(*** විනීතා එම්. ගමගේ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි කියමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (03) පැවැසීය.
මිෂෙල් බැෂෙලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යැවූ බව ද අමාත්‍යවරයා කීය.
ඇමැතිවරයා පැවසුවේ වර්තමාන රජය කෙරෙහි ද්වේෂසහගත දැක්මකින්, තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීමත් චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් යන කරුණු හේතුවෙන් රජය ඇයගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තලවතුගොඩ මොනාර්ෂ් හෝටලයේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කීවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දී ඇති අතර, එහි අන්තර්ගතය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතනු ලබන අවස්ථාවේ දී ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
සංකල්පීය වශයෙන් පැවැසුවහොත් ප්‍රධාන කාරණා 2ක් කියා ඇතැයි ද 30.1 සහ 40.1 යන යෝජනාවලින් ලබාදුන් විෂය පථයට පටහැනිව මේ වාර්තාව සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එම වාර්තාවේ පිටු දාහතරහමාරක් ඇති බවත් එයින් තම විෂය පථයට අදාළව ඇත්තේ පිටු දෙකහමාරක් පමණක් බවත් ගම්මන්පිල මහතා කීය.
අනෙක් සියල්ල තම විෂය පථයට පටහැනිව, වර්තමාන ආණ්ඩුව පිළිබඳ ද්වේෂසහගත ලෙස වාර්තාවක් සකස්කර ඇතැයි පැවසූ ඔහු දෙවැනි කාරණාව වන්නේ වාර්තාවේ නගා තිබෙන චෝදනා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වී තිබීම යැයි ද පැවැසීය.
මේ කරුණු පදනම් කරගෙන එකී වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ විස්තරාත්මක කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුවේ දී ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව මානව හිමිකම් වාර්තාව විසිකරයි
සිරිබිරි Thursday, 04 February 2021 07:51 AM
එහෙම ප්‍රතික්ෂේප කළාම ප්‍රශ්නේ විසඳෙනවාද?
AmaraThursday, 04 February 2021 08:45 AM
නෑ. සම්බාධක අපට අත්‍යාවශ්‍යයි. එතකොට වවාගෙන කනවා. රට දියුණුවෙනවා. කොහොමද මොලේ?
BamunuarachchiFriday, 05 February 2021 03:44 AM
සමහරුන්ගේ නිවට, නියාලුකම ඇඟේ තිබෙනවා.
thambapanniThursday, 04 February 2021 08:46 AM
මෝඩ රැලක්...
69lakshayaThursday, 04 February 2021 06:31 PM
ඔය එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ශ්‍රී ලංකාව අයින් විය යුතුයි.
IndunilThursday, 04 February 2021 01:56 PM
ඇයි පිළිගත්තාම ප්‍රශ්නේ විසඳෙනවා කියලා හිතුවද?
BamunuarachchiFriday, 05 February 2021 12:27 PM
69 ලක්ෂයගේ ඉල්ලන් කෑමේ අනික් පැත්ත රට පාවාදීම කියලා සමහර ගොබ්බයින්ට නොතේරීමත් අපේ අවාසනාව. පිළිගත්තොත් ප්‍රශ්න විසඳෙනවාද? යුද්ධය ඉවර වුණු ගමන් පිටරට මාධ්‍ය නැගූ ප්‍රශ්නය තමයි කැෂුවල්ටිස් කොපමණද? නැට්ට පස්සේ ගහගෙන කල්පනා නොකර දීපු අපේ උදාර පිළිතුර වුයේ නෝ කැෂුවල්ටිස්...
chandanaThursday, 04 February 2021 03:15 PM
නැහැ ත්‍රස්තවාදීන් අහිංසකයි... ඔවුන් බෝම්බ පිපිරුවේ නැහැ. වෙඩි තිබ්බේ නැහැ, බෙලි කැපුවේ නැහැ.. අපේ හමුදාව තමයි ඔක්කොම වැරදි කෙරුවේ කියලා කිව්වමයි ප්‍රශ්නය විසඳෙන්නේ... එහෙම නැත්නම් 2009ට කලින් තිබ්බ විදිහට හැමදාම බෝම්බ පිපිරෙන්න ඉඩ හැරලා කොටින්ට තමන්ගේ අහිංසක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පාඩුවේ කරගෙන යන්න ඉඩදුන්නා නම් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ... එහෙම්මත් නැත්නම් 2009 ත්‍රස්තවාදීන්ව සුන්නත් දූවිලි කරලා දානකොට ත්‍රස්තවාදීන්ට උදව් කරන රටවල් කියන දේ අහලා ඔවුන්ව බේරලා හැරියා නම් තමයි ප්‍රශ්නය විසඳෙන්නේ. අන්තිමට කාටවත් හිතාගන්නවත් බැරිවිදිහට ලෝකයේ පරාද කරන්න බැහැයි කියලා පාරම්බාපු කොටි ත්‍රස්තවාදය විනාශකරපු රාපක්ෂවරුන්ව යවලා රනිල්වයි, සජිත්වයි, මංගලවයි අනිත් අයවයි පත්කර ගත්තා නම් තමයි හරියන්නේ? ඔයා හිතන්නේ එහෙම නේ?
BamunuarachchiFriday, 05 February 2021 03:42 AM
නැහැ... අර මංගල කෙරුවා වගේ ජනතා මුදලින් ජිනීවා ගිහිල්ලා සමඅනුග්‍රහ දක්වමු. එතකොට ප්‍රශ්නේ විසඳෙනවාද? කියන එක වෙනම කතාවක් විරෝධය පෙන්වන පළවෙනි ක්‍රමය තමයි අතට ලැබුණු ගමන් ඉරා දැමීම හෝ කුණුකූඩයට විසි කිරීම.
විමල් Thursday, 04 February 2021 10:21 AM
නියමෙට බයවෙල ලජ්ජා වෙලා ඇති. සමහර විට ජොබ් එක දාලා යයි. අපිත් එක්ක කොහොමද ඔයගොල්ලො සෙල්ලම් දාන්නේ... හොඳ පාඩමක් ඉගෙන ගනියි. පොඩි අයට ටොකු අනින්න ඇවිල්ලා...
ravin Thursday, 04 February 2021 10:56 AM
විසිකළාට කවුද ගණන් ගන්නේ...? ලංකාවට එන පෙට්‍රෝලියම් නැව් ටික බ්ලොක් කළාම තේරෙයි. ඔය චණ්ඩින්ට හොම්බෙන් තමයි යන්න වෙන්නේ.
BamunuarachchiSaturday, 06 February 2021 03:54 AM
ගොන් පාට් දමන්න එපා.... සිරිමාවෝ මැතිණිය ලංකාවේ තිබුණු ෂෙල්. එසෝ, කැටෙක්ස් ඇමරිකන් තෙල් සමාගම් පැය 24 ජනසතුකොට තෙල් සංස්ථාව හැදුවේ සම්බාධකවලට බයවෙලාද?
Kuma Thursday, 04 February 2021 11:44 AM
හිඟමනේ යද්දී තමයි හිතෙන්නේ ප්‍රශ්න වලට මූණ නොදී ඉන්න එකේ රඟේ...
chandima Thursday, 04 February 2021 05:21 PM
වරාය දෙනකල් ඔය වගේ ඒවා තව තව ඉදිරිපත් කරයි. වාර්තාව හදලා දෙන්න ඇත්තේ ලොකු අයියලා වෙන්න ඇති...
Dhammikaperera Friday, 05 February 2021 01:37 AM
69 ලක්ෂයක් ඡන්ද දායකයින්ගේ එකම පැතුම "ඉල්ලන් කෑම" දම්මික
Bamunuarachchi Friday, 05 February 2021 12:20 PM
69 ලක්ෂයගේ ඉල්ලන් කෑමේ අනික් පැත්ත රට පාවාදීම කියලා සමහර අයට නොතේරීමත් අපේ අවාසනාවක්...