. මෙයාට ඡන්දෙ දෙන අයට මානසික ආබාධ...

:       0       0

chandima Monday, 02 September 2024 09:03 PM

සමහරවිට නන්ගිට කියලා හොර සල්ලි අච්චු ගස්සවලා වෙන්න ඇති මේ දේවල් කරන්න යන්නේ...?

:       0       0

තර්ස්ත මාෂල් Tuesday, 03 September 2024 07:47 AM

ඔක්කොම දෙනවා කියන්නේ ගෙදරින් ගෙනල්ලා වෙන්න ඇති . ඇත්තටම අර කතාව ගැලපෙනවා මොන පුතානෝ ද කියලද වැටුනේ . කොහොම හරි ඡන්දෙ ගන්නයි හදන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 244 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5358 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 878 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4271 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3847 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2498 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16902 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site