IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ආණ්ඩුව බලයට ගෙනාවේ සුළු පක්ෂ : 20 අසාධාරණයි‘ - රවුෆ් හකීම්

‘වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා ඉන්නෙ සුළු පක්‍ෂ නිසා නමුත් දැන් 20 වැනි සංශෝධනයත් එක්ක සුළු පක්‍ෂ මෙන්ම නියෝජිතයින් නොසලකා හැරෙනවා. අපි මේකට විරුද්ධයි ඉදිරියේදී ඉතා ඉක්මනින් සුළු පක්‍ෂ සියල්ලම එකතු වී අපේ විරෝධය ජනපතිට දැනුම් දෙනවා‘ යැයි අමාත්‍ය රවුෆ් හකීම් අඟහරුවාදා (22) යාපනයේදී කීවේය.

‘අපි ආසියානු සංවර්ධන බැංකුවත් සමග සාකච්ඡා කරලා තවත් කුඹුරු අක්කර 40,000 ක් වගා කරන්න පුළුවන් විදිහට ඉරණමඩු ජලාශය පුළුල් කරන්න මුදල් ලබාගන්න පියවර අරන් තියෙන්නේ. කොහොම වුණත් අපි අවුරුදු 2 කින් ජලය යාපනයට අරන් යනවා‘ යැයි ජාතික ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයේ උතුරු ප‍්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මනත‍්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ඊ.සර්වනබවන් යන අයද ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයේ උතුරු පළාත් නිලධාරීහුද එක්ව සිටියහ.

01 03 05



අදහස් (0)

‘ආණ්ඩුව බලයට ගෙනාවේ සුළු පක්ෂ : 20 අසාධාරණයි‘ - රවුෆ් හකීම්

ප්‍රසන්න Tuesday, 23 June 2015 05:40 AM

පවු අනේ සුළු පක්ෂ! (ස)

:       0       0

ජානක Tuesday, 23 June 2015 12:10 PM

20 ගේන්ට. (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 12:13 PM

මහින්ද මැතිතුමාගේ කාලේ මේ අය හ්ම්ම් කියලවත් සද්දයක් දැම්මේ නැහැ, යහපාලන ආණ්ඩුවේ වැරදි තමයි මේවා. මහින්ද මැතිතුමාට බනින අය කුහකයෝ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 12:23 PM

විජයබාහු - ජනතාවගේ කැමැත්ත මහින්දටයි. ජනතාව වැරැද්ද තේරුම් අරන් ඉන්නේ දැන්. මීලග මැතිවරණයේදී ලක්ෂ අසූවකට වඩා ඡන්ද අරගෙන මහින්ද උතුමා බලයට පත්වෙනවා. එතකොට හුඟක් අයට (කොටියට) පසුතැවෙන්න වෙයි. (ර)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 05:58 AM

මහින්ද මැතිතුමා හිටියා නම් මේ අය කට අරින එකකුත් නැහැ, රටේ අවාසනාව තමයි. සොක්කෝ ඔක්කොම සිංහල අපිට ගෙම්බර් පාර්ට් දානවා.(නදී)

:       0       0

සරත් Tuesday, 23 June 2015 06:00 AM

මහත්තයෝ, තමන්ගේ ජාතියට විතරක් නැතිව මුළු රටේම ජනතාවට සේවය කරන්න හිත තියෙනවා නම් ඔවැනි හැගීම් අැතිවෙන්නේ නැහැ. මේවා වෙන සිංහල පක්ෂයක් කිව්වා නම් ,අන්තවාදී ,ජාති වාදී මෙකි නොකී හැම එකක්ම කියයි. ඔයිට වැඩිය, රටට සේවය කරපු අය ඉන්නවා (ඒ .සී.එස්. හමීඩ්,බර්කිර් මර්කෙර් වගේ අය) එතුමන්ලා ඔබතුමා වගේ තමන්ගේ අයට විතරක් සැලකුවේ නැහැ. හොයල බලන්න (නදී)

:       0       0

රේණු Tuesday, 23 June 2015 06:03 AM

ඇඩෙනවා තනි ඇහැට (නදී)

:       0       0

කලන Tuesday, 23 June 2015 06:03 AM

මේ අය අපේ ලස්සන රට විනාශ කරන්න ඇවිත් තියෙන්නේ. මෙයාලගේ ඡන්ද බලාගෙන සේරම අය රට උගස් තියනවා. සෝම හාමුදුරුවන්ට පස්සේ කවුරුවත් නැහැ රට ගැන බලන්න. රට විනාස වෙනවා, මේ හරක්ට තේරෙන්නේ නැද්ද.(නදී)

:       0       0

ගමගේ Tuesday, 23 June 2015 12:31 PM

කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් දීමට කැබිනට් මණ්ඩලය විරුද්ධව දීපු තීරණය ගැන එලියට ගිහිල්ල එම තීරණය විවේචනය කරපු හින්ද හකීම් මහත්තයට සාමුහික තීරණ විවේචනය කරපු වරදට කැබිනට් එකෙන් එලියට යන්න වුනා. 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වුනාට පස්සේ එලියට බැහැල විවේචනය කරන්නේ ආයිත් ප්‍රතිරූපය ගොඩනගාගන්න වෙන්න ඇති. (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 06:04 AM

සරත්ගේ කතාව නම් මසුරන් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 06:09 AM

මේ වගේ කතා අහන්න ඕනේ නැත්තම් මීලඟ මැතිවරණයේදී මහින්ද මැතිතුමාව තුනෙන් දෙකක බලයෙන් රටේ නායකත්වයට පත් කල යුතු බව මගේ මතයයි. (ස)

:       0       0

විමුක්ති Tuesday, 23 June 2015 06:39 AM

මම අලුත් පොත් පිංචක් නිකුත් කරන්න හිතන් ඉන්නේ. "පිවිතුරු යහපාලගේ බොඳ වෙන සිහින" කියලා.(ම)

:       0       0

ලාල් Tuesday, 23 June 2015 06:43 AM

ඉමිතායාස් බාකිර් මාකර් මහත්තය ආනන්දෙදි කරපු කථාව ඇහුව නම් හකීම්ට හොඳ පාඩමක් ඉගෙන ගන්න තිබුණා (ම)

:       0       0

නිලාන් - කටාර් සිට Tuesday, 23 June 2015 06:51 AM

හකීම් මහතා හැමදාම කළේ පක්ෂ මාරුකරන එක.1994, 2001, 2004, 2015 වර්ෂ ඔබට මතකද?මේවා බැලුවහම අපිට කියන්න වෙන්නේ රටට හොඳක් වෙනවා දකින්න ඔවුන් අකමැති බවයි. (නි)

:       0       0

සම්පත් වන්නිආරච්ච Tuesday, 23 June 2015 01:49 PM

ඔන්න බළලා මල්ලෙන් එලියට. මෛත්‍රී දිනුවේ සුළු ජාතිකයින්ගේ කේවල් කිරීම් වලට යටත්ව බව හරි පැහැදිලියි නේද?. ඒ ගිවිසුම් එකින් එක දැන් ක්‍රියාත්මකයි. නැගෙනහිරට වෙනම මුස්ලිම් කලාපයක් නුදුරේදීම ඇතිවේවි. උතුරේ හමුදා කඳුවුරු එකින් එක ඉවත් කිරීමත් එහි එක් ප්‍රතිඵලයක්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 07:10 AM

"පිවිතුරු යහපාල"දකින සිහිනය සැබෑවක්ම වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු.අහිංසකයාගේ ආසාවනේ.......! (නි)

:       0       0

නිමාෂා Tuesday, 23 June 2015 07:19 AM

ආණ්ඩුව බලයට ගෙනාවේ සුළු පක්ෂ නෙමෙයි "සමාජ ජාලගත තරුණ කණ්ඩායම යයි" කියලනේ මුල් දවස්වල විග්‍රහය දැම්මේ. ඒ හින්ද හකීම්ගේ කතාව වලංගු වෙන්නේ කොහොමද? (හේ)

:       0       0

ලංකා Tuesday, 23 June 2015 07:21 AM

මහින්ද මැතිතුමාව දැනුයි තේරෙන්නේ . 20 ත් කුණු කුඩේට වගෙයි නේද ? ඔහොම යන්න. සරත් හා කලනට මගේ තුති. (ර)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 07:49 AM

මෙයා මෙයාලා ගැන විතරයි බලන්නේ. අපේ මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි (නි)

:       0       0

පියලාල් Tuesday, 23 June 2015 08:03 AM

දැන් ඉතින් අර නැගෙනහිර වෙනම රාජ්ජේ ඉල්ලා ගත්තම ඕව වැඩක් නැහැනේ. (බ)

:       0       0

යසපාල Tuesday, 23 June 2015 08:04 AM

අපි මේවට ඡන්දෙන්ම උත්තර දෙන්නම් (නි)

:       0       0

උපාලි Tuesday, 23 June 2015 08:03 AM

වැරදි විවේචන කරනකොට සිතියයුතු කරුණු තිබේ. වැඩ කරමින් වැරදි නොකළ නායකයින් සිටීද? නැත. වැඩ කරමින් වැරදිද ඇති නායකයින් ඇද්ද? සිටි. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රේමදාස මහතා හොඳ උදාහරණ වේ. වැඩ නොකර වැරදි නොකළෘ යැයි කියන නාකයකොත් ඇත. වැඩ නොකර වැරදි කළ පාලනයකුත් ඇත.ජනතාව තෝරාගත යුත්තේ කවුද ? (නි)

:       0       0

සිරිමල් Tuesday, 23 June 2015 08:14 AM

පිවිතුරු යහපාල, මැදමුලනේ වලව්වට වැඩකරන්න යන්නකෝ (නි)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 08:20 AM

පිවිතුරු යහපාලට එයාගේ හීනය දකින්න දෙන්න. ඇයි අනිත් අය කලබල වෙලා. පිවිතුරු යහපාලගේ සිහිනය සැබෑ කරනවද නැද්ද කියලා ජනතාව තීරණය කරයි (නි)

:       0       0

රූපා Tuesday, 23 June 2015 08:21 AM

වැඩ නොකරන අය වැඩ කළ අයගේ වැඩ විවේචනය කරයි. වැරදි වුණත් මහින්ද මහතා රට බේරාගෙන රටට කළ හොඳ දෙය අමතක කළ අයට යළි තමන් ගත් තීරණ වැරදි බව මතක්වෙනු ඇත. (නි)

:       0       0

සරත් -සෞදි Tuesday, 23 June 2015 08:30 AM

අනේ පව් වෙන කියන්න දෙයක් නැහැ (බ)

:       0       0

කනිෂ්ක Tuesday, 23 June 2015 08:48 AM

අපි නම් කිව්වා ඉතින් ඡන්දේ දින්නේ බහුතර සුළු ජාතික ඡන්ද වලින් කියලා...කට්ටිය කිව්වා නෑමයි කියල..ඔය දැන් ඒගොල්ලොත් එහෙමම කියන්නේ..(ම)

:       0       0

දුමින්ද Tuesday, 23 June 2015 09:51 AM

ජනපති සිරකරුවෙකු නොවිය යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3140 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2276 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3131 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3031 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 675 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1346 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36072 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24126 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site