(සුජිත් හේවාජුලිගේ )
දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනයද වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමිවී ගොස් ඇතැයි පැවසේ.
මේ හේතුවෙන් යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීමද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි කියති.
සාමාන්‍ය පනතක් සම්මත කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 (සරල බහුතරය) මේ හේතුවෙන් අහිමිව ගොස් ඇත.
මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවීමේ දිනය ලං වෙමින් පවතින හෙයින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡාද ඒ ඒ දේශපාලන පක්ෂ ඉතා ප්‍රබල අදියරකින් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයිද පැවසේ.
මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් මෙම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ ඔවුහු විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත් වන්නෝය.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවෙන්නේ මෙම මස 15 වැනිදාය.
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි ?
Lankabarana Monday, 05 August 2024 05:36 AM
පාර්ලිමේන්තුවේ මැතිවරණය වෙනුවෙන් එක්සත්ව, එක්සිත්ව ඉදිරිපත් වෙලා පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් හැලගෙම්බෝ වගේ එහේට මෙහේට පැනයන දේශපාලුවෝ සියලු දෙනාටම ඊළඟ වතාවේ මහ උලුගෙදර නිත්‍ය වාසස්ථානය කරන්න ඕනෑ... එක් අතකින් අවුරුදු 75 දෙපැත්තම රට කෑවා කියන්නේ... මේ තත්වය නිසා වෙන්න පුළුවන්. රටේ පවතින්නේ ජනාධිපති පාලනය නම් ඒ මැතිවරණය මගින්ම ආණ්ඩුව පිහිටුවා ගන්න ඕනෑ... ඇත්තටම මේ එහෙට මෙහෙට පැනලා රටේ සංවර්ධනය අඩාල කිරීමට කටයුතු කළ කිසිම කෙනෙකුට ඡන්දය නොදීමට ජනතාව පෙලගැසිය යුතුයි...!
SarasiMonday, 05 August 2024 03:36 PM
සහතික ඇත්ත නමුත් එහෙම හිතන්නේ කීදෙනාද? මොන දූෂිත දේ කළත්, ඡන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක් මේක ඉතින් මුදල් හෝ වෙන තනතුරු නිසා ගෙම්බෝ පනිනවා ඒ අය, අමු අමුවේම කියපු දේ නැහැයි කියනවා.. කපපු අත සිඹිනවා. මේ කරන්නේත් එසේ මෙසේ අය නොවේ.. උගත් කියලා හිතා හිටි අයයි. ඉතින් නූගතා ගැන කවර කතාද?
Suranga Tuesday, 06 August 2024 05:40 AM
ඇත්තටම සරසි අපි හිතමුකෝ මැතිවරණය සදහා ඉදිරිපත් වෙන කෙනෙක් අපිට කරන දේ පොරොන්දු වෙලා ජයග්‍රහණය කරනවා. කාලයක් ඔහොම යනකොට කවුරු හරි එහේට එන්න අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම වරෙන් කිව්වම ඒකා බලයට පත්කල ජනතාව අතරමං කර මුදල් පස්සෙ යනවා පොරොන්දු කැලේට දමා මිනිහා ධනවතෙක් වෙනවා. ඔය වෙලාවට ඡන්ද දායකයින් වන අපිට බැරිද අපේ මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා නඩුවක් පවරා ඒ පුද්ගලයා තනතුරෙන් පහකරන්න. රටේ ජනතාව ඒකරාශී වුනොත් බැරිවෙන එකක් නැහැ කියලා හිතෙනවා. දැන් දැන් සිදුවීම් අනුව නම් එහෙම නොකර බැහැ කියලා හිතෙනවා.
ramsi Monday, 05 August 2024 07:49 AM
මොන පිස්සුද, ඕව නිකං අපි රවට්ටන්න දාන බොරු ජවනිකා. අන්තිමට මුං ඔක්කොම එකතු වෙනවා. මොනම හේතුවකට වත් එවුං කවදාවත් තමන්ට අයිති මැති ඇමැති වරප්‍රසාද නැතිකර ගන්නෙනෑ.
CC Monday, 05 August 2024 09:29 AM
මේ රට වෙලාගෙන ඇති දූෂිත වංචාකාරී වංක දේශපාලන සංස්කෘතිය වෙනස් කරනතුරු මේ රට දියුණු කල නොහැකි බව හොදින්ම ඔප්පු වෙමින් ඇත.ඒ නිසා මේ රට ගැන හිතන දරුවාගේ දියුණුව පතන සැමගේ එකම බලාපොරොත්තුව අදූෂිත මිනිසුන්ගේ එකතුවෙන් සැදුම්ලත් අවංක දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙනැවිත් මේ රටේ ජනතාව සමග එකාවන්ව මහන්සිවී කැපවීමේ වැඩ කර දියුනු සංවර්දිත රටක් හෙට දරුවන්ට උරුමකර දීමයි.ඒ සඳහා රට බේරාගත් රණවිරුවන්,විදෙස් උගත් බුද්ධිමත් ප්‍රජාව,පර්යේෂකයින් විද්‍යාඥයින්,විශ්‍රාමික ප්‍රජාව,ගුරුවරුත්,ඉංජිනේරුවන් ,හෙදියන් රටේ රාජ්‍යසේවකයන් එක හඩින් අද එකතුවමින් ඇත.අපේ වාසනාවට එවැනි දේශපාලන වයාපාරයක පෙරලිය සිදුවෙමින් ඇත.ජයවේවා
අරවින්ද මොනරවිල Monday, 05 August 2024 09:44 AM
2005 ඉදලා අවුරුදු දහනවයක් රනිලුයි මහින්දයි හොරා පොලිස් සෙල්ලම් කෙරුවා, දවසක රනිල් හොරා මහින්ද පොලිස් ඊළග දවසේ මහින්ද හොරා රනිල් පොලිස් ඒක තමයි මෙච්චර කාලයක් උනේ. එහෙම කරලා ජනතාව රවටමින් දෙගොල්ලොම සහයෝගයෙන් රටේ ධනය හොරා කෑවා. අවසානයේ රටේ ආර්ථිකය බංකොලොත් උනා රට පුරා මේ හොර කල්ලී වලට එරෙහිව අරගලයක් ඇති උනා, අරගලයෙන් පස්සේ තවදුරටත් මේ සෙල්ලම කරගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා දෙගොල්ලොමටම එකට එකතු වෙන්න බල කරලා තියෙන්න. නමුත් එකිනෙකාට හතුරන් සේ රගපෑ කල්ලි දෙකක් එක කල්ලියක් සේ පෙනි හිටිමින් තවදුරටත් දේශපාලන කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ, ඒ නිසා පොහොට්ටුවේ දෙවෙනි පෙළ හා තුන්වෙනි පෙළ රනිල්ට කුළියට දෙන්න මහින්ද තීරණය කරලා තියෙන්න. ඒ දෙගොල්ලොන්ගේම යහපතට සහ ආරක්ෂාවට. තමන් මෙතෙක් පවත්වාගෙන ආ දූෂිත හා සාපරාධී ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවෙන් එහෙම නැතුව රනිල් සහ මහින්ද අතර ආරවුලක් නැහැ. ඔවුන් ඉස්සර වගේම ගජ මිතුරුන්ය.
SundaraaMonday, 05 August 2024 10:28 AM
කොහොම වුණත් රාජපක්ෂලා සමග සිටින කිසිවෙකුට ජනතාව කැමැති නැහැ. රනිල්ට දුරදිග පෙනුණත් රාජපස්සලා සමග අබමල් රේණුවක තරමින් වත් රටට සෙතක් කරන්න අමාරුයි. විශේෂයෙන් කපුටා කියන්නේ ලංකාව සූරාගෙන කෑමට උපන් හපනෙක්... ඉතින් එහෙම කෙනෙකුගේ පක්ෂය සමග එකතුවෙලා වැඩක් නැහැ. ඉතින් මෙවර ජනාධිපතිවරණය වෙලාවේ ගතයුතු තීරණය හිතාගන්න බැරුව ඉන්නේ.
Geeth Meeella Monday, 05 August 2024 10:08 AM
ලංකාවේ තවමත් බොහෝමයක් මිනිසුන් දේශපාලනිකව අන්ධයින් සේ කටයුතු කරති. මෙපමණ වූ ප්‍රශ්න රාශියකට රට ඇද දැමූ ත්‍රාඩ, සොර, වංචාකාරී, තම බඩගෝස්තරය ගැන පමණක් හිතන දේශපාලුවන් ප්‍රතික්ෂේප කිරීමට මොලයක් ඇත්තේ සීමිත පිරිසකට පමණි. දැන්වත් ඇත්ත අවබෝධ කර ගැනීමට අපේ ජනතාවට මොලේ පෑදේවා...!
Sarasi Monday, 05 August 2024 03:38 PM
සහතික ඇත්ත...
පුරවැසියා Monday, 05 August 2024 12:14 PM
විවිධ නාටක ඉදිරියේදී රඟ දැක්වීමට නියමිතය. එම නිසා ජනතාව ඒවා පිළිබඳ කලබල නොවී පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න..!
Perera Monday, 05 August 2024 12:53 PM
ඔයිට අන්තයි මේ ඔක්කෝටම කලිසම් නැතිව යන්න වුණාම...
ගමේ එකාලා Monday, 05 August 2024 01:00 PM
අවසානයේ දූෂිත පවුල් පාලනේ අයට ඉතුරු වෙන්නේ පව්ලේ හතරවරිගයේම අය විතරයි. වපුරපු තරමටලු අස්වැන්න.
C.K.lankaputhra Monday, 05 August 2024 01:50 PM
මේ ඔක්කෝම දේශපාලන ගුන්ඩු. ඔක්කොම අලි ටෙලි පොහොට්ටු ගුණ්ඩු... කවුරු මොනවා කරත් අපි අපේ ඡන්දෙ නියම කෙනාට දෙමු...
Fernando Monday, 05 August 2024 02:15 PM
ආණ්ඩුවේ බහුතරය නැතිවෙන්න නම් ඉල්ලා අස්වීමක් නැත්නම් මියයාමක් වෙන්න ඕනෑ... එහෙම නැතුව ජනතා මනාපයෙන් පත්වෙලා ජනතා පරමාධිපත්තිය බල්ලාට දාන්න කාටවත් අයිතියක් නැහැ... එහෙනම් අයින්වෙලා යන්න කියන්න ශක්තියක් අදාල පක්ෂයේ නැත්නම් සංධානයේ ලේකම්ට නැද්ද එහෙම ලේකම්ලා... ඉතින් පොල් පිත්තෙනුත් හදාගන්න පුළුවන් වේවි... අපේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවේ වාඩිවුණා උන්දැලා අපිට පොරොන්දු රාශියක් දීලා ඒවා කරන්න බැරි නම් වෙන පොරොන්දු දුන්නු අයට එකතුවෙන්න ඒ අයට අයිතිවාසිකම් නැහැ. අපිට දුන්නු පොරොන්දු ඉටුකරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා යන්න.
Krishna Monday, 05 August 2024 03:11 PM
අන්න බංග්ලාදේශයේ අගමැතිනිය ඉල්ලා අස්වෙලා...